සුභ දවසක් බයිස්කෝප් වාසි හැමෝට !,ඔන්න මං මගේ හතරවෙනි උපසිරසියත් ගේනවා.මේක බාරගත්තේ ඉක්මනටම කරන්න හිතාගෙන.එත් කරන්න ටිකක් කල් ගියා.කොහොම හරි ගෙනාවා ඉතින්..මේක Arnold Shwarzenggerගේ ෆිල්ම් එකක්.ටිකක් පරණයි.එත් ඉතින් ආනෝල්ඩ්ගේ ෆිල්ම් එකක්නේ.😀හරි එහෙනං වැඩි කථා නැතුව මං ෆිල්ම් එක පැත්තට යන්නම්.ෆිල්ම් එ…

සුභ දවසක් බයිස්කෝප් වාසි හැමෝට !,ඔන්න මං මගේ හතරවෙනි උපසිරසියත් ගේනවා.මේක බාරගත්තේ ඉක්මනටම කරන්න හිතාගෙන.එත් කරන්න ටිකක් කල් ගියා.කොහොම හරි ගෙනාවා ඉතින්..මේක Arnold Shwarzenggerගේ ෆිල්ම් එකක්.ටිකක් පරණයි.එත් ඉතින් ආනෝල්ඩ්ගේ ෆිල්ම් එකක්නේ.😀හරි එහෙනං වැඩි කථා නැතුව මං ෆිල්ම් එක පැත්තට යන්නම්.ෆිල්ම් එකේ විස්තර කිව්වොත් Arnold Schwarzenegger,Danny DeVito, Emma Thompson, Frank Langella, Pamela Reed යන අය ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ivan Reitman. twins (1988), Ghostbusters (1984), Ghostbusters (2016), Kindergarten Cop (1990), My Super Ex-Girlfriend (2006) වගේ ගොඩක් ෆිල්ම් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් Ivan Reitmanමයි.ඒ වගේම මේ ලගදි ආපු Baywatch(2017) ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙත් මෙයා තමයි. Romance/Comedy/Sci-Fi ගනයට අයත් වෙන අතර IMDb අගය 4.6කුත් Rotten Tomatoes 34% ලැබිලා තියෙනවා.මේකේ ධාවන කාලය පැයකුත් විනාඩි 50ක්. ඩොලර් මිලියන 60කින් නිපදවපු ෆිල්ම් එක ඩොලර් මිලියන 108.4ක box office ආදායමක් උපයලා තියෙනවා.ඒ වගේම Golden Globe Award for Best Actor, Actress–Motion Picture Musical or Comedy කියන සම්මානයටත් Arnold Schwarzenegger සහ Emma Thompson නිර්දේශ වෙලා තියෙනවා.ෆිල්ම් එකේ පසුබිම මේ ඇතිනේ.
කතාව ගැන කිව්වොත්, ඇලෙක්ස් හෙස් (Arnold Schwarzenegger)කියන්නේ විද්‍යාඥයෙක්.මෙයාගේ යාලුවෙක් වෙන ආචාර්ය ලැරී ඇබගස් (Danny DeVito)බෙහෙතක් හදනවා එකෙන් ගබ්සාවීම් ඇතිවෙනවා.ඉතින් මේක ච්ම්පන්චින්ට පරික්ෂා කරත් මිනිස්සුන්ට පරික්ෂා කරලා නෑ.කාන්තාවකට පරික්ෂා කරන්න අමාරු නිසා ඇලෙක්ස්ම මේ බෙහෙත පරික්ෂා කරනවා.එත් ආචාර්ය ලැරී හොරෙන්ම විද්‍යාඥ ඩයනා රෙඩින් (Emma Thompson)ගේ junior (පොඩ්ඩා)කියන පුද්ගලික කළලේ තමයි මේකට ගන්නේ.අනික මේ පරීක්ශනේ ගැන අය දන්නෙත්නෑ. ඇලෙක්සුයි ඩයනයි මේ බව නොදැනම ආදරෙත් කරනවා.කොහොමහරි ඇලෙක්ස් තමයි ලෝකේ පළවෙනි ගර්භනි පිරිමියා වෙන්නේ.😁ඒ කතාව අතරේම ලැරිගේ හිටපු බිරිද ඇන්ජෙලත් (Pamela Reed)ගර්භනී වෙලා.ලැරිගෙන්නම් නෙමෙයි.😊 මණ්ඩල ප්‍රධානියා වෙන විද්‍යාඥ නෝහා බීන්ස්ට (Frank Langella)හොරෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ.ඉතින් මෙයත් කොහොමහරි මේක ගැන දැනගන්නවා.අන්තිමේ එයා මාධ්‍යවේදියෝ ගෙන්නලා ජරමර ගොඩක් අස්සේ තමයි බබාලව එලියට ගන්නෙත්..වැඩි විස්තර ෆිල්ම් ඒක බලලම දැනගන්නකො.☺
එහෙනං සබ් එක ගන්න ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක නොකර.මොකද ගොඩක් මහන්සි වෙලා අන්තිමට සතුටු වෙන්න කියලා ලැබෙන්නේ comment එකක් විතරයි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
2,136 downloadsDownload Junior-1994.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/madhubhashana-bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුභාෂණ බණ්ඩාර
Subtitles
18 comments
රොයිලි
Isuru
Thanks මචන්………
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........praveen ranasinghe
thanks
praveen ranasinghe
thanks
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udaya Fernando
Thanks Bandara
දමිත්
බොහොම ස්තුතියි මධුභාෂණ සහෝ සිංහල උපසිරැසියට.
පරන උනත් හො චිත්‍රපටයක්.
ජයෙන් ජය සහෝ..Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
AsithaDilruwan
elama saho thanks
Thusitha Sampath
thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss.....................................................
Hasitha_Madhushan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.....
Soori
පරණ උනත් හොඳ සබක්, ගත්තා එහෙනම්. බොහෝම ස්තුතියි මධුභාෂණ සහෝ...!!!
kalugalla
tnqq bro
sampath n perera
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය
sandun93
බොහෝම ස්තුතියි උපසිරැසියට
suchroxx
Thanks Bro
Anonymous
Thanks.you all of are doing great job.thanks baiscope.lk
Advertisement
![Junior (1994) Sinhala Subtitles | පොඩ්ඩා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/junior.jpg)

බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P