Ronth (2025) Sinhala Subtitless ආයුබෝවන්,මෙන්න අළුතෙන්ම නිකුත් උන චිත්‍රපටය. රේටිං පේනවනේ. ඒ එක්ක බලන කොට ටිකක් හිතට වැදුන චිත්‍රපටයක් කියන්න පුළුවන් උනත් වාණිජ අතින් එතරම්ම සාර්ථකත්වයක් ලබා ගෙන නම් නෑ. ඒකට හේතුව ලස්සනට ගලා ගෙන ගිහිං උස්සල පොලේ ගැහුව වගේ ඉවර කරපු එක වෙන්න ඇති. දෙවෙනි කොටසකට මග පාදන…

ආයුබෝවන්,මෙන්න අළුතෙන්ම නිකුත් උන චිත්‍රපටය. රේටිං පේනවනේ. ඒ එක්ක බලන කොට ටිකක් හිතට වැදුන චිත්‍රපටයක් කියන්න පුළුවන් උනත් වාණිජ අතින් එතරම්ම සාර්ථකත්වයක් ලබා ගෙන නම් නෑ. ඒකට හේතුව ලස්සනට ගලා ගෙන ගිහිං උස්සල පොලේ ගැහුව වගේ ඉවර කරපු එක වෙන්න ඇති. දෙවෙනි කොටසකට මග පාදන්න පුළුවන් කියල හිතනවා.
මේකත් පොලිස් කතාවක්, කාකි කෝට් එක ඇතුලෙ එක එක ජාතියෙ එවුන් හැංගිලා ඉන්නවා. ඒ වගේ චරිත කීපයක් අපූරුවට ඉස්මතු කරල ගන්න අධ්‍යක්ෂක වරය සමත් වෙලා තියෙනවා මේක එක රැයක් තුල සිදු වන කතාවක්. පොලිස් නිලධාරියෝ දෙන්නෙක් රාත්‍රී මුර සංචාරයක යෙදෙන විට මුහුණ දෙන විවිධ සිදුවීම් මේකට පාදක වෙනවා. අත්දැකීම් සහිත පැසුණු ටිකක් සැර පරුෂ පොලිස් උප පරීක්ෂක වරයෙක් සහ ආධුනික තරුණ පොලිස් කොස්තාපල් වරයෙක් තමයි මේ මුර සංචාරයේ යෙදෙන්නෙ. ඉතින් එකිනෙකාට වෙනස් ගති පැවතුම් සහිතව එකම කාකි නිල ඇඳුමක් දරාගෙන එකම රාජකාරියක නියැලෙන මොවුන් අතර ඇති වෙන අන්තර් සබඳතා, ඝට්ටන සමග රාත්‍රිය ගෙවන දෙදෙනාට අනපේක්ෂිත සිද්ධියකට මුහුණ පාන්න වෙනවා. ඉතිං මේ කඩා පාත් උන සිද්ධියෙන් මොවුන්ගේ ඉරණම කුමක් වෙයිද?
මලයාලමේ අමතක කරන්න බැරි මේ වගේම කාකි සූට් අස්සට රිංගපු සංවේදී පොලිස් කතා දෙකකින් එකක් වෙන ‘නායට්ටු’ කතාවෙ තිර රචනය කරපු ‘එල වියා පූන්චිරා’ කියන විශිෂ්ඨ චිත්‍රපටයෙන් කුළුඳුල් අධ්‍යක්ශණයට පිවිසිණු ශහි කබීර් මේකත් අධ්‍යක්ෂනය කරනවා. ඒ නිසාම ඒ කතා ද්විත්වයේම තිබෙන අනන්‍යතාව මේ කතාවෙත් එහෙමම තියෙනවා. ඒ දෙකත් ඉතාම කෙටි කාල සීමාවක් තුල ඇදී යන කතාවල් වෙන අතර අවසානයත් ඔබ බලාපොරොත්තු ආකාරයෙන් නෙමෙයි සිද්ධ වෙන්නෙ. දිලීෂ් පොතාන් සහ රොෂාන් ම්තැව්ගේ අමතක නොවන රංගනයත් සමග අරුන් චෙරුකවිල්, ලක්ශ්මි මෙනන් වැනි නළුවන් රඟපානවා. එහෙනම් මේකත් බලන්න.
තවත් උපසිරැසියක් සමග හමු වෙමු.
Ronth (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,645 downloadsDownload Ronth-2025.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ronth (2025) Sinhala Subtitles
Subtitles
4 comments
Buddhika laKMal
Lahiru
සබ් එකට බොහොම ස්තූති. දිගටම මලයාලම් වලට සබ් ඕන. පුලුවන් නම් rifle club movie එකටත් සබ් දෙන්න
Sahan Gayantha
thanks a lot Bandula brother sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement

ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් දුන්නට