Watch Trailer

Sing 2 (2021) Sinhala Subtitles | අලුත් ගායකයෙක්. [සිංහල උපසිරසි]

අද ආවෙ Sing දෙවන චිත්‍රපටයට උපසිරැසි අරන්. Sing පළමු චිත්‍රපටය බලපු අය නම් දන්නව ඇති කතාව ගැන. පළමු චිත්‍රපටය බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින්, 2016දි පළමු චිත්‍රපටය නිකුත් වෙලා වසර 5ක නිහැඬියාවකින් පස්සෙ තමයි 2021 දෙසැම්බර් මාසෙදි දෙවන චිත්‍රපටය නිකුත් වෙන්නෙ. පළමු චි…

අද ආවෙ Sing දෙවන චිත්‍රපටයට උපසිරැසි අරන්. Sing පළමු චිත්‍රපටය බලපු අය නම් දන්නව ඇති කතාව ගැන. පළමු චිත්‍රපටය බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින්, 2016දි පළමු චිත්‍රපටය නිකුත් වෙලා වසර 5ක නිහැඬියාවකින් පස්සෙ තමයි 2021 දෙසැම්බර් මාසෙදි දෙවන චිත්‍රපටය නිකුත් වෙන්නෙ. පළමු චිත්‍රපටය IMDb අගය 7.1/10කට අරන් යද්දි දෙවන චිත්‍රපටය IMDb අගය 7.6/10කට අරන් ගිහිල්ලා තියෙනවා. Sing 2 චිත්‍රපටය සටහන් කරපු බොක්ස් ඔෆිස් වාර්තාව ඇමරිකානු ඩොලර් මිලියන 192.7ක්. පළමු චිත්‍රපටයෙ ප්‍රධාන චරිත හැම එකක්ම දෙවන චිත්‍රපටයෙ ඒ විදිහටම ඉන්නවා වගේම අළුත් චරිත බොහෝමයකුත් ඇතුළත්වෙලා තියෙනවා. වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට…👇

පළවෙනි චිත්‍රපටයෙදි ගායන තරඟයෙන් හම්බවෙන යාළුවෝ කට්ටිය එකතු කරගෙන බොහොම හොඳට මූන් තමන්ගෙ රඟහලේ ප්‍රසංග පවත්වගෙන යන ජවනිකාවකින් තමයි කතාව පටන් ගන්නෙ. ඒ ප්‍රසංග නිසාම මූන්ගෙ රඟහල මේ වෙනකොට ඒ නගරයේ ජනප්‍රියම රඟහල වෙලා. නගරෙ මිනිස්සුන්ගෙ ප්‍රසිද්ධිය ලබාගත්තා වගේ ලොකු ලොකු වේදිකාවල ප්‍රසංග පවත්වලා ප්‍රසිද්ධ වෙන්නයි දැන් මූන්ගේ අදහස. ඉතින් ඒ වගේ ලොකු රඟහලකින් නියෝජිතයෙක් ඇවිල්ලා මූන්ගෙ ප්‍රසංගයක් බලනවා ඒ ප්‍රසංග ලොකු රඟහල් වලට සුදුසුද කියලා. ඒත්, අවාසනාවට මූන්ගෙ ප්‍රසංගය ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මූන්ට සිද්ධ වෙනවා යාළුවො කට්ටිය එක්ක හොරෙන් ගිහිල්ලා තමන්ගෙ අවස්ථාව ලබාගන්න. කොහොමහරි තමන්ගෙ ප්‍රසංගය ලොකු වේදිකාවක පවත්වගන්න තියෙන උවමනාව නිසාම ප්‍රසිද්ධ ගායකයෙක් වන ක්ලේයි කැලොවේ කියලා සිංහයෙක්ව තමන්ගෙ ප්‍රසංගයට ගේන්න පුළුවන් කියලා බොරුවක් කියනවා. ඉතින් ඒ නිසා මේ රඟහලේ අයිතිකාරයාගේ අවසරය මූන්ට ලැබෙනවා. හැබැයි ඊටපස්සෙයි මූන් දැනගන්නෙ ක්ලේයි කැලොවේ කියන ගායකයා අවුරුදු පහළොවක ඉඳන් කවුරුත් දැකලා නෑ කියන එක!

ඉතින් මේ ගායක‍යව ප්‍රසංගයට ගෙන්වගන්න මූන්ට පුළුවන් වෙයිද?
ඇයි කැලොවේ සමාජයෙන් හැංගිලා ඉන්නෙ?
රඟහලේ ප්‍රධානියා දැනගත්තොත් මූන් කිව්වෙ බොරුවක් කියලා එතකොට මොනවා වෙයිද?
මේ ප්‍රධානියා මොන වගේ කෙනෙක්ද?
අන්තිමේදි මූන්ට ප්‍රසංගය පවත්වගන්න පුළුවන් වෙයිද?

මේවට උත්තර තියෙන්නෙ චිත්‍රපටය ඇතුළෙ තමයි. කොහොමහරි මේ චිත්‍රපටය ටිකක් හිනාවෙවී බලන්න පුළුවන් චිත්‍රපටයක්.😅 ඒ රසවින්දනයට බාධා නොවෙන විදිහට සිංහල උපසිරැසිය කරන්න පුළුවන් වුණා කියලා හිතනවා.🤗 උපසිරැසියේ අඩුපාඩු තිබුණොත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.😓

ඉතින්, තවත් උපසිරැසියකින් හමුවෙමු. සතුටින්, ප්‍රවේසමෙන් ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,104 downloadsDownload Sing.2.2021.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තිසුර සංජන

Subtitles

8,104 downloadsDownload Subtitles64 KB

16 comments

  1. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. ksvindu ksvindu

    thanks saho

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    The Addams Family 2 (2021)

    1. විමා

      මේක දීලා තියෙන්නේ.

  6. MAALNATH

    Thanks........good luck.........

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Fake download

    English movie එකකට baiscope එකෙ sub naththam ganneth naa film eka. ඒ තරමට උබලගෙ sub හිතට ඇල්ලුවා. Thanks

  9. Anonymous

    Will smithගෙ king richard 2021 film එකට සබ් දෙන්න පුලුවන්ද

  10. Nilush Angana

    Sub ekata thanx

  11. indika 75

    thanks..

  12. Roshan

    Tnx bro.Great job.

  13. Ambrose

    Thanks for sub bro , ice age buck wild movie ekatath sub dennako ikmnta

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!