මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Gloomy Sunday (1999) ඈ, මගේ මලයි… “ උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුර…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Gloomy Sunday (1999) ඈ, මගේ මලයි… “ උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
සෑම වසරකදීම ලෝකය පුරාවටම විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නා වූ දස දහස් ගනනක් වූ සිනමා සිත්තම් අතුරින්, බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී අපිට වඩාත් සමීප වූ, සීමිත භාෂා ගණනකින් නිර්මාණය වන්නා වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය වූ විශිෂ්ට සිනමා නිර්මාණයන් මොනතරම් නං ප්‍රමාණයක් අපිට නොදැනීම මග හැරී යනවා ඇතිද…?
මේ උත්සාහය ඒ විදියට මග ඇරිලා, කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගවිලා ගියපු හරි අපූරු වෙනස්ම විදියේ සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. හොඳ නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නෙ නෑලුනෙ. ” Old Is Gold ” කියන්නෙත් ඒ හින්දමලුනෙ. ඒ නිසා තිරගත උන අවුරුද්ද දිහා බළලා ලිපිය කියවන්නවත් නතර නොවී ගියපු අයට වඩා නතර උන ඔබ වාසනාවන්තයි…
පෞද්ගලිකවම මටත් මේ අපූරු සිනමා සිත්තම ගැන දැන ගන්න ලැබුනෙ අන්තර්ජාලයේ ඉබාගාතේ සරිසරනකොට අහම්බෙන් ඇස ගැටුන බ්ලොග් අඩවියක තිබුන සටහනකිනුයි. ඒ වගේම හරිම නිදහසේ රස විදින්න ඕනෙ ජීවිතයේ වෙනස්ම මානයකට එක මොහොතකින් ඔබව රැගෙන යන ලෝක සිනමා ඉතිහාසයේ නොමැකෙන නමක් රැන්දූ සම්මානනීය සිනමා නිර්මාණයක්…
” BARAKA ” වචනයේ තේරුම සුෆි දහමට අනුව ජීවිතයේ හරය සහ හුස්ම යන්නයි. ඉස්ලාම් දහමට අනුව අජීවී වස්තූන් මගින් මිනිසෙකු මැවීමට අල්ලා දෙවියන් වහන්සේට ඇති බලයයි. යුදෙව් දහමට අනුව නම් එය චාරිත්‍රානුකූල ආශිර්වාදයක්. අප්‍රිකානු ස්වාහිලි භාෂාවවට අනුව එහි අර්ථය යම් කිසි ආශිර්වාදයක් යන්නයි. ප්‍රංශ බසට අනුව එය වාසනාව සෞභාග්‍යය ප්‍රාර්ථනා කරන වදනක්. සර්බියානුවන්ට සහ බල්ගේරියානුවන්ට අනුව නම් එය කුඩා ගෙපැල යන අර්ථය දෙන වදනක්. තුර්කි වැසියන්ට අනුව නම් එය හමුදා බැරැක්කයකට කියන වදනක්. හැබැයි මුලු ලෝකෙ පුරාම මිනිස්සු දන්නෙ ” BARAKA ” කියන්නෙ “Mortal Kombat” වීඩියෝ ක්‍රීඩාවෙ ඉන්න සටන්කරුවෙක් විදියට. එකම එක වචනයක් උනාට මුලු ලෝකෙ පුරාම ඒකට දීල තියෙන වෙනස් වෙනස් අර්ථකතනයන් හරිම අපූරුයි…. ලෝකෙ වටේ මහාද්වීප 6ක රටවල් 24ක මාස 14 පුරාවට 70mm කැමරා කාචයක සටහන් උන රාමු පෙලක අපූර්වත්වය මිනිත්තු 96ක් පුරාවට විඳගන්නටයි ඔබට මේ ආරාධනය…!
” විනිවිද තිමිර මායා
හැර බැලූ දෙනෙත්
වටහා ගන්නේ
මං මුලා වූ බව ද…..?
දාහයෙන් විඩා බර වූ
දෙනෙත් යුග නුවන්
හඹා ගිය සිහිනය
මුලාව නම් දෘශ්ඨි මායවෙන් රැවටී
තම ලොවට ශේෂ කරගන්නේ
දුක හැර අන් කුමක්ද…..?
කඩා වැටන කදුලු කැට
ධාරා පමණක් ඉතිරිව හඩන
කඩ තුරාවෙන් වැසුනු
බිදිගිය චිත්තාවේගයන්
කිසි දින කවුරුන් දකින්න ද……?
ඉරා අදුරු පට
දෑස් බැදී කඩතුරා බිද හෙලන්නට….
මුලාව හැරපියා
ලොව දකින්නට…”
ප.ලි
සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” hasitha.m.sky@ gmail.com ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්…
ඒ වගේම පුරා වසරකට වඩා වැඩි කාලයක් පුරාවට කාර්යබහුලත්වය නිසාම නිහඩව ඉදලා කරපු පළවෙනිම නිර්මාණය. ඒ වසර පුරාවටම ආයෙ සබ් කරන්න කියලා සොයා බලපු පණිවිඩ එවපු හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි…! මේ නිර්මාණය පුද කෙරෙන්නේ ඔවුන්ටයි…
කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගවිලා ගියපු හරි අපූරු වෙනස්ම විදියේ සම්මානනීය පලස්තීන සිනමා සිත්තමක උපසිරැසියක් සමගින් ළගදීම නැවත හමු වෙමු…
ඔබට ජය…!
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,224 downloadsDownload Baraka.1992.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
30 comments
Bimsara Yashan(ඔලිව)
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Priyantha Dayakeerthi
මම ඔබේ සබ් නිර්මාණ බොහොමයක් නරඹා තිබෙනවා. වෙනත් භාෂා සිනමා නිර්මාණයක් නිසා අනිවාර්යයෙන් බලනවා. ස්තුතියි!
හසිත මධුෂාන්
මමත් ඔබතුමාගෙ හොද රසිකයෙක් තමා, දිගටම සබ් කරමු....!
දිල්හානි
ස්තුතියි සහෝ. ඔයා සබ කරපු Capernaum බැලුවට පස්සේ ඔයාගේ නම තියෙන ඕනෑම ෆිල්මෙකක් දෙවරක් නොහිත බලනවා. ෆිල්ම් එක වගේම ඔයාගේ සබ එකත් හොදම කොලිටියට තියෙනවා
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි...! ළගදීම
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හුඟ කාලෙකට පස්සේ පරණ ෆිල්ම් එකක්. හරිම සතුටුයි.
සහෝගෙන් Casino 1995 ෆිල්ම් එක හම්බවෙනකම් බලාගෙන ඉන්නවා දිගටම
හසිත මධුෂාන්
පොරොන්දුව අමතක නෑ සහෝ, ඔය සබ් එක කරන එක මගෙත් සෑහෙන කල් ඉදන් තියෙන ආසාවක්. පුලුවන් ඉක්මනින්ම කරන්නම්...
bandara
බොහොම ස්තූතියි හසිත සබ් එකට.. Body of Evidence (1993)එකට සබ් ඉල්ලල අවුරැද්දක් ඉක්මවුවත් තවමත් බලා ඉන්නවා සහෝ.....අහිතක් නෑ හිතේ.....
හසිත මධුෂාන්
දෙවියනේ අමතක නැහැ තවම. පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් පුරාවටම එකම සබ් එකක්වත් කර ගන්න බැරි උනා තිබුන අධික කාර්යබහුලත්වය නිසාම. දැන් තමයි ඒ දවස්වල බාර අරගෙන තිබුන ඒවා එකින් එක කරගෙන යන්නෙ. Body Of Evidence එකත් පුලුවන් තරම් ඉක්මනින්ම කරන්නම්. සමාවෙන්න ඕනේ අවුරුද්දකට වැඩි කාලයක් බලා ඉන්න සැලැස්වූවාට...
bandara
බොහොම ස්තූතියි සහෝ.....
Hasitha Weerakkody
Centurion 2010
හසිත මධුෂාන්
මම බලල නං නෑ සහෝ, බලලම කියන්නම්කො කොහොමද කියලා...
Buddhika Lakmal
සබ නැතුව බැලුවා මේක.. ආයෙ සබ් එක්කම බලනවා..
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Udara Damith
එලකිරි
Priyantha Dayakeerthi
මම අද ඔයා මෙතෙක් සබ් දීලා තිබෙන ෆිල්ම් ලිස්ට් එක බැලුවා. ඇත්තෙන්ම සමාජයක් හදන්න පුළුවන් යතාර්ථවාදී ෆිල්ම් සෙට් එකක් ඔබ තෝරාගෙන තිබෙන්නේ. ඒ අනුව ඔයා කොහොම කෙනෙක්ද කියලා මම තේරුම් ගත්තා. එහෙත් මේ පිස්සු වැටී ඇති රටේ මේ යතාර්තයට ඉඩක් නැහැ. මරා ගන්න කොටා ගන්නා පුහු නිර්මාණ වලට පමණයි රුචිකත්වය වඩවා තිබෙන්නේ. ටීවී චැනල් වලින් තමා මේ විසබීජ පතුරවා ආදර්ශය දී තිබෙන්නේ. ඒක දිග කතාවක්. ඔහොම යන්. ඔබට ස්තුතියි, නැවතත් මෙවැනි ඒවා සබ් කරන්න. ඒවා බලන්නට සමාජය තුළ එක්තරා කොටසක් ඉන්නවා.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි....!
එහෙම නැත්තං ඉතිං කොළකැද කඩේ ඉස්සරහ පෝලිම නැතිවෙනකොට බාර් එක ඉස්සරහ පෝලිම දික් නොවී තියෙයිද...?
මොනවත්ම නොකර ඉන්නවට වඩා පුලුවන් පුංචි දෙයක් හරි කරල පටන් ගන්න එකනෙ වටින්නෙ නේද...?
අපි හෙමින් හෙමින් යමු ඉස්සරහට...Priyantha Dayakeerthi
මම පැරණි හින්දි සිනමාපට සබ කරන හේතුව ඔබට කියන්නම්. අපේ රටේ ජයන්ත චන්ද්‍රසිරි, හඳගම, සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසුරිය ආදී සිනමාකරුවන් අතලොස්සක් හැරුණු විට අනෙක් සියලු නිර්මාණ "ටෙනිසන් කුරේ" ස්ටයිල් සිනමාපට. පුද්ගලිකවම කිවුවොත් මට නම් ඒවා අප්‍රසන්නයි. එහෙත් පැරණි හින්දි සිනමාපට බොහෝ විට අපේ එකළ ලාංකික ජන සමාජයේ දර්ශන තල හා බොහෝ කිට්ටුවෙන් යනවා. ඒ නිසා මම පුද්ගලිකව ඒවා ප්‍රිය කරනවා. ඒවායේ තිබෙන ගීත තනු ඇසුරින් තමා අපේ බොහෝ අමරණීය ගීත වදන් නිර්මාණය වී තිබෙන්නේ. කනගාටුවට කරුණ ඒ සිනමාපට අද පවතින කිසිම චැනලයකින් විකාශය කරන්නේ නැහැ. මම සබ් කළත් අවාසනාවට අන්තර්ජාලයට පිවිස ඒවා නරඹන්නට වැඩිහිටි ඔවුන්ට හැකියාවක් දැනුමක් නැහැ. මම මේවා සබ් කරන්නේ ලංකාවේ "පැරණි හින්දි ගීත සංගමය" වෙනුවෙන්. ඔවුන්ට ඒවා ඩීවීඩී වශයෙන් රයිට් කර ලැබේ දෙන කෙනෙක් සිටිනවා. මම මෙය දැන්වූයේ ඩවුන්ලෝඩ් ඉතා අඩු වුවත් මම මහන්සිවන්නේ ඇයි කියා ඔබට දැන්වීමටයි. ස්තුතියි!
හසිත මධුෂාන්
දිගටම කරගෙන යමු, ඔබට ජය...!
Anonymous
හසිත සහෝ දෙන ෆිල්ම්වල නම් ගන්න පුලුවන් ආදර්ශ තියෙනවා, ඒත් ඔයා දෙන පරන කසිකබල් හින්දි මගුල්වල මොනවද බන් ගන්න තියෙන්නේ , අනික නිකන් ගොන් කතා කියන්න එපා ඇයි amitabh , dilip kumar ලා ගහමරා ගන්න ඒව කරලම නැත්ද??
තාක්ෂණය එක්ක ඉදිරියට යන්නේ නැතුව ඔයා වගේ ලිං මැඩියෝ වගේ ඉන්නද කියන්නේ?
අනික ඔය කියන විදියට දැන් ඔක්කොම එන ෆිල්ම් ගොබ්බ ෆැන්ටසි කියලද කියන්නේ, පොඩ්ඩක් සර්ච් කරලා බලන්න හොද නිර්මාන කොච්චර තවමත් බිහිවෙනවද කියලා, පොඩ්ඩක් ගිහින් imdb top 250 ෆිල්ම් සෙට් එක බලන්න , ඒවයි 2000 න් පස්සේ ආපු ෆිල්ම් කොච්චර තියෙද කියලා( ඔයා සබ් දීපු හින්දි පරන එව්වනම් නෑ මහත්තයෝ)...
ඒ නිසා දැන්වත් අලුත් නිර්මාන රස්විදින්න බලන්න, ඕයාගේ පරන හින්දි විතරක් නෙවෙයි ලෝක සිනමාව කියන්නේ ඒක ඊට වැඩිය පැතිරුනු විෂයක්, ඒ නිසා අලුත් ඒවට බැන බැන නොහිද අලුතින් බිහිවෙන ගුනාත්මක නිර්මානත් රස්විදින්න(මොනම රටක මොනම කාලෙක සිනමාවෙවත් ඔක්කොම සුපිරි නිර්මාන බිහිවුනේ නෑ පුහු නිර්මාන හැම කාලෙම බිහිවෙනවා)
අන්තිමට කියන්නේ ඔයා ආසයි නේ ලංකාවේ පරිසරය වගේ නිර්මාන බලන්න ඒ නිසා සර්ච් කරලා හොද මලායාලම් නිර්මානයක් රස්විදින්නහසිත මධුෂාන්
අපි එකිනෙකාගෙ රසවින්දනයන්, ආසාවන්, කැමැත්ත එකිනෙකාට වෙනස්නෙ සහෝ...
indika 75
thanks..
සුභාෂිණී මල්ලව ආරච්චි
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි
Lalani Maduwanthi
Thank you,,,
Nimsara
උපසිරසියට බොහොම ස්තූතියි. Yi Yi (2000) ෆිල්ම් එකටත් පුලුවන් නම් සබ් දෙන්නකො.
හසිත මධුෂාන්
මමත් හුග කාලෙක ඉදලා බලන්න හිතං හිටපු ෆිල්ම් එකක්. තායිවාන සිනමාවේ බිහි උන විශිෂ්ටතම සිනමාපටයක් තමයි ඕක.
මම වෙලාවක් ලැබුන ගමන්ම බලලා කියන්නම්...
බොහොම ස්තූතියි මටත් මේක ගැන මතක් කලාට, ඩවුන්ලෝඩ් කරලත් අවුරුදු ගානක් වෙනවා, තවම බලන්න බැරි උනා...
Thusitha Kumara
විශ්වය අවබෝධ කර ගැනීමට අපූරු දායකත්වයක් ලබාදෙන සිනමා නිර්මාණයක්. බෙහෙවින් ම ස්තුතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!