Watch Trailer

Lean on Pete (2017) Sinhala Subtitles | පීට් මගේ යාළු අශ්වයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට. ඉතින් මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය වෙච්ච Meester Kikker උපසිරැසියට ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා. පළවෙනි උපසිරැසි නිර්මාණය වුණත් ඒක හොදින් නිර්මාණය කරන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. ඔන්න ඉතින් පලවෙනි උපසිරැසියේ උණුසුම යන්නත කලින් මං මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරන් ආවා. ස…

කොහොමද යාළුවනේ ඔයාලට. ඉතින් මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය වෙච්ච Meester Kikker උපසිරැසියට ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා. පළවෙනි උපසිරැසි නිර්මාණය වුණත් ඒක හොදින් නිර්මාණය කරන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. ඔන්න ඉතින් පලවෙනි උපසිරැසියේ උණුසුම යන්නත කලින් මං මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරන් ආවා. සමීර සහෝ තමයි චිත්‍රපටය තෝරලා දුන්නේ කරන්න කියලා. ඒ විදියට තමයි මේ උපසිරැසිය මගේ අතින් නිර්මාණය වුණේ. පටන් අරන් ටිකක් කල් ගියා ඉවර කරන්න. පොඩි අකරතැබ්බයකට මුහුණ දුන්නා හද හද ඉන්නකොට. ඒකයි පරක්කු වුණේ. සමාවෙන්න ඕන පරක්කු වුනාට. මේකෙත් පොඩි පොඩි වැරදි එහෙමත් එහෙන් මෙහෙන් ඇති. ගණන් ගන්න එපා ඉතින්. මේකට උපරිම සාධාරණයක් කරා කියලා මම විශ්වාස කරනවා.

ඉතින් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ. මේකේ නම ‘Lean On Pete’. මේක එක්සත් රාජධානියට අයත් චිත්‍රපටයක්. ඒත් ෆිල්ම් එක මුලින්ම නිකුත්වෙලා තියෙන්නේනම් වැනීසියේ. ඒ 2017 සැප්තැම්බර් 1දා. මේක එංගලන්තයේ නිකුත්වෙලා තියෙන්නේ 2018 මැයි 4දා. චිත්‍රපටයම විනාඩි 121ක් පුරා දිවයනවා. චිත්‍රපටය සම්මානලාභී චිත්‍රපටයක්. Lean On Pete චිත්‍රපටය සම්මාන 7ක් දිනා තිබෙනවා. ඒ වගේම චිත්‍රපටය සම්මානයන් සදහා 3න් වතාවක් නිර්දේශවෙලා තියෙනවා. අපි ටිකක් බලමුද ඒ මොනවද කියලා. නැත්නම් හරි නෑනේ.

• 2018 Heartland Film සම්මාන උත්සවයේදී Truly Moving Picture Award එක දිනාගැනීමට සමත් වුණා.
• 2018 International Cinephile Society Awards සම්මාන උත්සවයේදීයෙද Best Movie Not Released in 2017 සම්මානය දිනාගැනීමට සමත් වුණා.
• 2017 Les Arcs European Film Festivalහිදී Best Actor Prize, Best Cinematography, Best Original Score, Crystal Arrow යන සම්මාන 4 දිනාගැනීමට සමත් වුණා.
• 2017 Venice Film Festivalහිදී Best Young Actor යන සම්මානය දිනාගැනීමට සමත් වුණා.
• 2017 Indiewire Critics’ Poll සම්මාන උත්සවයේදී Best 2018 Movie Already Seen සම්මානය සදහා නිර්දේශ වුණා.
• 2017 London Film Festivalහිදී Best Film යන සම්මානය නිර්දේශ වුණා.
• 2017 Venice Film Festivalහිදී Best Film යන සම්මානය නිර්දේශ වුණා.

මේ ටික තමයි නිර්දේශ සහ ජයග්‍රහණ ටික. මේ ටිකෙන්ම තේරෙනවා ඇතිනේ කොච්චර හොද චිත්‍රපටයක්ද කියලා. චිත්‍රපටයේ IMDb අගය 7.4ක් වගේ ඉහල අගයක් ලෙසයි සදහන් වෙන්නේ.

මෙම චිත්‍රපටය අවුරුදු 15ක් වයසැති චාලි තොම්සන් වටා ගෙතෙන චිත්‍රපටයක්. තනි පියෙකුගේ පුත්‍රයෙක් වන චාලිට සහ පියාට ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අසීරු වෙනවා. ඉතින් ඔවුන් නව ආරම්භයක් බලාපොරොත්තුවෙන් පෝර්ට්ලන්ඩ්, ඔරිගන්වලට එනවා.
එහිදී චාලි රැකියාවක නිරත වනවා ඩෙල් නැමැති අශ්ව පුහුණුකරුවෙකු ලග. එතැනදී තමයි චාලිට පීට්ව හම්බ වෙන්නේ. පීට් කියන්නේ අශ්වයෙක්. එයා එක්ක ගත කරන කාලය, මුහුණ දෙන බාධක ආදිය තමයි මේකේ තියෙන්නේ. තව ඉතින් කියන්න බෑ.
ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Andrew Haigh විසින්. කතාව රචනා කරලා තියෙන්නේ Willy Vlautin සහ Andrew Haigh විසින්. චාලිගේ චරිතයට පණ පොවන්නේ Charlie Plummer විසින්. Amy Seimetz, Travis Fimmel, Steve Buscemi, Chloë Sevigny කියන නළු නිලි කැල තමයි මේකේ රංගනයෙන් දායක වෙන්නේ. මේක Adventure, Drama ගණයට අයත් චිත්‍රපටයක්. ඔයාලා බලලම ඉන්නකෝ. කමෙන්ට් එකකුත් දාන්නකෝ බාගෙන.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,511 downloadsDownload Lean-on-Pete-2017.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චවින්ද්‍ය හසාංජන ද සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,511 downloadsDownload Subtitles46 KB

24 comments

  1. SP

    Thanx for the sub

    1. Chavindya

      Tnx saho

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    1. Chavindya

      Sthuthi saho

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....

    1. Chavindya

      Sthuthi saho

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Chavindya

      Sthuthi saho

  5. Sherlock holmes

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසට..ජය

    1. Chavindya

      Sthuthi saho

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Chavindya

      Sthuthi saho

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chavindya

      Sthuthi saho :)

  8. බොබී

    සත්තු ඉන්න ෆිල්ම් වලට මම නම් ගොඩක් කැමතියි. මේක අනිවාර්යයෙන් ගන්නවා. බොහොම ස්තූතියි සහෝ.

    1. Chavindya

      Sthuthi saho

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Chavindya

      Sthuthi saho

  10. SAjith Anthony

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    ජය වේවා!

    1. Chavindya

      Sthuthi saho

  11. Buddhika Lakmal (laKMal)

    පට්ට..... මේ වගේ තව ඒවට සබ් දෙන්න..... thanks brooooooooo

  12. AsithaDilruwan

    Ela saho thanks

  13. ricadodamien

    Thank U Hasanjana brother & baiscope team for the sub, all the best to baiscope team.......

  14. Prageeth Gaya

    thank uuuu sub ekata
    puluwanda tulip faver ekatat sub denn plz

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.