Watch Trailer

The Handmaiden AKA Ah-ga-ssi (2016) with Sinhala Subtitles | මෙහෙකාරිය සහ ආර්යාව (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2017 අවුරුද්ද බයිස්කෝප්වාසී ඔබ සැමට සාමය සතුට පිරි ලෙඩ රෝග වලින් තොර අයහපතක් නොවන යහපතක්ම වන, සිතු සිතුම් ඉටුවන ඉසුරු බර අළුත් අවුරුද්දක් වේවා! ඒ වගේම තමයි සිංහල උපසිරසි ලබා ගන්නත් සහ ලබා දෙන්නත් අප වෙනුවෙන් කැප වුණ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරුන්ට හද පිරි ස්තූතිය ප්‍රකාශ කරන්…

The Handmaiden (Ah-ga-ssi) (2016)

ලැබුවා වූ 2017 අවුරුද්ද බයිස්කෝප්වාසී ඔබ සැමට සාමය සතුට පිරි ලෙඩ රෝග වලින් තොර අයහපතක් නොවන යහපතක්ම වන, සිතු සිතුම් ඉටුවන ඉසුරු බර අළුත් අවුරුද්දක් වේවා! ඒ වගේම තමයි සිංහල උපසිරසි ලබා ගන්නත් සහ ලබා දෙන්නත් අප  වෙනුවෙන් කැප වුණ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරුන්ට හද පිරි ස්තූතිය ප්‍රකාශ කරන්නෙමි. එහෙනම් ඉතින් 2016 අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් හොඳම චිත්‍රපටිවලට සිංහල උපසැරසි ගේන්න මමත් බලාපොරොත්තු වෙනවා.

කලින් වතාවෙ දුන්නු ”the mermaid” චීන චිත්‍රපටිය සහ ‘‘the tunnel” කොරියානු චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියල හිතනවා.ඉතින් අදත් අරගෙන ආවේ 2016 වර්ෂයේ ජූනි 1 කොරියාවෙත්, අගෝස්තු 25 රුසියාවෙදිත් තිරගත කිරීම පටන් ගත් කොරියානු භාෂාව සහ ජපන් භාෂාව යොදාගෙන නිර්මාණය කරන ලද ඉතිහාසගත වෙන කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසියක්. මේ චිත්‍රපටියට මේ වනකොට සම්මාන 28ක් ලැබිලා සහ තවත් සම්මාන වලට නිර්දේශ වෙලා තියනවා. imdb 8.1 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේ චිත්‍රපටිය පැය 2 යි විනාඩි 47 ක් පුරා දාවනය වන ත්‍රාසජනක සහ නාට්‍යමය ගණයට අයත් වන්නක්. 2016 අවුරුද්දේ තිරගත වුණ කොරියානු චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටියටත් ඉහළ ස්ථානයක් ලැබිලා තියෙනවා.

මේ චිත්‍රපටිය කොටස් තුනකින් සමන්විතයි. (එකම කතාව තමයි). සාරංශ කරොත් මෙහෙමයි.

1 කොටස.

කොරියාවේ ජපන් පාලන කාලය තුල.  ”ෆුජිවාරා ආදිපාඳ”(Ha Jung-woo.#the tunnel, chaser, yellow sea, terror live. and more..) හැටියට ඉන්න  වංචාකාරයෙක් එහෙම නැත්තන් දෙපිටිකාට්ටුවෙක් ඒත් නැත්තන් හොරෙක්. ඒ වගේම හොර ජාවාරම් කරන පවුලකින්, සුක් හී (Kim Tae-ri) කියන ගැටකපන කෙල්ලව කුලියට ගන්නවා. මෙයාව කුලියට ගන්නේ විශාල ධනයකට උරුමකම් කියන ජපන් අර්යාවක් වන හිඩෙකෝගෙ(Kim Min-hee) මෙහෙකාරිය කරවන්න. මේ වංචාකාර ආදිපාදවරයා සැලසුම් කරන්නෙ හිඩෙකෝ ආර්යාව විවාහ කරගෙන ඇයට උරුම ධනය සහ දේපල හොරකම් කරලා හිඩෙකෝව පිස්සන් කොටුවකට දාන්න. ඒකට හවුල්කාරියක් හැටියට තමයි සුක් හීව කුලියට ගන්නෙ. සුක් හී “ටමකෝ” කියන නමින් හිඩෙකෝගෙ දැනට භාරකරුවන වගේම ඇයව පාලනය කරන හිඩෙකොගෙ මාමා ”කොවුසුකි”(Cho Jin-woong) බංගලාවට යනවා. හිඩෙකෝගෙ දිවිනසා ගත්තු නැන්දා නිසා හිඩෙකෝ රෑට බය වෙලා ඇහැරෙනවා. මේ නිසාම සුක් හී සහ හිඩෙකෝ නිතරම එකට කාලය ගත කරනවා. මේ දෙන්නා හොඳින් ඉන්න නිසා හිඩෙකෝ එයාගෙ ඇඳුම් ආභරණ සුක් හීට අඳින්නත් දෙනවා. හිඩෙකෝ, ෆුජිවාරා ආදිපාදව බඳින එක ගැන වැඩි උනන්දුවක් නෑ. එයා ආදරේ ගැන හැඟීම් ගැන කිසි දෙයක් දන්නෙ නෑ. ඒත් සුක් හී හිඩෙකොට ආදරය සහ හැඟීම් ගැන සහ එයින් ලැබෙන සතුට ගැන හිඩෙකොට කියල දෙනවා.(+18) ඒත් ෆුජිවාරගෙ සැලැස්මට තියන උනන්දුව සුක්හිට නැති වෙලා යනවා. ෆුජිවාරා ආදිපාදවරයා හිඩෙකෝ එක්ක එකට ඉන්න එකට පවා සුක්හී අකමැති වෙනවා. ඒත් සුක්හීගෙ අනාගතේ ගැන හිතලා කසාදෙට අකමැත්තෙන් ඉන්න හිඩෙකොට ෆුජිවාරව බඳින්න උනන්දු කරවනවා.

හිඩෙකොගෙ මාමා සතියකට ව්‍යාපාරවලට ගෙදරින් එළියට යනවා. යන්න කලින් හිඩෙකොට “පාත මහල ගැන අමතක කරන්න එපා.” කියන අවවාදෙ දීලයි යන්නෙ.(ඇයි කියල බලාගන්න පුළුවන්) ඊට පස්සෙ ෆුජිවාරා සහ හිඩෙකෝ සුක් හීවත් එක්කරගෙන ගෙදරින් පැනල ගිහින් විවාහ වෙනවා. හිඩෙකොගෙ දේපල සල්ලි වලට හරවගෙන සුක්හී, ෆුජිවාරා හිඩෙකෝ තුන්දෙනාම මානසික රෝහලට යනවා. ඒත් එතනදි හිඩෙකෝ සුක්හී අතට ආභරණ කෑල්ලක් දීලා ෆුජිවාරත් එක්ක සුක්හීව පිස්සන් කොටුවෙ දාලා යනවා. ෆුජිවාරා හිඩෙකොත් එක්ක එකතු වෙලා මෙහෙකාරිය වන සුක්හීව රවට්ටපු එක ගැන තරහින් සුක්හී බැණ වදින තැනින් තමයි පළවෙනි කොටස ඉවර වෙන්නෙ.

ෆුජිවාරා ආදිපාදතුමා සුක්හීව කුලියට ගත්තෙ හිඩෙකොව රවට්ටලා සල්ලි අරගෙන හිඩෙකොව පිස්සන් කොටුවට දාන්න. ඒත් වෙන්නෙ සුක්හීට පිස්සන් කොටුවට යන්න. එතකොට ෆුජිවාරා හිඩෙකෝ එක්ක ඇයි සුක්හීව රවට්ටන්නෙ?

පළවෙනි කොටසෙ සාරාංශෙ දුන්නම ඇති කියල තමයි මට නම් හිතෙන්නෙ. දෙවනි කොටස දුන්නොත් කතාවෙ අගයත් රසයත් නැතිවෙන නිසා. ඒ වගේම තමයි මේක අනිවාර්යෙන්ම වැඩිහිටියන්ට පමණයි. පොඩිහිටියන්ට කීයටවත් ගැළපෙන්නෙ නෑ. මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ ”මම මේ මොකක්ද බැලුවේ” කියලා සතියක්වත් යනකල් අමතක කරන්න බැරිවෙන බවට මට විශ්වාසයි. ඒ වගේම තමයි මේකෙ තිබුණෙ හුඟාක් බර වචන. මම කතාවට හානියක් නොවන විදියට පුළුවන් තරම් සරළ කරලා තේරුම්ගන්න පුළුවන් විදියට තමයි උපසැරසිය කරේ. ඒක හැමෝම තේරුම්ගනීවි කියල මම හිතනවා.

මේ කතාව මම දෙන්න හිටියෙ 2016 ඉවර වෙන්න කලින්. ඒත් ඇති වුණ ගැටළු නිසා තමයි 2017 මුල දෙන්න වුණේ. නැත්තන් මේ වගේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියකින් අවුරුද්ද පටන් ගන්න හිතුවෙ නෑ. ඉතින් ඊළඟ දවසේ පවුලේ සැමට බලන්න පුළුවන් කතාවක් අරගෙන මම එන්නම්. අදට යන්නම්. චිත්‍රපටියට ප්‍රතිචාර දක්වන්න අමතක කරන්න එපා. මම චාමල් කැලුම් අතපත්තු.

සුබ අළුත් අවුරුද්දක්!

බුදු සරණයි!

The Handmaiden (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Handmaiden 2016 KOREAN 720p BRRip 999 MB – iExTV

The.Handmaiden.2016.720p.BluRay.x264-WiKi

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

22,120 downloadsDownload The.Handmaiden.2016.Baiscopelk.com_.zip80 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

22,120 downloadsDownload Subtitles80 KB

65 comments

  1. mithun

    මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් නැතිද සහෝ ෆබ් පිටුවෙ ඉන්නවද . බොහොම ස්තුතියි හොද ෆිල්ම් එකක් වගෙ නේ රෙටින් එකම විශාල අගයක් සතුටුයි සහෝ ඉදිරියටත් හොදම් එව දෙන්න ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වෙවා සතුට ඉතිරෙන සිතුම් පැතුම් ඉතුවෙන!

    1. chamalkalum

      Fb innawa nama search karanna.suba aluth awuruddak mithun saho..

  2. mithun

    Tunnel 2016)

    E waga ප්‍රතිචාර 100/ක් තියෙන තව එකක් ඇවිදින් දැක්ක wepdelකොපි thiyanawa puluwan nm ekat danna

    (The age of shadows 2016)
    Rotten tomatoes 100/
    Imdb 7.4

    Sahoo

  3. SriMkv

    බොහෝම ස්තුතියි සහෝ
    Download Link හොයාගන්න අමාරු අයට Direct link SriMkvඩොට්Com එකේ දාල තියෙන්නේ

  4. ravindu

    2017 awruda baiscope team ekat kireiyen , paniyen itherena wsanawantha awrudak vewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! sub ekata tanx.

  5. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
    ජය වේවා!

    1. chamalkalum

      Ur welcome

  6. chamalkalum

    Me film eka nam extratorrent walin ganna puluwan.

  7. Rumesh Nilantha Jayaweera.

    thanks sub kalum saho digatama sub demu............

  8. අසිත

    Oldboy (2003) film eke gahapu Chan-wook Park ge aluthma fima eka
    elama saho thanks.

  9. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.

  10. Kulanjana Maduranga

    thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. maheshbabu

    thank's for sub bro....mekath THE WAILING movie 1 wage kathawa therumganna amarudha bro....

  12. lakshan

    Suppa movie eka machan thank bro...

  13. Jack

    නියමයි මචෝ…
    බාගෙනම බලමුකෝ..
    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය…

  14. yash

    Thank you...

  15. Dulanga

    Thanks

  16. mithun

    ඇත්තටම මෙ කොමෙන්ට් එක දාන්න හිතුනෙ මෙක බලල දහ අතෙ කල්පනා කර නිසයි තවමත්‍ත්... ඔයා කිව්වා වගෙ සහෝ සතියක් නෙවෙ මාසයක් අමතක වෙන් නෑ මෙක නම්ම් සුපිරිම සුපිරි ස්ටොරි එකක්. මාරයි ආ.. උපසිරැසි ගැන්විම නම් අනගිබවනියයි.. එච්චරම සුපිරි විදියට තෙරෙන්න ඔය ලස්සනට කොටස් ටික දාල තිබුන තැන්ක්ස් බ්‍රො මෙ වගෙ සුපිරි නිර්මාණයක් නරබන්න වරම් ලබල දුන්නට මම ඔය සබ් දෙනකල් දැනම් උන් නැ මෙහෙම ෆිල්ම් එකක් ගැන. මෙන්න ෆිල්ම් ණම් ෆිල්ම් . කොරියානු චිත්‍රපට නම් සුපිරි ඇත්තටම එකට හොදම උදාහරණ තම මෙ අවුරුද්දේ අපූ tren to busan, the waling , tunnel චිත්‍රපට . අනිත් එක මෙක. බොහොම ස්තුතියි අයෙමත් එමු මෙ වගෙම එකකින් ඔබට ජය.. හොදම උපසිරැසි ගැන්විමක් සහෝ වචන නෑ කියන්න සතුටුයි බ්‍රො

    1. chamalkalum

      Thank you saho comment ekata ....

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. yasas sri bandara

    thank you very much sahoo.....thank you baiscope

    1. chamalkalum

      ur welcome bro

  19. Saranga Liyanagama

    Thanks bro... :)

  20. චතුෂ තුෂර කුමාර

    ඉතාමත් උසස් තත්වයේ ෆිල්ම් එකක්... උපසිරැසියත් සෑහෙන හොඳින් ඔප මට්ටම් කරලා යොදලා තිබෙනවා... ස්තූතියි.
    මම මේකට කමෙන්ට් එකක් දාන්න එද්දි හිතුවේ මේකට කමෙන්ට් වැහි වැහැලා ඇති කියලා... ඒත් කමෙන්ට් විසි ගානයි කියලා දැක්කම කල්පනා උනේ... මේක බලන වැඩි හරියක් අය කමෙන්ට් කරන්නේ නැතිව ඉන්න පුළුවන් තමා කියලා... :D

    1. chamalkalum

      කමෙන්ට් නම් ලේසියෙන් වැටෙන් නෑ සහෝ.ඒත් ඉතින් කෙනෙක් බලල ඒකෙන් සතුටක් ලබනවනම් මට ඇති

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  23. buddika

    සබ් එකට බොහොම ස්තුති ..මෙවගේ ෆිල්ම් වලට දිගටම සබ් දෙන්න...

  24. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට.ෆිල්ම් එක පැය 2.48 තිබ්බට ඔයා දිලා තියෙන්නේ පැය 2.18 එකට.මෙකේ 2ක් තියෙනවා
    1.පැය 2.48 එකයි
    2.ඔයා සබ් දීලා තියෙන එකයි

  25. malith

    Ela ela

  26. asv2

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  27. Gayan Chathuranga

    Thanks bro!

  28. යුරාන් ධනුක

    බොහොම ස්තුතියි

  29. din_rana

    sub eka yts eke download link ekata match wenne na ne bro, time eka haduwata hari yanneth na

  30. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  31. osadi weerakoon

    මේ sub එක yts එකේ bluray ෆිල්ම් එකට සෙට් වෙන්නේ නෑනේ.ආයේ හදල දෙන්න බැරිද?plzzzzzzzz

  32. rangajayalath

    හොඳ කතාවක්.. එනමුත් sub එක හරියට cumulate වෙන්නේ නෑ.. time වෙනස් කලත් cumulate වෙන්නේ නෑ...එකට හේතුව කුමක්ද දන්න කෙනෙක් ඉන්නවා නම් කියනු මැනවි {/\}.. කොහොම නමුත් එක කරපු හිතවතාට ගොඩාක් ස්තුති...

    1. Anonymous

      sirawata

  33. Dewadithya

    Thanks for Sub!

  34. Sulakshana Thilakarathna

    Miss une kohomda deiyane download site ekaa dakala aawe,, ammo bohoma isthuthi jaya wewa obata

  35. Dew visanka

    ane 720p yify ekata hariyanna sub dennako

  36. kaaka1985

    thanks brother

  37. Nethmitpabasara

    Thank you so much..! ඔයාල නිසයි අපි ෆිල්ම් එක ඇත්තටම රසවිඳින්නේ සහ ෆිල්ම් එක ගැන අමතර විස්තර ගොඩක් දැනගන්නේ. ගොඩක් ස්තූතියි ඔයාලගේ කාලය වැයකරනවට සහ කැපකිරීමට.

    1. Sakunthac

      Thank you

    2. Anonymous

      Thanx

  38. melinda

    thank you

  39. Rukshan37

    Ela

  40. RisithPerera

    2.48 ekt sub hadala denna barid please....!

  41. Anonymous

    thnx bro

  42. Anonymous

    ඒක පට්ට ෆිල්ම් එකක්.subtitles එක්ක ආපහු සැරයක් බලන්න ඕනෙ.
    Sub වලට thanx.
    ජයවේවා.

  43. Anonymous

    අනේ සබ් හරියට සෙට් වෙන්නෙ නෑනෙ. Yts ඩවුන්ලෝඩ් කලේ. ටයිමින් හැදුවත් හරියන්නෙ නෑ. මොකද්ද දන්නෙ නෑ නේද හේතුව.

  44. Waruna Kamalawansha

    නියමයි.... බොහෝම ස්තූති

  45. Anonymous

    meke 2h 48min ekta sub hdala danna....

  46. Anonymous

    Extended ekakta update karannko bro puluwnnm 2h 48min

  47. කවිඳු ජයවර්ධන

    බලපු පහරම korean movie එකක්....සබ් එකට බොහොම ස්තුතියි සහෝ!!..ඔබට ජය..!!

  48. Sssss

    meke sub eka aai karannako. wena kenek hari. Puluwan nm

  49. Shaggy

    Thank you very much

  50. Indika Prabath

    පැය 2.48 එක තමා බලන්නෙ වගේම download කරලා තියෙන්නෙ ගොඩ දෙනෙක්ම..
    ඒ කියන්නෙ අතිශය සුපුරුදු Site එකක් වෙන YTS එකට අදාලව..
    පුලුවන් නන් ඒකට අදාල වෙන විදිහට sub එක update කරන්න...

Load more comments