කාලෙකින් බලපු පට්ටම Documentary එකක්. සිංහයින්ගේ කතාවක්. ලෝකයේ ජීවත් වන අවසාන සිංහයින්ගේ කතාව. කතා නායිකාව වෙන්නේ Madi Tau(මඩි ටාවු) කියන සිංහ ධේනුව. බොට්ස්වානාවේ තියෙන ඩුබා කියන දූපතේ (Duba Island) වාසය කරන ඇයට හා ඇගේ සහකරුවාට වෙනත් භූමියකින් පැමිණ තවත් සිංහ රැලක් පහර දෙනවා. මේ ආක්‍රමණයෙන් Madi Ta…

කාලෙකින් බලපු පට්ටම Documentary එකක්. සිංහයින්ගේ කතාවක්. ලෝකයේ ජීවත් වන අවසාන සිංහයින්ගේ කතාව. කතා නායිකාව වෙන්නේ Madi Tau(මඩි ටාවු) කියන සිංහ ධේනුව. බොට්ස්වානාවේ තියෙන ඩුබා කියන දූපතේ (Duba Island) වාසය කරන ඇයට හා ඇගේ සහකරුවාට වෙනත් භූමියකින් පැමිණ තවත් සිංහ රැලක් පහර දෙනවා. මේ ආක්‍රමණයෙන් Madi Tau ට හා ඇගේ දරුවන් තිදෙනාට බේරීමට හැකි වුවත් ඇයගේ පිරිමි සිංහයාට බේරෙන්නට පුලුවන් වෙන්නේ නෑ. ඇයට ඉන්‍ෙදිවි ගලවා ගැනීමට හැකි වුවත් තමා හා දරු තිදෙනා හොයා මරා දමන තුරු විජයග්‍රාහී සිංහයන් නවතින්නේ නෑ කියලා ඇය දන්නවා. ඉතින් ඇය ඩුබාදූපතේ ඈතින් ඈතට තම පැටවුන් සමඟ ගමන් කරනවා. මේ යන ගමනේදී ඉදිරියට හමුවන දැවැන්ත කිඹුලන් ගෙන් හා රංචු පිටින් සැරි සරන අති විශාල ගවයන් ගෙන් මොවුන්ට බේරීමට හැකි වේවිද? සිංහ පැටවුන් තිදෙනාම දිවි ගලවා ගනීවිද? තම භූමිය අල්ලා ගත් සිංහයන් නැවතත් තමා පසු පස නොඒවි යැයි සහතිකයක් තිබේද?
2011 නිපදවපු National Geographic’s wildlife Adventure Movie එකක්. මොනව උනත් ගොඩක් මහන්සි වෙලා දිවා රෑනොබලා රූගත කරපු දර්ශන පෙලක් තමා තියෙන්නේ. ඒ මහන්සියේ වටිනාකමට හරියන්න දැනට IMDB දර්ශකයේ 8.4 ක් වගේ ඉහල අගයකටත්, Rotten Tomatoesදර්ශකයේ 87%ක ප්‍රතිශතයකටත් හිමිකම් කියන මේ වාර්තාමය චිත්‍රපටය Dereck Joubert ගේ අධ්‍යක්ෂණයක්. මිනිත්තු 108ක් පුරා දිග හැරෙන සුපිරිම වාර්තාමය චිත්‍රපටියක්. බැලුවෙ නැත්නම් වැඩක් නෑ. අති හරින්නේ නැතුව අනිවා බලන්නම කියලා යෝජනා කරනවා. ජය වේවා!
සිංහයින් ගැන පූර්විකාවක් –
අවුරුදු 50කට කලින් අප්‍රිකාවේ සිංහයින් 450,000 ක් පමණ ජීවත් වුනා. නමුත් අද වෙද්දී ඒ ගණන 20,000කටත් අඩුයි. ඒ විසි දහසෙන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ බොට්ස්වානාවේ ඔකවැන්ගෝ ඩෙල්ටාවේ (In the middle of the Okavango delta) මැදට වෙන්නට පිහිටා ඇති ඩුබා (Duba Island)නම් වූ හුදකලා පාඵකරයේ. ඉතින් මේ අප්‍රිකාවේ දුර ඈත අඳුරු අහු මුඵ කියන්නේ විවිධාකාරයේ අපූරු නාට්‍ය රඟ දැක්වෙන රංග භූමියක්. තව වසර 15 කින් ලෝකයේ ජනගහණය බිලියන 8ක් වේවි. අපේ ලෝකයේ වගේ අපිරිසිදු තැනක් බවට මිනිසුන් විසින් මේ නොඉඳුල් වනාන්තරයත් පත්කලොත් මොකද වෙන්නේ. ඉතින් මේ අවසාන සිංහයින් විසි දහස නොමැරී ඉඳී කියලා කොහොමද කියන්නේ? සිංහයෝ කියන්නේ පෘථිවියේ තියෙන එක්තරා මුද්‍රාවක් (Iconic Animals). ඔවුන් නැති ලෝකයක් ගැන හිතන්න පුලුවන්ද? මේ තමයි පෘථිවියේ ඉන්න අවසන් සිංහයන්ගේ කතාව. දත් සහ නිය වලින් ජීවිත අරගලය ගෙනියන සිංහයින්ගේ වෘතාන්තයයි මේ.
Due to copyright issues, we do not provide any torrent links.
The.Last.Lions.2011.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
916 downloadsDownload The.Last_.Lions_.2011.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
14 comments
Sajeevi
nalin
Thanks for the Subtitle...!
අනේ Please i am Bolt එකට Subtitle කරන්ඩකෝSajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kasun
සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,
mithun
The rundown 2003
මෙකට සබ් එකක් දාන්නකො සහෝ ඇයි දන් නෑ මෙච්චර ෆිල්ම් දෙනව මෙවගෙ සුපිරි ෆිල්ම් වලට සබ් නැත්තෙ උපසිරැසි ගන්වල නෑ කවුරුත් me ganat balanna sahoUdara Damith B/K
.....මිනිස්සුන්ගේ වැඩ නිසා නෙ මෙහෙම වෙන්නේ මිනිස්සු හිතන්නේ එයාල විතරයි ජීවත්වෙන්ඩ ඕනි කියලා
එනිසනේ කැලෑ කපන්නේ සත්තු මැරෙන්නේ
මෙහෙම ගියොත් සත්තු ඔක්කොම වදවෙලම යයි
ZOO ටීවී සීරියස් එකේ වගේ උනානම් තමයි මිනිස්සුන්ට කෙලවිලා යන්නේme
Thanks
Kulanjana Maduranga
niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
එල්.සී. දමැල්
බොහොමත්ම ස්තුතියි සබ් ඒකට... මේක නියම චිත්‍රපටියක්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nidi
mona tharam udara widiyata hitiyath, raja karagena hitiyath, dawasaka onema kenekuta asarana wenna wenawa. lionsla kiyala wenas wenne nehe. lassana document ekak! hemotama balanna watinwa! thanks Damith!
LSM HUSKAA
thnks,jayenjaya & elapin browwwwwww
ricadodamien
Thank u Damith brother & Baiscope team for the sub,love it very much. all the besst to baiscope team......
Advertisement

Thanks