මෙන්න එහෙනම් අපේ යාලුවෝ බලාගෙන හිටපු තවත් එක අපූරු ෆිලුමක් අරගෙන මම ආවා. හැමෝම බලනවා ඇති ඇයි මෙච්චර පරක්කු උනේ කියලා. අනේ ඉතින් මේක පිටවුනේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ නම් තමයි, ඒත් යාලුවනේ මේකට ඉංග්‍රීසි උපසිරැසි මෑතක් වනතුරු සකසා තිබුනේ නෑ. මම දිගටම ඒ ගැන හෙව්වා, ඉතින් ඊයේ තමා ගොඩාක් අමාරුවෙන් හොය…
මෙන්න එහෙනම් අපේ යාලුවෝ බලාගෙන හිටපු තවත් එක අපූරු ෆිලුමක් අරගෙන මම ආවා. හැමෝම බලනවා ඇති ඇයි මෙච්චර පරක්කු උනේ කියලා. අනේ ඉතින් මේක පිටවුනේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ නම් තමයි, ඒත් යාලුවනේ මේකට ඉංග්‍රීසි උපසිරැසි මෑතක් වනතුරු සකසා තිබුනේ නෑ. මම දිගටම ඒ ගැන හෙව්වා, ඉතින් ඊයේ තමා ගොඩාක් අමාරුවෙන් හොයලා හරි සබ් එකක් හොයාගන්න පුලුවන් උනේ. ඒ උනත් ඒ සබ් එකෙත් අඩුපාඩු නම් ගොඩාක් තිබුනා. ඉතින් කොහොම හරි ඒ සේරම තේරුම් බේරුම් කරගෙන මම සබ් එක කොහොම හරි හැදුවා 😀
ඉතින් සින්බෑඩ් චරිතය ගැන ගොඩාක් අය අහලා දැකලා ඇතිනේ. මේ ෆිලුමෙත් එයාගේ වැඩකෑලි තමා ඉතින් තියෙන්නේ. ඔහුට මෙහිදී ගනුදෙනු කරන්න වෙන්නේමායාකාරයෙක් එක්ක. ඉතින් මේ සින්බෑඩ් චරිතයට පනපොවන්නේ Shahin Sean Solimon.මේක අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේත් ඔහු විසින්ම තමා. ඒවගේම Patrick Stewart, Lorna Raver, Isaac C. Singleton Jr. යන අය රංගනයෙන් දායක වෙනවා. පුරා විනාඩි 89ක් දිවෙන මේ ෆිලුමට IMDb දර්ශකයේ ඇගයීම 6.6ක අගයක් ලැබී තිබෙනවා. එහෙනම් හැමෝටම ටිකක් දැනගන්න එක්ක කතාව ගැන ටිකක් කියන්නම්.
සින්බෑඩ් මලෙක් කියලා පොඩි නගරයක් පාලනය කරන සුල්තාන් කියලා කියන පාලකයෙකුගේ දුවෙක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගන්නවා. ඒ උනත් මෙයා රජතුමාගෙන් බයනැතුව ගිහින් අහනවා කුමරියව විවාහ කරගන්න. ඒත් රජතුමා ඒකට කැමති වෙන්නේ නෑ. සින්බෑඩ් කියන්නේ ඉතතින් මුහුදු ගමන් ගිහින් එක එක වස්තු හොයාගෙන කෙනෙක්නේ. ඉතින් මෙයා කොහොමහරි එහෙම සවාරියක් ගීයපු දවසක මාලිගාවේ පැවැත්වෙනවා පොඩි උත්සව අවස්ථාවක්. එතනට රාජකීය ආරාධනයෙන් පැමිණෙනවා එක්තරා මායාකාරයෙක්. ඔහු එතන එක එක විජ්ජාවන් පෙන්නනවා. රජතුමත් මිනිහාගේ හැකියාවන් ගැන හොඳට ප්‍රශංසා කරනවා. ඒත් කොහොමහරි මේ මායාකාරයා රාජසභාවේ සේරම දෙනාව අයිස්කරලා දාලා කුමරියව පැහැරගෙන යනවා. ඒ කියන්නේ අපේ සින්බෑඩ්ගේ ලව් එක 😀 එතන රජතුමාට සේවය කරන යක්දේසියක් හිටියත් ඇයටවත් මේක නවත්තන්න ලැබෙන්නේ නෑ.
ඇය තමා එතනින් බේරුනේ. ඊට පස්සේ ඉතින් ඔන්න සින්බෑඩ් අර ගමන් ගිහින් එනකොට මෙහේ පෙරහැර ගිහින්. ඒවගේම ඔහුට ඒ ගමනේදී එක්තරා බලයක් තියන පලඳනාවකුත් හම්බවෙනවා. අන්තිමේ ඔහු පැමිණියාම යක්දේසිය මොහුට විස්තරේ කියනවා.තව අර ගෙනාපු පලඳනාවේ බලයෙන් ඇය අර අයිස්වුනු රාජ සභාවේ අයව බේරගන්නවා. ඉතින් ඊට පස්සේ සින්බෑඩ්ගේ තීරණය උනේ මොකක්ද, එයා මොකද ඊට පස්සේ කලේ, කියලා බලාගන්න මේ ෆිලුම අරන් බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම ජය!!! නැවත හමුවෙමු. 🙂 🙂
694 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0a272071bb037d4e03ebe24269cb5fac69c1291a1.26 GB (BR) කොපිය මෙතනින් බාගන්න
82dd1451f8dd21deeed753794329648ba11d8999 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,351 downloadsDownload Sinbad-The-Fifth-Voyage-2014.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
49 comments
yasiru
Narada
මම බලාපු movies අතරින් සිංහලෙන්ම කියනවානම් මෙලෝම රහක් නැති film එක මේක සහෝදරය. animation ගත්තත් මේකෙ තියනවට වඩා හොදට දැනට අවුරුදු 40 කට විතර කලින් කරපු film වලත් හොදට තියනව මම දෙන් IMDb rate එකනම් 0.1 ඇත්තටම මේ තරම් නොදියුනු movies මෙච්චර තාක්ෂණය දියුණු කාලෙක බිහිවෙන එකත් එක අතකට අරුමයක්. මේකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ සහෝදරය movie එකටත් වඩා ඇයි මේකට sub දුන්නෙ කියල ඇත්තටම මමත් වෙන movies 700mb වතර බෑවත් මේක හොද ඇති කියල fullHD එකක් බෑවෙ ඇත්තටම අපරාදෙ සහෝදරය sub දෙන්න කලින් මේ හැම දෙයක් ගැනම හිතන්න මිත්‍රය මුදල්වලටත් වඩා අපේ කාලය වටිනව නේද අඩු ගානෙ නිදාගත්තනම් මෙහෙම ගොන්පාට් movie එකක් බලනවට වඩා ඇගට හරි තියෙයි.... කමක් නැහැ සහොදරය කොහොම හරි වුනු මහන්සියට tks.. මේ කිව්ව දේවල් ඔයාලව අධෛර්යට පත්කරන්න කිව්ව එව්ව නෙවේ කියල විතරක් මතක තියා ගන්න.
රොෂාන්
නාරද මම 100 % එකග වෙනවා , උඹ වගේම, මමත් සින්බෑඩ් කියන නමට රැවටිලා Full HD එක බැව , අම්මපා මම බයිස්කොප් එකේ කරපු ලොකුම ගොන් කම තමා එක , නින්ද යනවා මේක බලනකොට , අනේ මන්දා මේක හදපු උන් මේ මොන කාලයක් කියලා හිතලා හැදුවද මන්දා , අපි පොඩි කාලේ බලපු ජුරාසික් පාක් වල ඇනිමේෂන් මීට හොදයි , පට්ට සීන් එක තාම , දැවැන්ත යක්කු , කුරුල්ලෝ එක්ක මුන් සටන් කරන්නේ සමහර විට පොඩි පිහියකින් , හෙල්ලයකින් :D . ඇට කටු එක්ක යුද්ද කරනවා දැකලා මට හිතුනා මේක Superhero Movie ජාතියේ එකක් දත් කියලා මොනවා උනත් සහමුලින්ම අමු චාටර් :D
නුවන්ත මල්ලි උඹේ වැඩේ හොදයි , නමුත් මේ වගේ පජාති ඒවලට උඹේ කාලය නාස්ති කරන්න එපා බන් , ඊලග ට අපිට දීපන් මල්ලි එල කිරි වගේ එකක් :) :)
thisal
තැන්ක්ස් එල බාලම බලමු
kanishka
thanka kolle
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි වෙච්ච මහන්සියට.Amila
Thanks
Kulanjana Maduranga
niayamai…super film ekak.subata thanks NUWANTHA saho.digatama sub demu.jaya wewa...........
නලින්
ස්තුතියි නුවන්ත සහෝ..
ජය වෙවා!
“චූටී මල්ලි”
හ්ම්ම්ම්..බලමුකො
එලස්
සබට තුති
ඔබට ජය.....................Amil
ස්තුතියි නුවන්ත සබට ..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)me
Thanks
I.W.M.S Ilangakoon
THANKZ BROOO,,,,
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ramesh
ela
Sanjaya
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබි එකට
බොහොම පිං සහෝSampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
කැලුම් ගුණසේකර
694 කොපියක් තියන නිසා සලකාබලන්න පුලුවන්. ස්තුතියි සහෝ උපසිරැසියට.
ANJANA
Thanks...
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කතාවට ස්තුතියි කිව්වා කොල්ලෝ.
සින්බෑඩ් කියලා ගොඩක් කතා බැළුවා.
බලමු මේකේ වෙනස් ගතියක් තියෙනවද කියලා.
:)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!අශේන් මදුශංක
බොහොම ස්තූතියි සහෝ...!!
මමත් බාගෙන බැලුව ඔන්න
මටනං කථාව හරි ගියෙ නෑ ඉතිං
මීට වඩා හොඳ ෆිල්ම් වලට උපසිරස දෙන්න බලන්න,
මොනා උනත් ඔබ වෙච්ච මහන්සියට ස්තූතියි...
දිගටම උපසිරස දෙමු...
ස්තූතියි..!!රනා
උපසිරසට බොහෝම ස්තූතියි, ෆිල්ම් එක මෙලෝ රහක්නෑ.
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මාලින්
සබ් එකටයි ඒකට වෙච්චි මහන්සියටයි පිං, ස්තුතියි. හැබැයි මේ වගේ මෙලෝ රහක් නැති ෆිල්ම් වලට සබ් දෙන එකෙන් ඔයාගේ කාලයයි මහන්සියයි අපරාදෙ මල්ලි. ඔයා ඒක රහ කරල ලියන නිසා බලන් අපේ කාලයයි, බයිට් ටිකයි ත් අපරාදෙ. ඔයාල කරන සේවයේ අගය අපි දන්නව - අපිට කේරෙනව, හැබැයි කුණු ජරාව අපිව රවට්ටල පොවන්න හදන එක ගැන පොඩි කේන්තියකුත් තියෙනව. Good Luck !
channa
මාලින් එක්ක මාත් එකගයි... පරක්කු උනට කමක් නෑ ඉදල හොද movie එකකට මහන්සි වෙන්න...
lasa
biscope eka deepu jarama film eka maka tamai
eth macho uba monawa karannada uba kare suba deepu eka witharane
idiriyata hoda movie walata sub danna ubata wasanawa lebewa!
hansa
ෆිල්ම් එකනම් බැලුවා මචන්
සබ නැත්නම් බලන්නෙම නෑ
සබ නිසා බැලුවාමොකෝ ඊයේ රෑ බලන්න ෆිල්මුවක්වත් තිබුණ නෑ
Kasun Dhannushka
Man balapu chaterma film eka........
chinthaka
thnx saho sub ekata
Chameera
බොහොම ස්තුතියි සහො.......
shan
thanks bro
Tharindu
Thank you very much....!!!
lasantha1983
ane macho sab walata bohoma pin eath me wechcha mahanciya umba wena hoda film eakak wenuwen kalanum ealama kiri. pls biscope me wage film danna eapo..............
Nera
This webpage is not available.... pls help
dinesh
matat akamai prasne?????????????? This webpage is not available….
dinesh
help akak dannako *** Sinbad: The Fifth Voyage (2014) film 1a baaganna
Awantha Rehan
මේ වගේ film එකකට sub දාන්න කලින් පොඩ්ඩක් හිතන්න. අපරාදේ ඔයාගෙ මහන්සිය.
සුභපැතුම්thanura
mashansiyata thanx kiyla kiyanna one...a wagema thawa podi deyak kiyannath thiyanwa.api me site1 adarei.a wagema sub dena oyala nisa thama me site1 mewage hoda mattamaka enne.ethina mewage film walata sub denakota dila poddak yatin danna aduma gane TRAILER 1 balala download karanna kiyala note 1 danna.mokda lankwe data packag gena dannawa oyala.akai.thakx sub1.
achintha
links veda natho
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
DNA
පට්ට මචන් !
දිගටම සබ් දාගෙන යමු!mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
chathurika
thanks...
Sakith Akalanka
මට කලින් අය දාල තියෙන කමෙන්ට්ස් කියෙව්වම මටත් හිතුන පොඩියට හරි මගේ අදහසත් කියන්න...ඊට කලින් මේ සබ් එක දාපු නුවන්ත දුලාන් මල්ලිට ස්තුතිය පලකරන්න ඕනි..ෆිල්ම් එකේ නම් පට්ටම අවුල් තමයි.. එත් තමන්ගෙ වටිනා කාලය කැපකරල සබ් එකක් කරපු කෙනෙක් අපහසුතාවයට ලක් වෙන විදියට කමෙන්ට් කරන එක මම එච්චර හොඳ දෙයක් විදියට අනුමත කරන්නෙ නෑ..සබ් එකක් කරන එකේ අමාරුව දන්නෙ ඒක කරන කෙනා මිසක් ඒක කරාට පස්සෙ බාගෙන සැපට බලන අය නෙවේ.. අඩුගානෙ එකවත් තේරෙනවනම් කමෙන්ට් කරන්න කලින් දෙපාරක් හිතල බලලම කරනවනම් හොඳයි කියලයි මගෙ නම් අදහස..
අනික මේ බයිස්කෝප් එකෙන් කරන්නෙ සේවයක් මිසක් ඒ අය අපිට සබ් දෙන්න බැඳිල ඉන්නව කියල සමහරු හිතන් ඉන්නව කියල දාන කමෙන්ට්ස් වලින් පේනවා... තව දෙයක්.. මේ අය කුණු ජරාව අපිව රවට්ටල පොවන්න හදනව කියල දාල තිබුන කතාව නම් සම්පූර්ණම වැරදියි..සත පහක් අය නොකර කරන සේවයක් මේක.. ඒක නිසා තමන් බාගන්න එකේ වගකීම තමන් ගන්න තරම් කෙනෙක් නිහතමානී වෙන්න ඕනි...
නුවන්ත මලයටත් දෙයක් කියන්න තියනව.. ඔයා අනුන්ගෙ සතුට වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලය වැය කරද්දි නිර්මාණ තෝරා ගනිද්දි මීට වඩා පොඩ්ඩක් සැලකිලිමත් වෙනවනම් කොල්ලො අපි හැමෝටම තමන් වැයකරපු කාලයට සාධාරණයක් ඉටු උනා කියල සතුටු වෙන්න පුලුවන්...
TMK
thanks
sanjeewakbg
thanks bro....
prasakr
බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sinbad: The Fifth Voyage (2014) | ආදරය වෙනුවෙන් මායාකරුවෙක්ට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Sinbad-The-Fifth-Voyage-2014-.jpg)

thanks saho..............