අහලා තියෙනවද සෑබෑම නිදහස භුක්ති විඳිම කියන්නෙ මොකද්ද කියාලා? ඒක මෙහෙම නෙවෙයිද වෙන්න ඕන? රටේ පුරවැසියෙක්ට ඕන වෙලාවක කිසිම බාධාවක් නැතුව රටේ තමන් කැමති තැනකට යන්න එන්න පුලුවන්, ඇයි තව ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස.! භාෂනයේ නිදහස.! රැස්වීමේ නිදහස.! නිදහස කියන වචනය ගැන අර්ථකථනය කරන්න ගත්තොත් ඔන්න ඔය වගේ වචන…
අහලා තියෙනවද සෑබෑම නිදහස භුක්ති විඳිම කියන්නෙ මොකද්ද කියාලා?
ඒක මෙහෙම නෙවෙයිද වෙන්න ඕන?
රටේ පුරවැසියෙක්ට ඕන වෙලාවක කිසිම බාධාවක් නැතුව රටේ තමන් කැමති තැනකට යන්න එන්න පුලුවන්, ඇයි තව ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස.! භාෂනයේ නිදහස.! රැස්වීමේ නිදහස.!
නිදහස කියන වචනය ගැන අර්ථකථනය කරන්න ගත්තොත් ඔන්න ඔය වගේ වචන වැකි ගොඩක් අහන්න පුලුවන්.! හැබැයි ඔතනම අපි කාටවත් නොපෙනෙන වැදගත් එකම එක දෙයක් තියෙනවා. හැබැයි හිතන්න බෑ නේද අර කිව්ව තැන එකකදිවත් මේගැන සඳහනක් වත් කරනවා ඇති කියලා.! ඒ මොකක්වත් නෙවෙයි කාන්තා හිංසනය, ස්ත්‍රී දූෂණය මෙන්න මේ දේවල් ගැන අහන්නත් මොකක්ද වගේ ඇති. ඉතින් ඇත්තටම නිදහසේ කාන්තාවකටත් ඔය කිව්ව විදියට යන්න එන්න පුලුවන්ද..? මේ ප්‍රශ්නය පොදුවේ අහන්න ඕන සමස්ත පුරුෂ පාර්ශව වලින් මොකද රජයකට, හමුදාවකට පුලුවන් වෙන්නෙ සතුරු කරදර විනාශ කරලා දාලා ජීවත් වෙන්නට සුදුසු පරසරයක් හදලා දෙන්න විතරයි ඒත් කාන්තාවන්ට තියෙන ආරක්ෂාව ගැන සහතිකය රජයට, පොදුවේ ආරක්ෂක අංශ වලට නම් දෙන්න අමාරුයි. හැබැයි පිරිමින් වන ඔබට ඒ සහතිකේ දෙන්න පුලුවන්.! ඒ කොහොමද .? තමන්ට වඩා වයසින් අඩු හෝ වැඩි කාන්තාවන් ගැන මේ ඉන්නේ මගේ අක්කා කෙනෙක් මේ මගේ නංගි කෙනෙක් ඇයි තව මේ ඉන්නේ මගේ දුවෙක් මේ මගේ අම්මා ඔන්න ඔය විදියට පුරුශයන් වන ඔබ හැමෝම හිතන්න පටන් ගත්ත දවසක සැබෑම නිදහස හම්බවෙයි ඒ මොකක්වත් නෙවෙයි නිතර කියන ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ අර්ථකථනය කරද්දි කාන්තවන්ට නිදහසේ රෑක උනත් පාරක යන්න පුලුවන් විදියේ පරිසරයක් හැදුන දවසට හැම පිරිමියාම කාන්තාවක් කියන්නේ තමන්ගේ වඟකීමක් කියලා හිතන්න ගත්ත දාට සැබෑම නිදහස භුක්ති විඳින්න පුලුවන් වෙයි..!
පහුගිය 2018 දෙසම්බර් මාසේ කියන්නේ සිනමාවට මොනතරම් වැදගත් වුනු මාසයක්ද කියලා ඔයාලා පහුගිය දවස් ටිකේ බයිස්කෝප් අඩවියේ පළවුණු ලිපි හැම කිහිපයකින්ම දකින්න ඇතිනේ. ඉතින් ඔන්න ඔය කියන දෙසැම්බර් මාසේ බොලිවුඩ් සිනමාවට දායක වුනු බ්ලොක්බස්ටර් සුපිරියක් තමයි අද මේ උස්සගෙන එන්නේ. බොලිවුඩයට පහුගිය දශකය තිස්සේ බ්ලොක්බස්ටර් ලේබල් ගොඩක් එක්කලා නිර්මාණ රැසක් දායක කරපු රෝහිත් ශෙට්ටි මහත්තයා තමයි මේ දැවැන්ත නිර්මාණයත් සිනමාවට අරගෙන එන්නේ. Reliance Entertainment සහ කරන් ජොහාර් ප්‍රමුඛ Dharma Productions දැවැන්ත ආයතන දෙකම එක්කාසු කරගෙන රෝහිත් ශෙට්ටි මහත්තයා මේ සැරේ එන්ටර් උනේ එසේ මෙසේ ප්‍රොජෙට් එකකට නෙවෙයි.
බොලිවුඩය තුල තමන්ගේ අධිරාජ්‍යය ගඩොලින් ගඩොල බැඳගෙන එන රන්විර් සිං එකතු කරගෙන 2018 ජූලි මාසේ විතර රෝහිත් ශෙට්ටි අලුත් වැඩේට බැස්සා. වැඩේ වෙන මොකක්වත් නෙවෙයි. මේ Simmba චිත්‍රපටිය. ඉතින් රන්වීර් එක්කලා රඟපාන්න රෝහිත් තෝරගෙන තිබ්බේ සුරූපී සාරා අලි කාන්ව. සාරා අලි කාන් කියන්නේ ඔබ අප කවුරුත් දන්න සයිෆ් අලී කාන්ගේ දූ සිඟිත්ත. ඔය ජෝඩුවට අමතරව මේ වැඩේ නග්ගලා ගන්න රෝහිත් තවත් දැවැන්තයෝ කීප දෙනෙක් සෙට් කරගත්තා. ඒ සෝනු සූඩ් සහ ආරාධිත රංගනයන් වෙනුවෙන් අජේ දේව්ගන් එක්කලා අක්ශේ කුමාර්.
– අජේ දේව්ගන්, අක්ශේ කුමාර්, රන්වීර් සිං, රෝහිත් ෂෙට්ටි, කරන් ජොහාර් –
– රෝහිත් ශෙට්ටි, සාරා අලි කාන්, කරන් ජොහාර් –
2015 වසරේදී නිකුතු වුනු Temper (2015) චිත්‍රපටයේ යම් දර්ශන කිහිපයක්ද අනුකූල කරගනිමින් ඉන්දියානු රුපියල් කෝටි 80ක විතර වියදමින් තැනුණු මේ චිත්‍රපටියෙ වැඩ 2018 ජූලි මාසේ පටන් ගන්නවා. රෝහිත් ශෙට්ටි සඳහන් කරන විදිහට ඔහුට අවශ්‍යව තිබී ඈත්තේ Temper චිත්‍රපටයේ දර්ශන පහක් හයක් මේ සඳහා යොදාගන්නයි. නමුත් හොඳම දේ එහි අයිතිය ලබාගෙන එය සිදු කිරීම වඩාත් යෝග්‍ය බැවින් ඔහු Temper චිත්‍රපටයේ දර්ශන සඳහා රීමේක් අයිතිය ලබාගෙන තිබෙනවා. චිත්‍රපටියේ වැඩිහරියක් දර්ශන ගෝආ සහ කෝලහාපූරම් ප්‍රදේශ වල තමයි ෂූට් කරලා තියෙන්නේ. ඉතිරිය මුම්බායි මෙහ්බූබ් ස්ටුඩියෝ හිදී හයිද්‍රාබාද් රාමොජි ෆිල්ම් සිටි හිදී සිදුකරලා තිබෙන බවක් තමයි අහන්නට ලැබුනේ. 2018 ජූනි 29 වන දින හයිද්‍රාබාද් රාමෝජි සිනමා ගම්මානයේදී ” Simmba Aala Re Aala Simmba Aala” ගීතයේ රූගත කිරීම් සිදු කර තිබෙන අතර, එදින සමාජ ජාලා වෙත ඡායාරූප එක්කරමින් රන්වීර් සිං පවසා සිටියේ තම වෘතිය ජීවිතයේ දැවැන්තම ගීතය එදින රූගත කිරීම් කල බවයි. සාරා අලි කාන් මේ කාලයේ Kedarnath චිත්‍රපටයේ වැඩ කටයුතු වල යෙදී සිටීම සහ රන්වීර් සිං තමන්ගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටීම යන කරුණු නිසා මේ චිත්‍රපටයේ රූගත කිරීම් පහසුවෙන් සිදු කරගැනීමට රෝහිත් ශෙට්ටි ප්‍රමුඛ කණ්ඩායමට හැකි වන්නේ නෑ. කරදර බාධක මැද්දේ කොහොමින් කොහොම හරි රෝහිත් ඇතුළු Simmba කණ්ඩායම වැඩේ කෙසේ හෝ අවසන් කරනවා.
– රන්වීර් සමගින් රෝහිත් ශෙට්ටි Simmba Aala Re Aala Simmba Aala ගීතය හයිද්‍රාබාද් රාමෝජී ෆිල්ම් සිටි හිදී රූගත කිරීම් අතරතුර –
සවුන්ඩ් ට්‍රැක් එක ගැන කියනවනම් Tanishk Bagchi, Lijo George – DJ Chetas සහ S. Thaman දක්ෂයෝ සෙට් එක එක්කාසු වෙලා තමයි මේ චිත්‍රපටිය වෙනුවෙන් සංගීතය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Shabbir Ahmed, Rashmi Virag, Kumaar and Kunaal Verma යන අයගේ ගීත රචනා වලින් හැඩවුණු ලස්සන ගීත කිහිපයක්ම මේ චිත්‍රපටිය තුල දැකගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටය සඳහා 1996 වසරේ නිකුත් වුනු ජනප්‍රිය චිත්‍රපටයක් වන Tere Mere Sapne චිත්‍රපටියේ Aankh Marey ගීතය නැවත නිර්මාණය කරලා රීමේක් වර්ෂන් එකක් මේ කස්ටිය චිත්‍රපටයට එකතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මං ඉහත සඳහන් කරපු Aankh Marey ගීතය මේ වනවිට යූ ටියුබ් අඩවියතුල මිලියන 450 කටත් වැඩි සංඛ්‍යාවක් නරඹා ඇති අතර එය යූ ටියුභි වැඩිම වාර ගණනක් නැරඹූ ඉන්දියානු ගීත අතලොස්ස අතරටද එක් වනවා.
ඉතින් කොහොමින් කොහොම හරි සියලු වැඩ කටයුතු අවසන් කර පසු පහුගිය 2018 දෙසැම්බර් 28 වැනිදා ඉන්දියාවේ රිදී තීරයන් 4020ක් සහ විදේශීය රිදී තීරයන් 963ක් ඇතුළු ලොවපුරා රිදිතිරයන් 4983ක තිරගතවීම ආරම්භ කරන මේ චිත්‍රපටිය ඉහල විචාරක පැසසුමක් සහ ප්‍රේක්ෂක ආකර්ශනයක් සමගින් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත වන්නේ වසර අවසානයේ බොලිවුඩ් ප්‍රේක්ෂකයින් හට දැවැන්ත නිර්මාණයක් දායක කරමින්.
– චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු විචාරක ප්‍රතිචාර –
අතිශය සාර්ථක සිනමා ගමනක් ආරම්භ කල Simmba චිත්‍රපටය පළමු දිනයේම ඉන්දියාවේදී පමණක් ඉන්දියානු රුපියල් කෝටි 20ක ආදායමක් ඉපයූ අතර දින විසි හතරක් ඇතුලත ඉ.රු. කෝටි 237 ක් උපයමින් රෝහිත් ශෙට්ටිගේ නම ඉදිරියේ තිබු බ්ලොක්බස්ටර් චිත්‍රපටි ලැයිස්තුවට එක් වන්නට සමත් වන්නේ ඉහල ජනතා ප්‍රසාදයක් සහ විචාරක පැසසුමක් සමගින්. ඒත් සමගම බොලිවුඩයට පිට පිටම ඉන්දියානු රුපියල් කෝටි 100 ආදායම පසු කල චිත්‍රපටි 8ක් දායක කල එකම බොලිවුඩ් අධ්‍යක්ෂකවරයා වන්නට රෝහිත් ශෙට්ටි සමත් වන්නේ කෝටි 200 සීමාව පසු කල ඔහුගේ තුන්වන චිත්‍රපටය ලෙසින් Simmba චිත්‍රපටය බවට පත් වෙමින්. එමෙන්ම ඉන් එකක් වන චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටය රන්වීර් සිංගේ බිරිඳ දීපිකා පදුකෝන් සිංගේ චිත්‍රපටයක් වීමත් විශේෂත්වයක්.
ඉන්දියානු රුපියල් කෝටි 80කට ආසන්න මුදලකින් තැනුණු මේ චිත්‍රපටිය දින 40ක් අවසානයේ බොක්ස්ඔෆිස් ලයිස්තුවේ නතරවන්නේ ඉන්දියානු රුපියල් කෝටි 400 ආදායම් සීමාව පසු කරමින්. 2018 වසරේ බොලිවුඩයට කාන් මහත්වරුන්ගේ තුන්දෙනාගේම චිත්‍රපටි පැමිණියත් එම සියල්ලම අභිබවා යන්නට මේ චිත්‍රපටයට සමත් වන්නේ කිසිවෙකු නොසිතු විරු ලෙසින්. ඒ වගේම විශේෂ කාරණාවන් තමයි අක්ශේ කුමාර් මේ චිත්‍රපටයට ආරාධිත රංගනයෙන් දායකත්වය සපයන අතර, අක්ශේ, රෝහිත් ශෙට්ටි සමග වැඩ කරන පළමු අවස්ථාවද මෙය වනවා.
රන්වීර්, සාරා සහ සෝනු සූඩ්ට අමතරව චිත්‍රපටය වෙනුවෙන් අශුතෝෂ් රානා, සිද්ධාර්ත් ජයදේව්, එහෙමත් මේ සඳහා රංගන දායකත්වය සපයලා තියෙනවා. ඒ වගේම ආරාධිත රංගනයෙන් අජේ දේව්ගන්, අක්ශේ කුමාර්, තුශාර් කපූර්, ශ්‍රේයාෂ් තල්පඩේ, අර්ශාඩ් වර්ෂි සහ කරන් ජොහාර්ද මේ සඳහා රංගන දායකත්වය සපයල තියෙනවා. අවසානයේ Yunus Sajawal සහ Sajid Samji ගේ තිර රචනයෙන්, Bunty Nagiගේ සංස්කරණයෙන්, රෝහිත් ශේට්ටිගේ අධ්‍යක්ෂණයෙන් මිනිත්තු 159ක් පුරා දිවෙන මේ චිත්‍රපටය පහුගිය දෙසැම්බර් 28 සිට සිනමාලෝලීන් හට නැරඹීමේ අවස්ථාවා විවර වූවා.
පොලිස් නිලධාරියෙකු වටා ගෙතුනු කතාවක් සමගින් තමයි චිත්‍රපටය ගොඩ නැගී තිබෙන්නේ. විශේෂ දෙයක් කියන්න ඕන.. ඔබට මතක ඇති දමිල සිනමාවේ අතිශය සාර්ථකත්වයට පත් සිංගම් චිත්‍රපටයද රෝහිත් ශෙට්ටි විසින් අජේ දේව්ගන් යොදාගෙන නිපදවූවා. එදා ඒ චිත්‍රපටය නිකුත් වෙද්දී ආපෝ සූර්‍යගෙ සිංගම් එකමනේ කියලා අවතක්සේරු කරත්, පස්සෙ පස්සෙ ඔය කාට කාටත් රෝහිත් හදපු අජේගෙ සිංගම් චිත්‍රපටයත් නොබල ඉන්න බැරිවුනා. ඒ වගේම ඒ චිත්‍රපටයේ කියන්න තරම් අඩුපාඩුවක් දකින්නත් නොලැබුනා. ආදායම් අතිනුත් සාර්ථක වුනා. ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි.. රෝහිත් ශෙට්ටිගෙ රීමේක් කිරීම නිකම්ම නිකම් රීමේක් කිරිල්ලක් නොවෙන හිංදා, රෝහිත්ගෙ රීමේක් එකේ මොක්ක්හරි විශේෂයක් තියෙන හින්දා. ඉතින් යාලුවනේ මෙතනදීත් ආපෝ ටෙම්පර් එකමනේ කියල අත අරින්න හදනවනම් එයයි ඔබ වරද්දගන්නා තැන. බුද්ධිමත්ව හිතලා තීරණය කරන්න. අඩු කොපියක් හරි අරගෙන බැලුවාට පාඩුවක් නැත. එකහෙලාම කියන්න පුලුවන් ටෙම්පර් චිත්‍රපටයට වඩා වැඩි යමක් මේ චිත්‍රපටයෙන් ඔයාලට දැකගන්න පුලුවන් කියලා. ඒ වගේම කාලෙකින් ඔබට රන්වීර් සිංගේ ක්‍රියාදාම එක්ක කොමඩිය එක්වුනු රංගනයක් දකින්නට ලැබෙන්නෙ නැතුව ඇති. ඉතින් මේ චිත්‍රපටයෙන් රන්වීර් සිංගේ මතක හිටින රංගනයක් ඔයාලට දැකගන්නත් පුලුවන් වේවි. ඉතින් මගහැරගන්න එපා කියන ආරාධනාව කරන ගමන්. පහලින් අදහසක් පලකරගෙන යන්නටත් මැලි නොවන ලෙසින් ඉල්ලා හිටිමින් මං විසිවෙනවා. ජයෙන් ජය!!!
ප.ලි. :- විශේෂයෙන් සඳහන් කරන්න ඕන මට මේ චිත්‍රපටය සඳහා උපසිරසි ගන්වන්න අවස්ථාව ලැබුනේ අපේ වෙබ් අඩවියේ තිබුනු මනාප විමසීමකින්. ඉතින් ඒකෙ මං වෙනුවෙන් මනාප එක්කරපු හැමෝටමත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. ඔබ බලාපොරොත්තු වූ අයුරින් උපසිරසිය සඳහා උපරිම සාධාරණයක් මගේ අතින් වෙන්න ඇතයි මං හිතනවා. ඉදිරියටත් අපි එක්කලා රැඳි සිටින්න කියලත් ආරාධනා කර සිටිනවා. විශේෂම දේ මේ චිත්‍රපටයට හොද පිටපතක් නිකුත් වෙන්නට ප්‍රථම කැමර් කොපියකට උපසිරසි ගැන්වීම කරගෙන යද්දි තමයි හොද කොපියක් නිකුත් වුනේ. ඉතින් පැයක් විතර කලින් කරල තියාගෙන තිබුනත් ඒක සින්ක් කරලා ඉතිරියත් සම්පූර්ණ කරල අරන් එන්න දවස් දෙක තුනක් ගියා කාර්යබහුලත්වයත් එක්කලා. ඉතින් ප්‍රමාදයටත් සමාව ඉල්ලා සිටිනවා. අනික දැන් ගූගල් ඉන්පුට් නැති නිසා අලුත් ටයිපින් මෙතඩ් එකකින් තමයි මේ උපසිරසි ගැන්විම කරලා ඇත්තේ. ඇලපිල්ලක පාපිල්ලක අඩුවක් තිබ්බොත් ඒ ගැනත් සමාව ඉල්ලා හිටිනවා. අලුත් ටයිපින් මෙතඩ් එක කියල දුන්නු රොයිලි අයියවත් මතක් කරනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ ගීත ටිකට උපසිරසි ගන්වලා දුන්නු නම කියන්න එපා කියපු මිතුරාටත් මගේ ස්තුතිය පුද කර සිටිනවා ඔහුගේ ඉදිරි වැඩකටයුතු වලටත් ආසිරි පතනවා. ඒ වගේම M.T.R. තරිදු රුක්ෂාන් අයියටත් ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
25,310 downloadsDownload Simmba-2018-update.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
105 comments
Asankabaiscope
DUMINDA PRADEEP
Ela Bro Tnx.
chamen_ckck
thanks bro
ඒෂාන් කාංචන
tnx Soho balan hitiye enakan meka
දමිත් රත්නායක
සුපිරි ලිපියක් සහෝ. උපසිරැසියට වගේම ලිපියටත් කරුණු හොයලා සුපිරියටම ලියලා තියෙනවා.
සිසිල සහෝගෙන් පස්සේ මම දැක්ක හොඳම ලිපි ලියන්නෙකුට ඉන්නේ තාරක බ්‍රෝ තමයි.
එන්න කලින් හිතුවේ මේකත් සිංගම් එකේ රීමේක් එක්ක වෙන්න ඇති කියලා.
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියටත්.
ජයෙන් ජයම වේවා!Udaya Tharanga
thank you bro
Ravi28
Thanks
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi brooo sub ekataa..
dsdkavishka
Thenks bro
Chokzi
Thanks
Naleen
ගොඩක් ස්තුතී සහො..බලන් ඉදියෙ...❤️❤️❤️
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .තාරක bro
Eranda Malith 2.0
සබ් එකට ස්තූතියි සහෝ
nisala_d
Thank you bro...!!!
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!crazy_chamikim
බොහොම ස්තූතියි සහෝ...Laila Majnu එකෙත් හොඳ කොපි ඇවිල්ලා තියෙන්නේ...ඉක්මනින් ඒකත් දෙන්නකෝ..Good Luck..
Haritha245
Thank You
yukthi123
Aala re aala Tharaka Nuwan Aala...
vas0303
thanks bro
darshana100
thanks saho jaya wewa budusaranai
sampath n perera
thanks
tharindu
අයියියෙ අලුත් ටයිපින් මෙතඩ් එක මොකද්ද කියලා කියන්නකෝ
Bandaramudiyansi
සුපිරිම ලිපියක්.තැන්ක්ස් ඔන්න ෆිල්ම් එක වැඩිම සයිස් කොපි එකක් ගමු.
maikee
අම්බො ලිපිය. සුපිරි හොදේ එක. සබ් එකටත් තැන්ක්ස්. එල
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි තාරක සහෝ...!!!
Stranger
thanks
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ....එනකන් බලන් හිටියේ මේක...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Ayesh Prashan
Thank You
Kanchaka
Thanks bro........
ARoshana
❤️❤️
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxxxx
Bandaramudiyansi
ලිපිය නම් කොලිටි . ෆිල්ම් එකත් හොදයි.අවන්ක අදහස කියන්නම් මල්ලි .ඔය 2015 NTRරගන ටෙම්පර් චිත්‍රපටය දෙපාරකටත් වඩා බලල තියෙනවා .එකත් එක්ක සසදනකොට මෙක ගොඩක් සම මට්ටමෙන් තම දුවන්නෙ. මෙක මරු.හැබැයි NTR රගන එ ෆිල්ම් එකත් එක්ක නම් හැරෙන්නවත් බැ කියල තම හිතුන.අදහස විතරයි .ඔයගෙ සබ් එක මරු.ජය
Bandaramudiyansi
හැබැයි එක දෙයක් නම් කිව්ව හැකි මෙක ගොඩක් ගැගිම් දනවන විදියට අරම් තියෙනවා මියුසික් වගේම එ හිතට දනවන කොටසුත්.එක පස්සෙ තෙරුනෙ. ෆිල්ම් එක මැද හරියකට යනකල් . ප්‍රදානම කාරනෙ මෙ නලුවගෙ ඇක්ටින් Great . ඇත්තටම හොද ෆිල්ම් එක්ක.කරල තියෙනව හොදටම. ඔයාගෙ ලිපිය ඔය විදියට තිබුන් නැති නම් මෙක බලන එකකුත් නෑ.තැන්ක්ස් . මෙක නිෂ්පාදනය කල එ මහත්තයගෙ නමේ ඉදම ලස්සනට බලන්න හිතෙන විදියට ඔය එක ලියල තියෙනවා බොරු දෙවල් නැතුව
Priyashandesilva
THANK for subtitle
SUnithpanagoda
TNkx bro..godak kal enakan balan hitapu akk...
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
D.Chamara
bohoma sthuthi sahoo
jagath55
Thanks
baiscopelkishu
sub ekta thanx saho
12@Hirusha
Thanks for sub
NuwanK
Thank u bro..
Bandara76
Good work Bro.
බොබී
ඔන්න ගත්තා. ෆිලුම ඉක්මනටම ගෙනාවට ස්තූතියි සහෝ.
Pradeepkumara
thanx sahoo
Rockheel
Thanks bro.supiri wedak.....
OsandaFdo
Ela bro..tnq.❤️❤️❤️
sahancharuka
thank you
KavindaRashmin
Thnx bokkh
millaresha
Please upload total dhamaal sinhala sub ?
thilz
thank youuu
isurumadushan
thanks
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සුපිරි ෆිල්ම් එකක්.සබ් එකට තැන්ක්ස්