Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitles ඉතින් යාලුවනේ ඔන්න මගේ පළවෙනි සබ් එක අද ඔයාලට බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගෙනාවා. මුල්ම එක නිසා අඩුපාඩු ඇති. එහෙම ඒවා අනිවා කියගෙන යන්න අමතක කරන්න එපා. මේක ඇත්තටම නිවාඩු ඉන්න වෙලාවක ඇත්තටම කාලෙ කන්න කරපු වැඩක්. ඔහොම ඉද්දි තමයි මට නිකමට හිතුනේ බය…
Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitles
ඉතින් යාලුවනේ ඔන්න මගේ පළවෙනි සබ් එක අද ඔයාලට බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගෙනාවා. මුල්ම එක නිසා අඩුපාඩු ඇති. එහෙම ඒවා අනිවා කියගෙන යන්න අමතක කරන්න එපා. මේක ඇත්තටම නිවාඩු ඉන්න වෙලාවක ඇත්තටම කාලෙ කන්න කරපු වැඩක්.
ඔහොම ඉද්දි තමයි මට නිකමට හිතුනේ බයිස්කෝප් එකට මේක දීලා බලන්න. ඉතින් මම මේ ෆිල්ම් එකට සබ් කරලා තියෙනවා කියලා දාපු ගමන් අපේ විමා සහෝදරයා එතන ඉදන් කතා කරලා අන්තිමට මගෙ පළවෙනි වැඩේ මේ විදියට එලියට දැම්මා. ඉතින් විමා සහෝදරයා ඇතුලු හැමෝටම ස්තූතියි කියලා මුලින්ම කියනවා. එහෙනම් අපි තව අටුවා ටීකා නැතිව කතාවට යමු.
Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitlesඉතින් මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නෙ කේසි මැක්කිස්ටන් කියන ලේඛිකාව විසින් 2019 රචනා කරන ලද “Red, white and Royal” කියන අපූරු වෙනස් ආදර කතාවක්. මේක 2023 අවුරුද්දෙ මැද චිත්‍රපටියක් ලෙස එලියට එන්නෙ IMDb අගය 7/10 තරම් ඉහල අගයක් එක්ක. කතාව පුරාම හාස්‍ය සමග මුසු වුන අසම්මත ප්‍රේමයක් අවසානය දක්වා තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.
Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitlesඉතින් මේ චිත්‍රපටිය එක්සත් රාජධානියේ රජ පවුලේ කුමාරයෙක් ඇමරිකානු ජනාධිපතිනියගේ පුතා එක්ක ආදර පලහිලව්වක් ඇති කරගන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ ප්‍රසිද්ධ චරිතයක් මේ වගේ අසම්මත සම්බන්දයක් එලියට ආවාම මොනවා වෙයිද කියලා. මීට වඩා කතාව ගැන කිව්වොත් කතා රසය නැති වෙයි.
Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitlesමේක කලින් කිව්වා වගේ සමලිංකයන් දෙදෙනෙකුගෙ ආදර කතාවක් නිසා බලන්න අකමැති අය බලලා ඔන්න බනින්න එහෙම එපා. ඒත් ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක් නිසයි මේක ඔයාලට ගෙනාවෙ.
Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitlesඑහෙනම් පුලුවන් ඉක්මනට තවත් චිත්‍රපටයකින් ඉක්මනින් හමුවෙමු.
Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,539 downloadsDownload Red.White_.And_.Royal_.Blue_.2023.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Red, White and Royal Blue 2023 (2023) Sinhala SubtitlesSubtitles by
දිමුතු චතුරංග
Subtitles
8 comments
Kantha_DLA
PCVENOM
hoda love story tikakata sub karanna sub ekata thanks !!!!!!
විමා
වෙබ් අඩවියට සාදරෙන් පිළිගන්නවා!
පලවෙනි වැඩේට උණුසුම් සුබපැතුම්,
දිගටම සබ් කරමු එහෙනම්. :)
උපසිරසියට බොහොම ස්තුතියි !Anonymous
ස්තූතියි සහො. ඒ වගේම හරි හමන් lovestories වලටත් සබ් හදන්න. ජයවේවා
Buddhika Lakmal
පළවෙනි සබට සුබ පැතුම් සහෝ....
තව තවත් උපසිරැසි කරන්න පුලුවන්කම ලැබේවා...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Bimsara Yashan(ඔලිව)
පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ. දිගටම සුපිරි ෆිල්ම් වලට උපසිරැසි ගේමු. ජයවේවා!
indika 75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි ආකාශ් සොයුර .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!