Watch Trailer

The Net (1995) With Sinhala Subtitles | මාගේ ගැලවුම්කරුවා මමමය [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුබ දවසක් වගේම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. ඉතිං ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් මම එන්නේ නත්තල් තෑග්ගක් විදිහට තවත් උපසිරැසියක් අරගෙනයි. මේ මගේ එකොලොස් වෙනි උපසිරසියයි. මදක් පැරණි චිත්‍රපටයක් වුණත් මෙහි කියැවෙන කථාව අද කාලයටත් ඉතාම උචිතයි කියල කිව යුතුමයි. හැමදාම ගහ මරාගන්න, වෙඩ…

The Net (1995)

යාළුවෝ ඔක්කොටෝම සුබ දවසක් වගේම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. ඉතිං ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් මම එන්නේ නත්තල් තෑග්ගක් විදිහට තවත් උපසිරැසියක් අරගෙනයි. මේ මගේ එකොලොස් වෙනි උපසිරසියයි. මදක් පැරණි චිත්‍රපටයක් වුණත් මෙහි කියැවෙන කථාව අද කාලයටත් ඉතාම උචිතයි කියල කිව යුතුමයි. හැමදාම ගහ මරාගන්න, වෙඩි තියාගන්න චිත්‍රපට බලන එකේ පැය කීපයක් වැය  කරල මේ චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලන්නේ මෙය මිනිසාට බොහොම ප්‍රයෝජනවත් වන පරිගණක තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන අපරාධ සහ ඒවාට හසුවන පුද්ගලයින්ට සිදුවන හානි සම්බන්ධව ඔබට දැනුවත් බාවයක් ලබා දෙන උපදේශාත්මක චිත්‍රපටයක් නිසයි. ඉතිං වර්තමානයේදීත් අපිට විශාල වශයෙන් මෙවැනි මෙවැනි සයිබර් ක්‍රයිම්ස් සම්බන්ධ කාරණා අහන්න දකින්න පුළුවන්. ඔබ මේ බයිස්කෝප් වෙබ් අඩවියට එන්නෙත් ඉහත කී පරිගණක තාක්ෂණයේ පිහිටෙන්. ඒ නිසා බොහොම කාලෝචිත මාතෘකාවක් යටතේ තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මෙහි කථාව සම්පූර්ණයෙන්ම නරඹන්න. ස්කිප් කර කර බලන්න එපා. ඇත්තටම චිත්‍රපට නරඹන අය කරන වැරැදි දෙයක් මේක. මේකෙන් චිත්‍රපටයේ තේරුමට අදාල සියුම් තැන් ඔබට ගිලිහෙන්න පුළුවන්. මෙන්න චිත්‍රපටය THE NET (1995). මම මේකට සිංහල නමක් දෙනවා “මගේ ගැලවුම්කරුවා මමමය” කියල. කෙනෙක් ජීවිතේ ලබන දැනුම, උගත්කම හා අත්දැකීම් ඔහු හෝ ඇයව බොහොමයක් කරදර වලින් මිදෙන්න උදවු වෙනවා. ඒ නම කොයිතරම් ගැලපෙනවාද කියලා ඔබට චිත්‍රපටය බැලුවාම තේරෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ප්‍රසිද්ධ නිළි සැන්ඩ්‍රා බුලොක් විසින් රග දක්වනවා.

මේකයි කථාව. මම කෙටියෙන් කියන්නම්. ඇන්ජලා බෙනට් කියන්නේ අතිදක්ෂ පරිගණක ක්‍රමලේඛන ශිල්පිනියක්. ඇය කැතීඩ්‍රැල් කියන මෘදුකාංග සමාගමට නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට මෘදුකාංග විශ්ලේෂකවරියක් ලෙස සේවය කරනවා. ඇගේ මුළු ජීවිතයම ගෙවන්නේ පරිගණකය සමගයි. ඇය ඇගේ යහළු මිත්‍රාදීන් හා ගනුදෙනු කරන්නේද ඔන්ලයින් ක්‍රමයටයි. මේ බොහොමයක් අය ඇයට සැබෑවට මුණගැහිලත් නෑ. ඉතිං ඇන්ජිලා මේ අයත් එක්ක එකතුවෙලා ගේට්කීපර් නමින් පරිගණක ආරක්ෂණ පද්ධති වැඩසටහනක් නිර්මාණය කරනවා. ඊට පස්සේ හිටිහැටියේම මෙම පද්ධතියට පරිගණක වෛරස් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක වෙන්නේ ඇය මෙක්සිකෝවට නිවාඩුවක් ගතකරන්න සූදානම් වන අතරතුරයි.

මෙක්සිකෝවෙදි ඇයට ජැක් ඩෙව්ලින් කියල තරුණයෙක් මුණගැහෙනවා. දෙන්නා ආදරය කරන්න ගන්නවා. කාලය ගෙවෙනවා. ඒත් ජැක්ට ඕන වුනේ වෙන දෙයක්.හිටිහැටියේම ජැක් දවසක් ඇන්ජිලාව මරන්න උත්සාහ කරනවා. ඇය කොහොමහරි එයාගෙන් ගැලවෙනවා. එත් සිදුවුණ අනතුරකින් ඇය සිහිසුන් වෙනවා. රෝහලේදී සිහිය ලැබුණාට පස්සෙයි හොදම හරිය පටන් ගන්නේ. ඇගේ හැදුනුම්පත නැතිවෙලා, ඇගේ අනන්‍යතාවය දැන් ඇයට ඔප්පුකරගන්න විදිහක් නෑ. ඇගේ බැංකු කාඩ්පත් සියල්ල හිටිහැටියේ කල් ඉකුත් වෙලා. ඇගේ සමාජජාල ආරක්ෂක කේතයට අපරාධ රැසකට සම්බන්ධ කෙනෙකුගේ තොරතුරු ඇතුලත් කරලා ඇයව අපරාධකාරියක් ලෙස පරගණක ගතකරලා. ඇයගේ සියළු පිවිසුම් කේත අක්‍රීය කරලා. ඇයට දැන් උදවු කරන්න කෙනෙක් නෑ. ඇත්තටම මොකක්ද සිද්ධ වුනේ? කවුද මේ ඇන්ජිලාව මරන්න හදපු ජැක් ඩෙව්ලින්? එයාට මොනාද ඇයගෙන් අවශ්‍ය? ඇන්ජිලා කොහොමද මේ දේට මුහුණ දෙන්නේ? ඇය ඇගේ අනන්‍යතාවය කෙසේ ඔප්පු කරයිද? මේ ටික දැනගන්න චිත්‍රපටය බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ වගේ දෙයක් ඔබට, ඔබේ පවුලේ කෙනෙකුට, යාළුවෙකුට, පෙම්වතියට, පෙම්වතාට සිද්ධ වුණොත් කොයිතරම් අසරණ වෙයිද!! සයිබර් අවකාශයේ ඔබ දෙස කෝටි ගාණක් ඇස යොමා ඇති. හොද අය වගේම බොහොම නරක අයත් ඒ ගොඩේ ඉන්නවා. අන්තර්ජාලයට පිවිසීම හරියට බිම්බෝම්බ වලලපු බිමක ඇවිදිනවා වගේ දෙයක්. වැරදි තැන අඩිය තිබ්බොත් සිද්ධවෙන විනාශය අපිටවත් කියන්න බැහැ. ඒ නිසා අන්තර්ජාලය තුල ගනුදෙනුකරන විට අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ. සමාජජාල තුල ඔබ නාදුනන අය කොයිතරම් ඔබේ මිතුරන් ගොඩේ ඉන්නවාද බලන්න. හැබැයි අදුනන පුද්ගලයන් ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. ඇතැම් වෙලාවට ඔබට වින කරන්නෙත් ඔබ ලගින්ම ඉන්න අයම තමයි. එ්කයි මම කලින් කිව්වේ “මගේ ගැලවුම්කාරයා මමමය” කියලා. චිත්‍රපටය නරඹන්න. ඒ ආදර්ශය ජීවිතයට ගන්න. තව දෙයක්!!! ඒ කාලෙ හිටපු නැති අයට එකල පරිගණක තාක්ෂණය ගැන යම් අවබෝධයක් මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්. ඇත්තටම ඒ කාලේ පරිගණක එච්චරම මන්දගාමී නෑ වගේ. එහෙනම් නැවත හමුවෙමු. ගිහින් එන්නම්.

 

The Net (1995) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Net.1995.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

411 downloadsDownload The.Net_.1995.Baiscopelk.com_.zip49 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

411 downloadsDownload Subtitles49 KB

11 comments

  1. sunimal

    Lipiya liyala tyena widiya dakkama aniwa balanna ona kiyala hituna me wage film hoyala apita balanna denawata godak....thanks....film eka balala aya comment ekak dannam......

  2. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Chalana Rukshan

    thnx bro...

  4. අසිත

    elama saho thanks

  5. mithun

    The rundown 2003 mekatas sab ekak danna puluwan da saho

  6. Dulanga

    Thanks

  7. Pubudu

    Thanks bro !!!

  8. nahar s

    Thanks bro.... ela wadak.....

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Udara Damith B/K

    බොහෝම ස්තුතියි
    *********** කල හැකි දේ පිළිබද දනුම සතුටේ ආරම්බයයි *******************
    (ජෝජ්)

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.