Watch Trailer

Small Soldiers (1998) with Sinhala Subtitles | යුද සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු අට වන උපසිරැසිය තමා මේ අරගෙන ආවේ. ටිකක් විතර දුක් විඳලා හදාගත්ත සබ් එකක් කිව්වොත් හරි. මොකද මේකේ අමුතු තාලේ ඉංග්‍රීසි වලින් යුගල ලයින් එක්දහස් දෙසීයක් වගේ තියනවා. ඒ කියන්නේ තනි ලයින් විදියට ගත්තොත් ලයින් දෙදහස් හාරසීයක්. එත් ඉතින් කොහොම හරි IMDb අගය 6.1 වෙලා…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු අට වන උපසිරැසිය තමා මේ අරගෙන ආවේ. ටිකක් විතර දුක් විඳලා හදාගත්ත සබ් එකක් කිව්වොත් හරි. මොකද මේකේ අමුතු තාලේ ඉංග්‍රීසි වලින් යුගල ලයින් එක්දහස් දෙසීයක් වගේ තියනවා. ඒ කියන්නේ තනි ලයින් විදියට ගත්තොත් ලයින් දෙදහස් හාරසීයක්. එත් ඉතින් කොහොම හරි IMDb අගය 6.1 වෙලා තියන Action, Adventure, Comedy ගණයට අයිතිවෙන මෙම විශේෂ චිත්‍රපටය ඔයාලට අරගෙන ආව. මේක ඇනිමේෂන් නෙවි. ඒවගේම සෙල්ලම් බඩු උනත් බාල වැඩිමල් ඔක්කොටම බලන්න පුළුවන් චිත්‍රපටයක් කිව්වොත් හරි. ඔය යුද්ද ගැන තියන චිත්‍රපට බලන්න කැමති යාලුවන්ට මේක නියමෙට ගැලපේවි.

කතාව පටන් ගන්නේ හමුදාව වෙනුවෙන් නිර්මාණය කරපු මයික්‍රෝචිප් යොදාගෙන කමාන්ඩෝ සෙබළුන් වගේ සෙල්ලම් බඩු නිර්මාණය කිරීමත් එක්ක. ඒවගේම සතුරන් විදියට සත්තු වගයකුත් නිර්මාණය කරනවා, කොහොමින් හරි වෙළඳ පලට නිකුත්වෙන්න කලින් ළමයෙක් අතට පත්වෙන මේ සෙල්ලම් බඩු ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඊට පස්සේ ඇත්ත යුද පිටියක් තමයි. ගෙවල් දොරවල් විනාශ වෙන අතරේ ළමයිගේ වගේම ඔවුන්ගේ දෙමව්පියන්ට පවා හානි වෙනවා. ඉතින් මේ පොඩි ටර්මිනේටර්ලා වගේ සෙල්ලම් බඩු එක්ක කරන යුද්දේ තමා මේ චිත්‍රපටය. ඔයාලට මේක බැලුවොත් වෙනස තේරේවි.

මම ඊළඟට දෙන්න හිතන් ඉන්නේ ටිකක් විතර වෙනස් කතාවක්. මම හිතන්නේ මම කලින් ඔයාලට ඒ ජාතියේ කතාවක් දීල නැ. ඔය ඇඩ්වෙන්චර් ට්‍රිප් යන්න කැමති යාළුවො එහෙම බලන්න ඕන කරන චිත්‍රපටයක් වෙන එකත් අරගෙන එන්නම් ඉක්මනට. ගිහින් එන්නම් එහෙනම්.

බුදු සරණයි..

Small Soldiers (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Small.Soldiers.1998.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

301 downloadsDownload Small-Soldiers-1998.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

301 downloadsDownload Subtitles47 KB

16 comments

  1. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  2. Ganicus

    Thanks brother podi kale baluwa ekak...aye blnwa. .

  3. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

  4. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර ඔබේ උපසිරසියට ස්තුතියි! මෙය මීට පෙර නරඹලා නැති එකක්, ඔබ උපසිරසි ලබාදුන් බොහෝ සිනමාපට මා මීට
    පෙර නරඹලා තියෙනවා. මෙයත් එසේම හොඳ එකක් වේවි.

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. Thisara Neo

    Thanks

  7. Gayan

    ela mcn

  8. Chalana

    thnx bro...

  9. asitha

    elama saho thanks

  10. daminda

    thanks bro
    oka man podi kale baluwa dan sub ekama aphu balanawa

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. isu

      black box 2021 අයියේ පුලුවන් නම් සබ් එක දෙනන්කෝ

  13. CHOOTA

    thank bro aye balanna hituna film eka

  14. සිම

    black box 2021 මෙක නියම ෆිලුම. සබ් එක දෙන්නකෝ

  15. isu

    black box.... puluwan nam sub eka dennakoooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.