Watch Trailer

Sister Midnight (2024) Sinhala subtitles | ඇය ද නොදන්නී.. [සිංහල උපසිරසි]

Sister Midnight (2024) Sinhala subtitles ඉතින් මේ වසරේ තිරගත වෙච්ච අලුත්ම හින්දි චිත්‍රපටයක් තමා අද මේ විදිහට අරන් එන්නේ. මේක ගැන මට පුද්ගලිකව අවධානයක් යොමු වෙන්න ලොකුම සහ එකම හේතුව තමා Radhika Apte. මොකද ඒ මනුස්සයා ඉන්න ආත භූත චිත්‍රපට බොහොමයකට ඒ වගේම එයාගේ ඔරිජිනල් ආත භූත රඟපෑම්වලටත් මං හරි මනාපය…

Sister Midnight (2024) Sinhala subtitles ඉතින්  මේ වසරේ තිරගත වෙච්ච අලුත්ම හින්දි චිත්‍රපටයක් තමා අද මේ විදිහට අරන් එන්නේ. මේක ගැන මට පුද්ගලිකව අවධානයක් යොමු වෙන්න ලොකුම සහ එකම හේතුව තමා Radhika Apte.  මොකද ඒ මනුස්සයා ඉන්න ආත භූත චිත්‍රපට බොහොමයකට ඒ වගේම එයාගේ ඔරිජිනල් ආත භූත රඟපෑම්වලටත් මං හරි මනාපයි. ඉතින් ඒ නිසාමයි මේකට මේ විදිහට අත ගහන්නේ. ඉතින් මේ චිත්‍රපටය හෙන අමුතුයි, හෙන භූතයි. ඉවර වුණාම මේ මොකක්ද මේ බැලුව කෙහෙල්මල වගේ හැඟීමකුත් එන්න පුළුවන්. පුළුවන් නෙමේ එහෙම හැඟීමක් එයි ගොඩක් දුරට. ඉතාම අතලොස්සක් වගේ මේක විඳියි, තේරුම් ගනියි. මොකද කලින් කිව්වා වගේ මේක ටිකක් ආත භූතයි. හැබැයි මේ කතා තේමාවේ තේරුමක් නැත්තෙමත් නෑ. ඒ නිසා තමන් විසින් ම මේ බ්ලැක් කොමඩි/හොරර් ජාතියේ චිත්‍රපටය බලන නොබලන එක තීරණය කරගන්න කියලා ඉල්ලා සිටිනවා. හැබැයි එකක් කියන්න ඕන, මේ ටිකේ බලන්න සිද්ධ වෙලා තියෙන වට්ටෝරුගත හින්දි සිනමාව එක්ක ගත්තහම මට නම් එක අතකින් මේක මාරම වෙනසක්. මේ චිත්‍රපටයේ පැය 01යි විනාඩි 45ක් වගේ තමා දුවන්නේ. කතා කරන්නෙත් බොහොම අඩුවෙන්.ඒ කියන්නේ ටයිප් කරන්න තිබ්බෙත් බොහොම පොඩි උපසිරැසි පේලි ගණනක්. 400ක් වගේ. ඒත් මට ඒ ටික කරන්නත් බොහොම කාලයක් ගියා. දැන් එහෙමයි. ඉස්සර වගේ නෙමේ. හැමදේටම කාලයක් තියෙනවනේ. ඒ කාලේ නැති වේගන යනවා වගේ දැනෙනකොට ඒ දේවල්වලින් ඈත් වෙන්න ඕන, නැද්ද?

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.

1,202 downloadsDownload Sister-Midnight-2024.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sister Midnight (2024) Sinhala subtitles

Subtitles by

PHOENIX

Subtitles

1,202 downloadsDownload Subtitles17 KB

8 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබට......
    තාම උපසිරැසිවැඩේ අල්ලං ඉන්නවට බොහොම ස්තූතියි සහෝ..............
    ජයවේවා..........

  2. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  3. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  4. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔහොම්මම වෙන්ස්ඩේ එකටත් උපසිරැසි ඕනෙ ඈ ඔයාගෙන්ම. ජයවේවා!

  5. Anonymous

    Thank You Brother digtam kragen ymu

  6. අචින්ත

    පෝස්ටුවකින් මේ පිල්ම් එක ගැන ඔත්තුවක් ලැබෙද්දිම නිකමට හිතුන මයුර කරයිදෝ සබ් කියල.
    මෙන්න හරි නෙවැ..!
    බලල අදහසක් තියන්නම් තෑන්ක්ස් හොදේ
    (සයිට් එකට ගොඩ වෙන්න බැරි වුණා ගොඩ දවසකින් අප්පා)

  7. අචින්ත

    කිව්වත් වගේ තනිකරම ආතබූත පිලුමක් මේක නම් මයුර.. මුළු ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ ග්‍රේ ෆීලින් එකක්..බැක්ග්‍රවුන්ඩ් එකේ මිනිස්සු පෙන්නන විදිහ ඒ රිදම් එක ඩේලි රුටීන් එක එතන පෙන්නන හදන ඩිප්‍රෙශන් එක බලන කෙනෙක්ට ෆ්‍රස්ට් හාෆ් එකේදිම නහරවලටම දැනෙනව..මේ ෆිල්ම් එක ඇත්තටම ස්ට්‍රෙස් වෙලාවට ටී එකක් ගහන ගමං රිලෑක්ස් වෙන්න බලන්න හිතන කෙනෙක් නම් ලොවෙත් නොබල ඉන්න එක තමයි වටින්නෙ...එහෙම බැලුවොත් අනිවාර්‍යෙන්ම ෆ්රස්ට් හාෆ් එකේදිම බෝරිං වෙන්න මොන මගුලක්ද මේ හිතෙන්න දමල අතාරින්න හිතෙන්න විතරක් නෙවේ මයුරටත් ආමන්ත්‍රණැය කරන්න හිතෙන්න පුළුවන් සත්තයි..මේක බලන්න, ත්‍රිලර් නොවෙන සයිකොලොජිකල් ඩ්‍රාමා කැටගරිය බලන්න හිතන සිම්බොලික් දේවල් ඔට්ටු, වෙලාවක් අරං නිවිහැනහිල්ලෙ විකාර විදිහෙ කතා බලන ඕන කෙනෙක් නොවරදවාම බලන්න..පර් ස නලි මං ෆිල්ම් එකට කැමති වුණේ එක ශොට් එකක්(සිගරට් එක කකුලෙ ගහං බොන සීන් එක,ඒක මාර ලස්සනයි) නිසා..ඒ වගේම මේකෙ තිබුණ බොහොම අඩු ඩයලොග්ස් ටික මාර විදිහට ෆිල්ම් එකට ඇදල තියාගන්නව හස්බන්ඩ් ගෙ ඩිලිවරිස් පවා..වචන දෙක තුනකිං හියුමර් එක දෙන්න පුළුවන් ඉන්ටප්‍රිටේශන් සේරම දුන්නා..පටං ගත්තෙ බෝරිංවට ඉවර වුණේ අමතක නොවෙන වෙනස්ම ෆිල්ම් එකක් වෙලා...තෑන්ක්ස් මයුර..(ෆිල්ම් එක බලල අදහසක් තියනව කිව්වනෙ ඒකයි දිගම කමෙන්ට් එක ඕං තිබ්බෙ)

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤