Watch Trailer

Singularity (2017) Sinhala Subtitles | ප්‍රවේසම්වන්න! මානව වර්ගයා සමූල ඝාතනය කෙරේ.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියට පැමිණි ඔබ සැමට ආයුබෝවන්! ඔන්න හා හා පුරා කියලා මාත් මගෙ පළවෙනි උපසිරැසිය අරගෙන ඔබ හමුවට එනව. සබක් කරද්දි ඒකට යන වෙලාව තමා ලොකුම අභියෝගය. කොහොම හරි පළවෙනි සබ සුපිරියටම කරන්න තිබ්බ උවමනාව නිසා දහසකුත් වැඩ රාජකාරි මැද්දෙ රෑ 2 ක් තිස්සෙ නිදි මරාගෙන සබ පුලුවන් උපරිමෙන්ම කරා. එහ…

බයිස්කෝප් සිංහලෙන් අඩවියට පැමිණි ඔබ සැමට ආයුබෝවන්! ඔන්න හා හා පුරා කියලා මාත් මගෙ පළවෙනි උපසිරැසිය අරගෙන ඔබ හමුවට එනව. සබක් කරද්දි ඒකට යන වෙලාව තමා ලොකුම අභියෝගය. කොහොම හරි පළවෙනි සබ සුපිරියටම කරන්න තිබ්බ උවමනාව නිසා දහසකුත් වැඩ රාජකාරි මැද්දෙ රෑ 2 ක් තිස්සෙ නිදි මරාගෙන සබ පුලුවන් උපරිමෙන්ම කරා. එහෙනං ඉතිං වැඩිය කතා නැතුව ෆිලුම පැත්තට යමු. මේක මගෙ පළවෙනි සබ්ටයිටල් එක උනාට ෆිල්ම් එක නම් සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක්. මේකෙ කතා තේමාව ටිකක් පොදු එකක් උනාට චිත්‍රපටියේ අන්තර්ගතය නම් වෙනස්ම මගක් ගන්නව. මේ ෆිලුම රිලීස් වෙන්නෙ 2017 නොවැම්බර් මාසෙදි.

මොකක් හරි හේතුවක් නිසා ෆිලුම පටන් ගන්නෙත් 2017 න්මයි. මෙන්න මේකයි වෙන්නෙ, 2017 දී VA(වී ඒ) ඉන්ඩස්ට්‍රීස් කියලා සමාගමක් නවීන රොබෝවරුන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නව. මේක කොච්චර සාර්ථක වෙනවද කිව්වොත් 2019 වෙද්දි මෙයාලා යුධ කටයුතු සදහා යුධ රොබෝවරුන් නිපදවන්නත් පටන් අරන්. දැං ඉතිං වෙන දේ කියන්න ඕනෙ නෑනෙ. ලෝකය පුරා යුධ ගැටුම් උත්සන්න වෙලා මේ සමාගමට විරුද්ධව විශාල ජනමතයක් ගොඩනැගෙනව. මෙන්න මෙතනදි තමයි මං කිවුවා වගේ පොදු කතා තේමාව එලියට එන්නෙ. Artificial Intelligence !! කෘතිම බුද්ධිය !! කොහෙන්ද මේ එක පාරටම කෘතිම බුද්ධියක්?? සමහර අයට එහෙම හිතෙනව ඇති. මේ වී අයි(VI) කාරයො කොහෙන් හරි කෘතිම බුද්ධියකුත් හදල ඒ කෘතිම බුද්ධිය මිනිස්සුන්ව යටත් කරගන්නව ඇති.. සමහර අයට එහෙම හිතෙන්නත් ඇති. එහෙම හිතුන නම් ටිකක් විතර හරි. හැබැයි ඉතිං යටත් කරගැනීමක් නම් නෙමෙයි. එහෙනම් මොකද්ද?? තනිකරම සමූල ඝාතනයක්!!!! අන්න එතනදි තමයි මේ පොදු කතා තේමාව ඔස්සේ යන චිත්‍රපටියේ අන්තර්ගතය වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඇයි මේ Artificial Intelligence එක මිනිසුන්ව ඝාතනය කරන්නෙ?? මොකද්ද හේතුව?? මිනිස්සුන්ට බේරෙන්න පුලුවන් වෙයිද?? ඒවට උත්තර හොයාගන්න එක මම ඔබට බාර කරනව.

චිත්‍රපටිය ගැන තව ටිකක් කියනව නම් මේකට IMDb 5.3/10 ක සැලකිය යුතු මට්ටමේ අගයක් ලැබිල තියනව. IMDb වල එහෙම උනාට Rotten Tomatoes Average Rating එක විදිහට 7/10 ක් වැනි ඉහල අගයක් ලබාගන්න මේ පිලුම සමත් වෙලා තියන බව නම් කියන්නම ඕනෙ. කොහොමත් සමහර හොද චිත්‍රපටි වල IMDb අගය අඩුයි කියල(හේතුව නම් මම දන්නෙ නෑ ඔන්න) චිත්‍රපට ලෝලීන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේකත් ඒ වගේ එකක්..ඒ නිසා මේ පිලුම බලන්න කියල හැමෝටම ආරාධනා කරනව..එහෙනං ඊලග උපසිරැසියෙන් අනිවාර්යයෙන්ම හමුවෙමු..පුලු පුලුවන් අය පුලු පුලුවන් විදියට පහළින් කොමෙන්ටුවකුත් දාගෙන ගියොත් ඊලග උපසිරැසියට ඒක ලොකු හයියක් වෙයි කියල හිතනව.. සබ් එකේ අඩුපාඩු තියනවනම් අනිවාර්යෙන්ම කියන්න ඕනෙ..එහෙනං ඔන්න මං ගියා.. හැමෝටම සුබගමන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

3,200 downloadsDownload Singularity-2017.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සප්තක අර්ථසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සප්තක අර්ථසාද්

Subtitles

3,200 downloadsDownload Subtitles30 KB

38 comments

  1. ranga11112

    Sub akata bohoma pin yaluwa...

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. oshanda

    sub ekata sthuthi..puluwannam admin sahoo ප්‍රවේසම් kiyana eka edit karala dhaanna

  4. Asitha.pramoth

    Thanx for the sub✌️✌️✌️

  5. geeganagamage

    බොහොම ස්තුතියි අනේ පුළුවන්නම් tremors 6 ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ.

    1. machan gola

      වෙන කෙනෙක් ඒකට සබ් කරන්න බාර අරගෙන තිබුනෙ නැත්නම් සතියක් ඇතුලත ෂුවර් එකටම දෙන්නම්..

  6. Tharindu Rashan

    sub ekata thanko saho

  7. machan gola

    sub එකට තෑන්ක්ස් සහෝ... ගොඩක් කල් බලන්න ආසාවෙන් හිටපු film එකක්.. පුලුවන් නම් Dunkrik ෆිල්ම් එකටත් සබ් එකක් කරන්න..

    1. machan gola

      ..

    2. pamitha

      Dunkirk (2017) with Sinhala Subtitle | ඩන්කර්ක් ප්‍රාතිහාර්යය හෙවත් ඩයිනමෝ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්

  9. Rashmika dumidu

    බොහොම ස්තුතියි ජයෙන් ජය

  10. LuckyDhananjaya

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  11. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    මේකේ imbd අඩුයිද ඔන්න මන් තරු 10 කම දුන්නා මේකට

    1. සප්තක අර්ථසාද්

      ටිකක් අඩුයි සහෝ..

  12. pamitha

    ela

  13. jagath55

    Thanks

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
    ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්.....!

  15. Hasitha Madush

    සබ් එකට ස්තූතියි සහෝ....දිගටම සබ් කරන්න...ඔබට ජය...!!!!

  16. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  17. chanaka47

    Digatama Sub karamu Kollo.. Jaya.

  18. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. බොබී

    පළවෙනි වතාවට සබ් දාන කෙනෙක් තමයි දන්නේ සබ් හදන එකේ අමාරුව. මහන්සි වෙලා අපිට සබ් එක දුන්නට ස්තූතියි. තවත් මෙවන් නිර්මාණ වැඩි වැඩියෙන් ගෙන ඒමට ශක්තිය ලැබේවායි සුභ පතනවා.

  21. malith

    Ela ela

  22. HARSHANA9211

    Thank you

  23. chinthaka_priyadrshana

    Thank U bro.......

  24. Dewadithya

    Thanks!!

  25. Darshana89

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්
    තවත් උපසිරැසි සෑදීමට ශක්තිය ලැබේවායි සුභ පතනවා.

  26. sasanwalasa

    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    පළවෙනි උපසිරැසියට සුභ පැතුම්

  27. AsithaDilruwan

    Ela saho thanks

  28. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  29. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    ජයවේවා…

  30. Chulender kasun

    Thanks.........

  31. Anoj dinuranga

    Thanks saho sub ekata...

  32. Shan me

    Not support singularity move sinhala sub?

  33. dilani.i

    THANKS

  34. suchroxx

    Thanks Bro