මේ 1944 වර්ෂයයි. දෙවන ලෝක යුධ සමයයි. ස්ථානය නාසි ජර්මනියේ Auschwitz දේශපාලන සිර කඳවුර. නැහැ. මම මාවම නිවැරදි කරගන්නම්. සිර කඳවුර නෙවෙයි. Auschwitz සමූල ඝාතන මධ්‍යස්ථානය. මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ අමානුෂික ලෙස වාර්තා වූ විශාලතම සමූල ඝාතනය සිදුවූ ස්ථානය. අපි කතාව එතනින් පටන් ගමු. Nazi Concentratin camp…

මේ 1944 වර්ෂයයි. දෙවන ලෝක යුධ සමයයි. ස්ථානය නාසි ජර්මනියේ Auschwitz දේශපාලන සිර කඳවුර. නැහැ. මම මාවම නිවැරදි කරගන්නම්. සිර කඳවුර නෙවෙයි. Auschwitz සමූල ඝාතන මධ්‍යස්ථානය. මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ අමානුෂික ලෙස වාර්තා වූ විශාලතම සමූල ඝාතනය සිදුවූ ස්ථානය. අපි කතාව එතනින් පටන් ගමු.
Nazi Concentratin camps හෙවත් නාසි දේශපාලන සිරකඳවුරු ජර්මනියේ ඒකාධිපති හිට්ලර්ගේ සංකල්පයක්. ඔහුගේ අරමුණ වෙන්නේ තමන්ගේ දේශපාලන ගමනට බාධා එල්ල කරන ඕනෑම කොට්ඨාසයක් මේ දේශපාලන සිරකඳවුරු තුළින් මර්දනය කිරීමයි. ඒ අනුව බිහිවුණ පළමු නාසි සිරකඳවුර වන ඩැකාවු (Dachau) කඳවුර ජර්මනිය තුළ ගොඩනැගුණේ 1933 වසරේ හිට්ලර් චාන්ස්ලර් ධුරයට පත් වූ කාලය තුළයි. ඉන්පසු ප්‍රධාන කඳවුරු සහ ඒ ආශ්‍රිත උප සිරකඳවුරු 1200 පමණ යුරෝපය පුරාම ගොඩ නැගුණා. ඒ අතරින් Auschwitz, Bergen-Belsen, Majdanek, Buchenwald යන කඳවුරු ලොව පුරම කතාබහට ලක් වුණා. වහල් කඳවුරු, පුනරුත්ථාපන කඳවුරු, හුවමාරු කිරීමේ කඳවුරු, සමූල ඝාතන කඳවුරු යනාදී වශයෙන් ජර්මන් සිරකඳවුරු වර්ග කොට දැක්වුණා. කුමන ආකාරයෙන් වර්ග කරනු ලැබුවත් මේ සිරකඳවුරු සියල්ල තුළ එක් කෝටි දස ලක්ෂයක පමණ සිරකරුවන් රඳවා තබා ගෙන මරණය තෙක් වද හිංසාවට ලක් කෙරුණා.
අපි කතා කරන මේ Auschwitz සිර කඳවුර 1940 වසරේදී මුලින්ම ගොඩනගන්නේ පෝලන්ත සිරකරුවන්ව රඳවා තබා ගැනීමට. කාලයත් සමග ආරම්භයේදී කුඩා සිර කඳවුරක් වූ මෙය කොටසින් කොටස ගොඩනැගී අවසානය වන විට වෙනම නගරයක් ලෙස සැලකීමට තරම් සුවිසල් ලෙස පැතිරුණා. පසුකාලීනව ප්‍රධාන කඳවුරේ තදබදය අඩු කිරීමට Auschwitz II-Birkenau, Auschwitz III ලෙසින් තවත් කොටස් දෙකක් සහ උප කඳවුරු ගණනාවක් ඒ වටා බිහි වුණා. ප්‍රධාන වශයෙන් මේ කඳවුරුවලට එවුණේ සියලුම ආකාරයේ යුදෙව් ජනතාව, පෝලන්ත සිරකරුවන්, වෙනත් සුළු ජාතික සිරකරුවන්, රුසියන් රතු හමුදා සිරකරුවන් සහ ඉතාම සුළු පිරිසක් වූ සමලිංගික පුද්ගලයන්. අපිරිසිදු බැරැක්කවල ගැහැණුන් , පිරිමින් සහ ළමයින් සියල්ලන්ම ඉතා දුක්ඛිත ජීවිත ගත කළා. ඒත් වැඩි කාලයකට නෙවෙයි. දෙවන ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශවයට රුසියාව එකතු වීම නිසා හිට්ලර්ට තවත් බලවත් දරුණු සතුරෙක් එකතු වුණා. ඒ නිසා හිට්ලර් ජාතියේ පරම අසතුරන් ලෙස සැලකූ යුදෙව් ජනතාවගෙන් නිදහස් වීමට සකස් කළ වැඩසටහන , The Final Solution හෙවත් ‘අවසන් විසඳුම’ ක්‍රියාත්මක කිරීම කඩිනම් කළා.
Auschwitz වෙත සිරකරුවන් රැගෙන ආවේ දුම්රියෙන්. පිරි ඉතිරී යන දුම්රිය මැදිරිවලින් ඉවතට ඇද දමන යුදෙව් ජනතාව ඒ වනවිටත් ඉතා දුක්ඛිත තත්වවලින් පසුවුණ බව හිට්ලර්ගේ SS භටයන් දුටුවේ නැහැ. ඔවුන් සිතා සිටියේ හිට්ලර්ගේ ජර්මන් අධිරාජ්‍යයට තමන් නොගැලපෙන නිසා තමන්ව වෙනත් නිවහනක් සඳහා රැගෙන යන බවක්. සිර කඳවුරකට බව දැන සිටියත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඉතිරිව තිබුණා. එබැවින් ඔවුන් , තමන් සතු සියලු වටිනා දේ , ආභරණ , අනන්‍යතා පත්‍ර, සිහිවටන , ඇතැම් විට යම් යම් ආහාර පවා ඔවුන්ගේ සූට්කේස් තුළ අසුරාගෙන පැමිණියා. ජර්මන් අධිරාජ්‍යයට වඩුවන්, පෙදරේරුවන්, කාර්මිකයන් හෙදියන් යනාදී සේවකයන් අවශ්‍ය බැවින් ඔවුන් සියල්ලන්ට රැකියා කර මුදල් ඉපයිය හැකි බවයි සිරකරුවන්ට පැවසුණේ. දුම්රියෙන් බට සියලු සිරකරුවන් මීළඟට යැවුණේ ඇඳුම් මාරු කරන කුටි වෙත. එහිදී ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු දෙනාට ඇඳුම් ඉවත් කරන ලෙස නියම කෙරුණා. ඇඳුම් සියල්ල එක තැනකට දමා තම තමන්ගේ ට්‍රන්ක පෙට්ටි වෙනම ගොඩගසා විෂබීජ මර්දනය සඳහා විෂබීජ මර්දන දියර ස්නානයට විශාල ශාලාවකට ඇතුළු වන ලෙස ඔවුන්ට පැවසුවා. ස්නානයෙන් පසුව උණු උණු සුප් සහ ආහාර ලැබෙන බවටත් පොරොන්දු වුණා. ඒ වනවිටත් තෙහෙට්ටුවෙන් සිටි ජනතාව විරුද්ධතාවයක් නොදක්වා ස්නාන කුටීරවලට පිවිසුණා. සියල්ලන්ම පිවිසි පසු දොරවල් මුද්‍රා තැබුණා. ඒ කුටීරයේ පයිප්පවලින් එන්නේ වතුර නොවන බව ඒ අසරණ යුදෙව් ජනතාව දැනසිටියේ නැහැ.
Zyklon B නමැති වෙළඳ නාමයෙන් පැමිණි හයිඩ්‍රජන් සයනයිඩ් වායුවක් ඒ කුටීර තුලට මුදා හැරුණා. එය සාමාන්‍යයෙන් යොදා ගැනුණේ කෘමි නාශක , පලිබෝධනාශක කටයුතුවලට. අඝ්‍රාණය මිනිසාට පවා මාරාන්තිකයි. ලෝක යුධ සමයේ ලෝහ හිඟයක් පැවති නිසා , හිට්ලර්ගේ SS හමුදාව එක් හිසකට එක් උණ්ඩයක් නාස්ති කිරීම වෙනුවට ඵලදායී සහ ලාභදායි ක්‍රමයක් ලෙස එය යොදා ගත්තා. එය අතිශය සාර්ථක වුණා. දහසක් වුවත් මරණයට පත් කිරීමට ගතවන්නේ තත්පර කීපයයි. ඒ අනුව Auschwitz Birkenau හි පළමු ගෑස් කුටීරය ‘Red House’ ලෙසින් ගොඩනගා 1942 සිට භාවිතයට ගැනුණා. Krema II, IV යනාදී වශයෙන් තවත් විශාල ගෑස් කුටීර ප්‍රමාණයක් බිහිවුණා. මෙම ගස් කුටීර තුළ මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවූ විශාලතම සමූල ඝාතන සිදුවූවා. ආසන්න වශයෙන් මිලියන 1.1 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
දැන් අපි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ගැන අවබෝධයක් ලබාගනිමු. මේ චිත්‍රපටය පුරා දිග හැරෙන්නේ Sonderkommando පිළිබඳව.
Sonderkommando මේ ජර්මන් වචනයක්. ජර්මන් තේරුම විශේෂ ඒකකය යන්නයි. මේ සඳහා බඳවා ගත්තේ හංගේරියානු යුදෙව් සිරකරුවන්. Sonderkommando වරුන් යනු විශේෂ වරප්‍රසාද සහ බලතල හිමි සිරකඳවුර තුළ සේවය කළ වහල් කණ්ඩායමක්. කඳවුර තුළට ඇතුළු වන කිසිම සිරකරුවෙක් එක දිනයක් හෝ ජිවත් වූයේ නැහැ. ඒත් Sonderkommandoවරුන්ට මාස හතරක් වැනි කාලයක් ජීවත් වීමට අවස්ථාව ලැබුණා. ඒ ඔවුන්ද ගෑස් කුටීරයකට දමා ඝාතනය කර නව Sonderkommando පරම්පරාවක් බඳවා ගන්න තුරු පමණයි. එතෙක් ඔවුන්ගේ රාජකාරිය වූයේ SS භටයන්ගේ සමූල ඝාතන ක්‍රියාවලියට සහය වීමයි. එම නිසා ඔවුන් SS හමුදාවේ යුධ අපරාධ සියල්ල හොඳාකාරව දැනසිටියා. ඒ නිසාම Sonderkommando වරුන්ව Geheimnisträger හෙවත් ‘රහස් දත් අය’ ලෙසින්ද හැඳින්වුවා. දුම්රිය මැදිරිවලින් දිනපතා පැමිණෙන යුදෙව් සිරකරුවන් ගෑස් කුටීරය තුලට යැවීම භාරවුණේ ඔවුන්ටයි. සිරකරුවන්ගේ ඇඳුම් එකතු කිරීම, ඔවුන් සතු වටිනා දේ එකතු කරගැනීමත් Sonderkommando වරුන්ගේ රාජකාරියයි. ඇතැම්විට ඔවුන්ට තමන්ගේම ඥාතීන්, මිත්‍රයන් හිතවතුන් ගෑස් කුටි තුළට යවන්නට සිදුවුණා. SS හමුදාවට තමන්ගේ අපරාධ සඳහා කිසිදු සාක්ෂියක් ඉතුරු නොවීමට අවශ්‍ය වූ නිසා ගෑස් කුටීර සේදීම, මළසිරුරු ඉවත් කිරීම, අදාහනාගාරවල පිළිස්සීම, එම අළු ඉවත්කිරීම යනාදී කරයුතු භාර වුණේ සොන්ඩර්කොමාන්ඩෝවරුන්ට. ඔවුන් හැරෙන්නට වෙන කිසිවෙක් නාසි හමුදාවේ අපරාධ පිළබඳව දැන සිටියේ නැහැ. එයින් වැළකෙන්නට සියදිවි හානි කරගැනීම හැර විකල්පයක් ඔවුන්ට තිබුණේ නෑ.
සොන්ඩර්කොමාන්ඩෝවරුන්ගේ කොමාන්ඩෝවක හෙවත් කුඩා කණ්ඩායමක ප්‍රධානියා ඔබර්කාපෝ. ඔහුත් සිරකරුවෙක්. සොන්ඩර්කොමාන්ඩෝවරුන්ට අනෙක් සිරකරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවසර ලැබුණේ නැහැ. ඒ නාසි හමුදාවේ රහසිගත අපරාධ කිසිවෙකු දැනගැනීම නාසිවරුන්ට හානිදායක නිසා. සොන්ඩර්කොමාන්ඩෝවරුන්ට තම තමන්ගේ වෙනම බැරැක්කවල සිටීමට වරප්‍රසාද හිමිවුණා. අනෙක් සිරකරුවන්ට සාපේක්ෂව හොඳ ආහාර වේලක් හිමිවුණා. සිගරට් වනු සුළු සුළු දේ ළඟ තබාගැනීමට අවසර ලැබුණා. එහෙත් අවසානයේ ඔවුන්ටත් උරුම වන්නේ මරණයයි.
නිදහස් සටනක් සඳහා සොන්ඩර්කොමාන්ඩෝවරු රහසින් සංවිධානය වී තිබුණා. ඔවුන් රහසේ ආයුධ රැස් කළා, කඳවුර සම්බන්ධ ලියවිලි පොළොවේ වළලා දමා තිබුණා. ගබඩාවේ සේවය කරන කාන්තාවන් කීපදෙනෙකුගේ උදව්වෙන් වෙඩි බෙහෙත් ලබාගෙන තිබුණා. එමෙන්ම රහසිගත SS භටයින්ගේ යුධ අපරාධ ඡායාරූපගත කරගෙන තිබුණා. එම ලියවිලි සහ ඡායාරූප අදටත් Auschwitz කෞතුකාගාරයේ දකින්න පුළුවන්. තමන්ගේ මරණය ඉක්මනින් උදා වන බව දැනුණ 1944 වර්ෂයේ සොන්ඩර්කොමාන්ඩෝවරු විසින් නිදහස සඳහා Auschwitz හි කැරැල්ලක් ඇති කළා. ගෑස් කුටීර ඔවුන් විසින් පුපුරවනු ලැබුවා. එහෙත් කැරැල්ල අසාර්ථක වුණා. සුළු පිරිසක් පණ ගොයත් පසුව ඔවුන්ද ඝාතනය කෙරුණා. කැරැල්ලේදී සොන්ඩර්කොමාන්ඩෝවරු 900 පමණ මියගොස් තිබුණා. ඇතැමෙක් පසුව දිවිගලවා ගත්තා.
Auschwitz හි Anne Frank, Otto Frank, Viktor Frankl, Imre Kertész, Maximilian Kolbe, Primo Levi, Witold Pilecki වැනි අවධානයට ලක්වුණ සිරකරුවන් රැසක් මෙහි දඬුවම් ලැබුවා. විශාලතම සමුලඝාතනය සිදු වුවා. අවසානයේ 1945 ජනවාරි 27 වෙනි දින සෝවියට් රතු හමුදා මගින් Auschwitz කඳවුර මුදවාගනු ලබනවා. අද Auschwitz යුනේස්කොවෙන් නම් කළ ලෝක උරුම ස්ථානයක්. එහෙත් නටඹුන් සහ ලෝක ඉතිහාසයට එක් කළ කැළැල් අදටත් ඉතිරියි.
වැඩිදුර තොරතුරු අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් Night Will Fall සහ Auschwitz: The Nazis and ‘The Final Solution’ නරඹන්න.
චිත්‍රපටය ගැන ඉතාම කෙටියෙන් කියන්නම්. මේ චිත්‍රපටයේ දැක්වෙන්නේ ඔස්ලැන්ඩර් ශවුල් නමැති හංගේරියානු සොන්ඩර්කොමාන්ඩෝවරයෙක් ගෑස් කුටීරයට දැමුවත් මිය නොගොස් බේරී පසුවව නාසි වෛද්‍යවරයෙක් අතින් මිය යන කුඩා පිරිමි දරුවෙකුට නිසි භූමදාන කිරීමක් ලබාදෙන්න සිදු කරන කැපකිරීමයි. ඒ අතරින් පෙර කී නිදහස් කැරැල්ලත් යම් යම් සත්‍ය සිද්ධීන් ඇසුරින් දිගහැරෙනවා. මේක හංගේරියානු චිත්‍රපටයක්. Drama, Thriller, War කාණ්ඩයන්ට අයත් වෙන්නේ. හොඳම විදේශීය චිත්‍රපටයට හිමි Oscar සම්මානය සහ තවත් සම්මාන 45ක් දිනාගෙන තියනවා. අධ්‍යක්ෂණය László Nemes විසින්. Géza Röhrig, Levente Molnár, Urs Rechn යන අය ප්‍රධාන චරිත ලෙස දායක වෙනවා. විචාරක ප්‍රතිචාර ඉතාම හොඳයි. IMDb අගය 7.8ක්.
හැමෝම කැමති වෙන්නේ නැතිවෙයි. මේ ගැන උනන්දු කෙනෙකුට වඩා හොඳ අවබෝධයක් ගන්නයි ටිකක් දිගට ලිපිය ලිවුවේ. එහෙනම් මම අදට සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent links.
Son of Saul (2015) 720p BluRay x265 HEVC SUJAIDR
Son of Saul 2015 1080p BluRay 6CH HEVC x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,774 downloadsDownload Son.of_.Saul_.2015.baiscopelk.com_.rar34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
44 comments
chin
Dil Ru
Thanks bro
ලහිරු චානක
නියමයි, ජය වේවා සහෝ...!!
Jack
නියමයි මචන්. පට්ටයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ලිපියේ විස්තර ටික නම් නියමයි මචෝ.
ජයෙන් ජය.yeshu
ලිපිය බොහොම වැදගත්... ස්තූතියි
me
Thanks, you have written this letter perfectly.
mithun
උපසිරැසි ගැන්නුවට සහොට බොහොම ෆිං .
දැන් දැන් අලුත් චිත්‍රපට ඉක්ක්මනින්ම දෙනව
එ ගැන සතුටුයි . මෙකත් මට ඇහැගිය චිත්‍රපටයක් තම
හොද රෙටින් එකක් තියෙනව . හොද කතාවක් වගෙ අනිවාර්යයෙන් බලන්නම ඔනෙ sab ekata thx bro
ඉදිරියටත් දෙන්න හොදම එව.ජයmithun
The boy (2016) horror .
Makat upasirasi ganwannakolakshan
thanx machan.......
Dhanushka
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
sanath indika
tthx broo
vikum
szia..
meka man enakam balagena hitiye..hungeryawa godak denek danne na.me rate epaduna aya kala soya ganim godak tiyanawa.e wageama mehe aya pawatenne asiyawen kiyala mehe aya wiswasa karanawa.posat ratak nownat godak ahinsaka minissu enna podi ratak.mokada me wena turu mata wenas minissu munagahila na...mama me film eka hewwa.wiswasen hitiye baiscope eken dewi kiyala..thank you sub ekata.me rate basawen kiwwot (Köszönöm szépen.)jaya wewa..liyapu lipiya nam super.ekatat Köszi.indika
ස්තූතියි... :)
Tharaka
සබ් වලට බොහෝ ස්තූතියි සහෝ! ජය වේවා!
shave
ලිපිය නියමයි තවත් මේවගේ film දෙමු
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………asiri
maxxxa machan
Mahesh Rathnayake
චිත්‍රපය වගේම ඔබ දක්වා තිබෙන විස්තරත් වටිනවා..
බොහොම ස්තුතියි මේ වෙනුවෙන් කාලය කැප කලාට....
ජයSajeevi
Thanks for sub.
Global
ඔබගේ කැපවීමට අප සැමදා ණයගැති වෙමු.......
Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය වේවා...!!!Indika
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට පේන විදිහට සංවේදී කතාවක් වගේ, ජය ෴
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ජයෙන් ජය....Akila Shanaka
හොඳ උත්සහයක් මචං. ගොඩක් වැදගත් තොරතුරු රාශියක් අඩංගු ලිපියක්. බොහෝම ස්තුතියි මේ තොරතුරු වලට. දිගටම වැඩේ කරගෙන යමු.
Tharindu
Thanks machoo.....!!!
S.K.Ruchiranga
elama thz machoo sub ekata
Asitha
ela.thanks
sve
Fie doesn't work properly, Please advice
Udara Damith B\K
ලිපියේ විස්තර ටික නම් නියමයි.........
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara
Thanks Bro !!!
තරංග
බොහෝම ස්තුතියි ඔබේ විස්තරයට හා සබට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.
Wiki
බොහොම ස්තුතියි
Sadun
Son of saul sub eka wada karanne na ne
Sanath Perera
thank for sub bro...
ricadodamien
Good article & thank you very much for the SUB Aditha brother & Baiscope Team, All the best to the Baiscope Team............
AMP BANDARA
Thanks brother!
Arun chala
Thnx
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූති
sasanka sathyajith
Thanks for the sub
Anonymous
oyage description ela godak hodai.
Anonymous
wena ayage wage baila netuwa kelinma wistare kiyl thiyenawa.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx saho....