2022 කියන්නේ DC ෆෑන්ස්ලට නම් හරිම සුබ අවුරුද්දක්. අවුරුද්දම මුලම වැරදි රූමර් එකක් නිසා හුඟක් අයව කලකිරීමට පත් වුණත්, ඒ හැම දෙයක්ම බොරුවක් කරන්න මේ වසරේ DC විශ්වයට හැකියාව ලැබුණා. මේ අවුරුද්දේ එලි බැස්ස පළවෙනි DC නිර්මාණය වුණු Peacemaker ඉතාමත් සාර්ථක ආරම්ඹයක් අරගත්තා. ඊට පස්සේ නිකුත් වුණු The Batma…

2022 කියන්නේ DC ෆෑන්ස්ලට නම් හරිම සුබ අවුරුද්දක්. අවුරුද්දම මුලම වැරදි රූමර් එකක් නිසා හුඟක් අයව කලකිරීමට පත් වුණත්, ඒ හැම දෙයක්ම බොරුවක් කරන්න මේ වසරේ DC විශ්වයට හැකියාව ලැබුණා. මේ අවුරුද්දේ එලි බැස්ස පළවෙනි DC නිර්මාණය වුණු Peacemaker ඉතාමත් සාර්ථක ආරම්ඹයක් අරගත්තා. ඊට පස්සේ නිකුත් වුණු The Batman චිත්‍රපටයට ආදායමෙන් වගේම ප්‍රේක්ෂක සහ විචාරක පැසසුම්වලිනුත් කිසිම අඩුවක් වුණේ නැහැ. ඔය අතර මේ අවුරුද්දේ දෙවෙනියට සිනමාශාලාවට නිකුත් වෙන Black Adam මේ හැම නිර්මාණයක් අතරින්ම හුඟක් සුවිශේෂී එකක් වෙනවා.
Black Adam කියන්නේ එසේ මෙසේ නිර්මාණයක් නම් නෙවෙයි. මේක දශකයකටත් අධික කාලයක් DC තුළ නිර්මාණය වෙමින් තිබුණු චිත්‍රපටයක්. ඒ දශකය අතර නොඉවසිල්ලෙන් මේ වෙනුවෙන් මග බලන් උන්නු ෆෑන්ස්ලට කිසිම අඩු පාඩුවක් නොකර, ඕනෑවටත් වඩා දේවල් Black Adam චිත්‍රපටයෙන් අරන් ආවා. චිත්‍රපටය අවසානයටත් හැමෝම පිස්සු වට්ටන ලොකු තෑග්ගක් එක්කයි Black Adam අප වෙත ආවේ. ඒත් මේ දේවල් ගැන කතා කරන්න කලින් චිත්‍රපටයේ කොමික් පසු බිම ගැනත් සෑහෙන දේවල් කතා කරන්න තියෙනවා. ඉතිං ඔක්කොටම කලින් අපි බලමු කවුද මේ Black Adam කියන්නෙ කියලා…
• බ්ලැක් ඇඩම්
ඔයාලා හැමෝම දන්නව ඇතිනේ Shazam ව. Shazam ත් DC වල ඉන්න ප්‍රධානම සහ බලවත්ම චරිතයක්. ඒත් DC වලට පැමිණෙන්න කලින් Shazamව අයිති වුණේ වෙනස් ආයතනයක. ඒ ආයතනයේ නම තමයි Fawcett Comics. ඉතිං මුල් කාලයේදී Fawcett Comics ලා යටතේ නිකුත් වුණු, ඔවුන්ගේ ප්‍රධානම චිත්‍රකතා මාලාවක් වෙන “Marvel Family” කොමික්ස් ලියපු Otto Blinder ට සහ C. C. Beck ට ඕන වෙනවා Shazam වෙනුවෙන් ප්‍රබල අභියෝගයක් ලැබෙන විදිහේ අලුත් චරිතයක් නිර්මාණය කරන්න. ඒ දෙන්නා බලාපොරොත්තු වුනේ Shazam ට ගොඩක් පැතිවලින් සමාන, ඒත් එයාට වඩා වෙනස් මාර්ගයක් තෝරගත්ත කෙනෙක්ව හදන්නයි. කොටින්ම කිව්වොත් මෙයාලට ඕන වෙන්නේ Shazam එක තකට තක ඉන්න විලන් කෙනෙක්ව අරන් එන්නයි. ඒ දේ ප්‍රතිපලයක් විදිහටයි 1945 දෙසැම්බර් මාසේ බ්ලැක් ඇඩම් කියන සුප්‍රකට චරිතය බිහිවුණේ.

(Black Adam මුලින් හඳුන්වා දුන් Marvel Family #1)
ඉතිං 1972 Fawcett Comics ලා තීරණය කරනවා Shazam/ Captain Marvel, බ්ලැක් ඇඩම් ඇතුලු තමන්ගෙ චරිත DC ආයතනයට විකුණන්න. ඒ නිසා එදා ඉඳන් අද දක්වා Marvel Family එක වගේම බ්ලැක් ඇඩම්ගේ කොමික්ස්, ඇනිමේශන් වගේම චිත්‍රපටත් නිර්මාණය කරන්නෙ DC කොමික්ස්ලා.
බ්ලැක් ඇඩම්ගේ මූලාරම්භය හොයාගන්න නම් අපිට ඈත අතීතයට යන්න සිද්ද වෙනවා. 1279 BC වල සැප්තැම්බර් මාසේ 11 වෙනිදා Ramesses II කියන බලවත් පාරාවෝවරයාට දාව ටෙට් ඇඩම් නමින් පුතෙක්ව ලැබෙනවා. ටෙට් පොඩි කාලේ ඉඳන් ඉතාම දක්ෂ කෙනෙක්. තමන්ගෙ හැකියාවන් නිසා ටෙට්ට පුලුවන් වෙනවා Shazam කියන මායාකාරයාගේ සිත දිනාගන්න. ටෙට් කියන්නේ යහපත් අදහස් අරන් යන්න යොදාගන්න පුලුවන් කෙනෙක් කියල හිතපු Shazam මායාකාරයා ටෙට්ට සුපිරි බලයක් ලබාදෙන්න තීරණය කරනවා. බ්ලැක් ඇඩම්ට බලය ලැබෙන්නෙත් Shazam ට බලය ලැබෙන විදිහටමයි. Shazam ටත් ඒ නමේම මුලකුරුවලින් සංඛේතවත් කරන දෙවියන් හය දෙනෙක්ගේ බලය ලැබෙනවා වගේම තමා ඇඩම්ටත් ඒ විදිහෙම ඊජිප්තු දෙවිවරුන් හය දෙනෙක්ගෙන් එකිනෙකාට ආවේනික විවිද බලයන් හයක් ලැබිල තියෙනවා.
• S hu ගේ සවි බලයත්,
• H eru ගේ වේගයත්,
• A mon ගේ ශක්තිමත් බවත්,
• Z ehuti ගෙ ප්‍රඥාවන්ත බවත්,
• A ton ගේ බලයත්,
• M ehen ගේ ධෛර්යයත්, ඇඩම්ට ලැබෙනවා.
තමන්ගේ බලය ක්‍රියාත්මක කරන්න ඕන වුණාම ඇඩම්ට තියෙන්නේ “Shazam” කියල කියන්න විතරයි. ඒ වචනෙම යොදාගෙන බළය විරහිත කරලා ආයෙත් සාමාන්‍යය අතට හැරෙන්නත් පුලුවන් කම තියෙනවා.
ඉතිං Shazam මායාකාරයා හිතුව වගේම ටෙට් ඇඩම් ශතවර්ශ ගණනක් ඊජිප්තුවේ රණශූරයා විදිහට Shazam ට සේවය කරනවා. ටෙට් ඇඩම් ඊජිප්තුව කරදර ගණනාවකින් බේරගෙන තියෙනවා. ඒත් හැමදෙයක්ම වැරදි අතට හැරෙන්නේ Blaze කියන කාන්තාව ඇඩම්ගේ ජීවිතයට එනවත් එක්කයි. Blaze කියන්නේ Shazam ගේ දුව. ඇය Shazam එක්ක හුඟක් කේන්තියෙන් ඉන්නේ. ඉතිං ඇයට ඕන වෙනවා Shazam ගෙන් පලිගන්න. ඒ වෙනුවෙන් තමන්ට පාවිච්චි කරන්න පුලුවන් හොඳම තුරුම්පුව වුනු ඇඩම්ව බ්ලේස් වෙස් වලාගෙන ඇවිත් වශී කරගන්නවා. ඇඩම්ගේ ආදරය දිනාගන්න බ්ලේස් ඇඩම්ගේ මනස අදහස් විකෘති කරන්න පටන් ගන්නවා. තමන්ගේ බලයන් යොදාගෙන මුලු ඊජිප්තුවටම ඔවුන් දෙන්නට පාලනය කළ යුතුයි කියන අදහස බ්ලේස් ඇඩම්ගෙ ඔලුවට දානවා. එතනින් පස්සෙ තමයි ටෙට් ඇඩම් කියන වීරයා බ්ලැක් ඇඩම් කියන දුෂ්ට ඒකාධිපතියා බවට පත් වෙන්නේ.
ඇඩම් දැන් යන මාර්ගය කොච්චර භයානක එකක්ද කියල දැකපු Shazam ඇඩම්ගේ බලයන් නැවත අරගන්න තීරණය කරනවා. බ්ලේස්වත් සිර කරන Shazam ඇඩම්ගේ බලයන් හැම එකක්ම උදුරගෙන ඒවා මාලයක් තුළ සිර කරනවා. මේ වෙනකොට ඇඩම් ශත වර්ශ ගාණක් වයසයිනේ. ඉතිං තමන්ගේ බලයන් නැති වුණු ගමන්ම වයසය යන්න පටන් ගත්තු ඇඩම් සුලු මොහොතකින් මිය යනවා. Shazam ටෙට් ඇඩම්ගේ සිරුරයි, ඔහුගේ බලයන් හිර කරපු මාලයයි Ramesses II ගේ සොහොන මත සිර කරනවා. ටෙට් ඇඩම්ව Shazam “Khem- Adam” (Black Adam) විදිහට නම් කරන්නේ මේ මොහොතෙයි. ඇඩම්ගේ ද්‍රෝහි වීමෙන් පසු තැවුණු Shazam නැවත ශත වර්ෂ ගණනාවක් යනකන් රණශූරයෙක්ව තෝරගන්නෙ නැහැ.
දැන් අපි පුරාණ ඊජිප්තුවෙන් 20 වෙනි සිය වසට එමු. මේ කාලෙදි Malcolm Expedition කියල සංවිධානයකින් Ramesses II ගේ සොහොණ හොයලා මෙහෙයුමක් දියත් කරනවා. මේ මෙහෙයුමේ එක පුරාවිද්‍යාඥයෙක් වෙන්නේ තියෝ ඇඩම් කියන කෙනා. තියෝ කියන්නේ ටෙට් ඇඩම්ගේ පරම්පරාවෙන් පැවතෙන්නෙක්. තියෝ එක්ක වැඩ කරන්න ජේෂ්ඨ පුරාවිද්‍යාඥයින් දෙන්න වෙන්නේ C. C. බැට්සන් සහ මැරිලින් බැට්සන්. මේ දෙන්නා තමයි පස්සෙ කාලෙක Captain Marvel aka. Shazam ගේ ඊළඟ රණශූරයා වෙන බිලී බැට්සන්ගේ අම්මයි තාත්තයි. මෙහෙයුම අතර තුර තියෝට අහම්බෙන් Ramesses II ගේ සොහොන හොයාගන්න ලැබෙනවා. තියෝටයි බැට්සන් යුවලටයි කෙම් ඇඩම්ගේ බලයන් හිර කරපු මාලය හොයාගන්න ලැබෙන්නේ එහෙමයි. මාලය ගැන ලොකු තණ්හාවක් ඇති වෙන තියෝ බැට්සන් ජෝඩුවම මරලා මාලය හොරකම් කරගන්නවා.
මේ වෙනකොට බැට්සන් යුවළගේ එකම පුතා වෙන බිලී ඉන්නේ ඇමරිකාවේ. ළඟ එන අනතුර දැකපු Shazam මායාකාරයා, තමන්ගෙ ප්‍රතිපත්ති පැත්තක තියලා බිලීව තමන්ගේ දෙවෙනි රණශූරයා විදිහට තෝරාගන්නවා. Captain Marvel ව දැකපු තියෝට තේරුම් යනවා ඔහුයි කෙම් ඇඩමුයි කොතනකින් හෝ එකිනෙකට සම්බන්ඳ වෙන බව. ඉතිං තියෝ මාලයත් දාගෙන “Shazam” කියලා කියනවා. එතකොට තමයි පළවෙනි වතාවට තියෝව බ්ලැක් ඇඩම් විදිහට හැරෙන්නේ. කැප්ටන් මාවල් විදිහට හැරිකා ඉන්න බිලී බැට්සන්ව මුනගැහුණු බ්ලැක් ඇඩම් බිලීගේ අම්මවයි තාත්තාවයි මැරුවේ තමන් කියලා බිලීට පාපොච්චාරණය කරනවා. ඊට පස්සේ ඇඩම් සහ කැප්ටන් මාවල් අතර විශාල සටනක් යනවා.
මේ සටන අතර තුර තියෝට තිබුණු එක දුර්වලතාවයක් තමයි තමන්ගෙ බලයන් හැම එකක්ම මාලයට සීමා වුනු එක. ඉතිං බිලී තියෝගෙන් මාලය ගලවලා ඔහුව ආයෙත් සාමාන්‍යය තත්ත්වයට හරවන නිසයි මෙතනදි බ්ලැක් ඇඩම් පරාජයට පත් වෙන්නේ. Shazam කළා වගේ තියෝව මරන්නෙ නැතුව මාවල් ඔහුව Shazam ගාවට එක්ක ගිහින් තියෝගේ මතකය සම්පූර්ණයෙන්ම මකල දානවා. ඒ වගේම Shazam කියලා කියන්න බැරි වෙන්න තියෝගේ කට හඬත් නැති කරනවා. ඉතිං ටික කාලයක් යනකන් බ්ලැක් ඇඩම් ලෝකයට තර්ජනයක් වෙන්නෙ නැහැ. ඒත් ඒ බ්ලේස් ආයෙත් නිදහස් වෙලා තියෝට ආපහු එයාගෙ මතකය වගේම බලයනුත් ලබාදෙනකන් විතරයි.
ඉතිං මේ දිග කතාව තමයි Marvel Family කොමික් කතා මාලාවේ දකින්න ලැබුණු බ්ලැක් ඇඩම්ගේ ඔරිජින් එක වෙන්නේ. ඒත් ෆිල්ම් එකට එද්දී මේ කතාව සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරලා තියෙනවා. ඒ දේවල් කියලා කතාව ස්පොයිල් කරන්න මගෙ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ෆිල්ම් එකේ ප්ලොට් එකට නොයා අපි බ්ලැක් ඇඩම්ගේ බලයන් සහ හැකියාවන් ගැන කතා කරන්න යමු.
උඩදි මම කිව්වත් වගේ ඇඩම්ගේ බලයන් සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ පැරණි දෙවිවරුන් හය දෙනෙක්ගේ බලයන් අනුවයි. Shazam විසින් ඇඩම්ට බලයන් ලබාදෙන්න දෙවිවරුන් හය දෙනෙක්ව යොදාගන්නවා.
1. S අකුරින් සංඛේතවත් කරන Shu
පුරාණ ඊජිප්තුවේ ඇද හූ සාමයට, සිංහයින්ට සහ සුළඟට අධිපති දෙවියන් තමා ශූ කියන්නේ. බ්ලැක් ඇඩම්ට විශාල සවි බලයක් ලබාදෙන්නේ ශූගේ බලයන් එකතු කරලයි. ශූ නිසා බ්ලැක් ඇඩම්ට ඕනම විනාශ කාරී බලපෑමක් දරාගන්න පුලුවන්. ඒ වගේම ඇඩම්ට කන්නවත්, නිදාගන්නවත්, හුස්ම ගන්නවත් අවශ්‍යය නැහැ.
2. H අකුරින් සංඛේතවත් කරන Horus
අහසට අධිපති දෙවියන් වෙන හොරුස් තමයි බ්ලැක් ඇඩම්ට අසාමාන්‍යය වේගයක් ලබාදෙන්නේ. දිවීමෙන් වගේම පියඹා යෑමෙනුත් බ්ලැක් ඇඩම්ට විශාල වේගයකට ළඟා වෙන්න පුලුවන්.
3. A අකුරින් සංඛේතවත් කරන Amon
බ්ලැක් ඇඩම් කියන්නේ Superman තරම්ම ඉතාම ඉහළ ශාරීරික ශක්තියක් තියෙන කෙනෙක්. මේකට හේතුව Amon ගේ බලයන් ඇඩම් තුළ ගැබ් වෙලා තියෙන එකයි. Amon ගේ බලය යොදාගෙන ඕනම ශක්තිමත් දෙයක් බිඳ දාන්න, අත්වලින් මරණීය පහර එල්ල කරන්න, තමන්ට වඩා කිහිප ගුණයක් බර දේවල් උස්සන්න, වානේ වගේ දැඩි දේවල් නමන්න, අත්පුඩියකින් බලවත් තරංග නිර්මාණය කරන්න ඇඩම්ට පුලුවන් කම තියෙනවා.
4. Z අකුරින් සංඛේතවත් කරන Zehuti
රණශූරයෙක්ට ඇඟේ ශක්තිය තිබුණටම මදි, ඊට හරි යන්න බුද්ධිමත් බවකුත් තියෙන්න ඕනෙනේ. ඒ දේ බ්ලැක් ඇඩම්ට ලබාදෙන කෙනා තමා Zshuti. Thot නමින් ප්‍රසිද්ධ මෙයයි ඊජිප්තු ශිෂ්ටාචාරයේදී ප්‍රඥාවට, ලිවීමට, මායාවට සහ විද්‍යාවට අධිපතිව හිටියෙත් මේ Zehuti කියන දිව්‍යමය සංඛේතය වුණේ. මෙයාගේ මේ දැනුම් සම්භාරයම බ්ලැක් ඇඩම්ටත් පිහිටල තියෙනවා. තර්කානුකූලව හිතන්න, විවිද භාෂා කතා කරන්න, දේවල් ඉක්මණින්ම මතක තියාගන්න සහ අවශ්‍යය වෙලාවට තීරණ ගන්න උපදෙස් ලබාගන්නත් බ්ලැක් ඇඩම්ට Thot ගේ ප්‍රඥාව උදවු වෙනවා.
5. A අකුරින් සංඛේතවත් කරන Aten
බ්ලැක් ඇඩම්ට තියෙන ප්‍රධානම බලයන් දෙකක් තමයි පියෑඹීම සහ අකුණු පාලනය කිරීම කියන්නේ. මේ බලයන් දෙකම ඇඩම්ට ලබාදෙන්නේ Aten. විශාල අකුණු නිර්මාණය කරන්න සහ අකුණු ප්‍රහාරයන් උරාගන්න සහ දරාගන්නත් Aten උපකාරී වෙනවා. Shazam වචනයෙන් නිර්මාණය වෙන අකුණු යොදන් බ්ලැක් ඇඩම් බවට හැරෙන්නත් උදවු වෙන්නේ Aten ගේ බලයන්මයි. ඒ වගේම මේ තුළින් යම් තාක් දුරකට මැජික්වලිනුත් බ්ලැක් ඇඩම්ව ආරක්ෂා වෙනවා.
5. M අකුරින් සංඛේතවත් වෙන Mehen
Mehen කියන්නේ බ්ලැක් ඇඩම්ට ආධ්‍යාත්මික අයුරින් හැකියාවක් ලබාදෙන දිව්‍යයම බලවේගයක්. බ්ලැක් ඇඩම් නිතරම තමන්ට වඩා දෙතුන් ගුණයක් වුණත් බලවත් ඕනම අභියෝගයකට කිසිම බයක් නැතුව මුහුන දෙනවා. එහෙම වෙන්නේ Mehen ඇඩම්‍ට දුන් ධෛර්යය නිසා. අවස්තා කිහිපයක් ඇරුනම බ්ලැක් ඇඩම්ට මානසික ප්‍රහාරවලින් බේරෙන්නත් Mehen උදවු වෙලා තියෙනවා.
බලයන් වගේම තමා ඕනම කෙනෙක්ට දුර්වලතාත් තියෙනවනේ. බ්ලැක් ඇඩම්ටත් එහෙම දුර්වලතා දෙක තුනක් තියෙනවා. මේවායෙන් ප්‍රධානම එක තමා බ්ලැක් ඇඩම්ට ආයෙත් තමන්ගේ සාමාන්‍යය ස්වරූපයට හැරෙන්න බැරි වෙන එක. ටෙට් ඇඩම් කියන්නෙ ශතවර්ශ ගණනාවක් වයස කෙනෙක්. මෙයා ජීවතුන් අතර ඉන්නේ දෙවියන් හය දෙනාගේ අමරණීයත්වය ඔහුට ලැබෙන නිසයි. ඉතිං සාමාන්‍යය අතර හැරුණොත් එහෙම තප්පර කිහිපයක් තුළ ටෙට්ව වයසට ගිහින් මිය යනවා. ෆිල්ම් එකේ නම් ටෙට් මිය ගියෙ නැති වුණත් සාමාන්‍යය මනුස්සයෙක් තරම්ම දුර්වල වෙනවා. මේ නිසා “Shazam” වචනය යලි කීම බ්ලැක් ඇඩම්ගෙ ප්‍රධානම දුර්වලතාවයක්. ඒ හැරුනම සමහර මැජික් යොදාගෙන මෙයාට හානියක් කරන්නත් පුලුවන්.
DC ලයිව් ඇක්ශන්වලට එද්දී Eternium කියන අමුද්‍රව්‍යයත් බ්ලැක් ඇඩම්ට වගේම Shazam ටත් විශාල දුර්වලතාවයක් වෙනවා. ඉටර්නියම් කියන්නේ බ්ලැක් ඇඩම්ගේ ක්‍රිප්ටොනයිට් කිව්වත් වරදක් නෑ. ඉටර්නියම් යොදාගෙන බ්ලැක් ඇඩම්ගේ මැජිකල් බලයන් අඩපන කරන්න පුලුවන් කම තියෙනවා. Kahndaq වලින් තමා මේ ඉටර්නියම් හොයාගන්න ලැබෙන්නේ.
ඔය හැරුනම බ්ලැක් ඇඩම්‍ට වෙනත් සැළකිය යුතු දුර්වලතාවයක් නැහැ. කියන්න ඕනේ බ්ලැක් ඇඩම් කියන්නේ DC විශ්වය තුළ ඉන්න බලවත්ම චරිතවලින් කෙනෙක්. සුපර්මෑන්, Shazam වගේ බලවත් වීරයින්ට ලොකු අභියෝගයක් වෙමින් ඔවුන් එක්ක මුහුණට මුහුණ සටන් කරපු කෙනෙක්. සුපර්මෑන්ට මැජික්වලට තියෙන දුර්වලතාවය බ්ලැක් ඇඩම්ගේ බලයක් වෙන එක ඔහුට ලොකු වාසියක්. ඒ වගේම ඇඩම්ට තියෙන්නෙත් Shazam ට සමානම හැකියාවන්. අනික ඇඩම් බිලී බැට්සන්ගේ Shazam ට වඩා සෑහෙන වයස නිසා ඔහුට අත්දැකීමුත් වැඩියි. ඉතිං DC විශ්වයේ ඉන්න බලවත්ම වීරයෝ දෙන්නෙක් එක්ක තකට තක ඉන්න බ්ලැක් ඇඩම්ට අනිත් වීරයෝ ගැන කවර කතාද?
Justice Society of America
බ්ලැක් ඇඩම් ඇරුනම Black Adam චිත්‍රපටයේ තවත් වැදගත් චරිත කිහිපයක්ම බලාගන්න පුලුවන්. JSA එක තමයි ෆිල්ම් එකේ ඉන්න ප්‍රධානම ටීම් එක වෙන්නේ. Stargirl සීරීස් එක බලන අය නම් මෙයාලව හොඳට අඳුනනවා ඇති. Justice League, Teen Titans වගේම DC යුනිවර්ස් එක තුළ ඉන්න ප්‍රධානම සුපිරි වීරයින් කණ්ඩායමක් තමයි Justice Society of America. දෙවෙනි ලෝකය යුද්ධය සිදු වෙන කාලෙදි නාසීන්ට එරෙහිව තමයි මෙයාලා බිහිවෙන්නේ. කොමික්වලදි The Flash, Green Lantern, Spectre ඇතුලු සාමාජිකයින් ගණනාවක්ම හිටියත් DCEU එකට එනකොට JSA එක සෑහෙනට වෙනස් කරලා තියෙනවා. Black Adam චිත්‍රපටයට අනුව නම් JSA එක බිහි කරන්නේ Hawkman.

බ්ලැක් ඇඩම් චිත්‍රපටයෙදි JSA එකේ ප්‍රධාන සාමාජිකයින් හතර දෙනෙක් ඉන්නවා.
1. Hawkman
Hawkman aka. Carter Hall තමා චිත්‍රපටයට අනුව නම් JSA එකේ නිර්මාතෲ සහ නායකයා වෙන්නේ. කාලයක් පුරා විසිරිලා තිබුණ JSA එක යලි එකතු කරන්නෙත් කාටර් විසින්මයි. Flash Comics #1 තුළින් 1940 චිත්‍රකතා පිටු අතරට පැමිණෙන කාටර් හෝල්ව නිර්මාණය කරන්නේ Gardner Fox සහ Dennis Neville විසින්.
හෝක්මෑන්ගේ කතාවත් පුරාණ ඊජිප්තුවටම ඇදී යනවා. කුෆූ නමින් කුමාරයෙක් පැරණි ඊජිප්තුවේ ජීවත් වුනා. ඔහුට හිටපු ජම්මාන්තර සතුරා තමා Hath-Set කියන්නේ. හැත් විසින් කුෆූවයි, ඔහුගේ බිරිඳවයි අල්ලගෙන ඝාතනය කරනවා. පලිගැනීමේ අරමුණින් මිය ගිය කුෆූ කුමාරයා නූතන යුගයෙදි කාටර් හෝල් නමින් යලිත් ඉපදෙනවා. හෙතුත් ඇන්ටන් හැස්ටර් නමින් ඉපදෙනවා. සිදුවීම් ගණනාවකට පස්සේ කුෆූට හෙත් තමන්ව කලින් ආත්මෙදි මරපු පිහිය හොයාගන්න පුලුවන් වෙනවා. ඒ පිහිය තුළින් කුෆූට කලින් ආත්මේ මතකයනුත් ලැබෙනවා.
ඉතිං පලිගැනීමේ අරමුණ ආපහු ලැබුණ කාටර් “Nth metal” කියන ලෝහ වර්ගය යොදාගෙන බෙල්ට් එකක්, පියාපත් වගේම යුධ ඇඳුමකුත් හදාගෙන හෙත්ගෙන් පලිගන්නවා. මෙතනින් නැවතුණෙ නැති කාටර් “Hawkman” කියන අසාධාරණයට එරෙහි වීරයා බවට පත් වෙන්න තීරණය කරනවා.
හෝක්මෑන්ගේ ප්‍රධානම ආයුධය සහ වාසිය වෙන්නේ “Nth metal” එක තමයි. එයින් කාටර්ට සුපිරි ශක්තියක්, වේගයක් වගේම දරාගැනීමේ ශක්තියකුත් ලබාදෙනවා. මේ මෙටල් එකෙන්ම හැදුනු පියාපත්වලින් හෝක්මෑන්ට පියාසර කිරීමේ හැකියාව ලබාදෙන්නෙත්. හෝක්මෑන්ගේ ප්‍රධානම ආයුධය තමා “Mace” එක. හැමදේකටම පස්සේ කාටර් හෝල් කියන්නේ ලොකු ධනවතෙක්. JSA එක වෙනුවෙන් සම්පත් වෙනුවෙන් සම්පූර්ණ වියදම් දරන්නෙත් කාටර්ම තමා.
2. Doctor Fate
JSA එකේ ඉන්න ප්‍රධානම සහ අමතක කරන්නම බැරි චරිතයක් තමා ඩොක්ටර් ෆේට්. සමහර අය Black Adam බලන්න සිනමාශාලාවලට ගොඩ වෙන්න හේතුවත් ඩොක්ටර් ෆේට්. කෙන්ට් නෙල්සන් කියන්නේ ස්වෙන් නෙල්සන් කියන පුරාවිද්‍යාඥයාගේ පුතා. ඔවුන් දෙන්නා කැණීම් කටයුතු කරන්න ඉතාම ආස කරපු දෙන්නෙක්. කෙන්ට්ගේ ජීව්තේ හැරවුම් ලක්ෂය වෙන්නේ මෙසපොටේමියාවේ පිරමීඩයක් සොයාගත්තු මොහොතයි. මේ පිරමීඩයේ ඉඳලා කෙන්ට්ට නාබු කියන පුරාණ බලවේගය හොයාගන්න ලැබෙනවා. නොදැනුකමට කෙන්ට් නාබුව නිදහස් කරනවා. අවසනාවන්ත විදිහට නාබුගේ සැලැස්මක් අනුව ඒ මොහොතේ නිකුත් වෙන විශ වායුවක් නිසා ස්වෙන්ව මිය යනවා. මේ මොහොතේ තමා කෙන්ට්ව නාබු තමන්ගේ හොස්ට්ව විදිහට පත් කරගන්නේ. නාබු කෙන්ට්ට මායාවන් ගැන දැනුම සහ “Helmet of Fate” එක ලබාදීලා ඔහුව “Doctor Fate” බවට පත්කරන්නේ.
Doctor Fate ගේ බලයන් අතරින් හෙල්මට් එක තමා ගොඩක්ම වැදගත් වෙන්නේ. මේ තුළින් ෆේට්ට අසීමාන්තික බලයක් ලැබෙනවා. හෙල්මට් එක පැලඳගෙන ඉද්දී ෆේට්ට අසාමාන්‍යය ශක්තියක් සහ දරාගැනීමේ හැකියාවක් ලබාදෙනවා. හුඟක් බලවත් මැජික් ස්පෙල්ස් ෆේට්ට මේ තුළින් කාස්ට් කරන්න පුලුවන්. මායා කර්ම යොදාගෙන ශක්තී ධාරා නිර්මාණය කරන්න, තමන්ගෙම අනු පිටපත් හදන්න, යථාර්තය වෙනස් කරන්න, මිය ගිය අයට පන දෙන්න, ටෙලිපෝට් වෙන්න වගේම ඇස්ට්‍රල් තලය වෙනස් කරන්නත් ඩොක්ටර් ෆේට්ට හැකියාව තියෙනවා. හෙල්මට් එකට පස්සේ ඩොක්ටර් ෆේට්ගේ “Cloak of Destiny” එකෙන් තමා ඔහුට පියාසර කිරීමේ හැකියාව ලබාදෙන්නේ.
මේ දේවල්වලින් ඔයාලට තේරෙනව ඇතිනේ ඩොක්ටර් ෆේට් කියන්නේ DC වල ඉන්න බලවත්ම චරිතයක් කියලා. 1940 මැයි මාසේ කොමික්වලට ආපු ඩොක්ටර් ෆේට් එතෙක් මෙතෙක් බිහිවුනු ජනප්‍රියම සහ සාර්ථකම කොමික් චරිතයක් වෙනවා. ෆේට්ව ආභාෂයට අරගෙන තමා Doctor Strange වගේ චරිත පවා බිහිවුනේ. බ්ලැක් ඇඩම් තුළින් චරිතයට සෑහෙන වටිනාකමක් එක් කරපු වර්ශන් එකක් බලාගන්න ලැබෙනවා.
3. Atom Smasher
JSA එකේ ඉන්න තරුණම සාමාජිකයින් දෙන්නගෙන් කෙනෙක් තමයි Atom Smasher. මෙයා ටිකක් ඈන්ට් මෑන්ට සමාන බලයන් තියෙන කෙනෙක්. ඇටම් ස්මෑශර්ට පුලුවන් අඩි 60 ක් වෙනකන්ම තමන්ගේ ශරීරය විශාල කරගන්න.
4. Cyclone
බ්ලැක් ඇඩම් එකේ JSA එකේ ඉන්න හතර වෙනි සහ එකම කාන්තා සාමාජිකාව තමයි සයික්ලෝන්. මැක්සීන් හන්කෙල් රෙඩ් ටෝනැඩෝ කියන සුපිරි වීරවරියගේ මිනිබිරිය වෙනවා. අවුරුදු හයේදි ඇයව විදාඥයෙක් පැහැරගෙන ගිහින් “නැනෝබයිට්” කියන ද්‍රවයය මැක්සීන්ට ශරීරගත කරනවා. මේ නැනෝබයිට්වල ප්‍රති ක්‍රියාවන් නිසයි මැක්සීන්ට සුපිරි බලයන් ලැබෙන්නේ. නමේ විදිහටම මැක්සීන්ට පුලුවන් සුළඟ පාලනය කරල කුණාටු වගේ දේවල් මවන්න. ඇයට පියාසර කිරීමේ හැකියාවත් ලැබිලා තියෙනවා.
Sabbac
චිත්‍රපටයේ අලු පාට චරිතය බ්ලැක් ඇඩම් වෙද්දී, වීරයින් JSA එක වෙද්දී, සතුරා වෙන්නේ Sabbac හෙවත් The Deamon Champion. මෙයාගේ Ishmael Gregor කියන වර්ශන් එක තමයි අපිට චිත්‍රපටයේ නම් බලාගන්න ලැබෙන්නේ. Sabbac ෆෝම් එකට ආවම බ්ලැක් ඇඩම් වගේම විශාල බලයක් ඉස්මයිල්ට ලැබෙනවා. බ්ලැක් ඇඩම්ට විදුලිය පාලනය අරන්න පුලුවන් වගේ සැබැක්ට පුලුවන් ගින්දර පාලනය කරන්න. ඒ වගේම අපායෙන් ආත්ම කැඳවීමේ හැකියාවත් සැබැක්ගේ තවත් විශේෂ බලයක් වෙනවා. ඔන්න චරිත ගැන දිග පැහැදිලි කිරීම ඉවරයි. එහෙනම් යමු බ්ලැක් ඇඩම් චිත්‍රපටය ගැන කතා කරන්න.
Black Adam සහ DC විශ්වයේ නව ඇරඹුම
Black Adam කියන්නේ අවුරුදු විස්සකට විතර කලින් ඉඳන්ම DC ලා ලයිව් ඇක්ශන් ගේන්න උත්සහ කරපු චරිතයක්. New Line Cinema ලට 2000 ස් ගණන්වල මුල් කාලේ Shazam පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඕන කම තිබ්බා. 2006 අප්‍රේල් මාසෙදි Peter Segal අධ්‍යක්ෂණය වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් පවා අත්සන් කරලා තියෙනවා. ඒ කාලෙ ඉඳන්ම Shazam චරිතය රඟ දක්වන්න තිබුණු තෝරාගැනීම්වලින් උඩින්ම හිටිය කෙනෙක් තමා Dwayne Johnson හෙවත් The Rock. ඒත් රොක්ගේ කැමැත්ත තිබිලා තියෙන්නේ කතාවේ වීරයාට වඩා දුෂ්ටයා වෙන බ්ලැක් ඇඩම් විදිහට රඟපාන්නයි. මේ චරිතය ලයිව් ඇක්ශන් අරන් එන එක රොක්ගේ හීනයක් වෙලා තියෙනවා. ෆෑන්ස්ල පවා රොක්ගෙ මේ අදහස හරි ඉහළින් පිලිගෙන තියෙනවා. 2007 දි මේ ගැන පලවුනු ලිපි පවා හොයාගන්න පුලුවන්.

(රොක්ව චරිතයට කාස්ට් කරපු බවට පල වුණු ප්‍රවෘත්තියක්)
කොහොම හරි 2009 දි චිත්‍රපටයේ ඩිවලොප් කිරිම් පටන් ගත්තත් චිත්‍රපටයේ රූගත කිරිම් පටන් ගන්න දවසක් පේන තෙක් මානෙක තිබිල නෑ. ඔය වගේ කාලෙක තමා 2013 Man If Steel තුලින් DC ලා ශෙයාඩ් යුනිවර්ස් එකක් පටන් ගන්නේ. ඉතිං ආයෙත් 2014 දි බ්ලැක් ඇඩම් චිත්‍රපටය කරලියට එනවා සහ රොක් ප්‍රධාන චරිතයට පන පොවනවා කියලා නිල වශයෙන් දැනුම් දෙනවා.
ඒත් බ්ලැක් ඇඩම්වල වැඩ කටයුතු පටන් ගන්නේ DC ලා ලොකු ආගාදයක වැටිලා ඉන්න කාලෙකයි. මේ වෙද්දී රංගන ශිල්පීන් භාගෙට භාගයක් DCEU හැර යන්න පටන් අරන්. යුනිවර්ස් එකට හරි හමන් සුපර්මෑන් කෙනෙක්වත් හිටියේ නෑ. ස්නයිඩර්ගේ සැලසුන් සම්පූර්ණයෙන්ම අතහැර දාලා. Walter Hamada ඇතුලු Warner Bros. ඉහළ නිලධාරීන් අධ්‍යක්ෂකවරුන්ට පවා අනවශ්‍යය බලපෑම් කරමින් තමන්ට ඕන ඕන විදිහේ නිර්මාණයි එලියට දැම්මේ. ඒත් රොක් කියන්නේ හොලිවුඩ්වල ඉන්න බලවත් චරිතයක්. අනිත් අයට වගේ රොක්ගෙ වැඩවලට WB ලට අත දාන්න පුලුවන් කම තිබුණෙ නෑ.
Warner Bros. ලා එක්ක ලොකු සටනක් කරලා, අවසානයේදී තමන්ගෙ චිත්‍රපටයට JSA එකත් එකතු අරගන්න රොක්ට පුලුවන් කම ලැබෙනවා. ෆෑන්ස්ලගෙත් අදහස් විමසමින්, ස්ටුඩියෝවේ බලපෑම මත වුණත් රොක් තමන්ට පුලුවන් උපරිමයෙන්ම ගුණාත්මක නිර්මාණයක් අරන් එන්න උත්සහ කරනවා. එහි ප්‍රතිපලයක් විදිහටයි අද අපිට සාර්ථක Black Adam චිත්‍රපටය නරඹන්න ලැබෙන්නේ. ඒ වෙනුවෙන් රොක් ඇතුලු කාර්‍ය මණ්ඩලයට ලොකු ක්‍රෙඩිට් එකක් සහ ස්තූතියක් ලැබෙන්නම ඕනේ.
සමාජ මාධ්‍යවල නිතර සැරි සරන ඕනම කෙනෙක්ට අහන්න දකින්න ලැබෙන්න ඇති Discovery සමාගම විසින් Warner Bros. ලාව මිලදී අරගෙන, සමාගම් දෙකම එකතු කරලා අලුත් ආයතනයක් බිහි කරපු බව. මේක අපි හඳුන්වන්නේ “මර්ජ්” එකක් කියලයි. මේ මර්ජ් එක නිසා WB ලගේ ඉහළ පුටු ගණනාවක් වෙනස් වුණා. DC සමාගමේ චිත්‍රපටවලට ලොකු බලපෑමක් කරපු වෝල්ටර් හමාඩා පවා ධුරයෙන් අස් වුනා.
ඉතිං මර්ජ් එකෙන් හැදුණු අලුත්ම කාර්‍ය මණ්ඩලය තමන්ට තියෙන ලොකුම සම්පතක් වෙන DC වලින් උපරිම ප්‍රයෝජනයක් අරන්, ඒක ඉහළටම අරන් යන කටයුතු දැනටමත් ආරම්ඹ කරලයි තියෙන්නේ. ඒ නව ආරම්ඹය ගන්න පළමු නිර්මාණය වෙන්නේ “Black Adam.” Marvel Cinematic Universe එකත් ෆලෝ කරන “Phase” (අධියර) සංකල්පලය DC Extended Universe එකත් යොදාගන්න තීරණය කරලා තියෙනවා. ඔවුන් “DC Universe” විදිහට තමන්ගේ නම වෙනස් කරලා සහ අලුත් යුගයේ පළවෙනි ෆේස් එකේ පළවෙනි චිත්‍රපටය වෙන්නෙත් Black Adam. එන්න ඒ නිසයි මේ චිත්‍රපටය මෙච්චර විශේෂ එකක් වෙන්නේ.
ඉස්සර ඉඳන්ම රොක්‍ට අවශ්‍යය වුණා ජස්ටිස් ලීග් එක සමග තමන්ගේ බ්ලැක් ඇඩම්ව ක්‍රොස්ඕවර් කරන්න. විශේෂයෙන්ම ෆෑන්ස්ලා ඉල්ලන Henry Cavil ගේ සුපර්මෑන් එක්ක බ්ලැක් ඇඩම්ව සටන් කරවන්න ලොකු උවමනාවක් රොක්‍ට තිබුණු බව ප්‍රසිද්ධ රහසක්. ඒත් මුල් කාලයේ WB ලා කරපු වැඩ නිසා ඒ දේ කරන්න පුලුවන් වෙයිද කියලා හැමෝටම තිබුණේ ලොකු සැකයක්. ඒත් දැන් ඒ දේ සැබෑවක් වෙන්න යන්නේ. අලුත් කාර්‍ය මණ්ඩලයක් එක්ක DC ලට අලුත් යුගයක් එලඹිලා තියෙන මොහොතක, මුලු අන්තර්ජාලයම කලඹවමින් තමන් නැවත සුපර්මෑන් ලෙස පැමිණෙන බව Henry Cavil නිල වශයෙන් ප්‍රකාශ කළා. ඉතිං ඉදිරියේදී අනිවාරෙන්ම DC තුළ සිටින ශක්තිමත්ම බලවේග දෙක උරනුර ගැටේවි.
අලුත් ආරම්ඹය සිතුවාටත් වඩා සාර්ථකයි. දැනටමත් සාර්ථක ලෙස චිත්‍රපටය සිනමාශාලාවල තිරගත වෙනවා. ඩොලර් මිලියන 160 කට අධික ආදායමක් උපයලා තියෙනව වගේම ඉදිරියේදී ලොව වටා තවත් ආදායමක් චිත්‍රපටයෙන් ලබාගනීවි කියලයි ඉඟි පලවෙන්නේ. ෆිල්ම් එකේ නලු නිළියන් ගැන කතා කළොත් බ්ලැක් ඇඩම් ලෙස Dwayne Johnson aka. The Rock, හෝක්මෑන් ලෙස Aldis Hodge, ඩොක්ටර් ෆේට් ලෙස Pierce Brosnan, ඇටම් ස්මෑශර් ලෙස Noah Centineo, ඒඩ්‍රියානා තෝමස් ලෙස Sarah Shahi, ඉෂ්මයිල් ග්‍රෙගර් ලෙස Marwan Kenzari, සයික්ලෝන් ලෙස Quintessa Swindell, Amon ලෙස Bodhi Sabongui රංගනයෙන් එකතු වෙනවා. පැය 2 යි විනාඩි 4 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jaume Collet-Serra විසිනුයි. ෆිල්ම් එක නම් පටන් ගත්ත මොහොතේ ඉඳන් කිසිම කම්මැලි කමක් නැතුව එක දිගට රස විඳින්න පුලුවන්. ඇක්ශන් නම් මදි නොකියන්න තියෙනව ඔන්න.
එහෙනම් දිග ලිපිය මෙතනින් අවසන් කරන්නයි අපි සූදානම් වෙන්නේ. චරිතවල පසුබිම ගැන හොඳ අදහසක් ඔයාලට එන්න ඇති කියල හිතනවා. එහෙනම් ආයෙත් මේ වගේ සුපිරිම වැඩකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්…!
ලිපිය : සචින්ත කල්හාර
Original WEB පිටපත සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත.
~ ඇඩ්මින් ~
12,648 downloadsDownload Black.Adam_.2022-BR.zip4.4 MB
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ” BR ” පිටපත සඳහා පමණක් ලබාදේ.
55,279 downloadsDownload Black-Adam-2022-Web.zip4.4 MB
මෙම ලබා දී ඇති උපසිරසි ” Original WEB ” පිටපත සඳහා පමණක් ලබාදේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
120 comments
Janaka
Ravindu_Heshan
එහෙම කිසිම අවුලක් නෑ හොදට වැඩ, SRT වගේම
Anonymous
සබ් ෆයිල් දෙකම (idx සහ sub) video file එකේ නමින්ම rename කරන්න. අනික තමයි drag කරනවනම් මේ සබ් file දෙකම එක පාර drag කරන්න video player එකට. Srt වගෙ නෙමෙයි, idx කියන්නෙ file දෙකක එකතුවක්.
Anonymous
tnx brother
shaly
thanks
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියේ. හොඳ කොපියක් ආව ගමන්ම බලනවා. ඒවගේම සවිස්තරාත්මක ලිපියටත් බොහොම ස්තූතියි සචින්ත. ජයවේවා!
bawantha
video ekaq downlod karanne komada
0shanda
thanks saho...
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි හසන්ත සොයුර …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Kantha_DLA
Godak mahansi wela wistharraya liyapu
kollatath sub eka gahapu kollatath
Godak pin.........!(me sinhala subtitle salli deela wath
ganna kadawalwala nahene @@@.....)
sandunT
Thanks .api hoda coppy ekak enakanma innawa. Web/Blueray (x265 psarips) awama sub update karana denno
ishan
එල බෝ
Kushan
Sub akta thanks
Naveen Mbr
දි......ග ලිපියටත්, උපසිරැසියටත් ස්තූතියි සහෝ! ;-)
Anonymous
Amsterdam 2022 subtitles upload plz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ...
ජයAnonymous
Patta lipiya bro. THANK YOU!
Anonymous
Me wage hoda pahadilikiriimak ekka lipiyak demma ekata godak sthuuthi , kathaawa balanakn iwasillak na ,sub ekata godak thanks sago ❤️
Anonymous
habai mama nam kiaynne hoda copy ekka thibba nam maru. mokkda meka supriyata ballann puluwan film ekka, mama hall eka baluwa ayath ballan onne.
Naveen
උපසිරසියට තුති
Yash
ලිපිය බොහොම වටිනවා.බොහොම ස්තූතියි ලිපියට.උපසිරැසියටත් ඒ වගේම ස්තූතියි
Anonymous
The last kingdom s5 sub eka denna barida
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
flim eka baganne kohomada
Kawi
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන්
Bhashitha Muthukumarana
PSA එකෙන් ගන්න... Leaked WEB කොපි එකක් දාලා තියෙනවා ඒකේ... Sub එකහ් ඉක්මණට update කරයි ඒකට හරියන්න. ❤
Anonymous
Amsterdam 2022 movie subtitles upload plz
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Praveen Mahesh
සබ් එකට තෑන්ක්ස්.
srt format එකෙන් තිබුණම අපි ගාව දැනටමත් ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆිල්ම්වලට බයිස්කෝප් සයිට් එකෙන් ගන්න සබ්වල ටයිම් ගැලපෙන්නේ නැති උනොත් adjust karala කරලා සේව් කරලා තියාගෙන බලන්න පුලුවන්. සබ් වල පාට වෙනස් කරන්නත් පුලුවන්. idx/sub එකෙන් එහෙම කරන්න බැහැ. මමත් වෙනත් සයිට් එකකට සබ් හදන කෙනෙක්. මගේ සබ් විතරක් නෙමෙයි ආටිකල්ස් පවා වෙනත් අය facebook දානවා. ඒක ඉතාම නරක වැඩක් උනත්, මම ඒවා නොමිලේ හදන නිසා එහෙම කලාට මට අවුලක් නැහැ. මොකද සයිට් එකට එන අය දන්නවනෙ ඒවා මම හදන්නෙ කියලා. සයිට් එකට එන අය සයිට් එකෙන්මනෙ සබ් ගන්නෙ.
කොපි කරන කෙනෙකුට ඕවා convert කරන්න පුලුවන් ක්‍රමත් ඇති. ටයිප් කරන්න දන්න කෙනෙකුට ඕවා නැවත ටයිප් කරන්නත් පුලුවන්. ඒ නිසා එච්චර හිතන්න එපා. ඔයාලගේ සේවය දිගටම කරගෙන යන්න.
srt format එකේ අකුරුත් ලස්සනයි. පැහැදිලියි. ඒක නිසා srt format එකෙන් සබ් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
Anonymous
eka athha tham hora Film copy ta sub karann hodai.. mara logic
විමා
උඹ මේක අස්සේ ආවේ HBO max කියල හිතාගෙනද?
2018 ඉඳල සයිට් එකෙන් සබ් හොරකම් කරලා දානකම් නිකම් හිටියේ ඒකෙන් ලොකු බලපෑමක් සයිට් එකට නොවුණ නිසා. දැන් ආර්ථික තත්වය එක්ක සයිට් එක කරගෙන යන්න අමාරු වේගෙන එන නිසයි සයිට් එකෙන් එලියට යන පොඩි හරි ට්‍රැෆික් එකක් එහෙම යන්න නොදී ඉන්න හදන්නේ.නොතේරෙන මගුල් ගැනයි, ලොජික් ගැන කියවන්නැතුව හොර කොපියක් ඩව්න්ලෝඩ් කළා නම්, අපි හොරට දුන්නු සබ් එක අරං පලයන් බන් දෙන්නැතුව.
harsha
සයිට් එකේ ට්‍රැෆික් අඩුවෙන්න බලපාන හේතු කීපයක් තියෙනව.
1. මේ wordpress theme එකේ ux එක අවුල්. හීට් මැප් එකක් දාල බලන්න, සය්ට් එකට එන යූසර්ලා හැසිරෙන විදිය ගැන.
2. ui පැත්තෙනුත් අවුල්. ටෙක්ස්ට් කොපි කරන්න බැරි ඒක හෙනම අවුල්. අපි ෆිල්ම් බලනවා වගේම ඒ් ඒ් ෆිල්ම්ස් වල ඉන්න නලු නිලියො ගැනත් හොයනව විස්තර බලනවා. ඒ්ව කරන්න නම සිලෙක්ට් කරගන්නවත් බෑ.
3. සබ් එක දෙන්න පරක්කුයි. සබ් එක දෙන්න පරක්කු වෙන්නෙ එක කොලිටි එකට දෙන්න ඔ්න නිසා බව ඇත්ත. නමුත් ඒ්කෙන් ට්‍රැෆික් එක එළියට යනව. සබ් එක දෙන්න පරක්කු නම් අඩුම වශයෙන් ලිපිය දාල තියන්න. සබ් එක දෙන ටයිම් ඒකත් දාන්න. ඒතකොට මිනිස්සු ඔර්ගනික් සර්ච් ඒකෙන් සයිට් ඒකට ඇවිත් ලිපිය කියවල පොඩ්ඩක් ඉවසල ඉඳියි සබ් ඒක දෙන ටයිම් ඒක දන්න නිසා.
ux ui ගැන ගොඩක් දේවල් කියන්න පුලුවන් මේ සම්බධ experience
තියෙන කෙනෙක්ගෙන් අහල බලන්න.plz ignore typo
Anonymous
සබ් එක vlc එකේ පෙන්නේ කලු පාටින්. ඒක හදන්නේ කොහොමද Bro?
Nightwing
ඒ කතාව ඇත්ත, වර්ඩ්ප්‍රෙස් එකයි මේ ටෙම්ප්ලේට් එකයි තමයි ලොකුම සාපෙ. ගෝස්ට් වගේ ලයිට් ප්ලැට්ෆෝම් එකකට ගියානම් හොඳයි. මේ සයිට් එක බ්‍රවුසර් වලට සෑහෙන්න බරයි.
බයිස්කෝප් එකට තරහකට නෙවෙයි කියන්නෙ.
Chanaka
මචෝ සබ් එකට එකෙන්ම ස්තුති..ලොකු විස්තරයක් දාලා තියේ.දැන් ෆිල්ම් එක ගන්න කලින් විස්තරේ බලන් එකත් ප්‍රධාන වෙලා. මංකොල්ල කරයගේ site එකේ විස්තරයක් එහෙම දන්නේ nane ෆිල්ම් එකක.සබ් එක ගත්තත් ගෙක් වෙලාවට මේකෙන්ම සබ් එක එනකන් බලන් ඉන්නවා නොදන්නා ෆිල්ම් එකක් ඇවිත් එකේ විස්තරේ බලලම සබ් එක අරන් ෆිල්ම් එක බලන්න කියලා..
බොහොම ස්තූතියි මචෝ උබල කරන් යන වැඩේට මහයින්සියට.
Baiscopelk එකට ජය ❤️හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥හිෂාන් සමරසිංහ
පුළුවන් නම් Superman/Shazam!: The Return of Black Adam movie එකටත් sub දෙන්නකෝ...
Sub එකට වගේම දිගම දිග ලිපියටත් බොහෝම ස්තූතියි...❤❤❤❤
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
හිෂාන් සමරසිංහ
Sub එකට බොහෝම ස්තූතියි...❤❤❤
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
MCU/DC ඩයි හාර්ඩ් ෆෑන් before
Marvel,Dc ලගේ ෆිල්ම් බලන්නේ අර කොටිවලිගේ අල්ලගත්ත කතාවේ වගේ දැන් නම්
මුල් ෆිල්ම් ටිකේ ඉදලා බලපු නිසා බලනවා නැත්නම් ලොවෙත් බලන්නේ නෑ
පට්ට පොරක් විදියට මුලින් ෆිල්ම් වලින් පෙන්නපු අපි ආසාවෙන් බලපු තෝර් චරිතේ දැන් තත්වෙ දැක්කනේ අලුත් ෆිලුමේ,කලකිරිලා ඉන්නේ..හිහි
Anyway තැන්ක්ස් ලොක්කා සබ් එකට ඔයාගේ සබ් එකක් නිසා ෆිලුමට වැඩිය කොලිටියට ඇති..ජය වේවා ..Bimsara
Thanks mcn
WGGSK Karunarathna
potplayer
Sub Balanna Me Player eka download karanna
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Bhashitha Muthukumarana
Cam copies බලන්න ආසාවක් නැති නිසා ඉවසගෙන හිටියා වෙබ්රිප් එකක් එනකල්... PSA එකෙන් Leaked එකක් දීලා ඔන්න...
@හසන්ත_වික්‍රමරත්න අයියේ... පුළුවන් තරම් ඉක්මණට Web Copiesවලට update එකක් දෙන්නකෝ...❤
ජයෙන් ජයම වේවා...!❤
හසන්ත වික්‍රමරත්න
අප්ඩේට් කරලා තියෙන්නේ.
Chana
srt file eka thamai set wenne mata
Kevin D...
Thanks...
prasad
webrip eka awith, ytseke tiyanawa link eka
Madusanka
Web rip awith...
Chaminda
Thanks Brother sub 1ta
S.Soysa
sub ekata thanks. e unata mehema IDX ekai SUB ekai wena wenama awama apita convert karala SRT ekak hadagannath be. kawuda ban den me IDX ekai SUB ekai wena wenama aran pawichchi karanne. thani SRT ekak dunnanam iwaraneh. film balannath epa wenawa.
Darshan
SRT nethuva TV ekata support karanne na. Eka nisa apita me sub eken vedak venne na. SRT denna
S.Soysa
ow. mala wedanawak winde meka daganna man. play wennema ne.
S.Soysa
IDX and SUB file kiyanne hena parana method ekak.
නලින්
බොහොම ස්තුතිය බ්‍රෝ සබට
ishan
web rip awilla kollo
Anonymous
Black Panther: Wakanda Forever (2022) CAM Rip ekatatha sub dennako
ishan
me file aka 1080p , 720p walata wada karanwada?
lahiru priyankara
ella
Chinthana De Silva
Tnx Buddy
Roshan
Thanks bro...Great job...Good luck...
sathya
thanks bro
Prasanga wanniarachchi
Thanks
Anu
දැන්නං මේ සයිට් එකට කෙලවලා දාන්න හොදයි වගේ. හෙන ලොකු ඔලුවෙන් ඉන්නෙ
කලු ආනන්ද
පලයං පොඩි එකෝ යන්න. ඔක්කොටම කලිං ඉංග්‍රිසි ටිකක් ඉගෙන ගනිං. නැත්තන් ඔය වගෙ එහෙට මෙහෙට ගිහිං හිඟාකන්න වෙන්නෙ හැමදාම. මුන්ට නෙමෙ තොටයි කෙලවෙලා තියෙන්නෙ ගොං හරකා.
හිෂාන් සමරසිංහ
@Anu, ඔයා HACKER කෙනෙක් නේත?
අම්බෝ... භයේ බෑ.... :-\
Advertisement
![Black Adam (2022) Sinhala Subtitles | බ්ලැක් ඇඩම්! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/10/Black-Adam-2022-1.1.jpg)
මේ සබ් එක ප්ලේයර් එකට ඇඩ් කරපුවම කම්පියුටර් එක ස්ටක් වෙනවනේ..