Watch Trailer

Sleeping with the Enemy (1991) with Sinhala Subtitles | බිරිඳකගේ පළායෑම [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 6 වෙනි උපසිරසි නිර්මාණය. මං කලින් ලබා දුන් චිත්‍රපටවලට වඩා මේක ටිකක් වෙනස් ජාතියෙ එකක්. මේක Mystery / sychological Thriller වර්ගයට අයත් වෙන එකක්. මේක ටිකක් විතර අප්‍රකට නිර්මාණයක්. ඉතිං වෙනසකටත් එක්ක මට මේ වෙනුවෙන් සබ් එකක් හදන්න හිතුනා. මේ චිත්‍රපටය තිරගත උනේ 1991…

Sleeping with the Enemy (1991)

සුබ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 6 වෙනි උපසිරසි නිර්මාණය. මං කලින් ලබා දුන් චිත්‍රපටවලට වඩා මේක ටිකක් වෙනස් ජාතියෙ එකක්. මේක Mystery / sychological Thriller වර්ගයට අයත් වෙන එකක්. මේක ටිකක් විතර අප්‍රකට නිර්මාණයක්. ඉතිං වෙනසකටත් එක්ක මට මේ වෙනුවෙන් සබ් එකක් හදන්න හිතුනා.

මේ චිත්‍රපටය තිරගත උනේ 1991දී. අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Joseph Ruben විසින්. මෙහි ප්‍රධාන චරිතය නිරෑපණය කරන්නෙ Julia Roberts විසින්. ඇය ඉතා ප්‍රසිද්ධ හොලිවුඩ් නිලියක්. ඇය හොලිවුඩ් සිනමාවට ප්‍රවිශ්ට වු මුල් කාලයේදී රඟපෑ චිත්‍රපටයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඇයට අමතරව Patrick Bergin, Kevin Anderson යන රංගන ශිල්පීනුත් මෙයට රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම මේක චරිත අඩු විත්‍රපටයක්. මේ චරිත 3 තමයි ප්‍රධාන වශයෙන් මුළු චිත්‍රපටය පුරාවටම දක්නට ලැබෙන්නෙ. මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 175ක ඉහල ආදායමක් උපයා තිබෙනවා. එමෙන්ම විකීපිඩියා විශ්වකෝෂයේ සඳහන් වන අන්දමට මේ චිත්‍රපටය පාදක කරගෙන තවත් චිත්‍රපට ගණනාවක් නිපදවා තිබෙනවා. හින්දි, දමිළ, තෙලිඟු, කන්නාඩ, උර්දු, බෙංගාලි වන භාෂා වලින් මෙය පාදක කරගෙන චිත්‍රපට කීපයක්ම නිපදවා තිබෙනවා. සමහරවිට ඒ චිත්‍රපට වලින් එකක් හරි ඔබ මීට කලින් නරඹලත් ඇති. මේක ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම කුතුහලයෙන් හා පාළු ගතියකින් පිරැණ චිත්‍රපටයක්. Psychological Thriller චිත්‍රපට බලන්න කැමති කට්ටියට මේක හොඳ නිර්මාණයක් වේවි. මේ චිත්‍රපටයට ලැබී ඇති IMDB අගය 6.1ක්. 

දැන් මං මේකේ කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නෙ විවාහක යුවලකගෙන්. ඔවුන් දෙන්නා පදිංචිව සිටින්නෙ වෙරලාසන්න පෙදෙසක පිහිටි විශාල නිවසක. මේ ස්වාමි පුරැෂයා යම් කිසි මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙක්. ඔහු නිතරම තම බිරිඳට ඉතා දරැණු අන්දමින් පහර දෙනවා. එමෙන්ම ඔහුගේ දැඩි නීතී රීති යටතේ ඉතා දුක්ඛිත ජීවිතයක් තමා මේ බිරිඳට ගෙවන්න සිදුවෙලා තියෙන්නෙ. කිසිම හේතුවක් නැතිව මෙසේ තාඩන පීඩන වලට ලක්වෙන මේ බිරිඳ අවසානයේ මේ සියල්ල අතහැර පලා යෑමට තීරණය කරනවා. ඒ සඳහා ඇය යොදාගන්නෙ මොනවගේ ක්‍රමයක්ද? ඇගේ ඒ උත්සහය සාර්ථක වේවිද? ඇයට මොනවගේ ඉරණමකට මූන පාන්නට සිදුවෙයිද? ඉතිං ඔයාලම මෙය නරඹා හොඳද නරකද කියා තීරණය කරන්න. ඒ වගේම මේ චිත්‍රපටය ඒක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් එකක්. බලන්න ගත්තොත් මගදි නවත්තන්න හිතෙන්නෙම නෑ. අවසානය වෙනකම්ම එම කුතුහලය අඛණ්ඩවම පවතිනවා. ඉතිං තවත් උපසිරසක් සමග ලඟදිම හම්බවෙමු. ඔබ සැමට ජයෙන් ජය !

Sleeping with the Enemy (1991) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Sleeping with the Enemy.1991.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති සිංහල උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

628 downloadsDownload Sleeping-with-the-Enemy-1991.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

James DC

Subtitles

628 downloadsDownload Subtitles28 KB

14 comments

  1. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  2. Ashen Malinga Nanayakkara

    kohomada film eka download karaganne

  3. Ashen Malinga Nanayakkara

    thank you

  4. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    ෴෴බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.෴෴...............comment system eka wenas karala

  5. Ishan Madusha

    නියමයි.උපසිරැසියට ස්තුතියි සහෝ

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  7. praneeth madu

    බොහොම ස්තූතියි

  8. Dulanga

    Thanks

  9. අසිත

    meka nithara nama dakinna labena godak janapriaya film ekak.
    jaya wewa!!!!

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ricado

    thank you very much for the sub james brother & baiscope, u guys are doing a amazing work keep it up...........

  13. arunaprasad

    thanks...

  14. Anonymous

    Thanks bro