Watch Trailer

So B. It (2016) Sinhala Subtitles | ආදරයට තවත් නමක්… [සිංහල උපසිරසි]

So B. It (2016) Sinhala Subtitles ඔන්න ඉතින් යාලුවනේ, අද මම අරන් ආවෙ ටිකක් වෙනස් ෆිල්ම් එකක්. මේක රිලීස් වුනේ 2016 වෙලත්, මේ ෆිල්ම් එක Download කරලා බලන්න හදනකොට කරුමෙටම වගේ සිංහල Subtitle එකක් හොයාගන්න නැති වුනා. කොහොම හරි English සබ් එකක් දාගෙන ෆිල්ම් එක බැලුවට පස්සෙ මට හිතුන “ඇයි කාටවත් මේකට සබ්…

So B. It (2016) Sinhala Subtitles

ඔන්න ඉතින් යාලුවනේ, අද මම අරන් ආවෙ ටිකක් වෙනස් ෆිල්ම් එකක්. මේක රිලීස් වුනේ 2016 වෙලත්, මේ ෆිල්ම් එක Download කරලා බලන්න හදනකොට කරුමෙටම වගේ සිංහල Subtitle එකක් හොයාගන්න නැති වුනා. කොහොම හරි English සබ් එකක් දාගෙන ෆිල්ම් එක බැලුවට පස්සෙ මට හිතුන “ඇයි කාටවත් මේකට සබ් එකක් සිංහලෙන් හදන්න අමතක වුණේ?” කියලා. මොකද මේක ගොඩක් අය දකිනවට වඩා වෙනස්, ඒත් හරිම ලස්සන කතාවක් නිසා. මේකෙ නම ඔයාල දැන් දන්නවනේ: So B. It.

මට මේ ෆිල්ම් එක හම්බුණේ මගෙ favorite ම actress වෙන Talitha Bateman ගෙ ෆිල්ම් ටිකක් හොය හොය ඉද්දි. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නෙත් ඇයමයි.  Annabelle: Creation, Geostorm, Vengeance a Love Story වගේ ෆිල්ම් වලින් අපි දැක්ක Talitha Bateman ගේ විශිෂ්ට රංගනයක් මේ චිත්‍රපටියෙනුත් බලාගන්න පුළුවන්. ඉතින් මම තීරණය කළා මේ ලස්සන සිනමා නිර්මාණය සිංහල උපසිරැසි එක්කම ඔයාලට අරගෙන එන්න.

මොකක්ද මේ කතාව?

මේක Sarah Weeks කියන කතුවරියගේ පොතක් ඇසුරින් නිර්මාණය වුණ හරිම සංවේදී කතාවක්. කතාව ගෙතෙන්නේ “හයිඩි” කියන අවුරුදු 12ක පුංචි ගැහැණු ළමයා වටා. හයිඩි ජීවත් වෙන්නේ එයාගේ අම්මා එක්ක. හැබැයි හයිඩිගේ අම්මා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එයාට විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා . එයාට කතා කරන්න පුළුවන් වචන කිහිපයක් විතරයි. මේ දෙන්නව බලාගන්නේ එයාලගේ අල්ලපු ගෙදර ඉන්න, ගෙදරින් එළියට බහින්න බය “බර්නි” කියන කාන්තාව.

හයිඩිගේ අම්මා දන්න වචනවලින් එක වචනයක් තියෙනවා හරිම අමුතු. ඒ තමයි “සූෆ්” (Soof). මේ වචනේ තේරුම මොකක්ද? තමන්ගේ අම්මා කවුද? තාත්තා කවුද? තමන්ට පවුලක් ඉන්නවද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන මේ හයිඩි තනියම ලොකු ගමනක් යනවා. ඒ ගමන ලේසි වෙන්නේ නෑ.

ඇයි මේක බලන්න ඕන?

මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි. මේක ආදරය, කැපවීම සහ පවුල කියන බැඳීම ගැන හරිම ලස්සනට කතා කරන චිත්‍රපටයක්. විශේෂයෙන්ම Alfre Woodard සහ Talitha Bateman ගේ රංගනය ඇස් වලට කඳුළු එන තරම් තාත්විකයි. IMDb දර්ශකයේ 6.4/10 ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.

Drama/Comedy කාණ්ඩයට වැටෙන මේ ෆිල්ම් එක, ඔයාගේ හිතට දැනෙන, ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්න හිතෙන ජාතියේ එකක්. අවුරුදු 13ට වැඩි ඕනිම කෙනෙක්ට අන්තිම වෙනකම් ආසාවෙන් බලන්න පුළුවන්.
එහෙනම්, හයිඩි එක්ක එයාගේ අතීතය හොයන්න යන්න ලෑස්ති වෙන්න. අර අමුතු වචනේ, “සූෆ්” කියන්නේ මොකක්ද කියලා දැනගන්නම ඕන නම් ෆිල්ම් එක බලන්නම වෙනවානේ.

බලලා ඉවර වෙලා ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
ජය වේවා!


 

     

Due to copyright issues, We no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

229 downloadsDownload So-B.It-2016.zip48 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-09

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

So B. It (2016) Sinhala Subtitles

Subtitles by

Sades (Walker)

Subtitles

229 downloadsDownload Subtitles48 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට....