Watch Trailer

Son Of Sathyamurthy (2015) |තාත්තා යනු අමතක කල නොහැකි මතකයක්… [සිංහල උපසිරසි සමඟ]

“මගේ තාත්තා මට උපත දුන්නා. කෝටි ගණන් හම්බ කරලා දේපල දුන්නා. මට සටන් කරන්න එක යුද්ධයක් දුන්නා. මට මේ තරම් ආදරය කරන කෙල්ලෙකුත් දුන්නා. කෙනෙකුට හොඳක් කරොත්, අනිවරෙන්ම අපිට හොඳක් වෙනවා කියලා ඔප්පු කරලා දුන්නා. මේ තමයි මගේ කතාව….” හම්මේ.. ඔන්න ඉතින් කාලෙක ඉඳන් බලාගෙන හිටපු එකක් උස්සගෙන ආවා මම..මේක එනකන්…

Son Of Satyamurthy

“මගේ තාත්තා මට උපත දුන්නා.
කෝටි ගණන් හම්බ කරලා දේපල දුන්නා.
මට සටන් කරන්න එක යුද්ධයක් දුන්නා.
මට මේ තරම් ආදරය කරන කෙල්ලෙකුත් දුන්නා.
කෙනෙකුට හොඳක් කරොත්,
අනිවරෙන්ම අපිට හොඳක් වෙනවා කියලා ඔප්පු කරලා දුන්නා.
මේ තමයි මගේ කතාව….”

හම්මේ.. ඔන්න ඉතින් කාලෙක ඉඳන් බලාගෙන හිටපු එකක් උස්සගෙන ආවා මම..මේක එනකන් මට ඉවසගෙන ඉන්න බැරි උනා. පෞද්ගලිකවම ගොඩක් ආස චිත්‍රපටියක්. ඉතින් ආවට පස්සේ සබ දානකන් ඉවසිල්ලක් නැති උනා. ඔන්න එහෙනම් මම මගේ පලවෙනි අසා ලිවීම අරගෙන අද මෙහාට ගොඩ බහින්නේ මගේ විසිවෙනි උපසිරසි ගැන්වීම සමරමින්. ඉතින් මුලින්ම කියන්න ඕන මම තෙලුගු කාලා වතුර බීපු කෙනෙක් නෙවෙයි. තෙලුගු යම්තාක් දුරට දන්නා මගේ මිතුරෙකුගේ උදව් එකතු කරගෙන තමා මේක අවසානයක් කරේ. ඉතින් මගේ මිත්‍රයා ශාන් හට මගේ පළමු ආචාරය පුද කර සිටිනවා. බලන්න පුළුවන් කොපියක් පිට වෙලා සති ගානකට පස්සේ තමා මේ මම අද ඔයාලට මේක අරගෙන එන්නේ. (කරන්න පටන් ගත්තා වගේ නවෙයි ඉවර කරන්න සති ගානක් ගියානේ 😉 ) මෙන්න මෙතනට රිංගුවොත් මේ චිත්‍රපටිය ගැන තවත් විස්තර බලාගන්න පුළුවන්.

කවුරුත් දන්න තෙලුගු සිනමාවේ Stylish Star Allu Arjun තමා මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. ඒ විරාජ් ආනන්ද් කියන චරිතය. එතකොට මේකේ නම Son Of Sathyamurthi වෙනකොට සත්‍යමූර්ති කියන්නේ මොකාද කියලා ඔයාලා බලනවා ඇති නේද? සත්‍යමූර්ති කියන්නේ විරාජ් ආනන්ද්ගේ තාත්තා. ඒ චරිතයට පන පොවන්නේ Prakash Raj විසින්. චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙසින් Samantha Ruth කටයුතු කරනවා. ඒ සමීරා කියන චරිතයට. ඊට අමතරව තව අක්කලා දෙන්නෙක් මේකේ ඉන්නවා ඒ Adah Sharma සහ Nithya Menen. එයාලට අමතරව Brahmannandam, Ali, M. S. Narayana, Upendra වගේ නළු නිලියන්ද මේ සඳහා රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය තෙලුගු සිනමාවේ වැඩකාරයෙක් වන Devi Sri Prasad(DSP) විසින් සිදු කර තිබෙනවා. ඉතින් මේකේ ගොඩක් ලස්සන සිංදු කීපයක්ම තියෙනවා. ඒවායින් කිහිපයකට උපසිරසි ගන්වන්නත් මම අමතක කරේ නෑ. S. Radha Krishna විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කර තිබෙන්නේ Julayi(2012) චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Trivikram Srinivas විසින්.

අප්‍රේල් 09 තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය පළමු දිනයේම ඉන්දියානු රුපියල් මිලියන 205ක් උපයා තිබෙනවා. ඒ පළමු දිනයේ වැඩිම අදායමක් ලැබූ තෙලුගු චිත්‍රපටිය ලෙස මීට පෙර Race Gurram තබා තිබූ වාර්තාව බිඳ හෙලමින්. කතාව ගැනත් පොඩ්ඩක් කියන්න එපාය. ඔන්න එහෙනම් සත්‍යමූර්ති කියන්නේ මහා මිනිස් වටිනාකමකින් යුතු බිලියනපතියෙක්. එයාගේ බාල පුතා තමයි විරාජ් ආනන්ද් කියන්නේ, සත්‍යමූර්ති හදිසි අනතුරකින් මිය යනවා. එයා මැරුණට පස්සේ එයාගේ ව්‍යාපාර කඩා වැටෙනවා. විරාජ්ට ඒක බේරගන්න බැරි වෙනවා, හැම දෙයක්ම නැති වෙලා බංකොලොත් උන සත්‍යමූර්තිගේ පවුල අන්තිමට පාරට වැටෙනවා. එයාලව ගොඩගන්න විරාජ් විවාහ සැලසුම් කරන කෙනෙක් විදිහට රස්සාව පටන් ගන්නවා.ඔය ඇති නේ කිව්වා, මම දන්නවා බලන උන් මේවා කියවා කියවා ඉන්නේ නෑ. Allu Arjun කියන නම් දැක්ක ගමන් බාන්න දානවා.

තව දෙයක් කියන්න තියෙනවා. මම මේ ගෙනල්ලා තියෙන්නේ DVDScr කොපියක්. කොලිටිය ගැන නම් කියන්න තරම් නරකක් නෑ. හදිසි කාරයින් වෙනුවෙන්මයි මේකට සබ කොරලා ගෙනාවේ. මේවා ඉතින් කොලිටියටම බලන්න ඕන ෆිල්ම් තමා. ඉතින් බලන්න හදිසියක් නැත්නම් හොඳ රිප් එකක් ආවම බලමු කියලා කියන ගමන්. හොඳ රිප් එකක් ආවම ඉක්මනින් යාවත්කාලීන කරන්න පොරොන්දු වෙනවා. පැය දෙකහමාරක් අසා ලියන එක ලේසි වැඩක් නෙවෙයි. අන්තිමට බලනකොට ලයින් දෙදාහකට කිට්ටුයි. ඉතින් සති ගානක් මහන්සි වෙලා කරපු වැඩේට තත්පරයක් වැය කරලා පොඩි අදහසකුත් දාගෙන යන්න කියලා කියන ගමන් ගමන් මම අදට යනවා. බයිස්කෝප් එන යන හැමට ජය වේවා…!

Son Of Sathyamurthy (2015)    on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

612DEA0A3B984454FBB0A0D13C8F5843B876B664

 

20,403 downloadsDownload SO_Satyamurthy_2015-DVDRIP-UPDATE.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

20,403 downloadsDownload Subtitles84 KB

139 comments

  1. widuranga

    niyama wadak machooooooooooo
    thanx sub ekata

  2. Dananjaya

    Thx machan,,,allu arjunge film ekath kiyanne aya wena mona kathada

  3. hitha honda kolla

    thnx mcn danata baanawa..
    rip ekak awama daapan sure ekatama :)

  4. Lahiru Dinesh

    බොහොම ස්තුතියි "බයිස්කෝප්" ! ඔයාල හැමෝටම ජය වේවා!
    * තාරක නුවන් දිල්හාර * ගොඩාක් ස්තුතියි සහෝදරයා

  5. devinda

    thankz mcn

  6. yasasa

    අනිවා සහෝ... අපේ කොල්ලගේ නම දෑක්ක ගමන් බානවා මේ සිලුම.. සබ් දුන්නාට තුති සහෝ.. :) :)

  7. HiMeSh

    අල්ලු අර්ජුන් කියල දැක්ක ගමන් බාන්න දැම්ම..
    පස්සෙ තමය් ලිපිය කියෙව්වෙ.. :3

  8. milan

    niyama film eka mcnnn . kiyanda wachana na......

  9. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  10. සචින් ගිම්හාන්

    පට්ට නියමයි හොද කොපියක් ආවම බන්නම් සුබ එකට ගොඩක් ස්තුතියි.....

  11. nilantha

    chater ne bn cam copiyak meka

    1. තාරක නුවන් දිල්හාර

      DVD වලට වැඩිය හොඳයි බං... ;)
      හදිසියක් නැත්නම් හොඳ කොපියක් ආවම ගමු..
      ජය ෴෴ :P

  12. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    Allu Arjun ඉන්නවානම් අනිවා බලන්නම ඕන .
    බොහොම ස්ත්තුයි සබට !

  13. chamara

    ගොඩක් මහන්සි වෙලා කරපු වැඩේට ස්තූතියි,
    මේකනම් බලන්නම ඕනෙ එකක්.

  14. Pramudaya

    අල්ලු අර්ඡුන් කිව්වොත් අපි බලනවා තැන්ක්සු සබ් එකට

  15. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  16. nipun

    ela machn.. Thanks

  17. shanuka

    malli patta film eka mta e wgw vijege Shajahan 2001 movie eka denna plz

  18. R.D

    Meke hoda copyak enakal man bala bala hitiye.......apu gaman baanda balagena.baiscope eken sub eka denawa kiyala dannawane........Thanks Machan.Hoda copyak apu gaman Sub eka update karala denda.Good Luck

  19. bhathiya

    සබට තුති

  20. thisal

    බොහොම ස්තුතියි,,, wait for good print

  21. grodfi

    sub nethuwa balala makala demmA me wage film mata set wenne wage sub ekata thanks

  22. එල්.සී. දමැල්

    කාලා තියෙන කට්ට තේරුම් ගන්නනම් පුළුවන්...සති ගාණක ඉඳන් මහන්සි වෙලා කාලය යොදවා මෙවැනි හොඳ අර්ථවත් සලරුවක් ගෙනාවට තාරක සහෝ (උදව් කෙරුව යාළුවටත් එක්ක) බොහොම ස්තූතියි...මේ වගෙ හොඳ එකක් බලන්නනම් හොඳ කොපියක් එනකම් අමාරුවෙන් වුණත් ඉවසනවා...                                                          

                                               ෴ ජය ෴

  23. Dinusha

    හම්මේ ^_^ එල බං එල උබට පිං සිද්ද වෙනව ඕං....

  24. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ...
    හොද එකක් වගේ...
    ඒ නිසා හොද එකක් ආවමම බලමු නේ..
    ඇක්ෂන් නැත්නම් අවුලක් නැහැ...
    එහෙනම් බොහොම ස්තුතියි කාපු කට්ටට..
    ජය වේවා!!

  25. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි තාරක සහෝ.
    සුපිරි වැඩක්.
    පැය දෙකාමාරක විනෝදය සදහා, උපසිරැසි කරුවන් කන කට්ට අත්දැකීම් ලද අය අනිවා හොදින් දන්නවා.
    මෙච්චර කට්ටක් කාලා උපසිරැසිය ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ.
    ඒ වගේම උදව් කල යාලුවාටත් ගොඩාක් ස්තූතියි.
    දිගටම උපසිරැසි ගේන්නට අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  26. Kulanjana Maduranga

    patta ahhhhhhhh....meka kawada deida kyla balan hitiye...menna bawooo...thanks THARAKA saho..sub ekata..thawa telugu film tikak bassamu ne.jaya wewa......

  27. පසිඳු උදාර

    මචන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා ... උබ මේ සබ් එකේ හැම තැනම කතෘ අයිතිය දක්වන කොටස දාල තියේ .... එක ෆිල්ම් එක බලනකොට ලොකු බාදාවක් .... කොහොම උනත් සබ් එකට ස්තුතියි මන් කියපු දේ ගැන වරදවා වටහා ගන්න එපා :D

    1. තාරක නුවන් දිල්හාර

      මොකට තරහ වෙන්නද... :P
      ඊළඟ සබ් එකේ ඉඳන් අඩුවෙන් දාන්නම්කෝ ;)
      ජය වේවා....!!!! :p :p :P

  28. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Thanuja chathuranga

    Fattama thama.. thanks THARAKA..

  30. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  31. Amila

    Thanks macho

  32. Sajith

    Thank you very much for the SUB .......

  33. Amila77ha

    thnx machan....ela wedak...

  34. Amesh

    සබට ස්තුතියි සහො...!

  35. Gaiya

    hoda copy eka awagaman dandoooooo etakan balan innawa. sub ekata thanx bro.

  36. ඉසුරු

    ගොඩක් සුතූතී

  37. je

    Thank you. Jaya weewa

  38. දමිත්

    ස්තුතියි සහෝ සිංහල සබට…
    ඔන්න ගත්තා…
    ජයෙන් ජය…

  39. Pa$indu Damsara

    Arjun ge film ekak genapu ekatanan bohoma estutie sub ekata thnx sahoo nawatath Arjun ge film ekakin hamuwemu

  40. Sisira Hegoda

    ස්තූතියි. කෝ මේකෙ ප්‍රකාශ් රාජ් ගැන කියවිලාම නැහැනෙ. 1965 ඉපදුනු ප්‍රකාශ් රාජ් දකුණු ඉන්දියානු සිනමාවේ පතාක යෝධයෙක්.අති විශිෂ්ට දමිල සිනමාවේ රංගනයෙන් නිශ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වූ මහා නළුවෙක්. දිනාගත් සම්මාන පිළිබඳව විකිපීඩියාවේ වෙනමම පිටුවක් තියෙන්නේ ඔහුටයි. ජාතිවාදී ඇහැකින් නොබලා කෙනෙකුගේ හැකියාවන් මනින්නයි මෙ ටික ලියුවේ

    1. තාරක නුවන් දිල්හාර

      Thank you for your kind consideration and the explanation for my education...

      ජය වේවා... :P :P :P

  41. ARA

    ජයෙන් ජයම වේවා!!!

  42. දගකාර හුරතලා (koba)

    saba denakam unne yaloo tnQ sabata :* allu nam ekenma

  43. Sandun

    Thank you machan sub 1ta.
    mahansiya watinawa. keep it up.
    quality rip 1 awama balamu.....
    ikmanata ekath daapan

  44. ruchi

    ane manda bro oyala kohomada anik aya wenuwen mechchratama kapa wenne... godak thnx saso me karana dewal walata english film kese weththath me wage theligu film balanna nam sub aniwa one ne...
    digatama karagena yamu saho

    thnx for sub

  45. samantha

    thanks

  46. Vidura

    නියමයි තාරක සහෝ.
    සුපිරි වැඩක්.
    පැය දෙකාමාරක විනෝදය සදහා, උපසිරැසි කරුවන් කන කට්ට අත්දැකීම් ලද අය අනිවා හොදින් දන්නවා.
    මෙච්චර කට්ටක් කාලා උපසිරැසිය ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ.
    ඒ වගේම උදව් කල යාලුවාටත් ගොඩාක් ස්තූතියි.
    දිගටම උපසිරැසි ගේන්නට අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  47. ushan

    ගොඩක් ස්තුතියි සබට bro......... එනකන් බලාගෙන හිටිය ෆිල්ම් එකක්...............

  48. ඉසු ඩිපි (Isu DP)

    කොල්ලා ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ.
    හැබැයි ඉතින් හොද කොපියක් ආපුවාම ගන්න දැන් සබ් එක බාලා තියා ගන්නවා.
    ආ... මේ 20නේ. සුබ පැතුම් සහෝ. !!!
    50ටත් ඉක්මනින් එමු.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  49. Nish

    Thanx machan,

  50. Nuwa

    thnks for the sub machn... great work

Load more comments