තම විවාහ සංවත්සරය දින හන් චොල් මින් (Jang Hyuk) ඔහුගේ වාහනයත් පදවාගෙන තම නිවාස සංකීර්ණය වෙතට යනවිට, ඔහුට දකින්නට ලැබෙන්නේ තම නිවාසය පිහිටි ගොඩනැගිල්ල ආවට පොලිසිය සහ සෙනග පිරුණු බවක්. ඔහු තම බිරිඳ වෙනුවෙන් ගත් මල් පොකුරත් රැගෙන නිවසා තුලට යනවිට,සාක්ෂි සොයන සහ පරීක්ෂණ පවත්වන පොලිස් නිලදාරීන් හැරුණුකො…

තම විවාහ සංවත්සරය දින හන් චොල් මින් (Jang Hyuk) ඔහුගේ වාහනයත් පදවාගෙන තම නිවාස සංකීර්ණය වෙතට යනවිට, ඔහුට දකින්නට ලැබෙන්නේ තම නිවාසය පිහිටි ගොඩනැගිල්ල ආවට පොලිසිය සහ සෙනග පිරුණු බවක්. ඔහු තම බිරිඳ වෙනුවෙන් ගත් මල් පොකුරත් රැගෙන නිවසා තුලට යනවිට,සාක්ෂි සොයන සහ පරීක්ෂණ පවත්වන පොලිස් නිලදාරීන් හැරුණුකොට තම බිරිඳව දකින්නට ලැබෙන්නෙ නැහැ.ඒ වගේම ඔහුගෙ නිදන කාමරේ පොලොව, ඇදෙන් බිමට වැටෙන ලේ දහරාවෙන් පිරී තිබෙනු දකින ඔහු අන්දමන්ද වී යනවා.මේ අවස්ථාවේ ඔහු වෙතට පැමිණෙන පොලිස් නිලදාරීන් හන් චොල් මින් හට මාංචු දමා අත් අඩංගුවට ගන්නෙ තම බිරිඳගෙ ඝාතකයා ඔහු බවට පවසමින්.හන් චොල් මින් ඒ ආකාරයෙන් ලෝකයාට තම බිරිඳ ඝාතණය කල ඝාතකයා වෙනවා. මෙම ඝාතන සිද්දිය වෙනුවෙන් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කොට අභිචෝදන කටයුතු කරන්නෙ අන් මින්-හෝ (Park Hee-soon) නීතීඤ්ඤවරයා විසින්.
ඔහුට මෙම හන් චොල් මින්ගේ වැරදිකාරත්වය ගැන සැකයක් තිබුණා. ඒ මීට කලකට පෙර සිද්ද වුණු ඝාතන සිද්දියකට මොහු ප්‍රධාන සැකකරු වී සිටි නිසාවෙන්.ඒ තමයි පාසල් දැරියක්ව දුෂණයට ලක්කොට හිස පොලවේ ගසා මරා දමා තිබුණු ඝාතනයක්. නමුත් මෙහිදී හන් චොල් මින්ට විරුද්ධව කිසිදු සාක්ෂියක් නැති නිසා ඔහු නිදහස් වී ගියා. ජන් හෝ-වොන් (Sung Dong-il) යන විමර්ශකයා, හන් චොල් මින් වෙනුවෙන් පෙනී සිටින්න හන් චොල් මින් වැටිල ඉන්න වලෙන් ගොඩගන්න මේ නඩුව කන්ග් සන්ග්-හී (Ha Jung-woo) නීතීඤ්ඤවරයා ලඟට රැගෙන යනවා.ඔහු මෙම නීතීඤ්ඤයාට වුණු සියල්ලම පැහැදිලි කරනවා.පොලිසිය තම බිරිඳ ඝාතනයනට හන් චොල් මින්ව අත් අඩංගුවට ගත් නමුත් එහිදී ඇගේ මල සිරුර හමුවී නැති බවත්,මොහුට විරුද්ධව කිසිම සාක්ෂියක් නැති බවත් ඔහුව අත් අඩංගුවට අරගෙන තියෙන්නෙ පොලිසියෙ මතයට බවත් කන්ග් නීතීඤ්ඤවරයාට පැහැදිලි වෙනවා. මෙම කන්ග් නීතීඤ්ඤවරයා මොහුව බේරගන්න මෙම නඩුව භාර අරගෙන විමර්ශනය කරන්න පටන් ගන්නවා. එතකොට මෙයාට දැනගන්න ලැබෙනවා මේ හන් චොල් මින්ගෙ ඇගිලි සලකුණු නැති බව.ඒ වගේම පොලිසිය විසින් මේ අපරාදය වුණු තැන තිබුණු CCTV කැමරා හංගගෙන තියාගෙන ඉන්න බවත් මොහු දැනගන්නවා. ඒ වගේම මේ නඩුව තව දුරටත් විමර්ශනය කරගෙන යනකොට ඒක තවත් සංකීර්ණ වෙන්නෙ හන් චොල් මින්ගෙ බිරිඳ ගත කරපු අභිරහස් ජීවිතය ගැන හෙළි වෙනකොට.
2011.09.09 තිරගත වුණු Thriller/Mystery ගණයට අයත් වෙන මෙම චිත්‍රපටියට IMDb 6.9 ක අගයක් ලැබිල තියෙනවා. සාරාංශයට මම කිව්වත් වගේම මේ කතාව අර අන්තිමට ”මේ මොකක්ද මේ වුණේ?” කියල හිතෙන වර්ගෙ චිත්‍රපටියක්. අනිවාර්යෙන්ම දෙපාරක් බලන්න හිතෙන චිත්‍රපටියක් කියන්න පුළුවන්. කොරියානු චිත්‍රපටි රස විඳින අයටනම් මේක රත්තරන් වටින චිත්‍රපටියක්. මමත් කාලයක් තිස්සෙ මේක හොය හොය ඉඳල අන්තිමටම බ්ලූරේ කොපියක් ආවා. ආපු ගමන්ම තමයි බලල උපසිරැසිය කලේ.එහෙනම් අදට ගිහින් එන්නම්. පරණයි කියල නොබල ඉන්න එපා.
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,360 downloadsDownload The-Client-2011.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
34 comments
sachintha
Bandaramudiyansi
අර අමුතු බලයක් හම්බවෙන එක බැලුව.. චිකන්කඩේ එක... එච්චරම ලොකුවට නම් නැ හැබැයි හොදයි .කොරියන් එව නියමයි. තැන්ක්ස්
Bandaramudiyansi
The Yellow Sea වගේ ෆිල්ම් තියේනම් දෙන්න.... The Wailing ❤
Bandaramudiyansi
ඔයා කොරියන් මුවි දෙන නිසා කියන්න හිතුන Castaway on the Moon මෙක මට ලගදි හම්බවුනේ .කියන්න වචන නම් නැ දෙපාරක් විතර බැලුවා.. නුල්ඩස් හදන්න ගහන ගෙම නම් හිනාකල මැරෙනව. එවනම් නියම නිර්මාණ
Chami.S
Thanks..
Good Luck..Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Prabodha Madhusankha Hettiarachchi
Man asama category eka thank bro sub ekataa...
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Viraj
sub ekata thanks saho. jaya wewa!!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dayalrw
Thanks
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
D.Chamara
bohoma sthuthi sahooo
malith
Ela ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rosheen Fernando
මිනියක් නැති ඝාතනයක් කිව්ව ගමන් මතකෙට ආවේ
කැලැත්තැවේ දොස්තර ඇල්ෆඩ් සොයිසාගේ නඩය කරපු ඝාතනය.නියමයි. දිගටම සබ් දෙමු
Haashan Dhanushka
thnxxxxxxxxx
asithaxx
බොහොම ස්තූතියි සහෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
gayanH
supiri
N_R
Thanks.
Pradeep Pasqual
උපසිරැසියට බොහෝම ස්තුතියි.....!!!! @)>---
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
gihan perera
Good job bro...Well done....keep continue it...god bless you...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akalankagayan
Thnx........
ranga11112
Thank you saho...
dagi1
NIYAMA KUTUHALAYA
suriyabattanayake
බොහොම ඉස්ුුි
AsithaDilruwan
Ela saho thanks
madushangamage
thankes bro
tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවෙිවාricadodamien
Thank U Chamal brother & baiscope team for the sub, all the best to baiscope team........
Krishani
Thank you ️
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය