මේ මගෙ දෙවන උපසිරැසි නිර්මාණය විදිහට තමයි…බයිස්කෝප් එකේ පළවෙන්නෙ, ඒත් මේ මගේ තෙවනි උපසිරැසි නිර්මාණය.. මම විකියා අයියාගෙන් ඉල්ලීමක් කළා.. මගෙ දෙවනි උපසිරැසි නිර්මාණය ඔබට දෙන්න නියමිතව තිබෙන අද දවසෙ green mile උපසිරැසිය ඔබට පිරිනමන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කළාට විකියා අයියාට ස්තූතියි.. ඉස්සෙල්ලා මේ චිත…

මේ මගෙ දෙවන උපසිරැසි නිර්මාණය විදිහට තමයි…බයිස්කෝප් එකේ පළවෙන්නෙ, ඒත් මේ මගේ තෙවනි උපසිරැසි නිර්මාණය.. මම විකියා අයියාගෙන් ඉල්ලීමක් කළා.. මගෙ දෙවනි උපසිරැසි නිර්මාණය ඔබට දෙන්න නියමිතව තිබෙන අද දවසෙ green mile උපසිරැසිය ඔබට පිරිනමන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කළාට විකියා අයියාට ස්තූතියි.. ඉස්සෙල්ලා මේ චිත්‍රපටය දෙන්න කියලා කිව්වෙ ඇයි කියන හේතුව පසුවට තියලා, අපි චුට්ටක් කතා කරමු මේ තේමාව ගැන. ඔස්කාර් සම්මාන හතරක්, දිනාගත්ත මේ චිත්‍රපටය ෆ්‍රෑන්ක් ඩර්බන්ට් ගෙ අසහාය නිර්මාණයක්. IMDB දර්ශකයේ 8.4/10 ක් ලබා ගනිමින්, ලොව හොඳම චිත්‍රපට 250 අතර, 66 වන ස්ථානයේ මේ වන විට පසුවන්නට මෙම චිත්‍රපටය වරම් ලැබුවා.
Green Mile චිත්‍රපටය තුළ කතා කෙරෙන්නෙ, මනුෂ්‍යත්වය ගැන… මේ කතාවෙ ප්‍රධාන චරිතය පෝල්…. ඔහු තමයි…කථකයා!! ඔහු අපට කතාව කියනවා… අපිට තියෙන්නෙ අහගෙන ඉන්න.. පෝල්ගෙ තරුණ භූමිකාව රඟපාන්නෙ Tom Hanks. ඔහු 1935 වසරෙදි, පුදුමාකාර සිද්ධියකට මුහුණ දෙනවා. ඔහු කියන කතන්දරය තමයි, Green Mlile. මේ පෝල් Green Mlile බන්ධනාගරයෙ මරණ දඬුවම ක්‍රියාත්මක කරන තැන, අණ දෙණ නිලධාරියා. එතනට ඒ අවුරුද්දෙ එනවා අමුතු හැකියාවක් තියෙන මරණයට නියම වුණ හිරකරුවෙක්. ඔහු ජෝන් කොෆී.. මොහු ට පුලුවන් අනික් අය ගේ වේදනා දුරු කරන්න. මරණයෙන් ගලවන්න. ඒත් ඔහුට මරණයෙන් ගැලවෙන්න හැකිද? මරණ දඬුවම ලැබෙන්නට ඔහු කළ වරද මොකක්ද? ඔහු වරදක් කර තිබෙනවාද? මේ හැමදේටම උත්තර අපිට චිත්‍රපටය නැරඹුවාම ලැබෙනවා… ජීවත් වීම මිය යාමට වඩා බොහෝ අමාරු බව, ඔබට හැඟේවි චිත්‍රපටය අවසානයේදී… බොහොම අනුවේදනීයයි.. හැම හිනාවක් තුළම කඳුළ රඳවන්නට සමත් අරුම පුදුම ජෝන් කොෆී ගෙ රංගනය අතිවිශීෂ්ටයි.
දැන් මම කියන්නම්, තෙවනි උපසිරැසිය දෙවනියට දාන්න මම විකියා අයියාට කිව්වෙ ඇයි කියලා. 2012, මේ සැප්තැම්බර් මාසෙ තුන් වෙනිදා, සියලු රසිකයන් හඬවමින්, අපේ ආදර ජෝන් කොෆී හැබෑවටම මරු වැළඳ ගත්තා. මේ උපසිරැසිය ජෝන් කොෆී භූමිකාව රඟපෑ Michael Clarke Duncan හට උපහාරයක්ම වේවා. බොහොම නුදුරෙදි මගේ දෙවන උපැසිරැසියත් මෙහි පළ වේවි… සිව්වෙනි එක ගෙන එන තුරු!! මේ චිත්‍රපටය නරඹන්න…
මීට පෙර මංගල සුබසිංහ(KOK) සොහොයුරා විසින් පල කළ ලිපිය
ගොඩක් අයට මඟහැරී ඇතැයි සිතන IMDB 8.4/10 රැගත් ඔස්කාර් සම්මාන 4 කට නිර්දේශ වුනු The Green Mile චිත්‍රපටිය බලමුද අද….
කට්ටියට මතක ඇති The Shawshank Redemption ලොව අංක 1 චිත්‍රපටිය මිට ඉහතදි බයිස්කොප් එකෙන්ම ලබා දුන්න බව. මෙහි අධ්‍යක්ෂක ඔබ දන්නවාද? ඔබ ඔහු ගැන සොයා බලා තිබෙනවාද? ඔහු නමින් Frank Darabont. මම ලඟකදි බැලු මේ චිත්‍රපටිය මගෙ හදවත කම්පාකිරිමට සමත් උනා. මෙය මම නැරඹු හොඳම චිත්‍රපටිය බවට සැකයක් නෑ. මොකද මෙහි අධ්‍යක්ෂ Frank, වඩාත් ප්‍රසිද්ධ නොසිතන අවසානයක් කරා චිත්‍රපටි ගෙන යාමටයි. චිත්‍රපටයක රංගන ශිල්පින් කවුද? ප්‍රධාන චරිතේ රඟපාන්නේ කවුද කියන එක සැමට ඇති ප්‍රශ්නයක් නේ. පිළිතුර සරලයි. තාත්වික රංගන ශිල්පයේ අංක එක වන Tom Hanks මෙහි ප්‍රධාන චරිතය කරන අතර චිත්‍රපටියේ වඩා කතා බහට ලක්වන චරිතයවන John Coffey චරිතය Michael Clarke Duncan විසින් රඟදක්වයි. මෙහි කතාව මම වැඩියෙ කියන් නැහැ. ඔබ විසින්ම බලා තිරණය කරන්න මෙය හොඳද නැද්ද කියලා. ඒ ඇයි කියනවනම් මට තාමත් තෙරෙන්නැහැ ඇයි මේකට ඔස්කාර් සම්මානයක් නොදුන්නෙ කියලා.
මම කතාව දැන් පොඩ්ඩක් කියන්නම්. John යනු හිරගෙදරට අලුතෙන් ගෙන එන එල්ලා මැරිමට නියම වු සිරකරුවෙක්. ඔහුගෙ වරද, පොඩි ගැහැනු ලමයකු දුෂණය කොට මරා දැමිමයි. ඔහු එම වරද කලාද නැද්ද යන්න චිත්‍රපටිය අතර තුර නැරඹිය හැකයි. මෙහි John ට අමුතු බලයක් තියනවා. ඒ නම්, ඕනෑම මරණාසන්න කෙනෙකුට පණ දිමේ හැකියාවයි. එලෙස ඔහු හිරගෙදර දි තුවාල ලබන මියෙකු මරණයෙන් බෙරාගනු ලබනවා. මෙලෙස කගෙත් හොඳ හිත දිනන, මරණයෙන් අනෙකුන් බේරන John ට මරණය පැරදිය හැකිද…? හදවත කම්පා කරවන අවසානයක් රැගත් කතාවක්….

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,968 downloadsDownload The.Green_.Mile_.1999.SinhalaSubs.Baiscopelk.zip163 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙරංජි සුලක්ඛනා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/08/07
Subtitles by
නෙරංජි සුලක්ඛනා
Subtitles
143 comments
ෂෙලින්ක - කටාර්
සෑම් ගේ අඩවිය
එල එල ෂෙලින්ක සහෝ ඉස්සර් වෙලා..අව්ලක් නැ...අපිත් බාමූකො.ඊයේ කාතාව එල.
Lahiru
The Shawshank Redemption film ake sub download karanna baa
chamath
onna mamat bagannawa.ela film ekka wage balamuko.aiya hoda horror film ehema danne nadda?
Dinesh Chameera Meththasinghe
niyamai onna mamath udenma baaawa....!!
අමල් පසාද්
නියම කථාවක් තියෙන් බයිස්කෝප් එකක්.. මම නමි බලල තියෙනව. නමුත් ආයෙ බලන්න ඔින. තෑන්ක්ස් මචං දුන්නට!!!!
චරිත
එළ. අනිවා බානවා. (පහුගිය දවස් වල comments දාන්න බැරි උණාට සමාවන්න.)
Manula Nayanatharu
Balama balamuko..... Parana unata kamak naha..... Thanks.....
Suvin
baanawa! aniwaaaa baanawa meka nam!
පොඩි මෑන්
මම මේක කාලෙකට ඉස්සෙල්ලා හොය හොය හිටියේ ඒත් හම්බ උනේ නෑ.
ඊට පස්සේ අමතක වෙලා ගියා.
ලස්සන චිත්‍රපටියක්.
දැන් ඉතින් හම්බ උනානේ. ඔන්න බාන්න දැම්මා.
බොහොම ස්තූතී මේක හොයලා දුන්නට.Nishacharaya
Mama meka aapu dawaswalama baluwa, ela film ekak.
kathu
හද කම්පා කරනව නම් අනිවා බෑවා.. මංගල brother ට thanks කිවුවා..
indunil
e neranji akkane ban karala thiyenne meka
තිසර
Stephen King ගේ කතාවක් පාදක කරගෙන තමයි චිත්‍රපටය හදලා තියෙන්නේ. දන්වනේ ඔහුගේ චිත්‍රපටවල අවසානය ටිකක් වෙනස්. අපි හිතන දේ නොවෙයි වෙන්නේ. The Mist ඉවර වෙන්නෙත් අපි හිතන් නැති විදිහට. හොද චිත්‍රපටයක. හොද කතාවක්. තෑන්ක්ස්.
Ruwan
Thanks bro..........
Nirmal
Mama tamai 15th veniya hehe
sorry macho baiscop eken baapu balanna beriwechchi films godak tiyenawa balanna, meka passe aniwa baanawa
thanx...hl upul kumara
one of best film
Rumesh
meha yako! muu mage yaaluwekne.ela mangala ela!
Uraj Deemantha
Tom Hanks ඉන්නවා නම් මේක නොබා කොහොමද ....??
මහතුන්
විභාගෙත් ඉවර උනා විතරයි.....නිවි හැනහිල්ලෙ බලන්න පුලුවන්....තෑන්ක් යූ වේවා....
සමන් කලුබෝවිල
අවසානයට දුක හිතෙන ෆිල්ම් බැලුවම මර අප්සට්.... ඉට පස්සේ මතක් වෙන්නෙම බලපු ෆිල්ම් එක.... ම්ම් ඒත් මේකත් බාන්නම ඔනේ...තැන්ක්ස් මන්ගල සහෝට.....
pushpika
මම මේක කාලෙකට කලින් හොය හොය හිටපු ෆිල්ම් එකක්. පරණ ලිපි කියවද්දි දැක්කේ. ඉස්සර සමුදුර පත්තරේ මේ කථාව ගියා .දැන්මම බාන්න දැම්මා. බොභොම ස්තූතියි..........
Saranga
මම මේ ෆිල්ම් එක ගැන ලඟදි දැනගත්තේ.ගොඩක් ස්තූතියි..
ccnp
thnxxx supiri film akak
akila
අඩේ තව එකක් මේ අපේ නගා නේ හොද හොදා දැන් පට්ටම එවාටනේ සබ් දෙන්නේ :)
Chanaka
එල කිරි වැඩක් ආයෙත් බැලුව කියල පාඩු වෙන්නෙ නෑ. ස්තුතියි සහෝ..
අසංක
අද ෆිල්ම් බාන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ වගේ.මියගිය අසහාය නළුවටත් නිවන් සුව අත්වේවා.
“නෙරංජි සුලක්ඛනා” ජයම වේවාkalinga
මේ වගේ සුපිරිම ෆිල්ම් අරගෙන එන බයිස්කෝප් එකට කොහොම පින් දෙන්නද දන්නේ නෑ.ඇත්තටම නියමයි සහෝදරිය ඔයා හොදම ෆිල්ම්ස් වලට සබ් දාන බව පේනවා.දිගටම වැඩේ කරගෙන යමු..ජය වේවා :)
kalana
Supiri jayama wewa
tharanga
Loke hodama film akakata sub dunna akata magey uththmacharaya
vee
සුපිරි වැඩක් මේ වගේ පරණ හොදමකතා සිංහල උපසිරස දාලා දෙන එක.ජය....
කැළුම්
මේ වගේ අනගි ෆිල්ම්ස් දෙන එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ.
ඔන්න හොදම ඒවා ඉස්සරහටත් ගේන්නf_live
පට්ට පට්ට ජය
දනුක
සුපිරි නංගි
බොහොම පින් වැඩේටelakiri
වැඩේ දිගටම කරමු මේ සබ් එකට රොම්බ තෑන්ක්ස් කිවුවා
එලම කිරි හොදේ :)uda
විශිෂ්ඨයි නෙරංජි! අග්‍රගණ්‍ය කතාවක්!
අනුවේදනීය චිත්‍රපටයක්! ඒ හා සම වෙන්න ඔයාගෙ සිංහල ගැන්වීමත් ඇතෙයි කියල හිතනවා. ඒ කියන්නේ අද දවස ඇතුළත 250න් දෙකක්ම ලබා දුන්නා කියන එකයි එහෙමනම්! මමත් තාම මේ 250ම බලලා නෑ. 100ක් තරම් ගණනක් විතරයි තවම බලල තියෙන්නේ. දැන් මේ 250 වැඩේට කට්ටිය එක්කාසු වෙලා ඉන්න තරම දැක්කම මම ඒ ඔක්කොම බලල ඉවර වෙන්නත් කලින් සිංහලනම් දීල තියෙයි වගේ :Pකොහොම වුණත් මරු වැඩක්! දිගටම කරගෙන යමු. කෙල්ලෙක් ඉන්න එකත් ලොකු හයියක් වේවි. පූචානම් නැතුව වැඩ විතරක් දෙමු අපි ;)
ජය!gihan
Hodama films walata sub dena aka maxxa
ganidu
පට්ට හොදේ මම බලල නෑ අනිවා කතාව කියවුවහම බලන්නම හිතුනා
sampath....
Thnxzzz nangiyoooo
සිංහලයා
නියමනේ මෙන්න කෙල්ලෝ පට්ට හොදේ.ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම එකක් ඔය සබ් එක්ක දීලා තියෙන්නේ ජයෙන් ජයම වේවා
lasidu
සුපිරි :)
naleen
2 weni sub akata thxx
mihin ලංකා
කතාව කරලා තියෙන ඩිරෙක්ටර දැක්කහම නොබා කොහොමද අංක එකේ එක තවමත් කට පාඩම් ඒ ෆිල්ම් එක .මේ වගේ ඒවාට සබ් දාන එක ලෙහෙසි පහසු දෙයක් නෙමේ .ඉතින් ඒ ඩේ කල ඔයාට මගේ හද පිරි සුභ පැතුම්!
quik
isthuthi sahodariya :)
chamath cafe
බලමු එහෙනම් මේකත් :)
උදාර
සුපිරි ෆිල්ම් එකක් සබ් දීපු එක නම් උපරිමයි
d2dinu
ජයවේවා!
හොට්ටා
දිගටම සබ් දෙන්න පට්ට වැඩේ..
dj
නියමයි හොදේ.. මමත් මේක බලන්නම උන්නේ සබ් දාපු එක සුපිරි..
වෙනුර
නියමයි නේ දැන් ගැහුණු ළමුන් වැඩට බැහැලා වගේ.ඔහොම යන්..ඔහොම යන්...
sanju
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තවම කවුරුත් ඇවිත් නැහැ වගේ..
ඔන්න එහෙනම් මම බා ගන්නවා..
බලමු කොහොමද කියලා...