Watch Trailer

Lilo & Stitch (2025) Sinhala Subtitles | පැතුමක් ඉටු කෙරූ මිතුදමක හමුව [සිංහල උපසිරසි] [Bluray Updates]

Lilo & Stitch (2025) Sinhala Subtitles ආයුබෝවන් එහෙනම් බයිස්කෝප්-වාසී රසික රසිකාවියෝ සියලුම දෙනාට. කට්ටියම හොඳින් ඇති කියල හිතනවා. කට්ටියම අහල ඇතිනේ පොඩි පොඩි දේවල් වලින් ලොකු ලොකු වැඩ කරපු දේවල් ගැන. අන්න ඒවගේ අද මං කට්ටියටම අරන් ඇවිත් තියෙන්නෙ ඒවගේ පොඩි දේකින් ලොකු වැඩක් කරලා පෙන්නපු චිත්‍රපටයකට…

Lilo & Stitch (2025) Sinhala Subtitles

ආයුබෝවන් එහෙනම් බයිස්කෝප්-වාසී රසික රසිකාවියෝ සියලුම දෙනාට. කට්ටියම හොඳින් ඇති කියල හිතනවා. කට්ටියම අහල ඇතිනේ පොඩි පොඩි දේවල් වලින් ලොකු ලොකු වැඩ කරපු දේවල් ගැන. අන්න ඒවගේ අද මං කට්ටියටම අරන් ඇවිත් තියෙන්නෙ ඒවගේ පොඩි දේකින් ලොකු වැඩක් කරලා පෙන්නපු චිත්‍රපටයකට උපසිරැසි. ඔව්’ ඒ මොකක්ද කියලනම් ඔයාලා මේ වෙද්දිත් දන්නවනේ. ඒ තමා Lilo & Stitch (2025) චිත්‍රපටය.

ඉතිං මේ Lilo & Stitch චිත්‍රපටය කියන්නෙ 2002 වර්ෂයේදි ඩිස්නි ආයතනය විසින් නිකුත් වුනු ඇනිමේෂන් එහෙම නැත්තම් කාටුන් චිත්‍රපටයක්. ඒ ඔස්සේ තමයි අවුරුදු 23කට පසු ඩිස්නි ආයතනයෙන් තීරණය කරන්නෙ Lilo & Stitch ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයක් ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍යයි කියලා. ඊට අමතරව 2005 වර්ෂයේදි Lilo & Stitch දෙවනි ඇනිමේෂන් චිත්‍රපටයද නිකුත් වී තිබෙනවා.

මේ විදිහට ඔයාලට පහලින් Lilo & Stitch 2002 ඇනිමේෂන් චිත්‍රපටයේ සහ 2025 වසරේ ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයේ පෝස්ටර් බලාගන්න පුළුවන්.

අවුරුදු 23ක වගෙ විශාල කාල පරාසයකින් අනතුරුව මෙහෙම චිත්‍රපටයක් නිර්මාණය වීම ගැන මං පෞද්ගලිකව කැමතියි. ඒ චිත්‍රපටය ලයිව්-ඇක්ෂන් ප්‍රතිනිර්මාණයක් වූවත් එහි මුල් චිත්‍රපටයට කිසිඳු ආකාරයකින් හානියක් නොවන අන්දමින් නිර්මාණය කෙරෙන නිසායි. මොකද අපි කවුරුත් දන්න සොනික් චිත්‍රපටයේ මුල්ම ට්‍රේලර් එක ඩ්‍රොප් වීමත් එක්ක ඒකට රසියකයන්ගෙන් කොතරම් විවේචනයන් එල්ල වුනාද කියල හැමෝටම මතක ඇතිනේ. පසුව ඔවුන්ට ඒ වැරැද්ද නිවැරදි කිරීමත් එක්ක ලොකු සාර්ථක ගමනක් යන්න අවස්ථාව පාදාගන්න හැකිවුනා. අන්න ඒවගේ මේ Lilo & Stitch චිත්‍රපටයත් ප්‍රතිනිර්මාණයක් වුනාට ලයිව්-ඇක්ෂන් තුලින් බොහොම ලස්සනට ගෙනත් තිබුනු අතිදැවැන්ත නිර්මාණයක්.

2002 ඇනිමේෂන් චිත්‍රපටයේ සහ 2025 ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයේ අයිකනික්ම රූපරාමු කිහිපයක් ඔයාලට මේ විදිහට පහලින් බලාගන්න පුළුවන්.

‘ අතිදැවැන්ත නිර්මාණයක්? පොඩි වැඩකින් ලොකු දෙයක්? ‘

මොනවද මේ කියලා තියෙන්නෙ ඔයාලා දැන් බලනවා ඇති. මේක නිකං කියමනට කියන කරුණක් නෙමේ, මොකද මේ වෙද්දි Lilo & Stitch චිත්‍රපටය ඇති දැවැන්ත සාර්ථක ගමනක් ලබාගෙන තියෙනවා. ඩොලර් මිලියන 100ක පිරිවැයකින් නිමැවුනු මේ චිත්‍රපටය BOX OFFICE වාර්තා බිඳ දමමින් ඩොලර් බිලියන 1ක ආදායමක් ලබාගත් මෙම වසරේ එකම චිත්‍රපටය බවට පත්වුනා. ඉතිං දැන් ඔයාලට මං කලින් සඳහන් කරපු ‘පොඩි-ලොකු වැඩ’ ගැන කතාව දැන් තේරෙනවා ඇතිනේ. තව අතකින් කියනවානම් පලමු සති අන්තයේදිම ඩොලර් මිලියන 183ක දේශීය ආදායමක් සහ ලොවපුරා ඩොලර් මිලියන 341ක දැවැන්ත ආදායම ලබාගන්න මේ චිත්‍රපටයට හැකිවුනා. මෙහි මංගල දර්ශනය ඉතිහාසයේ විශාලතම අනුස්මරණ දින සති අන්තයේ ආරම්භය ලෙස ශ්‍රේණිගත කෙරුනා වගේම “Top Gun: Maverick” චිත්‍රපටය විසින් තබා තිබුනු පෙර වාර්තාව අභිබවා යන්නටද සමත්වුනා.

මුලින්ම මේක ඩිස්නි ආයතනය විසින් ඔවුන්ගේ Disney+ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එක යටතේ විකාශය කරන්නට තීරණය කර තිබුනත් පසුව ඒ අදහස වෙනස් කරගෙන සිනමාශාලා වෙත නිකුත් කරලා තියෙනවා. ‘Moana 2’ චිත්‍රපටයත් අන්න ඒ විදිහමයි. කොහොම වුනත් ඒක ඩිස්නි ආයතනය විසින් අරගත්තු ඉතාමත් හොඳ තීරණයක් විදිහට මං දකිනවා. Lilo & Stitch මුල් සතියෙම ඉතා සාර්ථක ගමනක අනාවැකි පළ කෙරුනු අයුරු දැකීමෙන් පස්සෙ මේ වනවිට ඩිස්නි ආයතනය මෙහි දෙවන චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරමින්, මේ වනවිට තිර පිටපතද ලියමින් පවතිනවා.

Lilo & Stitch 2002 චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් විදිහට ස්ටිච් හට හඬ දායකත්වය ලබාදුන් Chris Sanders මහතා සහ How to Train Your Dragon චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන Dean DeBlois මහතාද එකතු වී තිබෙනවා. ඒවගේම මේක Comedy සහ Sci-fi ගණයට අයත් වන චිත්‍රපටයක්. ලයිව්-ඇක්ෂන් හි අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන්නෙ Dean Fleischer Camp මහතා විසින්.

  • Runtime: 1h 48min
  • IMDb rating: 6.9/10
  • Rotten Tomatoes: 71%

ඇනිමේෂන් සහ ලයිව්-ඇක්ෂන් චිත්‍රපට වල අදාල චරිතයන් පහලින් මේ විදිහට බලාගන්න පුළුවන්.

ඉතිං මේ චිත්‍රපටය ගැන කිසිම අදහසක් නැති අය වගේම කලින් ඇනිමේෂන් චිත්‍රපටය බලපු අයටත් මේක අලුත්ම රසවින්දනයක් වේවි කියලා මං විස්වාස කරනවා. ‘මොකද ප්‍රතිනිර්මාණයක් වුනාට සම්පූර්ණ ඇනිමේෂන් චිත්‍රපටයම නැතුව සුළු සුළු වෙනස්කම් ඔයාලට බලාගන්න ලැබෙයි. ඒ මොනවද කියල මං සඳහන් කරන්න යන්නෙ නෑ. කාටුන් එක බලලා තියෙන අයත් එහෙනම් පරණ මතක ආවර්ජනය කරගන්නත් එක්කම අලුත් Lilo & Stitch බලලා ඉමු.

තව පොඩි කරුණක් සඳහන් කරන්නම්. මේ මං උපසිරැසි ගන්වපු ලයිව්-ඇක්ෂන් ප්‍රතිනිර්මාණගත දෙවනි චිත්‍රපටය. පලවෙනි එක How to Train Your Dragon (2025). නොබලපු කෙනෙක් ඉන්නවානම් අනිවාරෙන්ම ඒකත් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ Lilo & Stitch දැවැන්ත චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න මට ඉඩසසර සලසා දුන් මා හිතමිත්‍ර තිසර සහෝදරයවත් අනිවාරෙන් මතක් කරන්න වගේම ස්තූති කරන්න ඕන. හරි එහෙනම් වැඩි කතාවක් නැතුව කස්ටියම කතාව බලලා ඉමු.

කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්නත් අමතක කරන්නෙපා ඔන්න! ❤️

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

Lilo & Stitch (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB/Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,832 downloadsDownload Lilo-and-Stitch-2025-baiscopelk-sinhala-subtitle-update.zip100 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Lilo & Stitch (2025) Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

7,832 downloadsDownload Subtitles100 KB

7 comments

  1. kaveen

    thank you.

  2. Buddhika laKMal

    ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට.......
    මේක පට්ට මූවිඑක....
    ස්තූථියි සබට

  3. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තාම බලන්න උන්නෑ. බලමුකෝ වෙලාවක. ජයවේවා!

  4. Disala

    Mr House Keeping 2025 me film eka denna puluvanda sub

  5. Sahan Gayantha

    thanks a lot Rukshan saho sub ekata

  6. SUNI

    1080p & 720p bluray [1080p & 720p WEB] me widihata sub denawanam kochchara hodada [THANKS]

  7. SUNI

    1080p & 720p bluray [1080p & 720p WEB] me widihata sub denawanam kochchara hodada [THANKS]