Watch Trailer

Sinam (2022) Sinhala Subtitles | බිරිඳ වෙනුවෙන්! [සිංහල උපසිරසි]

මෑතක් වෙනකොට උපසිරැසි කරන වෙබ් පිටු කීපයක්ම තියෙනව. ඉතින් ඒ කවුරු වුණත් උපසිරැසියක් කරන්න ලොකු මහන්සියක් වෙනවා. මේ කිසිම දෙයක් කරන්නෙ මුදල් හෝ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඉතින් අපේ උපසිරැසි අරගෙන බලන අපේ සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලන්නෙ ඔයාලගෙ වෙලාවෙන් විනාඩියක් කැප කර…

මෑතක් වෙනකොට උපසිරැසි කරන වෙබ් පිටු කීපයක්ම තියෙනව. ඉතින් ඒ කවුරු වුණත් උපසිරැසියක් කරන්න ලොකු මහන්සියක් වෙනවා. මේ කිසිම දෙයක් කරන්නෙ මුදල් හෝ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඉතින් අපේ උපසිරැසි අරගෙන බලන අපේ සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලන්නෙ ඔයාලගෙ වෙලාවෙන් විනාඩියක් කැප කරල අපේ හොද හෝ නරක හෝ අඩුපාඩු හෝ අදහස් යෝජනා චෝදනා, කෙටියෙන්ම කිව්වොත්. පහළ තියෙන තීරුවේ සටහන් කරන්න කියල. මොකද අපේ ඉදිරි ගමනට ඒක ලොකු පිටුවහලක් කියන ගමන්ම මෑතක තිරගත වුණ Yaanai (2022), හා වෙබ් කතා මාලවක් වුණ Tamil Rockerz (2022) වල ප්‍රධාන චරිතය Arun Vijay ගේ නවතම චිත්‍රපටයෙන් තමයි මේ වතාවේ මම ඔයාලව හම්බවෙන්න ආවේ. Arun Vijay ට හොදටම හරියන්නෙ පොලිස් චරිත කියලයි මම හිතන්නෙ, ඒ වගේම මේකෙනුත් nනිරූපණයකරන්නෙ පොලිස් චරිත යක්. 2022 සැප්තැම්බර් 16 වන දින සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර මේ වන විට සාර්ථක අයුරින් තිරගත වන බවට පහත දැක්වෙන ධනාත්මක ප්‍රතිචාර වලින් කියන්න පුලුවන්. පැයකුත් විනාඩි 50ක් පුරා දිවෙන Action, Thriller වර්ගීකරණය යටතේ IMDb දර්ශකයේ අගය 6.8ක් වගේ සටහන් වෙලා තියෙන Pallak Lalwani, Kaali Venkat, R. N. R. Manohar යන අය සෙසු ප්‍රධාන චරිත වලින් දායක වෙන අතර G. N. R. Kumaravelan තමයි චිත්‍රපට අධ්‍යක්ෂවරයා වන්නේ.

පාරි වෙන්කට් අවංකව රාජකාරිය කරපු පොලිස් නිළධාරියෙක්, පොලිස් රාජකාරියට වෙලාවක් කලාවක් නෑ තමන්ගෙ රාජකාරිය තමයි වැදගත් කියල හිතපු කෙනෙක්. රාජකාරිය කරන අතරතුර කෝල් එකක් එනව ලේ දන් දෙන්න පුලුවන්ද අම්ම කෙනෙක් ඉන්නව ඉස්පිරිතාලෙ කියල. ඉතින් ඒ ලේ දන් දෙන්න ගියපු සිද්දියත් එක්ක ඇතිවුණ පලහිලව්වෙන් ඒ නර්ස්ට හිත ගිහින් එයා එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙලා ගෙවල් වල අකමැත්තෙන් වුණත් දෙන්න විවාහ වෙනවා. විවාහ වෙලා ටික කාලයක් යනකොට මදූගෙ ගෙදරින් කෝල් එකක් එනව නංගිගෙ විවාහය කරන්න නංගි බලන්න මනාලයෙක් එනව ඒ නිසා දෙන්නටම ගෙදර එන්න කියල මදූගෙ අම්මගෙන්. ඉතින් පාරිගෙනුත් අවුලක් නැතිනිසා දෙන්න කතා වෙනව පාරි කලින් අල්ලගත්ත චූදිතයව උසාවියට ඉදිරිපත් කරල නිවාඩුවක් දාල එන්නම් දෙන්නම එක්ක මදූගෙ ගෙදර යමු කියල. ඉතින් පාරි චූදිතයත් උසාවියට ඉදිරිපත් කරන්න ගියාට පස්සේ හදිසියේම උසාවි භූමියෙදි පාරි අල්ලගෙන ආව කෙනා ඝාතනයට ලක් කරල කෙනෙක් පැනල යනව. හරි වැඩේ පාරිට වෙන්නෙ, එයාගෙ සහයකයා එක්ක ඒ මිනී මරුවව අල්ලන්න පොලීසියේ ඉහළ නිළධාරීන්ගෙන් නියෝග, ඒ අස්සෙ මදූගෙන් කෝල් එනව ගෙදර යන්න එනවද අහල. ඉතින් රාජකාරිය දේවකාරිය කරගත්තු පාරි වෙන්කට් මදූට බබත් එක්ක ගෙදර යන්න මම හවස් වෙලා එන්නම් කියල ඒ දෙන්නව පිටත් කරනවා. කොහොමින් හරි අර මිනී මරුවව අල්ලගන්න ගිහින් රෑ වෙනව. ඒ අතරේ මදූ ගමේ ගිහින් තනියම ආපහු එනව. ඒ එන අතරෙ පාරි අර මිනී මරුව අල්ලල පොලීසියට යවල තමයි ෆෝන් එක බලන්නෙ ඒ බලනකොට මිස් කෝල් ගොඩයි මදූගෙන්. ඉක්මනට කෝල් එකක් අරගෙන බලද්දි මදූ ආපහු ඇවිත් බස් එකෙන් බැස්ස විතරයි. පාරි එක්ක යන්න එන්නද අහද්දි ඕනෙ නෑ මම ඔටෝ එකක් අල්ලගෙන එන්නම් ඔයා මගට එන්න කිව්වට පස්සෙ පාරි ගිහින් ඇදුම් මාරු කරගෙන මදූව ගන්න කියල මගට යනව. ගිහින් පැයක්.. දෙකක්.. ඉදල කෝල් කරල බැලුවත් මදූගෙ ෆෝන් එකත් වැඩ නෑ .. දැන් මොකද කරන්නෙ මදූව හොයාගෙන යන්න පටන් ගන්නව. ඒ අතරෙ තමයි පොලීසියෙ ලොකු මහත්තයගෙන් කෝල් එකක් එන්නෙ හදිස්සියෙම එන්න කියල.. ඉතින් එතනින් එහාට මදූ හොයාගන්නෙ කොහොමද කියල ඔයාලම බලන්න. ආයෙත් උපසිරැසියකින් මුණ ගැහෙනකම් හැමෝටම තෙරුවන් සරණයි.

 



 

 

 

Due to copyright issues,
we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HD පිටපත් සඳහා අදාළ වේ.

අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!

10,702 downloadsDownload Sinam-2022.zip2.4 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

10,702 downloadsDownload Subtitles2.4 MB

46 comments

  1. Spider

    Bohoma sthuthiyi sub ekata
    karana kiyana siyalu wada sarthaka wewa

  2. Kushan

    Sub akta thanks

  3. Naveen Mbr

    ස්තූතියි ඔෂධ අයියේ!

  4. Samith

    Thanks brother

  5. Naveen

    උපසිරසියට තුති

  6. Anonymous

    Elaz

  7. මම නුවන් තුෂාර

    sub eka podi bn 1080p walata. akuruth kapenwa

  8. Sajith

    thanks bn. siyalu weda katayuthu sarthaka wewa mcn. Deiva Thirumagal (2011) HQ hdrip akata sync krala dipanko bn. supiri film akak

  9. Anonymous

    Sub eke front size wenas karanna puluwn widyata hdnnko
    Eka eka gotha gobilo sub ussala unge wge dmmta ewath oyalage bawa blna un okkoma dnnwa
    E nisa owata react krnna ynna epa

  10. Deex

    click karanna karanna page open weno epa weno welawakata

  11. Anonymous

    thanks

  12. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  13. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  14. DMT SANJEEWA

    Thanks brother

  15. L.Y

    මලයාලම් වලටත් සබ් දෙන්නකෝ සහෝ
    ඔයා salute එක හොදට සබ් කරලා තිබ්බනෙ

  16. Ravindu_Heshan

    බොහොම ස්තූත් අයියේ සබ් එකට

  17. Chaminda

    Thanks Brother sub 1ta❤️❤️❤️❤️❤️

  18. nisa

    hoda wadak film ekak danakam balan hitiye. jaya wewa digatama me widiyata film walaa sub denna thanks

  19. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  20. Hashan

    Thnx bro...❤️

  21. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  22. Anonymous

    Thanks for sub

  23. vk sindurage

    thnks bro sub ekt........adareyi.........

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  25. Buddhika Lakmal (laKMal)

    සබ් එකට බොහෝම ස්තූතියි සහෝ.... තමුන්ගේ පෞද්ගලික කාලය වැය කරලා සබ් හදනවට බොහෝම් ස්තූතියි මචං....

  26. Anonymous

    Front size eka wadi krpn mchn
    Podi akuru walin balanna amarui wenadath api front size wadi krn blnne

  27. Ramesh

    Phone eke vlc player eke sub enne nahane, monawa hari player ekak thiyenawada sub wada karana

    1. Naveen Mbr

      MX Player එකට වැඩ. ගොඩක් අයගේ ෆෝන් වල ඒ ප්ලෙයර් එක තියෙන්නෙ. අකුරු පොඩි නම් Scale එක වෙනස් කරන්නත් පුළුවන්.

  28. ඇනෝනිමස්

    ඔය කිව්වට හොද නරක කියන්න කියලා යෝජනාවක් කරත් කඩන් පනිනවනේ ඔයාලා , අපි දැක්කනේ ඔයා කලින් දීපු ෆිලුමෙදි වීමා වලිගේ පාගන් ඉන්නවා..
    කමෙන්ට් කරන්නෙත් ටිකදෙනයි ඒඅයත් එහෙම වුනාම නැතිවෙයි නේද?

  29. Maduwantha

    Idx file eken sub hariyanne na
    Phone eken balanna amarui

    Please
    srt file ekenma subtitle daana
    Horakan karana eka karanawa kohoma danmath

    1. Naveen Mbr

      MX Player එකෙන් බලන්න.

    2. Maduwantha

      Idx file moken baluwath low qulity

    3. LKM

      OW IDX Balanna amarui sub wada karanne na

  30. Gayan

  31. prasad

    bohoma sthuthi sahoooo

  32. Bandula

    Thanks for sub

  33. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  34. LKM

    STR denna moken baluwath IDX QLUTY NA

    1. oshanda

      ape admin madulle awadanayata yomu wewa.. math IDX kemathi ne.. akuru quality ne

  35. සාරංග J ලියනගම

    THANKS

  36. Anonymous

    Nice..

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  38. kasun

    දැන්නම් මේ වෙබ් සයිට් එකේ සබ් හොද නෑ. ඉස්සර ගොඩක් ආසාවෙන් ෆිල්ම් බැලුවා. idx වලින් සබ් දෙන්න එපා. srt වලින් සබ් දෙන්න. නැත්තන් ඉතින් බයිස්කෝප් එකෙන් අයින් වෙන්න තමයි සිද්ද වෙන්නෙ

  39. Malith samarawickrama

    Thanks bro sub ekata

  40. Anonymous

    Pls ham film ekema english sub eka add karanna puluwanda, nattm sinhala wagema ekath download denna puluwanm godak hodai.oyalata jaya.

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P