Watch Trailer

Simran (2017) with Sinhala Subtitles | යකාගේ ගෑණියෙක්, මංකොල්ලකාරියෙක්!! [සිංහල උපසිරැසි සමග]

“වැඩිය කලබල කරන්නෙපා. එහෙම උනොත් වැඩ වැරදියි. මගේ ඇඟේ බෝම්බයක් බැඳලයි තියෙන්නේ. ඒක පුපුරවගන්න ඕන නම් කෑගහපන්. ජීවත් වෙන්න ඕන නම් මේ බෑග් එකට, තියෙන සල්ලි ටික ඔක්කොම දාපන්.” උදේ පාන්දරම බැංකුවට ආපු කෙල්ලෙක්, කවුන්ටරේ ගාවට ඇවිදින් මට කොල කෑල්ලක් දික්කරා. ඒක කියෙව්වම මගේ හුස්මත් හිරවුණා. පණට තියෙන ආදර…

“වැඩිය කලබල කරන්නෙපා. එහෙම උනොත් වැඩ වැරදියි.
මගේ ඇඟේ බෝම්බයක් බැඳලයි තියෙන්නේ. ඒක පුපුරවගන්න ඕන නම් කෑගහපන්.
ජීවත් වෙන්න ඕන නම් මේ බෑග් එකට, තියෙන සල්ලි ටික ඔක්කොම දාපන්.”

උදේ පාන්දරම බැංකුවට ආපු කෙල්ලෙක්, කවුන්ටරේ ගාවට ඇවිදින් මට කොල කෑල්ලක් දික්කරා.
ඒක කියෙව්වම මගේ හුස්මත් හිරවුණා.
පණට තියෙන ආදරේට අතට අහුවෙච්ච සල්ලි මිටි ඔක්කොම බෑග් එක අඩුක් කරලා එයාට දුන්න විතරයි මතක.
ඊළඟ තප්පරේදී කෙල්ල අතුරුදහන්. මගේ අතේ අර කොල කෑල්ල විතරයි ඉතුරු.

ඒ ඇට්ලන්ටාවේ වැඩ කරන සේවකයෙක් පොලිසියට දුන්නු කට උත්තරයක්. හැබෑවට කවුද මේ කියන කෙල්ල?
බැංකු මංකොල්ල කන කෙල්ලෝ ඉන්න පුලුවන්ද?
මොකද බැරි මේ ඉන්නේ?
කුතුහලයක් දැනෙනවද?
එහෙනම් බලමුද කොල්ලෙක්ට ලයින්පාරක් දාන්න ගිහිල්ලා මංකොල්ලකරියෙක් වෙච්ච කෙල්ලෙක්ගෙ කතන්දරේ?
සිම්රන්..!

හෝව්, හෝව් පොඩ්ඩක්වත් සීරියස් ගන්න එපා. පොඩ්ඩක් නිවිල්ලේ කූල් වෙලා පුටුව උඩට කකුල් අරන් මොනාහරි හප හප පැය දෙකක් පුරාවට කම්මැලි නැතිව රස විඳින්න පුළුවන් චිත්‍රපටියක් තමා අද අරන් ආවේ. පෞද්ගලිකවම මම 2017 මග බලාගෙනම හිටපු චිත්‍රපටිය. හේතුව නම් කංගනා රනාවට් විතරමයි. ඔව්, හිතුව විදිහටම කංගනා තමන්ගේ හැකියාව මෙවරත් අඩුවක් නැතුවම, එක්කෝ කවදාටත් වැඩියෙන් පෙන්නලා තිබ්බා. චිත්‍රපටිය නම් අපේක්ෂිත මට්ටමට නොතිබුනත්, හොඳට විඳින්න පුළුවන් චිත්‍රපටියක්. ෆුල් සිරා ගන්නේ නැතුව හිනාවෙවී බලන්න පුළුවන් පට්ටම ෆිලුමක්. පට්ට රහ සිංදු ටිකකුත් තියෙනවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 15 වෙනිදා තිරගත වෙච්ච සිම්රන් එන්න කලිනුත් ආවට පස්සෙත් ලොකු කතාබහට ලක්වුණත් ආදායම් අතින් අසාර්ථක උනා. කංගනාගේ පිට පිටම ආදායම් අතින් අසාර්ථක වෙච්ච හතරවෙනි චිත්‍රපටිය විදිහට සිම්රන් ලේබල්ගත වෙනවා. ඒ උනත් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 5.8ක අගයක් දිනාගෙන තියෙන මේ චිත්‍රපටිය බොලිවුඩ් රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වෙනවා සැකයක් නෑ. ඒ අත්දැකීම විඳගන්න දෙපාරක් හිතන්නෙපා. යන ගමන් මේකත් කියන්නම්. මේ කතාව ප්‍රබන්ධයක් කියල බැහැර කරන්න එපා. මේක Sandeep Kaur කියන ගැහැණු කෙනාගේ ජීවිත කතාව අනුසාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.ඒ කතාව ගැනත් වැඩිදුර දැනගන්න ආස නම් මෙතනට යන්න. එහෙනම් මම සමුගන්නවා!

Simran (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.fi – Simran (2017) Hindi HDRip x264 500MB

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,627 downloadsDownload Simran-2017.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

9,627 downloadsDownload Subtitles56 KB

27 comments

  1. prabodha

    Thank bro sub ekata.

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. Sajith thilakarathne

    Thanks saho sub ekata

  4. shasith sandaruwan

    බොහොම ස්තූතියි මයුර උපසිරැසියට...
    මේක කවුරුහරි ගෙනාවම බලනවා.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  5. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  6. "චූටී මල්ලී"

    Elz

  7. Tharanga

    Thanx bro

  8. භාෂිත් උඩවත්ත

    thx broo

  9. Mithun

    හම්මෙ ෆිල්ම් එක බලන්න ඔනේ නැ ලිපිය කියෙව්වම බඩ පිරුන. දැම් ඉතින් මෙක ඩව්න්ලොර්ඩින් කරන්න එපෑ..
    ෆට්ටම, මයුර සහෝ දෙකක් නෑ අසම පැටිකිරියේ මුවියක් එකෙන්ම බලනව.
    සබ් එකට ස්තුතියි සහෝදරයා ,දැම් ඉතින්
    ඉන්දියාවේ කෙසෙ වෙතත්, මෙහෙ නම් මෙක බොක්ස් ඔපිස් යයි දෙකක් නැ...

  10. Sohan Jayasooriya

    මයුර අයිය හැමදාම සබ් දෙන්නෙ වෙනස් ෆිලුම් වලටනේ.. අනිවා මේකත් රහට ඇති.
    ලිපිය කියෙව්වාම ආස හිතුනා.. ස්තූතියි සබට ජයවේවා අයියෙ

  11. Mithun

    මෙකෙ ටොරෙන්ට් එක වැටුන ගමන් දැක්ක සයිඩ් වල.. හැබැයි විපරම් කරන්න ගියේ නැ. හින්දි මුවියක් කියල දන්නෙත් නැ මෙහෙ වැටෙනකල්, පොස්ටර් එකෙ මෙ ගෑණි දාම් ඉන්න හිනාවටයි හිත ගියේ. .
    යකාගේ ගැණියක්,මංකොල්ලකාරියක්ලුනේ...
    රෙකමන්ට් එකට බොහොම ස්තුතියි මයුර.නැත්නම් බලන්නෙත් නැති වෙයි.

  12. Palitha de Silva

    බොහොම ස්තුතියි...

  13. tharangani

    thanx

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Kasun Sandaruwan

    Pl Film 1 download karaganna puluwan torrent 1k ewannako.

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  17. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. lakmal

    සබ් එක හොදයි ,ජය වේවා ,Toilet: Ek Prem Katha (2017) Hindi මේ ෆිල්ම් එකටත් සබ් එක දෙන්න බලන්න.

  21. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සහෝ.
    ජයෙන් ජය.

  22. Chami.S

    Thanks..

  23. Nethul

    බොලිවුඩයේ දක්ෂතම නිළිය රඟපාන මේ චිත්‍රපටිය මඟ අරින්නේ කොහොමද....බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  24. asela

    anna machan miniha uba thamyi link ekakth deela thiyanawa ela

  25. N_R

    Thanks for sub..

  26. Yohan_Darshana

    sub ekata thanks

  27. Indikanimal

    Thank u for subtitles.... all the best