ආයුබෝ වේවා!! ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ කොරියානු චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා.අපෝ කොරියන්ද කියලා මගහැරගන්න එපා.මේක මම බලලා තියෙන හොඳම කොරියානු චිත්‍රපට වලින් එකක්.යුද්ධයකදී සියල්ලෝම පරාජිතයින් බවත්,සියල්ලන්ටම වඩා සාමය අගය කරන්නේ සොල්දාදුවන් බවත් මේ චිත්‍රපටයෙන් බොහොම හොඳට පෙන්නලා දෙනවා. A Taxi D…

ආයුබෝ වේවා!! ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ කොරියානු චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා.අපෝ කොරියන්ද කියලා මගහැරගන්න එපා.මේක මම බලලා තියෙන හොඳම කොරියානු චිත්‍රපට වලින් එකක්.යුද්ධයකදී සියල්ලෝම පරාජිතයින් බවත්,සියල්ලන්ටම වඩා සාමය අගය කරන්නේ සොල්දාදුවන් බවත් මේ චිත්‍රපටයෙන් බොහොම හොඳට පෙන්නලා දෙනවා. A Taxi Driver [2017] චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Jang Hoon තමයි මේකෙ අධ්‍යක්ෂකවරයා. Action | Drama | History ගණයට අයත් මෙය මේ වෙද්දි IMDb දර්ශකයේ 7.4ක අගයක් ලබාගෙන තියෙනවා. Shin Ha-kyun, Seung-ryong Ryu, Cho Jin-woong, Seung-su Ryu, Go Soo, Lee Je hoon වගේ දක්ෂ නළුවන් රාශියක් මෙයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
කතාව පැත්තට හැරෙමු එහෙනම්..ලුතිනන් කන්ග් කියන්නෙ හමුදාවෙන් ඉවත් වෙන්න බලාගෙන ඉන්න හමුදා නිළධාරියෙක්.ඒත් සටන් විරාමයක් අත්සන් කරනකම් ඔහුට ඉවත් වෙන්න බෑ.ඔය වෙලාවෙදි වැරදි තැනක කට ඉස්සර කරගන්න නිසා ඔහුව විමර්ශනයක් කරන්න කේ හිල් කියලා යුධ පෙරමුණකට මාරු කරනවා.මේ යුධ පෙරමුණේ අණ දෙන නිළධාරියා සටනේදි මිය ගියා කියලා වාර්තා කලත් ඔහු මැරෙන්නෙ දකුණු කොරියානු හමුදා නිළධාරීන් පාවිච්චි කරන පිස්තෝලයකින් කරන වෙඩි තැබීමකින්.ඒ වගේම මේ යුධ පෙරමුණෙන් දකුණේ ඉන්න උතුරු කොරියානු හමුදා සෙබළුන්ගෙ පවුල් වල අයට ලියුම් ලැබෙනවා.
කේ හිල් වලට ගියාට පස්සෙ කන්ග්ට තමන්ගෙ පරණ මිත්‍රයාවත් හමුවෙනවා.දවසක් සටනකින් පස්සෙ වෙරි වෙලා ඉන්න සොල්දාදුවෙක්ව දකින කන්ග්ට ඒ ගැන හොයද්දි උතුරු සහ දකුණු සොල්දාදුවන් අතර සිද්ද වෙන ලිපි සහ භාණ්ඩ හුවමාරුවක් ගැන හොයාගන්න ලැබෙනවා.සිද්ද වුන දේ ගැන මානුෂීයව හිතන කන්ග් මේ ගැන වාර්තා කරන්නේ නෑ.චීන හමුදාවේ මූලිකත්වයෙන් කරන පහර දීමකදි දුර්වල නායකත්වය නිසා දකුණු කොරියානු සොල්දාදුවන් පරාද වෙනවා.මේ වෙලාවෙදි හිටපු අණ දෙන නිළධාරියාගේ මරණය වුනේ කොහොමද කියලා කන්ග් දැනගන්නවා.විශාල අහිමිවීම් රාශියකට පස්සෙ උතුර සහ දකුණ අතර සටන් විරාම ගිවිසුම අත්සන් කරනවා.ඒත් මේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්නෙ අත්සන් කරලා පැය 12කට පස්සෙ.ඉතින් දෙගොල්ලොම කේ හිල් අල්ලා ගැනීමේ අවසන් සටනට සූදානම් වෙනවා.අවසානයේ කවුරු කේ හිල් අල්ලගනීවිද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,385 downloadsDownload The.Front_.Line_.2011.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
25 comments
Kavindu Gimhan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rajitha
උපසිරසියට ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
දැන්නම් අපෝ කොරියන් නෙවෙයි අපෝ හොලිවුඩ් කියන තරමට හොලිවුඩ් ෆිල්ම් වල නම් කොලිටිය
වැටිලා තියෙන්නේ
2021 ආපු සීරීස්,මූවීස් දෙගොල්ලොන්ගෙම සැසදුවොත් ඒක හොදට බලාගන්න පුලුවන්
දැන් ඉතින් හොලිවුඩ් ෆැන්ටසි බබාලා වැලලෙන්න එපා මම කොරියන් ඩයි හාර්ඩ් ෆෑන් කෙනෙක් නෙවෙයි සියලුම බාසාවල හොද නිර්මාන රසවිදින කෙනෙක් නිසා අත්දැකීමෙන් කිව්වේ......)
සබට තැන්ක්ස් ලහිරුKushan
Sub akta thanks
Anonymous
Thanks for sub
ishan
thnx machn sub ekta
indika 75
thanks..
Anonymous
meka 2021 film ekak newei neda.. 2011 neda hari eka??????????????
2021 dala google search karata enne nene..Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Nalin
Malli meka hoyanna ne. Sub denawanam film eke link 1 wat dapan. Wedak ne nettam.
Naveen
උපසිරසියට තුති
Anonymous
Korean thriller ,mystery series ekak denna
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Malith samarawickrama
Thanks machan sub ekata
Lakshansilva18
Thanks for subtitles.
The Attorney (2013) korean movie ekatath sub dennakoHimal Erangana
Love and Leashes (2022 • Rom-Com) Movie එකට සිංහල Subtitles දෙන්නකෝ...
♥️ 289&nbsp&nbsp 120&nbsp&nbsp 58&nbsp&nbsp 3&nbsp&nbsp
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Gomiya
Hanson rising dragon ekata sub denna puluwanda
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට ස්තූතියි. දිගටම කතා වලට සබ් කරන්නා.