Watch Trailer

Handsome Guys (2024) Sinhala Subtitles | කඩවසම් හාදයෝ [සිංහල උපසිරසි]

Handsome Guys (2024) Sinhala Subtitles ඔන්න මන් කාලෙකින් සබ් එකක් අරගෙන මේ පැත්තට ආවා. අද අරගෙන ආවේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් කොමඩි හොරර් ෆිලුමක්. නම තමා Handsome Guys. ගිය අවුරුද්දේ ආපු ෆිල්ම්වලින් මන් එනකම් බලාගෙන ඉදපු එකක් මේක. 2024 ජුනි 26 වෙනිදා තියටර්ස්වලට රිලීස් වුන Handsome Guys ඩොලර් ම…

Handsome Guys (2024) Sinhala Subtitles ඔන්න මන් කාලෙකින් සබ් එකක් අරගෙන මේ පැත්තට ආවා. අද අරගෙන ආවේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන් කොමඩි හොරර් ෆිලුමක්. නම තමා Handsome Guys. ගිය අවුරුද්දේ ආපු ෆිල්ම්වලින් මන් එනකම් බලාගෙන ඉදපු එකක් මේක. 2024 ජුනි 26 වෙනිදා තියටර්ස්වලට රිලීස් වුන Handsome Guys ඩොලර් මිලියන 14.4ක ආදායමක් ලබලා ගිය අවුරුද්දේ කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 8 වෙනි ස්ථානයට එන්න සමත් වුනා. Horror, Comedy, Supernatural ගනයට තමා Handsome Guys අයිති වෙන්නේ. 2010 අවුරුද්දේ රිලීස් වුන Tucker & Dale vs. Evil චිත්‍රපටියේ රීමේක් එකක් මේක. ඒකට නොදෙවෙනි වෙන්න වැඩේ කොලිටියටම තියෙනවා හැබැයි. මේකේ අධ්‍යක්ෂණය කරන්නේ Nam Dong Hyeop විසින්.                                                                                              කාස්ට් එක පැත්තට ගියොතින් සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා ඉන්නේ. Lee Sung Min & Lee Hee Joon.. මේ දෙන්නා ගැන නම් ඉතින් කොරියන් ඩ්‍රාමා බලන අය හොදට දන්නවනේ. ආයේ ඉතින් කරන චරිතෙට උපරිම සාධාරණයක් කරන සුපිරිම නළුවෝ දෙන්නෙක් තමා මේ දෙන්නා. තව මේ ෆිලුම එනකම් බලන් ඉදපු ලොකුම හේතුව තමා Gong Seung Yeon.  මන් කැමතිම නිළියෝ අතරේ උඩින්ම ඉන්න කෙනෙක් තමා Seung Yeon කියන්නේ. The First Responders බලපු අය නම් සොන්ග් සොල් කිව්ව ගමන් දන්නවනේ. තව Park Ji Hwan & Lee Kyu Hyung.. කතාවල හොදට හිනස්සන දෙන්නෙක් විදියට ගොඩක් ප්‍රසිද්ධයිනේ මේ දෙන්නා. මේකෙත් සුපිරි ආතල් ටිකක් තමා දෙන්නේ. පැයයි මිනිත්තු හතළිස් එකක් පුරාවට ගලාගෙන යන මේ ෆිලුම කම්මැලි නැතුව හොදට හිනා වෙවී ආතල් එකේ බලන්න පුළුවන්❤️.                                                                               《CAST – රංගන දායකත්වය》                                                            • Lee Sung Min –  කන්ග් ජේ පිල්                                                            • Lee Hee Joon – පාක් සන්ග් ගු                                                            • Gong Seung Yeon – කිම් මිනා                                                            • Park Ji Hwan – කැප්ටන් චෝයි                                                            • Lee Kyu Hyung – කොස්තාපල් නම්                                                                                                                                                                                《Summary – සාරාංශය》 ජේ පිල්, සන්ග් ගු කියන්නේ අයියා මලෝ වගේ කඩවසම් හාදයෝ දෙන්නෙක් (ඒ ඩබල හිතන් ඉන්න විදිය). මේ දෙන්නා එකතු වෙලා ගැමි ජීවිතයක් ගෙවන්න කියලා ගෙයක් කුලියට ගන්න හෙන දුර පලාතක එනවා. ඔන්න ඔය අතරේ ඒ පැත්තටම යාළුවෝ සෙට් එකක් විනෝද චාරිකාවක් එනවා. එයාලගෙන් එක්කෙනෙක් තමා මිනා කියන්නේ. මේගොල්ලොන්ට ජේ පිල්, සන්ග් ගු දෙන්නව අහම්බෙන් මාර්ට් එකකදි හම්බෙනවා. එවෙලේ ඒ දෙන්නා නරක හෙන බයහිතෙන මිනිස්සු කියලා තමා මිනායි, එයාගේ යාළුවොයි හිතන්නේ.                                                                                                  ඔන්න ඔහොම යද්දි එක දවසක් මිනා එයාගේ යාළුවෝ එක්ක රණ්ඩු වෙලා වැව පැත්තට එනවා. එතනදි මාළු අල්ල අල්ල ඉදපු අර ඩබලව දැකලා බය වෙච්ච පාර මිනා වතුරට වැටෙනවා. කොහොමහරි මිනාව බේරගෙන ඉස්පිරිතාලෙ යන්න විදියක් නැති හින්දා මිනාව එයාලගේ ගෙදර අරන් යනවා. ඔන්න ඕක මිනාගේ යාළුවෝ දකිනවා. එවෙලේ එයාලා හිතුවේ මිනාව කිඩ්නැප් කලා කියලා. ඒ හින්දා මිනාව හොයාගෙන අර ඩබලගේ ගෙදරට යනවා. ඔන්න ඔය අතරේ ඒ ගෙදර යට තට්ටුවේ හිර වෙලා ඉදපු එළු හොල්මන කියලා කියන බැෆොමෙට් යක්ෂයත් අවදි වෙනවා. කුතුහලය නැතිවෙන හින්දා මන් තව මුකුත් කියන්න යන්නේ නෑ. මොනවයින් මොනවා වෙයිද කියලා ඔයාලම බලලා ඉන්නකෝ. ආ.. අමතක කරන්නැතුව සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්! Handsome Guys (2024) Sinhala Subtitles

                         

 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,719 downloadsDownload Handsome-Guys-2024.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Handsome Guys (2024) Sinhala Subtitles

Subtitles

3,719 downloadsDownload Subtitles36 KB

9 comments

  1. Gagan

    Bogota 2024 මේක කරන්නේ නැද්ද ?

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට

  4. lakshan

    thanks .....................

  5. sathesha

    thx for the sub .
    dune prophecy , day of the jackal ekatai sinhala sub dennako

  6. Anonymous

    Thanks

  7. Anonymous

    Thanks ......

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  9. nilanka

    thanks......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.