ඉස්සර වෙලාම Avatar 2009 ෆිල්ම් එක සිංහල යුනිකෝඩ් සබ් එක්ක බැලුවම මට හිතාගන්න බැරි උනා. ඒ වගේ පොඩි ෆයිල් එකකින් කොහොම ද? ෆිල්ම් එකක සිංහල තේරුම අපට පෙන්නන්නේ කියලා. ඒ මං බලපු ලස්සනම ෆිල්ම් වලින් එකක්. (ගෞරවනීය ස්තුතිය, රොයිලි සහෘදයාට). පස්සේ, පස්සේ ගොඩක් ෆිල්ම් සිංහල සබ් එක්ක බලද්දි තමයි මටත් තේරුනේ…
ඉස්සර වෙලාම Avatar 2009 ෆිල්ම් එක සිංහල යුනිකෝඩ් සබ් එක්ක බැලුවම මට හිතාගන්න බැරි උනා. ඒ වගේ පොඩි ෆයිල් එකකින් කොහොම ද? ෆිල්ම් එකක සිංහල තේරුම අපට පෙන්නන්නේ කියලා. ඒ මං බලපු ලස්සනම ෆිල්ම් වලින් එකක්. (ගෞරවනීය ස්තුතිය, රොයිලි සහෘදයාට). පස්සේ, පස්සේ ගොඩක් ෆිල්ම් සිංහල සබ් එක්ක බලද්දි තමයි මටත් තේරුනේ මේක කරන්න ඕන වෙන්නේ, උවමනාවකුයි, ඉවසීමයි, පොඩි කම්පුටරේකුයි කියලා. ඉතිං මං කාලයක් තිස්සේ දැකපු හීනයක් මේක. මගේම අත්දෙකෙන් ටයිප් කරපු සබ් එකක් යාළුවන්ට බලන්න දෙන එක.
කථාව නං ඉතිං නොබලපු කෙනෙක් මේ වෙන කොට ඇති කියල හිතන්නේ නෑ… මොකද මේක ඇවිත් දැං කාලාන්තරයක් වෙනවා. ඒ නිසා කථාව ගැන කියන්න ඕනේ නෑ…. මොකක් ද? ඈ… කියන්න… හරි හරි එහෙනං කියන්නං කො.
සෙරකියුස් කියලා රාජධානියකට සාමයේ පොත කියල එකක් නැවක අරගෙන යනවා. ඕක හොරකම් කරන්න මුහුදු මංකොල්ලකාරයෝ සෙටාර් එකක් බහිනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, අපේ කථා නායකයා “සින්බෑඩ්“. මෙයාට කොහොම හරි මූදෙ දි වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා එයාලත් පොත පස්සෙන් සෙරකියුස් වලට යනවා. එහෙදි, එයා පොත හොරකම් කරන්නේ නැතිව එනවා. ඒත් වෙන කෙනෙක් පොත හොරකම් කරනවා. වැරැද්දට අහුවෙන්නේ සින්බෑඩ්. මොකද, එයාගේ පැටිකිරිය එච්චර හොඳ නෑනේ. සින්බෑඩ්ව ඒ වරද නිසා මරන්න හදනවා. එයාගේ යාළුවා (ප්‍රෝඩියස්) එයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා, සින්බෑඩ්ව යවනවා, පොත හොයාගෙන එන්න. දැං ඇති නේ ද? තව කිව්වොත් මං නිකං පොර වෙන්න හදනව කියල හිතෙයි.
මං ප්‍රශ්න ටිකක් දෙන්නම්.
1. ප්‍රෝඩියස්ගේ පෙම්වතියගේ නම කුමක් ද?
2. අවනීතියේ දේවතාවගේ නම කුමක් ද?
3. සාමයේ පොත නිසා රාජධානි කීයක් ආරක්ෂා වී ඇත් ද?
ඔය වගේ තව ප්‍රශ්න ගොඩකට උත්තර හොයාගන්න නං මේ ෆිල්ම් එක බලන්න.
මේකට මං සබ් එක කලේ නිකං ආසාවට. මං බයිස්කෝප් එකෙන් අහපුහම, අසංක ප්‍රදීප් සහෘදයා කිව්වා මේක වෙන කෙනෙක් බාරගෙන තියෙන්නේ කියලා. එයාගෙන් අහලා එයා කැමති නං මට දෙන්නම් කිව්වා. කලින් සබ් එක කරන්න බාරගත්ත සහෘදයට වගේම, අපිව සම්බන්ධීකරණය කරපු අසංක ප්‍රදීප් සහෘදයටත් මගේ හද පිරි ගෞරවනීය ස්තුතිය පළ කරනවා.
ඒ වගේම මාව සබ් එකක් කරන්න උනන්දු කරපු උදය කුමාර (මගේ මිත්‍රයා) ටත් ගොඩක් ස්තුතියි. ඇත්තම කිව්වොත් කථාවේ සිංහල නම යෝජනා කළේ උදය. ආ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ මගේ පළවෙනි සබ් එක නිසා, අප්සෙට් තැන් ගොඩක් ඇති. සමාව බජනය කරන්න.
ජයවේවා…

Due to copyright issues, we do not provide any torrent links.
Sinbad.Legend.of.The.Seven.Seas.2003.WEBRip.x264-RARBG(si)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
872 downloadsDownload Sinbad-Legend-of-The-Seven-Seas.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/my-photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක දුලන්ත රණතුංග” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක දුලන්ත රණතුංග
Subtitles
27 comments
pramod
චින්තක
වෙලාව තියන විදියට තමයි. bro.. මටත් ආසයි තවත් එකක් කරන්න...
ස්තුතියි! දිරිමත් කිරීමට.
samee
ela machan
Chinthaka Dulantha Ranathunga
ස්තුතියි.. මචෝ..
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි.ඉස්සර පාසල් නිවාඩු කලේ මේක සිරස චැනල්
එකේ පෙන්නනකොට ගොඩක් අසාවෙන් බැලුවා.අද වෙනකොට කතාව ගැන නම්
එච්චර මතකයක් නෑ.මේකට සබ් දුන්න නිසා අසාවෙන් ආයෙත් බලන්න පුලුවන්
දිගටම මේවගේ නිර්මාණ වලට සබ් දෙන්න.ජය වේවා!චින්තක
මේක බලද්දි ඒක මතක් වෙයි. ජයවේවා...
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
Chinthaka Dulantha Ranathunga
ජයෙන් ජයම වේවා.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චින්තක
ඔබේ comment එක මට ගෞරවයක්... මිත්‍රයා..
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Chinthaka Dulantha Ranathunga
ජයයෙන් ජය!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Chinthaka Dulantha Ranathunga
බොහෝම ස්තුතියි.. තව එකක් කරන්න හිතෙනවා. මචංලා ඔහොම කියද්දි..
අසිත
elama saho thanks
Chinthaka Dulantha Ranathunga
ජයවේවා..
උදය කුමාර
ඔයා එහෙනං වැඩේ කළා මිත්‍රයා. දිගු ගමනකට සුභ පතනව. ජය වේවා!
Chinthaka Dulantha Ranathunga
ස්තුතියි... මිත්‍රයා...
Udara Damith B/K
ela
Chinthaka Dulantha Ranathunga
ජය වේවා...
අසංක ප්‍රදීප් රණතුංග
සාදරයෙන් පිලිගන්නවා .බයිස්කෝප් කණ්ඩායමට
Chinthaka Dulantha Ranathunga
ඒ කියන්නේ... මම ඇතුලේ... ස්තුතියි! මිත්‍රයා...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chinthaka Dulantha Ranathunga
ජය වේවා..
chanu mikhail
ela.. thawath film walata sub demu
jayadana
Thanks Saho Sub Ekata
Madhawa_Rajapaksha
Can you update subs for bluray rip. Great work. Thank you.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamay bro. puluwannam cartoon tv series ekak denna