Watch Trailer

Sisu (2022) Sinhala Subtitles | දෙවැනි ලෝක යුද්ධයේ කළාත්මකම ඝාතණ මංගල්‍යය. [සිංහල උපසිරැසි]

හැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන ආව. මම ඇවිල්ලා යුධ විරෝධී මනුස්සයෙක් කොයි පැත්තෙන් මුලින්ම උණ්ඩය පත්තු වුණත් මුලින්ම මිය යන්නේ මනුස්සකම කියන මතයේ ඉන්න කෙනෙක්. හැබැයි මෙහෙමයි, ලෝක ඉතිහාසයේ ඇතිවුන යුද්ධ ඇසුරින් නිම…

හැම කෙනෙක්ටම සුබ දවසක්!
හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව.

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන ආව. මම ඇවිල්ලා යුධ විරෝධී මනුස්සයෙක් කොයි පැත්තෙන් මුලින්ම උණ්ඩය පත්තු වුණත් මුලින්ම මිය යන්නේ මනුස්සකම කියන මතයේ ඉන්න කෙනෙක්. හැබැයි මෙහෙමයි, ලෝක ඉතිහාසයේ ඇතිවුන යුද්ධ ඇසුරින් නිමවුණ හැම මුවි එකක්ම වගේ බලල සහ මෑත කාලීනව ආව ගොඩක් යුධ කතා සඳහා සිංහල උපසිරසි ලබා දීම සිදුකරලා තියෙනව. ඒ හැම සිනමාපටයකින්ම අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ආපහු යුද්ධයක් ඇතිනොවන තැනට කටයුතු කරන්න. 🙂

මේ තමා මෑත කාලීනව ආව යුධ කතා අතරින් ගොඩක් අයට එනකම් ඉවසිල්ලක් නැතුව හිටිය මුවි එකක් මේක. කොටින්ම මුල්ම ට්‍රේලර් එක ආව වෙලාවේ මේකට උපසිරසි කරනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියා. අපි විතරක් නෙමෙයි සිනමා විචාරකයින් පවා මේ සිනමාපටය ඉහලින් අගය කළා. “දෙවැනි ලෝක යුද්ධයේ කළාත්මකම ඝාතණ මංගල්‍යය ” විධියට තමයි විචාරකයින් විසින් මේ සිනමාපටය හැදින්නුවේ.

කාලෙකට පස්සේ කැමරා කොපියක් අහගෙන කලෙත් මේකට. වැඩිය දෙබස් තිබුනේ නැති එක සැහෙන සහනයක් වුණා ඇත්තටම ඉතිං. මේ සිනමාපටය සිනමාශාලා වෙත නිකුත් වුනේ 2023 වසරේ අප්‍රේල් මාසයේ 28 වැනිදා. එතකොට කොහොමද මේක 2022 වර්ෂයේ ෆිල්ම් එකක් විධියට imdb එක විසින් නම් කලේ ? ඒකට හේතුව තමයි මේ සිනමාපටය එළිදක්වන්නේ මුලින්ම 2022 වසරේදී වීම. 2022 වසරේ පැවති Toronto International Film Festival එකේදී මුලින්ම මේ සිනමාපටය ප්‍රදර්ශණය වෙනවා. ඒ අනුව මේ සිනමාපටය 2022 වසරට අයිති වෙනවා. හැබැයි නිල වශයෙන් අනෙකුත් සිනමාශාලා සඳහා නිකුත් වෙන්නේ 2023 වසරේ. මේ සිනමාපටය සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 6ක් පමණ වැය වෙලා තියෙනව. 

Sisu කියන ෆින්ලන්ඩ් වචනයේ තේරුම තමා අධිෂ්ඨානශීලි, ඉතාම නිර්භීත වගේ අදහසක්. මේ කතාව සඳහා පාදක වෙන්නේ 1944 වර්ෂයේදී දෙවැනි ලෝක යුද්ධ කාලේ නාසීන් සහ ෆින්ලන්ත හමුදාව අතර ඇතිවුණ ගැටුමක්. හැබැයි මේක ප්‍රබන්ධයක්. මේක කොහෙත්ම සත්‍යය කතාවක් නෙමෙයි කියන එකත් මතක තියාගන්න ඕනා. 

මේ සිනමාපටය සඳහා 7.3ක imdb අගයක් ලැබිල තියෙනව. ඒ වගේම RT වෙබ් අඩවියේ 94%ක විචාරක අගයකුත්, 88%ක ඕඩියන්ස් ප්‍රතිචාරත් මේ සිනමාපටය වෙත ලැබී තිබෙනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන Jalmari Helander සුදානම් වෙලා ඉඳල තියෙන්නේ කොමඩි-විද්‍යාප්‍රබන්ධ ෆිල්ම් එකක් කරන්න. හැබැයි ඒ වැඩේ කොරෝනා නිසා කල් ගිහින් තියෙනව. ඒ අතරේ ලද නිවාඩුවෙන් තමයි මේ සිනමාපටයේ පිටපත සකස් කරලා තියෙන්නේ ඔහු විසින්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය වෙන අටාමි ලෙසින් රංගනයෙන් එකතු වෙන Jorma Tommila ගැන මතක් නොකරම බැහැ. අවුරුදු 64ක් වෙන මොහු මේ චරිත හරිම අපුරුවට ඉදිරිපත් කරනවා. වයස 64ක් කියල කියන්නවත් බැහැ ඒ රංගන වින්‍යාසය අනුව.

එහෙනම් ඉතිං මගේ කර්තව්‍යය අහවරයි. මෙතනින් එහාට මේක ඔයාලට බාරයි. හැමෝටම ජය!

 

Director: Jalmari Helander

Writers: Jalmari Helander

IMDB Ratings : 7.3

Release Date: 28 April 2023

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත සඳහා ලබා දි ඇත.

27,032 downloadsDownload Sisu-2022-Blu-Ray.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

27,032 downloadsDownload Subtitles19 KB

31 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    ආපු ගමන්ම දීලා නොවැ. එනකන්ම බලන් හිටපු ෆිලුමක්.
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ.

    1. Ismath

      ස්තූතියි..❤️

  2. Bimsara Yashan(ඔලිව)

    ඉක්මන්ටම සබ් එක දුන්නට බොහොම ස්තූතියි විමා අයියේ. දැං ඉතින් බැලිල්ලක් තමා. ජයවේවා!

  3. බිම්සර යහන්

    ස්තූතියි සබට..

  4. Stephen holmes

    නියමයි බොසා! ❤️ බයිස්කෝප් සබ එනකන් හිටියෙ.

  5. Anonymous

    ගිනි ගින්දර.. නොඉවසිල්ලෙන් බලන් උන්න movie එකක්.. Thanks සහෝ❤️

  6. sandun

    Vima dunna kiyanne supiriyak thama

  7. Asanga kb

    thank you wewa..

  8. Anonymous

    good

  9. Anonymous

    maru

  10. මිනුල

    ලෝක යුද්ධ සීන් බලන්නෙ අඩුවෙන් ඔය නාසි,පැසිස්ට් අනන් මනන් සෙට් ගොඩක් ඉන්න නිසා
    හැබැයි මේකේ නම් ලිපිය කියෙව්වම නොබල බෑ
    සබට තැන්ක්ස් ලොක්කා

  11. Anonymous

    ❤️❤️

  12. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤

  14. Dhammika

    thank you for subtitle , :-)

  15. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  17. Anonymous

    Shailene Woodley නගාගේ අලුත් ෆිල්ම් එකට සබ් දෙන්නකෝ ,yts එකේ දාලා තියෙන්නේ
    මේ සබ් එකටත් තැන්ක්ස්

  18. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  19. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  20. Pavith Wijesooriya

    මමත් යුද්ධය ගැන ඔය උඩ කියල තියෙනව වගේම තමා හිතන්නේ. war කැටගරියෙ ෆිල්ම්වලට මමත් පට්ට කැමතියි. මේ ෆිලුමේ විස්තරේ කියෙව්වට පස්සෙ බලන්න තිබ්බ අදහස තවත් වැඩිවුණා. එහෙනම් ඔන්න මාත් සබ් එක ගත්තා. සබට තුතිවේවා අශාන් අයියේ... ❤️

  21. මිලින්ද ප්‍රියලාල්

    ◾◾සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ◾◾
    ◾◾◾◾◾◾ශාන්◾◾◾◾◾

  22. john

    ජෝන් සින් චාප්ටර් 4 එකත් දෙන්නෝ.....

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  24. Dill

    thank you very much bro.... i appreciate it....!

  25. Anonymous

    Blu-Ray SUB....?????

  26. Chämàrá Sâmpáth

    සරලයි ඒත් සුපිරියි.

    උපසිරැසියට බොහොම ස්තුතියි මචං!!!

  27. Dewadithya

    Thanks for Sub!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා විමෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  30. Nishan

    Thanx bro