ඔන්න එහෙනම් එන්නේ නෑ කිව්වට ඔන්න අපි ආවා ආයේ. ආවා නෙවෙයි ඉතින් එන්නම සිද්දවුණා. මේක ඉතින් මං ගත්ත එකක් නෙවෙයි. අනුරුද්ධ සහෝ බාරගත්ත එකක් ඊයේ (බ්‍රහස්පතින්දා) මහා රෑ යක්කු ගස් නගින වෙලාව තමයි කියලා තිබුණේ මේක කරලා දාන්න කියලා. ඩීසි එකක් නිසා ගත්තා මිසක්. කොහොමහරි සිකුරාදා දවසේ මේක කලින් දවසේ ලැබුණු…

ඔන්න එහෙනම් එන්නේ නෑ කිව්වට ඔන්න අපි ආවා ආයේ. ආවා නෙවෙයි ඉතින් එන්නම සිද්දවුණා. මේක ඉතින් මං ගත්ත එකක් නෙවෙයි. අනුරුද්ධ සහෝ බාරගත්ත එකක් ඊයේ (බ්‍රහස්පතින්දා) මහා රෑ යක්කු ගස් නගින වෙලාව තමයි කියලා තිබුණේ මේක කරලා දාන්න කියලා. ඩීසි එකක් නිසා ගත්තා මිසක්. කොහොමහරි සිකුරාදා දවසේ මේක කලින් දවසේ ලැබුණු වෙලාවට වගේ කිට්ටු කරලා මේක ඉවරයක් කරගන්න ලැබුනා. කතාව නම් හිතුවට වඩා පට්ටයි.
අයිවී, ජේසන් වූඩෲ නොහොත් ෆ්ලොරික් මෑන් එක්ක කණ්ඩායම් ගැහිලා. දන්නවනේ දෙන්නම ගස් වලට කැමති අය. ෆ්ලොරික් මෑන් කියන්නෙත් ගොහොරුවෙක් තමයි. ඉතින් මේ දෙන්නා හදන්නේ ඩොක්ටර් ඇලෙක් හෝලෑන්ඩ්ගේ රසානයික සුත්‍රයක් හොරකම් කරලා ඒක තවත් රසායනික විශේෂඥයෙක් ලවා අර හෝලෑන්ඩ්ගේ රසායනික සුත්‍රය පාවිච්චි කරලා රසායික ද්‍රව්‍යයක් හදලා මිනිස් වර්ගයාව ගස් බවට පත් කරන්න. එහෙම කරන්න හේතුව තමයි මොකද ඒ දෙන්නා හිතන්නේ මිනිස් වර්ගයා ලෝකය විනාශ කරලා තියෙන්නේ. ඒ අය අතින් වැරදි වෙනවා. ගස් කොලං වනසනවා. පරිසරය අපවිත්‍ර වෙනවා. ඔය වගේ දේවල් නිසා. ඉතින් හිතන්න මිනිස්සු ගස් කොලං වුනොත් කාටවත් හානියක් වෙන්නේ නැහැ. හැබැයි මිනිස් වර්ගයා මිය ගිහින් තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. අයිවී හා ෆ්ලොරික් මෑන් මුලින්ම කඩා පනින්නේ ස්ටාර් ලැබ් එකට. ඔතිනින් මේ දෙන්නා සුත්‍රය නම් හොයාගන්නවා. පස්සේ තමයි හොදම හරිය පටන් ගන්නේ. මේ දෙන්නා මේ රසායනික ද්‍රව්‍ය හදන්න උත්සහ කරන අතරේ බැට්මෑන් හා නයිට්වින්ග් මේ දෙන්නව නවත්තන්න උත්සහ දරනවා. ඉතින් එතකොට කොහොමද මේකට හා(ර්)ලි ක්වින්ව ගෑවෙන්නේ? හා(ර්)ලිගෙයි නයිට්වින්ග්ගෙයි අරහෙම දේවල් ටිකක් බලාගන්නත් පුලුවන්. විශේෂයෙන්ම ස්වාම්ප් තින්ග් දැකලා නැත්තම් එයාව බලාගන්නත් පුලුවන්.
2017 අගෝස්තු 15 වෙනිදා තමයි මේක නිකුත්වීම ආරම්භ කරන්නේ. DC හා WB ලගේ 29′ වැනි ඇනිමේෂන් චිත්‍රපටිය හැටියට තමයි සැලකෙන්නේ. Batman: The Killing Joke (2016), Justice League vs. Teen Titans (2016) ඇතුළුව තවත් DC කොමික් ඇනිමේෂන් චිත්‍රපට 7ක් වගේම මාවල් යුනිවර්ස් එකේ ඇනිමේෂන් චිත්‍රපටි තුනකුත් අධ්‍යක්ෂණය කරපු Sam Liu තමයි මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. පැයකුත් විනාඩි 14කුත් පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Animation, Action, Adventure කියන කැටගරි වලට තමයි අයත් වෙන්නේ. IMDb අගය 6.1/10 ක් වගේ ලැබිලා තිබුනත් ඔයාලට බලලා රසවිදින්න පුලුවන්, සාමාන්‍ය ක්‍රියාදාම වලින් මිදිලා හාස්‍යයට බර චිත්‍රපටයක් හැටියට තමයි මේක සැලකෙන්නේ. ඔව් මේකේ පොඩ්ඩක් විහිළුවට බර ගතියක් තියෙනවා. හා(ර්)ලි ක්වින් ඉන්න නිසා වෙන්න ඕන. එහෙනම් ඉතින් බ්ලුරේ කොපියෙන්ම සබ දුන්න නිසා එක සැරේම බලලා දාන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා.
Due to copyright issues, we do not provide any torrent links Batman.and.Harley.Quinn.2017.720p.BluRay.x264.DTS-MT-HI මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා ගැලපේ.
6,433 downloadsDownload Batman-and-Harley-Quinn-2017.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
37 comments
Pradeep Anuruddha Dissanayake
එල්.සී. දමැල්
Bohomathma Thanks :D
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
lakshan
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
nirodha uthpala
Deviyane meka supiriyak obata jaya bro thx for sub
Indika
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~DG
bohoma sthuthi saho....
Udara Damith B/K
නියමයි
එල
ස්තුතියිCharuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි සහෝ
සචින් දිල්හාර
Elama bro...
බොහොම ස්තූතියි.Sajith Anthony
උපසිරැසියටබොහොම ස්තුතියි සහෝ...!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydrashashika umesh
thank you.. elama
Lakshan
Thanks Bro.
supun bro
bohoma thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
Pubudu Yazantha
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
yohan
sub එකට ස්තුති සහෝ...
manupa1234
thanks a lot......
Batman.Gotham.by.Gaslight.2018.
me movie eke sub ekath puluwan ikmanata danna....gihansanju
batman gotham by gaslight එකේ Sub එක කරල දෙන්නකො...
gihansanju
batman gotham by gaslight එකේ Sub එක කරල දෙන්නකො...
Rukmal sandaruwan weerasekara
Thanks!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Jeevan Suraj
Thanks for the sub
madhzz
thanks
Dewadithya
Thanks for Sub!
THISARU DILMINA
thanks sub ekata brother
Bimbisha Adithya
Thank you♥️
Anonymous
බොහොමස්තූතියි සහෝදරයා... ජය වේවා...❤️❤️❤️
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks wewa sub eka kalata