Watch Trailer

Solva Saal (1958) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ලාජ් නමැති තරුණිය සමඟ හිතවත්ව සිටින ෂාම් නමැති තරුණයා, ඇයට නිවසින් පැන යාමට යෝජනා කරයි. එයට හේතුව වන්නේ ඇගේ පිය…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ලාජ් නමැති තරුණිය සමඟ හිතවත්ව සිටින ෂාම් නමැති තරුණයා, ඇයට නිවසින් පැන යාමට යෝජනා කරයි. එයට හේතුව වන්නේ ඇගේ පියා මෙම සම්බන්ධයට විරුද්ධ නිසායි. ඒ යෝජනාව අනුව ඇය නිවසට හොර රහසේ ඔහුත් සමඟ යාමට පැමිණේ. එසේ පැමිණෙන විට ඉතාමත් වටිනා මුතු මාලයක් ඇය නිවසින් රැගෙන එයි. මෙම මාලයට ලෝභ වන ෂාම් නමැති පෙම්වතා එය රැගෙන පලා යයි. ඉන්පසුව ඇය අතරමන්වේ. මෙතැන් සිට ඇයට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. දේව් ආනන්ද් සහ වහීඩා රේමන් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර්ය කාලා” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසි නවවෙනි සිංහල උපසිරසිකරණයයි. පැය දෙකයි, මිනිත්තු තුනයි, තත්පර විසිපහක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. එමෙන්ම මෙය මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කළ මෙගා බයිට් 585 ක වීඩියෝවකි. එම වීඩියෝව පමණක් මෙම උපසිරසියට ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,168 downloadsDownload Solva-Saal-1958.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

1,168 downloadsDownload Subtitles35 KB

17 comments

  1. jstar

    brilliant work bro thanks a lot more

  2. Hiran Eranda

    thanks for sub. Good Luck

  3. Hiran Eranda

    thanks for sub.

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Kasun Kalpadeeth

    උපසිරසට බොහොම ස්තූතී සහෝ ,.. ඒත් ඇයි මෙ පරන ඒව දෙන්නෙ , කව් රුවත් නොදීපු අලුත්ම ෆිල්ම්ස් තියෙනවනෙ , hate story 4 / pad man / Kaalakaandi / පුලුවන්නම් ඒවට දෙන්න සහෝ.. ජය වේවා !

    1. Udara Damith Dissanayaka

      අලුත් ඒවාට උපසිරස කරන්ඩ පෝලිමේ ඉන්නවනේ
      ඒ අය ඒවා කරයි
      පරණ ඒවා ට wediyaකස්ටිය නී නේ ඒ නිසා යි
      පරණ ඒවත් බලන අය ඉන්නවනේ
      මන් වගේ අය

    2. Priyantha Dayakeerthi

      Kasun Kalpadeeth සොයුර,
      ඇත්තෙන්ම කිවුවොත් මේ වෙබ් එකේ සබ් දෙන සියළුම අයවලුන් කාලය වැයකරගෙන සබ් නිර්මාණය කරන්නේ තමන් පුද්ගලිකව ප්‍රිය කරනා සිනමාපට සඳහායි. ඉතින් මම ඉතාමත් කැමතියි පැරණි හින්දි සිනමාවට. ඒ නිසායි මෙවැනි සිනමාපට තෝරාගෙන සිංහල සබ් දෙන්නේ. මේ සයිට් එකේ බොහෝවිට මම හැර අනෙක් සියළුදෙනාම සබ් දෙන්නේ අළුත් ඒවාට පමණයි. ඒත් මගේ කැමැත්ත තිබෙන 10 ක් හිටියත් කමක් නැහැ, මම මේ ආකාරයේ සිනමාපට තෝරාගෙන දිගටම සබ් කරනවා. අදහස් දැක්වීම ගැන ඔබට ස්තුතියි!

  6. hegoda

    ස්තූතියි. තව තවත් ධෛර්ය ලැබේවා.

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  9. Priyantha Dayakeerthi

    අදාළ වීඩියෝව ඩවුන්ලෝඩ් කරගැනීමට Priyantha Dayakeerthi ෆේස් බුක් ගිණුමට යන්න.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. kasun sudangama

    thanks aiye oya me karanne pattama wedak oyata subha pathanawa

  12. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  13. M.W. Dilhani

    sathyam sivam sundaram eke sub eka denna puluwannam.

  14. sachiku koojana

    ඔබතුමා මේ කරන කාර්යය ඉතා ම වටිනවා... හැකි තාක් පැරැණි චිත්‍රපටවලට ඉදිරියටත් උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. ජය වේ වා!

  15. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.