Watch Trailer

Silencer (2020) Sinhala Subtitle | පිය පුතු ගැටුම [සිංහල උපසිරැසි]

දකුණු ඉන්දීයාවේ කේරළ ප්‍රාන්තයේ තිබෙන මලයාලම් සිනමා කර්මාන්තය කියන්නේ මලයාලි සිනමා රසිකයින් පමණක් නොව පොදුවේ දකුණු ඉන්දීය සිනමාවන්හි උසස් සිනමා රසවින්ඳනයක් ඇති ශ්‍රිලාංකිය විදේශිය සිනමා රසිකයින් හොඳින්ම දන්නා සිනමා කර්මාන්තයක්.! විශාල මුදල් ප්‍ර‍මාණයක් විදයම් නොකලත් අතිශය ප්‍රායෝගික කතා වස්තූන් සක…

දකුණු ඉන්දීයාවේ කේරළ ප්‍රාන්තයේ තිබෙන මලයාලම් සිනමා කර්මාන්තය කියන්නේ මලයාලි සිනමා රසිකයින් පමණක් නොව පොදුවේ දකුණු ඉන්දීය සිනමාවන්හි උසස් සිනමා රසවින්ඳනයක් ඇති ශ්‍රිලාංකිය විදේශිය සිනමා රසිකයින් හොඳින්ම දන්නා සිනමා කර්මාන්තයක්.! විශාල මුදල් ප්‍ර‍මාණයක් විදයම් නොකලත් අතිශය ප්‍රායෝගික කතා වස්තූන් සකසා ගනිමින් මියුරු සංගීතයෙන් හා මනරම් පසුතල තොරා ගැනීම තුලින් තම ප්‍රේක්ෂකයින්ට නිතරම සිතන්නට යමක් ඉතිරි කරමින් ප්‍රේක්ෂකයාට තම සැබෑ ජිවිතයට පවා යම් ආදර්ශයන් හා ඔවදන් පවා දෙමින් ප්‍රේක්ෂකයාට නිතරම සත්‍ය හා යථාර්ථය මතම පදනම් වන දෑ පමණක්ම පෙන්වා දෙමින් ඔවුනට එම කරුණු ඇසුරින් තමන් කලයුත්තේ කුමක්දැයි යන්න තෝරාගැනීමට පවා යම් යම් උපදේශණ ඉදිරිපත් කරමින් තියුණු තිර රචනයෙන් හා මුලින් කීවාක් මෙන් වාණිජමය වශයෙන් හිණි පෙත්තටම නොගියත් ආයෝජනය කල මුදල නොඅඩුව ලබාගනිමින් ලොවපුරා ඇති අනිකුත් සිනමා කර්මාන්තයන්ටද ආදර්ශයක් මෙන්ම එම සිනමා කර්මාන්තයන්හි සිටින නිෂ්පාදකවරුන්ට අධ්‍යක්ෂකවරුන්ට පවා නැවත ප්‍ර‍ති නිර්මාණය කිරිමට සිතෙන ආකාරයේ බලපෑම් කරමින් දිනෙන් දින නිර්මාණශිලිත්වය තියුණු වෙමින් ඒකාකාරි නොවන වන නැවුම් සිනමා නිර්මාණයන්ගෙන් පොහොසත් සිනමා කර්මාන්තයක් ලෙසට අවිවාදයෙන් යුතුව කිවයුතු සිනමා කර්මාන්තයක් වන මලයාලම් සිනමාවේ තවත් සම්පූර්ණ Drama (නාට්‍යමය) වර්ගීකරණයට අයත් 2020 ජනවාරි 24 වන දින තිරගත වීම ආරම්භ වුණ මලයාලි සිනමාපටයක් වන Silencer (2020) සිනමාපටය සමඟිනුයි අද බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවන්නේ.!

9/10 IMdb
74% Google Users
3.3/5 Times of India
74% Book my show ඇගයුමක් ලබා ගන්න මේ සිනමා නිර්මාණය සමත් උනා.

දැන් කියන්න යන්නේ උඩදි නම් සඳහන් කරපු සිනමාපටය ගැනයි.! මලයාලම් සිනමාවේ ඉන්න තවත් සුවිශේෂි වූ දක්ෂතම සිනමා අධ්‍යක්ෂකවරයෙක් තමයි Priyanandanan කියන්නේ ඔහු ගැන යමක් සඳහන් කලහොත් ඔහු තම දෙවැනි සිනමා නිර්මාණය වන Pulijanmam 2006 චිත්‍ර‍පටය වෙනුවෙන් ඉන්දීයානු ජාතික සිනමා සම්මානය (National Award) පවා දිනාගත් අධ්‍යක්ෂවරයෙක්.! හිසේ කෙස් ගාණටත් වඩා සිනමා සම්මාන උළෙලයන් පැවැත්වෙන ඉන්දියාව වැනි රටක රජය විසින් ලබාදෙන ජාතික සම්මානය කියන්නෙ කලාකරුවකුට ලැබෙන අති උතුම්ම සම්මානයක් යැයි කීවොත් මා වැරදි නැතුව ඇති. අද උපසිරැසි ගන්වා ගෙන ආවේ සිනමා අධ්‍යක්ෂක Priyanandanan ගේ තවත් සුවිශේෂි නිර්මාණයක් වන Silencer 2020 සිනමා නිර්මාණයයි. මේ සිනමා නිර්මාණය තුලින්ද ඔහුගේ දක්ෂතාවය නැවතත් ඔප්පුකර පෙන්වා ඇති බවයි චිත්‍ර‍ටය නැරඹු ප්‍රේක්ෂකයින් වැඩි දෙනෙකුගේ අදහස වෙන්නේ.! ඉතින් චිත්‍ර‍පටය නරඹන්නට කලින් යමක් කිවයුතුයි මේ චිත්‍ර‍පටය සාම්ප්‍ර‍ායික වාණිජ සිනමා නිර්මාණයක් සේ සිතා රසවිඳිමට ඔබ සිතනවා නම් එතනදි ඔබ වැරදියි.! මේ චිත්‍ර‍පටයේ අභ්‍යන්තර අර්ථයද කතාව මෙන්ම ඉතාමත් සියුම්ව සූක්ෂමව ඉදිරිපත් කරන නිසා මෙය බෙහෙවින්ම ගැලපෙනුයේ පරිණත සිනමා රසිකයින් සඳහායි.!

Vaishakan ගේ කෙටි කතාවක් අනුසාරයෙන් නිර්මාණය වී ඇති චිත්‍ර‍පටය ආරම්භයේ සිටම බහුවිධ මාතෘකා කිහිපයකට අවතීර්ණ වන අතරම ඉන්දියාව යටත් විජිතයක් සිට නිදහස ලබා ගැනීමෙන් පසු ඉන්දියාව තුල සිදුවූ නවීකරණය හා දියුණුව පිළිබඳව ඉතා සියුම්ව කතා කරයි. ඒ වාගේම ඔවුන් ලබා ඇති නිදහසට ඇතිවන තර්ජනයක් ගැනත් පසෙකින් කතාකරන අතරම පොදුවේ ගත්කල පරම්පරා දෙකක ඇතිවන අදහස් හා සිතිවිලි වල ඇති පරස්පරභාවයද චිත්‍ර‍පටය තුල හොඳින්ම පෙන්වා දෙන අතරම ඉතා සරළව සහ සෘජුව මෙහි කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මෙහි පලමු භාගය (First Half) ඉතා තියුණු වන අතර දෙවැනි භාගය (Second Half) සහ උච්චතම අවස්ථාව ඉතාමත් සරළ ලෙසින් ඉදිරිපත් කර ඇත. මෙහි නළු නිලියන් හා අනෙකුත් කාර්ය්‍ය මණ්ඩලය (Cast & Crew එක) ගැන යමක් සඳහන් කලහොත් නළු නිලියන්ගේ උත්කෘෂ්ඨ රංඟනය ඇතැම් අවස්ථාවන් වලදි මොවුන් මේ රඟපානවා දෝ යැයි සැකය ඔබටත් ඇතිවනු නොඅනුමානය ඒ වාගේම තිර රචනය,පසුතල සැකසූම සහ මවිත කරවන සුළු කැමරාකරණය ගැන හා ආලෝක කරණය ගැනද නොකියාම බෑ. සාමුහිකව කණ්ඩායමක් වශයෙන් ඔවුන් එක්ව කල මේ පුදුම සහගත නිර්මාණය සැබැවින්ම ඔබවද ප්‍රබෝධමත් කරනු ඇත.

මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලටද තොරතුරු සොයා බලා ඉහත සඳහන් ලිපිය අකුරු කර දුන් මගේ යාළුවටත් මම ස්තූති වන්ත වෙනව.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  True WEB DL පිටපත් සඳහා අදාළ වේ.

3,127 downloadsDownload Silencer-2020.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

3,127 downloadsDownload Subtitles45 KB

16 comments

  1. Prabodha20

    Sthuthi obatala..

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Hashan

      Puluwnnm kenk innawanam me film tike sinhala subtitles hadala denna puluwnda ? cinema chupsita maava(telugu ) chalthe chalthe (telugu)vellimoonga (malayalam )fireman(malayalam )

  3. Lalani Maduwanthi

    Thank you,,,

  4. shanaka

    බොහොම ස්තූතියි සහෝදරිය... ඔයාට වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..හැකිනම් ලයිලා මාජ්නු නැමැති හින්දි සිනමා පටයේ උපසිරැසි ලබා දෙන්න.. ස්තුතී..

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි උපසිරැසියට..

  6. bandara

    Thanks dear Renu.Good luck

  7. indika75

    Thanks..

  8. Lakshan

    thanks thawath malayalam film walata upasirasi denna. api balanawa

  9. Nethini123

    බොහොම ස්තූතියි අක්කේ, මේ චිත්‍රපටය ගැන දැනගෙන හිටියේ නෑ, රේටිං එහෙමත් හොඳ නිසා කතාව හොඳ ඇති...බලන්නම්

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Anonymous

    බොහොම ස්තූතියි

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Sankha

    Intersect (2020) oooni

  15. Kasun

    Intersect 2020 මේකට සබ් එක දෙන්නෙ කවද්ද