ඉතිං ඔන්න කාලෙකට පස්සේ ක්‍රියාදාම ගණයට ගැනෙන ඉංග්‍රීසි චිත්‍රපටියක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ වසරේ ජූනි 5 වෙනිදා ඇමරිකාවේ තිරගත උන මේ චිත්‍රපටිය IMDb 5.7/10 ක් වැනි අගයකුත් 70%ක කුණු තක්කාලි අගයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන බෙකී ගෙ චරිතය රඟදක්වන්නේ Annabelle:Cr…

ඉතිං ඔන්න කාලෙකට පස්සේ ක්‍රියාදාම ගණයට ගැනෙන ඉංග්‍රීසි චිත්‍රපටියක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ වසරේ ජූනි 5 වෙනිදා ඇමරිකාවේ තිරගත උන මේ චිත්‍රපටිය IMDb 5.7/10 ක් වැනි අගයකුත් 70%ක කුණු තක්කාලි අගයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන බෙකී ගෙ චරිතය රඟදක්වන්නේ Annabelle:Creation චිත්‍රපටියේ Lynda ගේ චරිතය හා Ouija: Origin of Evil චිත්‍රපටියේ Doris Zander ගෙ චරිතය රඟ දැක්වූ Lulu Wilson විසින්. මිනිත්තු 93ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය කිසිම කම්මැලිකමක් නැතිව එක දිගට බලන්න පුළුවන් චිත්‍රපටියක් කියලත් කියන්න ඕන.
කතාව ගැනත් ටිකක් කියන්නම්. බෙකී කියන්නෙ ටිකක් මුරණ්ඩු පාසල් යන වයසේ ගෑණු ළමයෙක්. එයාට ඉන්නෙ තාත්තා විතරයි. අම්මා මිය ගිහින්. බෙකී ට තව බල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. එක දවසක් බෙකී ඉස්කෝලෙ ඉගෙන ගනිමින් ඉන්නකොට තාත්තා ඇවිත් බෙකීව කලින්ම ඉස්කෝලෙන් එක්කන් යනවා එයාලගෙ විලක් අද්දර තියෙන ගෙදරට. අම්මා මිය ගියාට පස්සේ බෙකීගෙ තාත්තා ඒ ගෙදර විකුණන්නයි සූදානම් කරගෙන ඉන්නේ. ඒ ගැනත් බෙකී ඉන්නෙ තරහින්. ඒ අතරේ ඒ ගෙදරට ගියාම තමයි බෙකීට දැන ගන්න ලැබෙන්නේ තාත්තා ආයෙත් කසාද බඳින්න හදන්නෙ කියලා. ඒ කසාද බඳින්න ඉන්න කෙනාටත් තාත්තා ආරාධනා කරාලා එයාලත් එක්ක සති අන්තය ගත කරන්න කියලා. ඉතිං බෙකීට දැන් තවත් කේන්තියි. ඒ අතරේ දරුණු මිණිමරු කල්ලියක් හිරෙන් පැනලා මේ බෙකීගෙ තාත්තගෙ ගෙදර හොයාගෙන එනවා එයාලට අයිති යම් දෙයක් අරගෙන යන්න කියලා.
ඉතිං කතාවේ මේ ටික කිව්වම ඔයාලා හිතාගනීවි කතාවෙ ඉදිරියට මොකක්ද වෙන්නෙ කියලා. හැබැයි කතාව අපිට හිතෙන විදිහට වඩා ටිකක් වෙනස් විදිහකට තමයි යන්නේ. ඉතිං මේ පුංචි බෙකී කොහොමද මේ හිරෙන් පැනපු මිණිමරුවන්ට මූණ දෙන්නේ කියලා කතාව බලලම දැනගන්න. ජයවේවා..!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
6,082 downloadsDownload Becky.2020.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
15 comments
Ayesh
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !
Nelson
Good work friend, thanks for the sub!
Udaya Fdo
Thank you
suranuwan
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith Samarawickrama
Thanks bro sub ekata
prasad
thank you sahodaraya sub ekata.
thawathawath sub karanna shakthiya dahiriya lebewamindika
Thanks !!!
lakshan
thanks ..................
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
Gayath
Ela bro
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ගොඩාක් ස්තුතියි උපසිරසියට..