Exam එක අස්සේ උනත් මේක නොලියා බැරි නිසා ලියමි… මගේ ආසම බොලිවුඩ් නලුවා sharuk khan…. හොලිවුඩයේ මගේ ආසම නලුවා Leonardo DiCaprio…. ඉතින් මේ දෙන්නගෙම ෆිල්ම් මම මගාරින්නේ නෑ… Leonardo DiCaprio ගේ අලුත්ම ෆිල්ම් එක SHUTTER ISLAND…. Dennis lehane විසින් රචිත SHUTTER ISLAND ග්‍රන්ථය පාදක කරගෙන මෙම චිත්‍රපටි…

Exam එක අස්සේ උනත් මේක නොලියා බැරි නිසා ලියමි… මගේ ආසම බොලිවුඩ් නලුවා sharuk khan…. හොලිවුඩයේ මගේ ආසම නලුවා Leonardo DiCaprio…. ඉතින් මේ දෙන්නගෙම ෆිල්ම් මම මගාරින්නේ නෑ… Leonardo DiCaprio ගේ අලුත්ම ෆිල්ම් එක SHUTTER ISLAND…. Dennis lehane විසින් රචිත SHUTTER ISLAND ග්‍රන්ථය පාදක කරගෙන මෙම චිත්‍රපටිය නිර්මාණය වි ඇත.. ත්‍රසය, බය, කුතුහලය කැටිකරගත් psychological mystery-thriller ඝනයට අයත් වන මෙම ච්ත්‍රපටිය Martin Scorsese ගේ අධයක්ෂණයකි. චිත්‍රපටියක් නිකුත් වු සැම වසරකම පාහේ OSCAR දොරටුවට තට්ටු කරන Leonardo DiCaprio මෙවරද අතිවිශිෂ්ට රංගනයක නිරතවෙයි…
කතාව මෙහෙමයි… මනුශ්‍යය ගහණය ඉතා අඩු මානසික රෝහලක් පවත්වාගෙන යන අද්භූත දිවයිනක සිටින මෙම රෝගින්ගෙන් කෙනෙක් අතුරුදහන් වෙනවා. මේ පිළිබඳ සෙවිමට ඇමෙරිකානු Marshal කෙනෙක් වන “Teddy Daniels” සහ ඔහුගේ තවත් සගයෙක් මේ දුපතට එනවා. පරික්ෂණ කරගෙන යාමේදි Teddy Daniels දක්ෂයකු ලෙස කටයුතු කරනවා. නමුත් ක්‍රමයෙන් අභූත දර්ශන රැසක් අපට දක්නට ලැබෙනවා. මේ දර්ශන චිත්‍රපටිය තුල කුතුහලය වැඩි කෙරෙනවා.. මේ අතර ඔහු තම බිරිද මැරූ බව කියවෙන පුද්ගලයකු සොයනවා. අවසානයේ Teddy Daniels ට අත්වන ඉරණම කුමක් වෙයිද..? දුපතේ අභිරහස විසඳේවිද..? ඔහු තම බිරියගේ මිනිමරුවා සොයාගනීවිද….?
IMDb Rating 8.1/10 ලබාගෙන ලොව ජනප්‍රියම චිත්‍රපටි 250 අතුරින් 236 වැනි ස්ථානයේ රැඳි ඇති මෙම චිත්‍රපටියේ අවසානය ඔබව නිසැකවම කම්පනයට ලක්කරන බව නොඅනුමානයි… මේක පට්ට පතුරු බයිස්කොප් එකක්, ඒ නිසා අනිවර්යයෙන්ම බාගෙන බලන්න.
අවවාදයයි : මෙය තරමක් සංකීර්ණ චිත්‍රපටියක්… ඒ නිසා මෙහි දර්ශන එකක්වත් මග නොහැර බලන්න… බොහෝමයක් සංකීර්ණ චිත්‍රපටි මට ඉක්මනින් වැටහුනත් මේකේ අවසානය තෙරුම් ගන්න මටත් ටික වෙලාවක් ගියා… අන්න ඒක නිසයි මම මේක පට්ට පතුරු බයිස්කොප් එකක් කියන්නේ…
ලිපිය – මනීෂ් ගමගේ
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
69,287 downloadsDownload Shutter.Island.2010.SInhalaSubs.Baiscopelk.zip91 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
- #2010
- #Ben Kingsley
- #Box Office Hits
- #Dennis Lehane
- #Editor's Pick
- #Emily Mortimer
- #imdb Top 250
- #Laeta Kalogridis
- #Leonardo DiCaprio
- #Mark Ruffalo
- #Martin Scorsese
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #You Decide
- #පැතුම් අතුකෝරල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
256 comments
පොතේ ගුරා
Dimantha Jayasanka
බාගෙනම බලමු##
Dar[K]
හප්පා හරිම අපරධයක් තමා උනේ.... උනන්දුව වැඩිකමට camera copy එකක් බාන්න ගත්තා හොද එකක් ලැබුන නැති නිසා :(
කව්ද දන්නේ මෙච්චර ඉක්මනට දෙයි කියලා .... මේක හොද කොපියක් නම් මම දැන්ම බාන්න පටන් ගන්නවා.. :D
චමිදේවා
මම වැඩිය අපරාධ,ක්‍රියාදාම ඒවා බලන්නේ නෑ.මමත් ආසම නලුවෙක් නිසා බැලුවා.
අර කිව්වත් වගේ පට්ට පතුරු ෆිල්ම් එකක් තමයි...Bhagya Sanuka
මමත් ඉක්මනටම බාන්න ගන්නවා !!
Anonymous
තැන්ක් යූ. බලන්නම්
Rotiya
පට්ට..මේක නන් අනිව බලන්ඩ ඕනේ..Leonardo DiCaprio මගෙත් ප්‍රියතම නේ
Hemal
බාගත්තා...ස්තුතියි !
Dinushka Udara | රොකියා
I didn't know what to expect with this film from posters, trailers and banners on websites. I only watched this because it seemed the best of what I hadn't seen.
And I was very surprised, this ended up being a very solid film. OK in a few places you can get a little lost but you slowly get put back on to track and everyone is happy...
අනේ ගුරෝ මේකට ඊයෙ තමයි බැලලා ඉවර උනේ. හිතාගෙන හිටියෙ සබ් එකක් දාන්න. ෆිල්ම් එක බලලා ඉවර වුනාමනම් හිතුනා සබ් එකක් දාන්න.
Asantha C
adoooooooo.....Maxxxaaaa .....mama mee film eka deparak download karaaa.......dekama jaraawa......meka nam ethin sure neeee................Thank u very much machanlaaaa...............
Malith
අවවාදයයි වැදගත් වැදඩකට පෙර මෙය නැරබීමෙන් වලකින්න :-x ,
මම මේක විභාගෙට යන්න කලින්දවසෙ බලල තවඩිංගෙන් මටත් ඔයවගේ තැනක නවතින්න වෙනව :-Dෆිල්ම් එකනම් පට්ට පතුරු
කසුන් නදීශන
නියමයි මේ බනවා. කාලෙකින් හොද පිල්ම් එකක්.ස්තුතියි!
pramith
maxxxaaa............... meka aniwa banawa
thank u.Aravinda
එල එල
තුලන ප්‍රනාන්දු
මේ දැන් බලලා ඉවර උනේ මචන්
අනේ මට තේරෙන්නෙ නෑනෙ මචෝ..
මොකක්ද බන් අන්තිමට වෙන්නේ..ඌ දූපතෙ ඉන්නවද සදහටම.
මාට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑdjbimal
machan mama me film eka baluwa. film ake anthimata wenna de hetha ganna bahe. mokakda ban wenna.
" Aiyo මටත් ඔයවගේ තැනක නවතින්න වෙනව :-D "මනිෂ කසුන්
@තුලන ප්‍රනාන්දු : තම දරුවන් මැරු බිරිදව මරන අවසානයේ මානසික රෝගියකු වෙනවා(රෝග ලක්ශන : තම බිරිදගේ මිනිමරුවෙකු යයි කියන කෙනෙක් මොහු සොයයි... මේ තත්වයෙන් ඔහු මුදා ගැනීමට දොස්තර පිරිස ඔහුව යම් සිද්දි දාමයක් ඔස්සේ ඔහුව යතාතත්වයට ගැනීමට උත්සහ කරනවා...අවසාන විනාඩි 15 හොදින් බලන්න... නමුත් මතකද අවසාන දෙබස..?
මනිෂ කසුන්
comment දමා මා දිරිමත් කල හැමෝටම ස්තූතියි....
මනිෂ කසුන්
@තුලන ප්‍රනාන්දු / djbimal : තම දරුවන් මැරු බිරිදව මරන ඔහු අවසානයේ මානසික රෝගියකු වෙනවා(රෝග ලක්ශන : තම බිරිදගේ මිනිමරුවෙකු යයි කියන කෙනෙක් මොහු සොයයි… මේ තත්වයෙන් ඔහු මුදා ගැනීමට දොස්තර පිරිස ඔහුව යම් සිද්දි දාමයක් ඔස්සේ ඔහුව යතාතත්වයට ගැනීමට උත්සහ කරනවා…අවසාන විනාඩි 15 හොදින් බලන්න… නමුත් මතකද අවසාන දෙබස..?
තුලන ප්‍රනාන්දු
@මනිශ-ඉතින් බන් මොකටද ඌව දූපතට ගේන්නෙ..
සහයකයා..???
මටත් නිකන් හිතුනා මෑන් තමයි නියම මිනී මරුවා කියලා...
තාම පොඩ්ඩක් අපහැදිලී බන්...
" we gotta get out of this rock, Chuck...back to mainland...whatever the hell is going here is bad"
අර ගුහාවෙ හම්බවෙන ගෑනි???
මිනිස්සුන්ව පරීක්ශන වලට ලක් කරන එක...
මහ විකාරයක් බන්aKILLER (Aki)
mmmmmmmmmmmm bami bami ... me wage mole mongle wena ewata mama echcharama kamathi ne
Pathum Punchihewa
පින්තූරෙ නම් පට්ට තමයි... තේරුම් ගන්න දෙපාරක් වත් බලන්න වේවි. ඒ අතරේ මම හිතුවා මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු හාදයා, Martin Scorsese ගැනත් ටිකක් කියන්න ඕන කියලා. පොඩ්ඩක් ගූග්ල් කරලා බැලුවොත් තේරේවි මනුස්සයගේ තරම.Taxi Driver, Casino, Gangs of New York, The Aviator වගේ චිත්‍රපටි ඔය මහත්තයාගේ... ඒ වගේම තව දෙයක්, Scorsese ගේ The Aviator චිත්‍රපටයේ ලෙනර්ඩෝ ඩිකැප්රියෝ ගේ රංගනය ගැන Scorsese පුදුම විදියට පැහැදුනා.. ඒ නිසා එකදිගටම චිත්‍රපට තුනකටම ඩිකැප්රියෝව දායක කරගත්තා...ඇත්තටම Martin Scorsese කියන්නේ ඕනම හොලිවුඩ් නළුවෙක් ගේ සිහින අධ්‍යක්ෂවරයෙක් ...Cinema Veteran කෙනෙක්... මට නිකමට හිතුනේ මේ ටික ලියන්න :)
sama
ඈයි මෙකේ සින්හල සබ් දෑම්මෙ නෑත්තෙ aparadene macho. ubala patta film walate sub denna parana ewate witada denne. atall 1ke balanawane . danwath danna barida. pin ne macho
Anju
thanku...thanku..thankuuu.......!!!!!
මනිෂ කසුන්
ඒක තමා කිව්වෙ... දොස්තරලා යම් සිද්දියක් නිර්මාණය කරලා ඔහුව ඒකේ රගපාවනවා... සහයකයා තමා sheehan කියන දොස්තර..
@තුලන ප්‍රනාන්දු : ඒ ගෑනිත් අර නිර්මාණය කරපු සිද්දියේ කොටසක්... ඇයි අන්තිමට light house එක අතුල පෙන්නනේ..එකේ මුකුත් පරික්ශන කරන්නේ නෑ නේ....ඒක අර නිර්මාණය කරපු සිද්දියේ කොටසක්
DR.sheehan අන්තිමට ඔලුව වනලා කියන්නේ තාම ඔහු යතාතත්වයට පත්වෙලා නෑ කියලා..
@Pathum Punchihewa : ඔය ටික ලිපියට දාන්න තමා හිටියේ වෙලාව නැටි උනා...
Mithun Sriyantha
අවුරුද්දකට කලින් මෙ ෆිලුම බලළ මම දහඅතෙ කල්පනා කලා,,
දැන් උපසිරැසි එක්ක බලළ මොලෙ විකාර උනා වගෙ..
මාර ෆිල්ම් තම ඇත්තටම මෙව නම්.
English මුවී බලන්න ගොඩක්ම ප්‍රිය කරන්නෙ මෙන්න මෙ ගතිය හින්ද මයි.
උපසිරැසියට තුති බ්‍රො
මුෂී මල්ලී
අම්මා ගහයි.... මමත් මේක බැලුවා. මුලින්ම ටිකක් තේරුම් ගන්න මටත් අමාරු උනා... ඊට පස්සෙ සීන් එක මීටර් උනා එළම ෆිල්ම් එකක්.. upload කලාට පොතේ ගුරාට තැන්කූ වේවා....<3
gvs
elama kiri kolloooooooooooooooooooooooo
kathu
අහා.. අද පේනවනෙ කට්ටියගෙ උනන්දුව..!! එළකිරි මමත් මෙ film එක දානකම් තමා හිටියෙ.. ස්තුතියි pothe gura...
Ruwan
thanks bro,............
deeptha
එල එල මනියා..............
maddha
maxxxa ayyyaaaaaaaa
tanxxඅකිල ප්‍රනාන්දු
මනිශ් මචං
මමත් මේක බැලුවා. පට්ට බයිස්කෝප් 1ක් . එල ම කිරි...... ජය වේවා!
Shoot3r
Thama baluwenam ne eht patta movie 1 ka kiyala hitanawa...
kohoma unath gurata jaya.... sri.....රනිල්
බාලම බලමු.exame උනට බලන්න ඕන 1ක් වගේ.....
Matrix
maxxa film eka, elama thama
dasun
ela kiri
Manula Nayanatharu
Maxxa Film...... I like it lot... Thanks very much........! HOT HOT
CJ
mama Twilight New Moon Download kalaa..ithin eeke maxxa gathiyata Twilight Eclips enakan inna beri kamata torrent walin hoyala den Eclipse baamin inne..but IMDB eke kiyanne meeka release karanne 10th of June kiyala.... meee baanne virus ekak wath da ?
Link eka menna
http://www.torrentreactor.net/torrents/3901853/The-Twilight…Dhothaka
machan dis is da story for those hu ddnt understnd..
sry to commnt in english cus am a bit bad at sinhala..Leonardo has killed his wife; hu is a mentally cracked women, for killing his three children..
so da shock too cracks him up.
he is den sent to shutter island for medication
but Leonardo has created a fantasy world to get rid of da mental situation, he believes dat he is a cop, and he thinks dat sm guy killed his wife. so he is searchin for him to get da revenge..
Leonardo's doctor acts as da partner. he does it to help leonardo to recover and keep watch at all times..
the plan of the doctors are to help Leonardo to recover and to make him believe da reality thru his own fantasy world.
all da parts; women in da cave, and othr things he see are illutions and hallucinations..
the part wer he talks vt da guy in da cage in ward C explains a lot..
but in the end he regains his past and comes to reality..he recovers..
but da next day despite everythn Leonardo has again started believin his fantasy wrld..
no matter what da docs did he cud not be cured..
dats da stry in brief.. if u ddnt get sm part ask me..
nira
ado kiyanda epa yakoo ethakota wadak na..... un therum gani..... :)
San J
කමෙන්ට්ස් වලින්ම හිතා ගන්න පුළුවන් චිත්තරපටියෙ තරම.
ඉතින් කස්ටියටම තැන්කූ කියල මමත් බාන්න පටන් ගන්නවා.මචන් An Education කියන ෆිල්ම් එක මම බෑවා. ඒත් ඒක jet Audio වල ප්ලේ කරන කොට කැඩි කැඩි යන්නෙ ඇයි ඒ?
දන්නවනම් කවුරු හරි උදව් කරන්නසමන් කලුබෝවිල
wooooooooooooowwww.....cooooooooooooooool thankxxxxxx
සුභාෂ්
baaanna dammo . . .thankoo wewaa . . .. kastiyatama . . .
ගිශාන්
අනිවා බානවම තමයි.ඔන්න තැන්කූ කිව්ව.
Akila DJ
"චිත්‍රපටියක් නිකුත් වු සැම වසරකම පාහේ OSCAR දොරටුවට තට්ටු කරන Martin Scorsese" කියල දැම්මොත් නරකද? :D
SPND
than kuuuuuu mamath bawa
පීටර්
ගොඩක් දෙනෙක් පට්ට පතුරු කියන නිසා මම ෙනාබා ඉන්නයි
කල්පනා කලේ. නමුත් මනිෂ් සහෝට ස්තූතියි.nilanthherath
ela machan ela.thanks gura and manisa
asitha perera
Sira paharak.............
nipuna
menna maxa Discovery documentory ekak bana gaman apitahth sup ekak denna
http://isohunt.com/torrent_details/93660257/Discovery+Chann…
NmL
මමත් බැලුවා. නියමයි. බලලා ටිකක් වෙලා යනකන් මටත් පිස්සු වගේ.
මේක දෙත්ත මහන්සිවුන සියලු දෙනාට ස්තුතියි.
:-)
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
මෙම ලිපිය ඔයාලගෙ මූණු පොතෙන් ට්විටර් ගිණුමෙන් හා ඊමේල් මගින් ඔයාලගෙ යාලුවන් අතර බෙදාගෙන අපිට සහයෝගනය දක්වයි කියල හිතනව.. :)