Watch Trailer

Logan (2017) with Sinhala Subtitles | වීරයෙක්ගේ නික්ම යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු හතරවන උපසිරසිය අරගෙන ආවේ. කලින් කිව්වා වගේ විද්‍යා ප්‍රබන්දයක් නෙවි. මේකේ සබ් එක හදිසියේ ආවේ. ඒක හින්ද ඒක නවත්තලා මේක කලේ. මොකද ඔයාලත් ඔයාලට වඩා මමත් මේ චිත්‍රපටය ගැන මග බලන්නේ හිටියේ. ඒත් ඉතින් ඉස්සරවෙලාම ඔයාලට මට කියන්න කතාවක් තියනවා. එක හින්ද ඒක අහන…

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු හතරවන උපසිරසිය අරගෙන ආවේ. කලින් කිව්වා වගේ විද්‍යා ප්‍රබන්දයක් නෙවි. මේකේ සබ් එක හදිසියේ ආවේ. ඒක හින්ද ඒක නවත්තලා මේක කලේ. මොකද ඔයාලත් ඔයාලට වඩා මමත් මේ චිත්‍රපටය ගැන මග බලන්නේ හිටියේ. ඒත් ඉතින් ඉස්සරවෙලාම ඔයාලට මට කියන්න කතාවක් තියනවා. එක හින්ද ඒක අහන්න අකමැති අය උපසිරැසිය අරගෙන යන්න. අනිත් අය මාත් එක්ක එකතුවෙලා මේ කතාව කියවන්න.   මේ උපසිරැසිය මම ආසාවෙන්ම කරන ලද උපසිරැසිය කිව්වොත් හරි. ඒ වගේම ආපහු වෙනත් උපසිරසියක් මෙච්චර ආසාවෙන් නොකරන්න පුළුවන්. හේතුව තමා මම මේ චිත්‍රපටයේ කතා නායකයාට ඒ කියන්නේ ලෝගන් නොහොත් වුල්වරින්ට (හියු ජැක්මන් ට නෙවි) පිස්සුවෙන් වගේ කැමැත්ත දක්වන හින්ද. ඔයාලට ශාරුක් කාන් ගේ ෆෑන් චිත්‍රපටයේ දකින්න ලැබෙන්න ඇතිනේ චිත්‍රපට නළුවෙක්ට උමතුවෙන් වගේ කැමැත්ත තියන කෙනෙක් ගැන. සැබෑ ජිවිතේ ඒක මට සමාන කලොත් හරි. මොකද මේ වුල්වරින් ඉස්සරවෙලාම එක්දහස් නවසිය අනු ගණන්වල  එක්ස් මෑන් කාටුන් වැඩසහටන නැරබිමෙන් ඇතිවෙච්ච කැමැත්ත අවුරුදු විස්සක් ගිහිනුත් තාම එහෙම්මම තියන එක. මම දන්නවා ඒක මානසික රෝගයක්. එත් මම ඒ රෝගයට කැමැතියි.   කොටින්ම මට තියෙන්නේ උමතුවක් වුල්වරින් ගැන. පාසල් යන කාලේ පොත් පුරවල තිබ්බේ එයාගේ ඉස්ටිකර් වලින්. ඒවගේම ඔයාල දන්නවා වුල්වරින්ගේ ශරීරයේ ලෝහ තියනවා කියල. ඉතින් මමත් දෙදාහ වසරේ ඉඳල මගේ අතේ තියන බ්‍රේස්ලට් එක පළඳිනවා. එක රත්තරන් හෝ රිදී නෙවි. සුදු යකඩ. ඒවගේම මාලයත්. බැංකුවල ආරක්ෂක ස්ථානවලින් යනකොට මටත් සීනු වදිනවා. ඒක මට සතුටක්. ඔයාල දන්නේ නැ රිය අනතුරක් වෙලා මගේ කකුලට හානි වෙච්ච වෙලාවේ දොස්තර ප්ලාස්ටරයක් දාන්න හදනකොට මම කිව්වේ කැමතිනම් යකඩ ප්ලේට් එකක් දාන්න  කියල. මොකද එතකොට මගේ ඇගේත් යකඩ තියනවා. ඒවගේම 1997 ඉඳල මගේ අතේ මාපට ඇඟිලි දෙකේ නියපොතු වවනවා. මොකද මට කොහෙද ඒවගේ උල්. එකට ආසන්නම දේ තමා ඒ ලොකු නියපොත්ත අත මිටි මැලෙව්ව්වම. ඒවගේම ලෝගන් චරිතයේ හමුදා ටැග් එක, එයාගේ ඇඳුම් ස්ටයිල් පවා මම රටින් ගෙන්නාගෙන තියනවා. කොටින්ම මගේ සෑම ඔන්ලයින් ප්‍රොෆයිල් පින්තුරයකම ඉන්නේ ලෝගන්. කොටින්ම පුළුවන් නම් මගේ හැඳුනුම්පතට පවා දාගන්නවා.   ඉතින් මෙච්චර කැමති චරිතයක අවසන් චිත්‍රපටය තමා මේ. මොකද චරිතය නිරුපනය කරන හියු ජැක්මන් පවා චිත්‍රපටය හදන්න ගන්නකොටම කිව්වා වන් ලාස්ට් ටයිම් කියල. ඉතින් මට මේ චිත්‍රපටයට උපසිරසි කොහොම හරි කරන්න ඕන උනා. මම මේ චිත්‍රපටය මට වෙන්කරගන්න හැදුවේ චිත්‍රපටය නිර්මාණය කරන්න පටන් ගන්න කලින්ම. ඒ කියන්නේ පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ. ඒත් මොනවා කරන්නද චිත්‍රපටය වෙන්වෙලා තිබ්බේ හසන්ත සහෝදරයාට.   ඔයාලට මෙතනදි කියන්න දෙයක් තියනවා. මොකද ඔයාල ගොඩක් අය හිතන් ඉන්නේ හොඳම චිත්‍රපට කරන්නේ ඇඩ්මින්ලා කියල. ඒත් ඇත්ත ඒක නෙවි. මොකද අලුත් ජනප්‍රිය චිත්‍රපට ගොඩක් පරණ චිත්‍රපට වල කොටස්. එක්ස් මෑන් ගත්තත්, කැප්ටන් ඇමරිකා ගත්තත්, ට්‍රාන්ස්ෆොමර් ගත්තත් මේ ලෝගන් චිත්‍රපටය ගත්තත්. බයිස්කෝප් එකේ නිතිය පලවෙනි කොටස් කරපු කෙනාට අලුත් එක දෙනවා කියන එක. ඉතින් ගොඩක් ඒවා ඇඩ්මින් ලා පළමු කොටස් කරලා තියන හින්ද තමා අලුත් ඒවත් එයාලට අයිති වෙන්නේ. ඉතින් මේකත් එහෙමයි.   ඉතින් මාසගානක් නොනවත්වා කන්කෙඳිරි ගෑමත් පසුව සිදු උන දේවල් කිහිපයකුත් හින්ද මට මගේ මේ වීරයාගේ අවසන් චිත්‍රපටය කරන්න අවස්තාව හිමි උනා. ඔන්න දැන් ඒ අවස්තාව. ඉතින්  IMDb 8.6 වෙච්ච මේ සුපිරි චිත්‍රපටය මම ඔයාලට අරගෙන එනවා.    මේකේ කතාව යන්නේ 2029 අවුරුද්දේ වෙන දෙයක් විදියට. එතකොට ලෝකෙන් විපරිතයෝ අතුරුදහන් වෙලා. චාල්ස් එග්සෙවියර්ට වගේම ලෝගනුත් වයසට ගිහින්. ලෝගන් ගේ ශරීරයේ තියන ඇඩ්මෙන්ටියම් හින්ද එයාගේ රෝග සුවවෙන හැකියාව නැතිවෙලා. ඉතින් මේ අතරේ තමා එයාල අතරට පොඩි කෙල්ලෙක් එන්නේ. එයා තමා ලෝරා නොහිත් X23. එයාත් ලෝගන් නිර්මාණය කරපු ආයතනයේම නිර්මාණයක්. ඒවගේම ලොගන්ගේ ජාන. වෙන විදියට කියනවා නම් ලොගන්ගේ දුව. එයාව මරන්න එයා නිර්මාණය කරපු ආයතනය උත්සාහ කරනවා. ඉතින් එයාගෙන් ගැලවිලා මේ දැරිවි නිදහස් තැනකට එක්ක යන එක තමා චිත්‍රපටය. අවසානයේ තියෙන්නේ බලාපොරොත්තු නොවන දෙයක්. ඒත් බලලා තීරණය කරන්න කියල කියනවා.   මම ඊළඟට අරන් එන්නේ කලින් කිව්ව විද්‍යා ප්‍රබන්දය. ඉතින් එකත් අරගෙන එන්නම්. වෙනදා නම් සමුගන්න කලින් ප්‍රාර්ථනය කරන්නේ බුදු සරණයි කියල. එත් මේකෙදි මගේ හිතේ තියන ප්‍රාර්ථනය කරනවා. හියු ජැක්මන් කිව්වේ වන් ලාස්ට් ටයිම් කියල. එත් මම කියනවා.   Please One Last Time Again (කරුණාකර තව එක පාරක්, ආපහු)…

පසු සටහන ඔන්න ඉතින්  අද 2017 මැයි 22. අද තමා BR පිටපත නිකුත් උනේ. ඔයාලට පොරොන්දු වෙච්ච විදියට අලුතෙන්ම නැවත උපසිරසි සකස් කරලා මම මෙන්න මේ චිත්‍රපටය ඔයාලට අරගෙන ඇවිත් තියනවා. ඉතින් මේ සුවිශේෂී චරිතය එක්ක මගේ නම එක්කිරීමට ගත් උත්සාහය සාර්ථකව මෙතනින් අවසන් වෙනවා.

X-Men Origins: Wolverine (2009)

The Wolverine (2013)

 

Logan (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Logan.2017.1080p.BluRay.x264-YTS.AG
Logan.2017.720p.BluRay.x264-YTS.AG
Logan.2017.1080p.BluRay.x264-BLOW
Logan.2017.720p.BluRay.x264-BLOW
Logan.2017.1080p.BluRay.x264-RARBG
Logan.2017.720p.BluRay.x264-RARBG
Logan.2017.BRRip.XViD.AC3-WeTv-ETRG
Logan.2017.BRRip.XViD.AC3-RARBG-EVO
Logan.2017.BRRip.XViD.AC3-iExTV
Logan.2017.BRRip.XViD.AC3-MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත

81,168 downloadsDownload Logan-2017-BR-1.zip270 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

81,168 downloadsDownload Subtitles270 KB

214 comments

  1. එල්.සී. දමැල්

    අසංක සහො නියමයි ස්තුතියි

    1. එල්.සී. දමැල්

      ලෝගන් කියන්නේ ඇසට කඳුලක් උනපු චිත්‍රපටයක්.
      හියු ජැක්මන් අවුරුදු ගාණක් තිස්සෙ 2000-2017 දක්වා, විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළ සුපිරි චිත්‍රපට මාලාවක අවසානයක්...
      මේක ඔයාටම කරන්න ලැබුණ එකටත් මං ගොඩක්ම කැමතියි අසංක සහෝ...
      කියලම වැඩක් නෑ, මමනං බ්ලූරේ එනකල්ම ඔන්න ඉවසනවා...
      නැවතත් බොහොම ස්තුතියි...

  2. Gathsara Umesh

    Niymye sahooo..patta

  3. tharindu gunarathna

    thanks

  4. Sisila Prasad

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ.
    අනිවාර්යයෙන්ම බ්ලූරේ කොපියක් ආවම තමයි බලන්නෙ.
    ජයවේවා!!!

  5. ආතල් ලන්තය/instagram

    Thanks

  6. krishantha

    බොහොම ස්තුතියි

  7. Hashan Madhuwantha [HASH]

    Logange loku rasikayek wage... :) Asawen karapu ekak nisa upasirasiya supiriyata athi kiyala hithanawa. Bluray awama balannam... Jaya!

  8. Malin

    Thankz sub ekata

  9. Sajeevi

    Thanks a lot

  10. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  11. Amila Kaushalya

    sira bn magath asama hero kenek bn wolverine kiyanna thanx sub 1ta eth ivasan innava br rip enakan bro avama plz ikma update karanna

  12. Melan

    Bluray copyya apuhama balanawa aniwa ekata update karanna.sub ekata godaaak thnkss mcn gud luck digatama sub karanna Lebewesen auf

  13. thusitha

    hi bro,,,mamath oya wagema logan pissek,,,,godak thanks ,,,,

  14. shehan

    aththatama ban anith vikara virayo vageneve supirima akak monavakarannada hodama avane mulin yanne thanks machan

  15. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි
    br එනකම් ඉදලම තමයි බලන්නේ
    ජය වේවා!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. lahiru ruchiran

    thanks saho

  18. Milan Ranishka

    සබ් එකට තැන්කූ බන්...
    ඉවසල බ්ලූ රේ එකම බලනව....

  19. Sanindu Lakkitha

    මුලින්ම කියන්න ඔනි ලිපියනම් නියමයි සහෝ.. ඇත්තටම super hero movie වලට ආසවක් ඇති උනේ x-men බලලා.එකෙත් wolverine නිසා තමයි.. මේ film එකටත් හියු ජැක්මන් ගොඩක් මහන්සි වෙලා තිබුනා. ඒ වයසේ කෙනෙක්ට කරන්න පුලුවන් උපරිම කැපකිරීමක් කරලා තිබුනා කියලා අන්තර්ජාලයෙ ගොඩක් තැන්වල සදහන් වෙලා තිබුනා.. ඒක නිසා මේ වගේ සුපිරි ෆිලුමක් BR එකෙන්ම බලනවා..
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.. BR ආව ගමන් update එකක් දෙන්න..
    බුදුසරණයි..

  20. පීටර්

    මම නම් කැමතියි මේ ෆිල්ම් එක හොද කොලිටියට බලන්න. Br එකක් ආවම මතක් කරන්න යාලු. ගොඩාක් ස්තූතියි ඔයාලගේ කැපකිරීමට

  21. prabodhaya nirmana

    1080p br එකක් එනකන් ඉන්නවා මේක නම් බලන්න බ්‍රෝ

  22. Kulanjana Maduranga

    niayamai…meka nm aniwa balana 1k..eth br 1ka enakm innawa...thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Isuru Dhananjana

    thnkz for sub !

  24. Dulanga

    Thanks

  25. Sudheera Kasun

    ela yalu.... hoda copyak awa gaman gannawa....

  26. Chinthaka Silva

    Thank you bro. oyage salaruwath lassanai.

  27. lakmal

    tank bro . mat loganta godak kamti sub akata tank you vrri mach ............

  28. Susith

    Br copy enkn enwa bro.thx sub.but aya nam iorn plte dagnna epo bro.kkkkkk ela ela

  29. Jack

    නියමයි මචෝ...
    මේක නම් අනිවා බ්ලුරේ තමයි බලන්නේ.
    ආපු ගමන්ම අප්ඩේට් එකක් දෙමු...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  30. Dinusha jayamal

    Mamanam film eka hall eken baluwa.
    Apahu balanna one.supiri film eka.
    Sub ekata godak sthuthi.
    Mageth asama hero thamai wolverine.

  31. lakshitha

    Ptta bro. Thanks sub ekata.elama

  32. daminda

    thanks saho sab ekata enakan iwasilak natuwa ine. br ekak enakan iwasanawa. barima unot balanawa

  33. Kavindu

    මචං, හොඳ කොපියක් එනකං ඉවසලා මේක ඔයාගේ 100 වෙනි සබ් එක විදියට කරා නම් තමා වැඩිය හොඳ...

  34. KAVINDA GAMAGE

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට . X MEN කියන්නෙ බලල තියෙන පට්ටම චිත්රනපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම kong skull island සිංහල සබ් ලබාදෙන්න . හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  35. Khan

    I'm so sad
    bluray කොලිටියෙන්ම බලනවා

  36. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  37. කවීන් ලහිරු

    පට්ට සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ...
    ඒත් හීනෙන්වත් හිතුවේ නෑ මේක මෙච්චර ඉක්මනට දෙයි කියලා තෑන්ක්ස් අසන්ක සහෝ සින්හල උපසිරැසියට....
    #ජය වේවා....

  38. Hasara Dulanjana

    BR එනකන් ඉන්න බෑ... මාත් බානවා.... sub එකට thnx සහෝදරයා...

  39. Chamal Perera

    නියමයි අසංක අයියේ... සබට තුති වේවා!

  40. madushan

    thanks macho sub akta..

  41. Bimsara

    මේ කොපිය බලන්න බැරි තරම් සවුත්තුද ?
    බැලුව එකෙක් කියපල්ලකො

    හොද කොපියක් එනකම් ඉවසන්ඩ බෑ ඒකයි

    1. අසංක ප්‍රදීප් රණතුංග

      බලන්න පුළුවන් සහෝ, Logan.2017.HDTS.UNCENSORED.900MB.MkvCage මේක ගන්න. මේකේ ඔක්කොම තියනවා.

  42. Withanage Priyantha Dayakeerthi

    ඔබේ ලිපියත් සම්පුර්ණයෙන් කියවූවා. උපසිරසියට ස්තුතියි!

  43. matara kollek

    camer copy kannda bolaw

  44. LSM HUSKAA

    mageth bokka tama bro wolverine.logan pissu pahara bn.mn balapu no1 action movie akath mekama tama itin dan.imdb 9 tibbat awlak ne .mata dark knight akatath wadiya waduna hodee.br anakn imu bro aya sapa ganna.

  45. Ddmd Ruwan

    thanks brooooo''''

  46. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  47. lakshan

    guntue talkies movie eke subtb krpllkooooo

  48. Chanu mikhail

    ඔන් මෙක බැවා , br එනකල් ඉවසන්න බැ , හැබැයි br අපුගමන් අප්ඩේට් ඔනී....

    1. Veeki Temple

      Dangal 2016 සිංහල සබ් එක දෙන්නකෝ

  49. Dulaj

    Thank uu asanka
    Torrent file ekaj danna ko

  50. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි අසංක අයිය. හොද copy එකක් ආවහමම බලනව. Update එකක් ඕනෙ....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.