හරි ඔන්න මේකත් හසන්ත අයියා තමයි කරන්න පුළුවන්ද කියලා ඇහුවේ. ඉතිං තව එකක් බාර අරන් ඉන්න හින්දා බෑ ත් කියලා පස්සේ මේකෙ ලයින් අඩු හින්දා අනිත් ෆිල්ම් එක පස්සට දාලා මේක කරන්න ගත්තා. මේක IMDb අගය 5.7 ලබාගත්ත Fantasy/Action කියන වර්ග වලට අයත් වෙන නෝර්වීජියානු ෆිල්ම් එකක්. ඒ වුනාට ගොඩක්ම තියෙන්නේ ඉංග්‍රීස…

හරි ඔන්න මේකත් හසන්ත අයියා තමයි කරන්න පුළුවන්ද කියලා ඇහුවේ. ඉතිං තව එකක් බාර අරන් ඉන්න හින්දා බෑ ත් කියලා පස්සේ මේකෙ ලයින් අඩු හින්දා අනිත් ෆිල්ම් එක පස්සට දාලා මේක කරන්න ගත්තා. මේක IMDb අගය 5.7 ලබාගත්ත Fantasy/Action කියන වර්ග වලට අයත් වෙන නෝර්වීජියානු ෆිල්ම් එකක්. ඒ වුනාට ගොඩක්ම තියෙන්නේ ඉංග්‍රීසි දෙබස් නිසා මේක Mortal කියන නමෙන් ඉංග්‍රීසියෙනුත් නිකුත් වුණා. ඉතිං මේකේ අධ්‍යක්ෂකතුමා ගැන කිවුවොත් André Øvredal කියන අධ්‍යක්ෂකවරයා තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. එතුමාගේ අධ්‍යක්ෂණයෙන් තමයි The Autopsy of Jane Doe (2016) කියන ෆිල්ම් එක නිෂ්පාදනය වෙලා තියෙන්නේ. බලලා නැත්තම් ඒකත් අනිවාරෙන්ම බලන්න.. සුපිරි මූත්‍රා පහවෙන Horror එකක්. ඉතිං මේ ෆිල්ම් එකේ නළු නිළියෝ ගැන කිවුවොත් ප්‍රධාන චරිතය වන එරික්ට Nat Wolff සහ ක්‍රිස්ටීන්ට Iben Akerlie රංගනයෙන් දායක වෙනවා. තව Priyanka Bose කියන රංගන ශිල්පිනිය හාර්තවේ ට රංගනයෙන් දායක වෙනවා. එයා අර Dev Patel ගෙදර එන Lion (2016) ෆිල්ම් එකටත් රංගනයෙන් දායක වෙනවා.
ඉතිං මේ කතාව ගැන නම් කියන්න දෙයක් නෑ. ඒක බලන්න. මම පසුබිම ගැන ටිකක් කියන්නම්. මේකෙ මනුස්සයෙක්ට තෝර්ගේ බලේ හම්බෙන සීන් එකක්නේ තියෙන්නේ. ඉතිං තෝර් කියන්නේ කවුද? කට්ටිය කියයි ඉතිං අවෙන්ජර්ස්ලාගෙන් කෙනෙක් කියලා. නැත්තම් මාවෙල් කොමික් චරිතයක් කියලා.(මට නම් ඕවා අදාළ නෑ.. මම හිසේ සිට දෙපතුල දක්වාම DC ෆෑන් කෙනෙක්) ඒත් ඇත්තටම තෝර් කියන්නේ නෝර්වීජියානු මිත්‍යා සංග්‍රහයේ එක දෙවි කෙනෙක්. මාවෙල් කොමික් වලටත් තෝර්ව අරන් තියෙන්නේ එතනින් තමයි. මාවෙල් ෆෑන්ස්ලාට නම් තෝර් කියන්නේ අකුණු වලට අධිපති දෙවියානේ. ඒ වුනාට ඇත්තටම තෝර් කියන්නේ අකුණුවලට, වැස්සට.. ඒ වගේම ගොවිතැනටත් අධිපති දෙවියා. (බලනකොට මෙච්චර කල් අවෙන්ජර්ස්ලාත් එක්ක එකට සටන් කරලා තියෙන්නේ ගොවි මහත්තයෙක්නේ. දැන් මාවෙල් අයට රිදෙයි ඉතිං.) කොහොමහරි මේ ෆිල්ම් එකට නම් පාදක කරගෙන තියෙන්නේ නෝර්වීජියානු මිත්‍යා සංග්‍රහයේ කතා තමයි. ඒක නිසා මේකෙ ඉන්න කෙනාට අකුණු වලට අමතරව තවත් විශේෂ බල තියෙනවා. ඉතිං ඒ මොනාද කියලා ඔයාලම බලාගන්න.
ඉතිං මේ ෆිල්ම් එක දුන්නු හසන්ත අයියටත් බයිස්කෝප් ටීම් එකේ හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා. ඉතිං සබ් එක බාන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා. ඉතිං මේ සතියෙම තවත් ෆිල්ම් එකකින් හම්බෙනකන්… ඔබට සුභ දවසක්…!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,905 downloadsDownload Mortal-2020.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
29 comments
Shashi
Sm
අම්මො ලිපිය පට්ට
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!b.p.n.k
Thor gana nam kiyawnna epa malyo.sub walata thanks.habai apatath kenthi yanawa avengers la bàala karala tolk dunnama.thanks to baiscopelk.
tharidu16
thanks machi
indika75
Thanks..
Anonymous
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... මේක මම බැලුවා.... නියමයි.... තෝර් දෙවියන් ගේ පරම්පරාව ගැන තියන්නෙ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.....
Nelson
Good work friend, Thanks for the sub!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට... ජය!!
Pradeep Hashan Kumara
sub ekata thank you ....
RuwanLakshan93
එල සහෝ ජය වේවා...!!!
මම
මිනිස්සු අමාරුවෙ දාන්න එපා හලෝ. වැඩක් හරියට කරන්න බැරිනම් නිකන් හිටපන්.
මම
මේකෙ ඉංග්‍රීසි කතා නොකරන කෑලි ගොඩයි. ඒවට සබ් දෙන්න බැරිනම් මේව නොකර හිටපන්. චික්.
ගීත් මිහිර සත්සර
සමාවෙන්න ඕනේ අඩුපාඩුවට.. අන්තර්ජාලේ පීරලා මම හොයාගත්ත සබ් කොපියේ ඉංග්‍රීසි කෑලිත් බාගෙට තමයි තිබ්බේ.. මේ සබ් කොපියත් ගත්තේ ඇඩ්මින් කෙනෙක්ගෙන් ඉල්ලගෙන.. ඒකෙ අරකට වඩා සම්පූර්ණ වුනත් නෝර්වීජියන් කෑලි වල අඩුපාඩු තියෙනවා. මමත් පුළුවන් තරම් අතින් පුරවලා තියෙන්නේ. පුළුවන් නම් නෝර්වීජියන් දෙබසුත් එක්ක තියෙන සබ් කොපියක් හොයලා දෙන්න. ඉක්මනටම මේක යාවත්කාලීන කරලා දෙන්නම්. මගේ දැනුමට අනුව නම් තාම එහෙම එකක් හොයාගන්න නෑ. අනික මේකේ නෝර්වීජියන් වලින් ගොඩක් දෙබස් නැති නිසා කතාවේ රසයට බාධාවක් වෙන්නෙත් නෑ.
Anonymous
නෝවීජියන් වලින් කතාවෙන් කාලක් විතර යනව. අනවශ්‍ය දෙබස් මූවි වල නෑ, හිතා මතා ඇතුලත් කරන ඒව විතරයි මූවි වල තියෙන්නෙ. පොඩ්ඩක් opensubtitle, subscene, podnapisi ගිහින් බලන්න. මේ මූවියට සිංහල සබ් පවා හොයාගන්න පුළුවන්. ටිකක් මහන්සි වෙන්න වෙනව. නැතුව බෑ. අපරාදනෙ සබ් තියනව කියල හිතාගෙන බාල බලනකොට බාගෙට බාගයක් සබ් නෑ. එහෙම කරන්න එපා. දෙන දේ හරියට දෙන්න.
ගීත් මිහිර සත්සර
subscene කියන එකෙන් තමයි ඕකත් ගත්තේ...
පුළුවන් නම් හොඳ භාෂා දෙකම තියෙන සබ් එකක් තියෙන ලින්ක් එකක් කියන්න..
නෝර්වීජියන් ටික කරලා මේක අප්ඩේට් කරන්නම්..kushzen
bro torrent site eken sub ekak awa. eke gdk ewa tinwa. kemati nm mail eka denna mn ewannm
ගීත් මිහිර සත්සර
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasad
Thank you sahodarayasub ekata.
lipiya thawa poddak wisthara thibunananm hondai neda. aye liddi a gena hithanna poddak.
ewdi wediyen sub karanna shakthiya dahiriya lebewaRuchira
Thanks for the sub!!!
jagath55
Thanks
nish47
ස්තූතියි සහෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dewadithya
Thanks for sub!
Advertisement
![Mortal (2020) Aka Torden Sinhala Subtitles | තෝර්ගේ නෑදෑයෙක්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/mortal-aka-torden-2020.jpg)
Thanks...