Anora (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෙවර ඇකඩමි සම්මාන උළෙල(ඔස්කාර්) කවුරුත් නොහිතපු විදිහට තමන් අතට ගත් චිත්‍රපටය. එහිදී මීට හොඳම චිත්‍රපටයට සහ හොඳම අධ්‍යක්ෂණයට ඇතුලු ප්‍රධාන සම්මාන පහක් දිනාගන්න හැකි වෙනවා. ඊට අමතරව විවිධ සම්මාන 139කටත් පාත්‍රවෙලා තියෙනවා. තවද IMDb දර්ශකේ මනා…

Anora (2024) Sinhala Subtitles 

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මෙවර ඇකඩමි සම්මාන උළෙල(ඔස්කාර්) කවුරුත් නොහිතපු විදිහට තමන් අතට ගත් චිත්‍රපටය. එහිදී මීට හොඳම චිත්‍රපටයට සහ හොඳම අධ්‍යක්ෂණයට ඇතුලු ප්‍රධාන සම්මාන පහක් දිනාගන්න හැකි වෙනවා. ඊට අමතරව විවිධ සම්මාන 139කටත් පාත්‍රවෙලා තියෙනවා. තවද IMDb දර්ශකේ මනාප 127, 300 වැඩි ප්‍රමානයකින් 7.7 ඉතාමත් ඉහල අගයකුත් කුණු තක්කාලි 93%කුත්, Letterboxd’හි මනාප 1, 314, 000 අධික ප්‍රමානයකින් 4/5 ඉතාමත් හොඳ අගයකුත් ගන්න මීට හැකිවෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඉහල තැනක් ලැබුණු චිත්‍රපටයක් බයිස්කෝප් අපි කොහොම කියලා මගහරින්නද? ඔව්, මං දන්නවා උපසිරැසිය ගේන්න හොඳටම පරක්කුයි කියලා. මොකද මේකෙ වෙබ් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 17 වෙනිදා. එතකොටත් මේක බලලා උපසිරැසි කරන්න ආසාවක් තිබ්බත් මේකෙ තිබුණ 2600 අධික ලයින්ස් ප්‍රමානය නිසා වැඩේ යට ගියා. ඒත් ආයෙමත් මේ ඔස්කාර් රාත්‍රියේ පෙන්නපු දස්කම් නිසා චිත්‍රපටය වෙන් කරන් ඔයාලට හැකි ඉක්මනින් අරන් ආවා. දැන් ඒ කතා මදැයි, අපි චිත්‍රපටය පැත්තට හැරෙමු.

මේ චිත්‍රපටය සිනමා ශාලාවල් වලට නිකුත් වුණේ 2024 ඔක්තෝබර් 18 වෙනිදයි. අධ්‍යක්ෂණය කරන්නේ ඔස්කාර් සම්මාන ලාබී Sean Baker මහතා විසින්. මේක භාෂා දෙකකින් දිවයනවා ඉංග්‍රීසි සහ රුසියන්, ඒ නිසා මේකේ ඇමරිකානු වගේම රුසියානු ජාතිකයන්ද රංගනයෙන් යෙදෙනවා. එනම් සුන්දර දක්ෂ නිළි Mikey Madison ඇතුලු Mark Eydelshteyn / Yura Borisov / Karren Karagulian / Vache Tovmasyan /Aleksei Serebryakov ආදී අය. ආහ්, තව දෙයක්. මේ අනෝරා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්ම Mikey Madison හට හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානෙත් හම්බෙනවා, ඒ Gen Z පරපුරේ රංගන අංශයෙන් ඔස්කාර් සම්මානයක් දිනාගත් පලමු පුද්ගලා ඇය කරමින්.  තවත් මොනා කියන්නදනේ චිත්‍රපටය ගැන. ඔයාල බලනවා නම් මේ කිව්ව විස්තර ටික ඇතිනේ. ඕන්නම් කතාව ගැනත් පෝඩ්ඩක් කියන්නම්, ඇනී කියන්නේ ස්ට්‍රිප් ක්ලබ් එකක සරාගීව නැටුම් නටන කෙල්ලෙක්. එහිදී මෙයාට හම්බෙනවා වාන්‍යා කියලා රුසියානු සල්ලිකාර පවුලක පුතෙක්. එයාල ගොඩාක් එකට විනෝද වෙනවා. අන්තිමේදි ඒ විනෝද දුරදිග ගිහින් නවතින්නේ එයාල දෙන්නා ආදරෙන් බැඳිලා. මේකට වාන්‍යාගේ සල්ලිකාර දෙමාපියෝ කැමති වෙයිද? ඔන්න ඕකයි ප්‍රශ්නේ. බලනවාද නැද්ද? තීරණය ඔයාලගේ අතේ. හැබැයි තව දෙවල් ටිකක් මතක් කරන්න ඕනෙ, මේකෙ භාෂාව නම් අන්තිමයි ඒ නිසා සැර වචන බහුලව උපසිරැසියේ අඩංගුවෙලා ඇති. ඒ වගේම මේකෙ කට්ටිය මාර විදිහට එකට එක කියව ගන්නවා ඒ නිසා ඉංග්‍රීසි උපසිරැසිය ඒවට ගානට සින්ක් වෙලා තිබුන්නෑ, ඒවාත් කොහොම හරි පුළුවන් විදිහට හැදුවා ඒත් පෙලක් තැන් වල ලයින්ස් දිගට දාන්න සිද්ධ වුණා කියවගන්න පුළුවන් විදිහට. ඊටත් වඩා මේකෙ අධික විදිහට නිරුවත් දර්ශන වගේම ලිංගිකව එකතු වෙන දර්ශනත් තියෙනවා, ඒකත් ඔලුවෙ තියන්ම නරඹන්න පවුලේ අය ඉස්සරහා අපහසුතාවටය පත් නොවී.  එහෙනම් අවසාන වශයෙන් මේකට උපසිරැසි කරන්න කියලා මැරෙන්න හදපු මයුර අයියටත් ස්තූතියි කරන ගමන් මං සමුගන්නවා. ආයෙ හමුවෙමු හැකිවෙලාවක, ජයවේවා! Anora (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,889 downloadsDownload Anora-2024-1.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Anora (2024) Sinhala Subtitles

Subtitles

4,889 downloadsDownload Subtitles53 KB

5 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බිම්සර සහෝ මේකට සබ් දුන්නට

  2. kavinda dilshan

    supiri broo

  3. ඔලිව

    කට්ට කාලා මේ මහඟු නිර්මාණයට සබ් ගෙනාවට පින් මචන්.

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  5. shehan

    thanks brother .... keep doing this love ya...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.