කොහොමද යාළුවනේ, 2017 අවුරුද්දෙ නිකුත් උන අළුත් ෆිල්ම් එකක් අරගෙන තමයි අද ඔයාලව හම්බවෙන්න ආවෙ. Skybound කියන ඒකෙ තේරුම තමයි අහසටම බැඳිලා ඉන්නවා කියන එක. ඒ කියන්නෙ මොනම හේතුවකටවත් බිමට එන්න බෑ කියන එක. අපි කතාව ගැන ටිකක් බැලුවොත්, මැට් සහ කයිල් කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙක් වන පාකර් මහතාගේ දරුවන් දෙදෙ…

කොහොමද යාළුවනේ, 2017 අවුරුද්දෙ නිකුත් උන අළුත් ෆිල්ම් එකක් අරගෙන තමයි අද ඔයාලව හම්බවෙන්න ආවෙ. Skybound කියන ඒකෙ තේරුම තමයි අහසටම බැඳිලා ඉන්නවා කියන එක. ඒ කියන්නෙ මොනම හේතුවකටවත් බිමට එන්න බෑ කියන එක.
අපි කතාව ගැන ටිකක් බැලුවොත්, මැට් සහ කයිල් කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙක් වන පාකර් මහතාගේ දරුවන් දෙදෙනායි. නත්තල් නිවාඩුව ගතකිරීම සඳහා පාකර් යුවලව පැරීසියට ඔවුන්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් ඇරලවන දෙවනි පුතා වන කයිල් නැවත ආපිට එන්නේ තම සොයුරාට ඔහුගේ යහළුවන් සමඟ ලොස් ඇන්ජලීස් බලා තෙදිනක නිවාඩුවක් ගතකිරීමට යාමට ගුවන් යානය ලබා දීමටයි. ආප්සු නිව් යෝක් නුවරට පැමිණියත් අළුත් නීහ්තියක් නිසා කයිල්ටත් ඔහුගේ සොයුරා වන මැට් සමඟ සහය නියමුවා ලෙස ගුවන් ගත වීමට සිදුවෙනවා. සියල්ලක්ම හොඳින් ආරම්භ වෙන මේ ගමන අතරතුර ,හදිසියේම යානයේ රේඩාර්, රේඩියෝ සංඥා පද්ධති හා ස්ථානගත පද්ධතිය අක්‍රීය වී යනවා. ඒ අතරම අද්භූත අමුත්තෙක් ගුවන් යානය තුළින් මතු වෙනවා. ඉන්පසුව සිදුවන්නේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක්. එනම් ඇමරිකා එක්සත් ජනපදය දරුණු ව්‍යසනයකට ලක් වෙනවා. එම නිසා ඔවුන්ට සිදුවන්නේ තමන්ගේ ඉතිරි වී ඇති ඉන්ධන වලින් ආරක්ෂාකාරී ස්ථානයක් සොයාගැනීමයි. ඉතිං ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වේවිද, ඔවුන්ට ඒ වෙනුවෙන් මුහුණ දීමට සිදුවන භයානක අත්දැකීම් මොනවාද, යන්න දැනගැනීමට කතාව බලන්නම වෙනවා
ඔය කිව්වෙ ඒකෙ අන්තර්ගතය ගැන ටිකක් .ත්‍රාසජනක සිදුවීම් වලින් පිරි මෙම චිත්‍රපටය විනාඩි 82ක් පුරා දිව යනවා. මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alex Tavakoli විසින්. එතකොට මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නෙ Scarlett Byrne, Gavin Stenhouse, Rick Cosnett, Morten Suurballe, Tyler Fayose සහ Carla Carolina Pimentel යන අයයි. IMDb දර්ශකයෙ 5.5ක අගයක් ලබාගෙන ඇති මෙය Action, Thriller යන ඛාණ්ඩ වලට වර්ගීකරණය කරලා තියනවා. 2017 නොවැම්බර් 7වන දින ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන මෙය ඇමරිකානු ඩොලර් මිලියන 6ක වියදමක් දරලා තමයි හදලා තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනෙ දෙයක් තියනවා. සමහර වෙබ් පිටු වල මේ චිත්‍රපටය 18+ ලෙස නම් කරලා තිබුණා. ඒත් එහෙම කිසිම දෙයක් මේකෙ අන්තර්ගත වෙලා තිබුණෙ නැති නිසා මම ඒක 18+ ලෙස නම් කලේ නැහැ.
විනෝදය, සතුට, ආදරය, ත්‍රාසය, භීතිය ඇතුළු බොහෝ සිදුවීම් ඇතුල්වෙලා තිබෙන මේ කතාව කම්මැලි නැතිව එක දිගටම බලන් ඉන්න පුලුවන් එකක්. ඔයාලටත් මේක බලන්න එකතු වෙන්න කියන ගමන් මමත් ගිහින් එන්නම්, ඉක්මනින්ම තවත් උපසිරසියකින් ඔයාලව හමුවෙන්නම්, එතෙක් ඔබට ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/HD පිටපත් සඳහා අදාළ වේ.
4,587 downloadsDownload Skybound-2017.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
45 comments
gihan perera
Chaturangagayan
Welcome bro...
Prabodha Madhusankha Hettiarachchi
Thank u sub ekata broo...
Chaturangagayan
එළ ...
thilina5312
සබ් එකට බොහොම ස්තුතියි...
Chaturangagayan
හරි සහෝ ...
prince dinushan
thanks machan
Chaturangagayan
එළ...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Chaturangagayan
හොඳයි සහෝදරයා ...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chaturangagayan
හරි මචං ...
indunilala
Sub eka downld krnna giyama. Page not found kiyala watenne ai..??
Chaturangagayan
ආයෙ ට්‍රයි කරලා බලන්න. බැරි උනොත් email එක එවන්න. Fb එකට...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chaturangagayan
හරි සහෝ...
ruchiralakmal
Thanks for the sub
Chaturangagayan
එළ...
muditha gayan
Thankzzzzzzzz
Chaturangagayan
Elazzzzzz
lahiru sadaruvan
thank you so much aiye
Chaturangagayan
හරි මල්ලි ...
Tharindu_Rukshan_Perera
Speed වෙලා නේද..?
Chaturangagayan
ටිකක් විතර ...
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Chaturangagayan
එළ සහෝ ...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Chaturangagayan
බොහොම ස්තුතියි ,හැමදාම අපිත් එක්ක ඉන්නවට...
Kulanjana Maduranga
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chaturangagayan
හැමදාම අපිත් එක්ක ඉන්නවට ස්තුතියි ...
ඩොක් අයියා
දැන් බලමු
ඩොක් අයියා
වැඩ කරන්නේ නැතෝ
rajitha mahesh
A Wrinkle in Time
2018 movie eke sub eka dennaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa plzz!Rashmika dumidu
Thank you bro
jagath55
Thanks
Dushan Tharuka
Thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hiruni
Thankzzzz bro
AsithaDilruwan
Ela saho thanks
Upul jayalath
Thanks bro. Issarahatath me wage lassana film aran enna. Jaya wewa.
Nishanfernando
Thanx bro
Dewadithya
Thanks for Sub!
hasitha_gayan
Thank you saho.......
Tawa digatama karagena yanna.......
Jayawewa!.
nilanka1212
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks bro...good job and well done....keep continue it....god bless you...