Watch Trailer

Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles | සොනික් සහ ෂැඩෝ ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි] (250*) [WEB UPDATED]

Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක් වේවා! ඔන්න එහෙනම් විශේෂ දවසක විශේෂ ෆිලුමක් ඔයාලට තිළිණ කරන්න ආවා. මම ඒ කිව්ව කාරණා දෙකම මොකක්ද කියලා ඔයාලා මේ වෙද්දි දන්නවා නේද. ඔව් ඔයාලට උඩ දකින්න ලැබුනා වගේම මේ තමයි මගේ උපසිරසි දිවියේ 250* වෙනි නිර්මාණය. වසර 6කට ආසන්න…

Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles

බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක් වේවා! ඔන්න එහෙනම් විශේෂ දවසක විශේෂ ෆිලුමක් ඔයාලට තිළිණ කරන්න ආවා. මම ඒ කිව්ව කාරණා දෙකම මොකක්ද කියලා ඔයාලා මේ වෙද්දි දන්නවා නේද. ඔව් ඔයාලට උඩ දකින්න ලැබුනා වගේම මේ තමයි මගේ උපසිරසි දිවියේ 250* වෙනි නිර්මාණය. වසර 6කට ආසන්න කාලයක් ඇතුලත ඔයාලගේ රස වින්දනය වෙනුවෙන් දෙසිය පනහකට වැඩි උපසිරසි ප්‍රමාණයක් ලබාදෙන්න හැකිවුන එක ගැන නිහතමානී සතුටක් නෑ කිව්වොත් ඒක බොරුවක්. ඉතිං මේ උපසිරසි කරන්න ගතවුන කාලය ගැනනම් කතා කරලා වැඩක් නෑ ඒත් ඒක කාලය අපතේ යැවීමක් කියලනම් මම කවදාවත් හිතන්නේ නෑ. මොකද එන්න එන්න වැටෙන කොමෙන්ට් ප්‍රමාණය අඩු උනත් කිහිප දෙනෙක් හරි සුළු වචනයකින් හරි ප්‍රතිචාර දක්වපු නිසයි මේ තරම් දුරක් එන්න පුළුවන් උනේ.

 

කඩයිම ගැන ලොකු වරුනාවක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් අනිවාර්යෙන්ම කියන්න ඕන ටිකක් තියෙනවා ඒ ටික කියලම ඉන්නම්. ඔයාලට පරක්කුයි වගේනම් පහලට ගිහින් උපසිරසිය බාගෙන ගියාට අහිතක් නෑ. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ 200 වෙනි උපසිරසියෙන් පස්සේ මම ආපහු උපසිරසි කරන්නනම් හිතුවෙම නෑ. ඒත් අවුරුද්දක් ගත වෙනකොටම තවත් උපසිරසි පනහකට වඩා කරන්න හැකිවෙලා තියෙනවා. ඒකට මුලින්ම වග කියන්න ඕන අපේ වෙඩ් අඩවියේ ආරම්භයේ ඉඳන් උපසිරසි දීපූ අපේ සහෝදර සහෝදරියෝ තමයි. මොකද එයාලගේ වැඩ බලාගෙන වර්ධනය උන අපිට සිනමාව ගැන වගේම මේ උපසිරසි උණ රෝගය බෝ කලේ එයාලයි. ඒ නිසා මේ කාලය පුරාම මට ලබාදුන්න නිර්ලෝභී සහය වෙනුවෙනුත්, මට ලැබුනු මිල කරන්න බැරි මිත්‍රත්වය වෙනුවෙනුත් මේ සොඳුරු අඩවියේ සොඳුරු සහෝදර සහෝදරියෝ හැමෝටම මම මුලින්ම ගොඩක් ස්තූති වෙනවා. මට මේ හැමෝම එක සමාන නිසා නම් වශයෙන් කියලා කාටවත් අගෞරව කරන්න බෑ. ඒ වගේම අනිත් අය තමයි මුල් කාලයේ ඉඳන් අපිත් එක්ක හිටපු රසික ඔබ. පෝස්ටුවකට වැටෙන එක කොමෙන්ට් එකක් නිසා පවා තව උපසිරසියක් කරන්න හිතුන බව අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඒ නිසා අකුරකින් හෝ සහය දැක්වූ ඔබලා හැමෝටම බොහෝම ස්තූතියි. කලින් කිව්වා වගේ මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ අපි එහෙනම් ෆිලුම පැත්තට යමු.

♪ සැඩ සුළඟට වඩා සැරයි … සොනීක් අපේ දක්ෂයා

අහසත් ඔහු දෙබෑ කරයි… සොනීක් අපේ දක්ෂයා

සොනීක්… තරු එළියයි, සොනීක්… සුළඟයි අපේ

සොනීක්… ලොව කැළඹූ වේගයයි ♪

මේ සිංදුව අහගෙන සිරස ටීවී එකේ ගිය සොනික් කාටූන් එක බලපු ඔයාලටනම් අද දවස පෙර මතකයන් ගොඩක් අවදි වෙන දවසක් බවනම් නොඅනුමානයි. හැබැයි ඔයත් මම වගේ 90 දශකයේ කෙනෙක්නම් මේ කාටුන් එකටත් වඩා වෙනස් මතකයක් තියෙන්න ඕන. ඒ මොකක්ද කියලා කිව්වොත් මම මේ කියන්නේ ඒ කාලේ වීඩීයෝ ගේම් ගැන. දැන් කාලේ නම් ඉහළ තාක්ෂණයකින් යුතු ගේමින් කොන්සෝල්, පරිගණක සහ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් පවා හොඳ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ඒත් ඉස්සරනම් අපිට ඒ වැඩේ කරන්න සෑහේන කට්ටක් කන්න උන විදිය අද වගේ මතකයි. සෙගා වර්ගයේ ගේමින් කොන්සෝල් එකක් හොයාගෙන ඒකට ගේමින් කාට්‍රිජ් අරගෙන ගෙදරින් බැනුම් අහන ගමන් ඒක ටිවී එකට අටවගෙන තමයි අපිට ගේම් ගහන්න පුළුවන් උනේ. කොන්ට්‍රා, සුපර් මාරියෝ, මෝර්ටල් කොම්බැට් වගේ ගේම්ස් අතර තමයි මේ සොනික් කියන නම මුලින්ම අපේ ඇහැ ගැටුනේ.

ඉතිං මේ වීඩීයෝ ගේම්ස් චරිත වලින් Uncharted (2022), Assassin’s Creed (2016), Mortal Combat (2021), Super Mario bros (2023) වගේ නිර්මාණ බිහිවුනා වගේම ඒවා අතිසාර්ථක උන බවත් ඔයාලට මතක ඇති. ඒ වගේම සොනික් චරිතය ආශ්‍රයෙන් නිපදවපු චිත්‍රපට මාලාවත් ප්‍රේක්ෂක අවධානය ලබාගෙන සාර්ථක උනා මෙන්ම මේ දෙසැම්බරයේ නිකුත් උන Sonic The Hedgehog 3 චිත්‍රපටයේ සාර්ථකත්වයත් එක්ක සොනික් යුනිවර්ස් එකක් දක්වාම පුළුල් කරන්න නිෂ්පාදකයෝ තීරණය කරලා තියෙනවා. දැනටමත් ඔවුන් සොනික් 4 වන චිත්‍රපටයක් එන බවත් සහතික කරලා ඉවරයි. ඒත් මේ සොනික්ගේ ගමන 4වෙනි චිත්‍රපටයෙන් නවතින බවක්නම් පේන්න නෑ. මාර්වල් විශ්වයේ තිබෙන Phase 1, 2, 3 වගේම සොනික් ෆ්රැන්චයිස් එකත් Phase 1, 2, 3, 4 විදියට ඉස්සරහට යන බව වාර්තා වෙනවා. ඒ නිසා චිත්‍රපට සහ ටීවී සීරීස් කිහිපයක්ම එන්න තියෙන ඉඩකඩ වැඩියි.

දැනට තියෙන ආරංචි අනුව තවත් සොනික් චිත්‍රපට 3කුත්, Knuckles කතාමාලාවේ තවත් සීසන් දෙකක් සහ Tails නමින් නවතම කතාමාලා දෙකක් නිෂ්පාදනයට කටයුතු සූදානම් කියලා අහන්න ලැබෙනවා. ඊට අමතරව සොනික් විශ්වයේ ඉන්න තවත් චරිත කිහිපයකිනුත් නව කතාමාලා බලාගන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. මේ අනුව නිෂ්පාදකයන් විසින් දැනටමත් සොනික් ෆ්රැන්චයිස් එක 2039 දක්වාම සැලසුම් කරලා තියෙන බවක් තමයි තියෙන්නේ. ඉතිං ඒ වෙද්දි අපි හිටියත් නැතත් මේක අපි වගේ සොනික් ෆෑන්ස්ට හොඳ ආරංචියක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

සොනික් Phase 1,2,3,4 සඳහා අයත් වන නිර්මාණ පෙළගැස්ම

කලින් Sonic ෆිල්ම් දෙක තුලින් චරිත කිහිපයක්ම හඳුන්වලා දුන්නා වගේම ඒ ගැන කලින් චිත්‍රපට දෙක ගෙනාපු අපේ සහෝලා දෙන්නා විස්තර කරලා තියෙන නිසා මම තුන්වෙනි ෆිල්ම් එකේ චරිත ගැන විතරක් කතා කරන්නම්. පළමු වතාවට Sonic ලයිව් ඇක්ෂන් පෙනී සිටින ප්‍රධාන චරිත කීපයක්ම මේ චිත්‍රපටයෙ ඉන්නවා. ඉතිං මේ චරිත අතරින් ෆිල්ම් එකේ ට්‍රේලර් එක නිකුත් වෙන්න කලින් ඉඳන්ම කතා බහට ලක්වුන චරිතයක් තමයි ෂැඩෝ (Shadow) කියන්නේ. විශේෂයෙන්ම දෙවෙනි චිත්‍රපටයේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකෙන් මේ චරිතේ පෙන්නපු වෙලාවේ ඉඳන්ම සොනික් රසිකයෝ බලාගෙන හිටියේ ෂැඩෝව බලන්න කියන එක නොරහසක්. ඒ වගේම ෂැඩෝට හඬ දායකත්වය ලබා දුන්නේ ලෙජන්ඩරි ජෝන් වික් මහත්මයා නොහොත් Keanu Reeves කියලා දැනගත්තම සොනික් ෆෑන්ස්ලා තවත් උද්දාමයට පත් උනා. ෂැඩෝ කියන්නෙ සොනික් යුනිවර්ස් එකේ ඉන්න ෆෑන් ෆේවරිට්ම චරිතයක්. ඇත්තටම කිව්වොත් සොනික්ට වඩා වැඩි ෆෑන් බේස් එකක් ශැඩෝට ඉන්නවා. ඒ නිසා අපි මේ ශැඩෝ කියන්නේ කවුද කියලා පොඩ්ඩක් බලලා ඉමු.

2001දී නිකුත් උන Sonic Adventure 2 කියන ෆ්ලැට් ෆෝම් ගේම් එක ඔස්සේ තමයි අපිට පළමුවෙන්ම ෂැඩෝ කියන චරිතය හම්බෙන්නේ. මේ චරිතය නිර්මාණය කරන්නේ Takashi Iizuka සහ Shiro Maekawa විසින්. ෂැඩෝ කියන්නේ සොනික්ගේ ලෝකයේ ඉන්න Mobian කියන සාමාජික වර්ගයට අයත් ඉත්තෑවෙක්. මෙයාලා ඉන්න ග්‍රහලෝකයෙදි මේ වර්ගය ගොඩබිම, ජලයේ, විවිධ දූපත් වල සහ රාජධානිවල එක එක විදියට ජීවත් වෙනවා. ඒත් කොහොමින් හරි රොබෝ ටික්කාගෙ ආධිපත්‍යය හැමතැනම ව්‍යාප්ත වෙද්දි මේ හැම මෝබියන් කෙනෙක්ම තර්ජනයට ලක්වුනා. සමහර mobiansලා තමන්ගෙ කැමත්තෙන් රොබෝටික්කගේ වහල්ලුන් බවට පත්වුනා. නමුත් සමහර මෝබියන්ලා කැරලි එහෙමත් ගැහුවා.

රොබෝටික්කගේ සීයා වෙන මහාචාර්ය ජෙරාල්ඩ් රොබෝට්නික් තමයි ජාන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා ශැඩෝව නිර්මාණය කරන්නේ. ඇත්තටම ශැඩෝව නිර්මාණය වෙන්නේ මහාචාර්ය ජෙරාඩ්ගේ මිනිබිරිය වෙන මරියාව මාරාන්තික රෝගයකින් බේරගන්න බෙහෙතක් නිෂ්පාදනය කරන්න අත්හදා බලපු Project Shadow කියන වැඩසටහනේ ප්‍රතිපලයක් විදියටයි. ජෙරාඩ් මේ අත්හදා බැලීම කරන්නේ Black Arms කියල හඳුන්වන ජීවින්ව පාලනය කරපු Black Doom කියන නායකයගෙ DNA අරගෙනයි. මේ Black Arms කියන්නේ හරිම ප්‍රචන්ඩකාරි නපුරු අදහස් තියෙන කොටසක්. ඉතිං එයාලගේ කොටසක් විදියට නිර්මාණය වෙන ෂැඩොත් ප්‍රචණ්ඩ වෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ. මේ අස්සේ මාරියාගේ ජිවීතය බේරගන්න නිර්මාණය උන ෂැඩෝ සහ මාරියා අතර පොඩි මෙව්වා එකකුත් ඇති වෙනවා. ෂැඩෝගේ ප්‍රචණ්ඩ බව නිසා එයාව තර්ජනයක් කියලා සලකන Guardian Units of Nations නොහොත් G.U.N සංවිධානය මරියා සහ ෂැඩෝ ඉන්න අභ්‍යාවකාශ ජනපදය වැටලීමක් සිදු කරනවා. ඒ වෙලාවෙදි මරියා කොහොමහරි ගලවාගැනීමේ යානයක දාලා ෂැඩෝව පෘතුවියට එවනවා වගේම ඒ වෙලාවෙදි මරියට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදුවෙන විදියත් ශැඩෝ දකිනවා. මරියගේ මරණයෙන් කම්පනය වෙලා ඉන්න ෂැඩෝව හොයාගන්න G.U.N සංවිධානය සජීවිකරණය කරලා ජපානයේ ටෝකියෝ මුහුදු බොක්කේ තියෙන G.U.Nලගේ බන්ධනාගාර දූපතේ ද්‍රාවණ කුටියක රඳවලා තියාගෙන ඉන්නවා. ඊට අවුරුදු 50කට පස්සේ මහාචාර්ය ජෙරාල්ඩ්ගේ මුනුපුරා වෙන අයිවෝ රොබෝට්නික් හෙවත් රොබෝටික්කා ඇවිත් ශැඩෝව නිදහස් කරන තෙක්ම ශැඩෝ හිටියේ මේ සජීවිකරණ කුටියේ තමයි.

ෂැඩෝගේ බලයන් ගැන අපි බැලුවොත් මෙයා ඇත්තටම සොනික්ට වඩා වැඩ්ඩෙක්. ශැඩෝ දාගෙන ඉන්න රොකට් ස්කේට් කියල හඳුන්වන සපත්තු දෙක නිසා මෙයාට සොනික්ටත් වඩා වේගයකින් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ජෙට් එක වගේ එහා මෙහා යන්නත්, උඩ ඉන්නත් ශැඩෝට පුළුවන්. ඔයාලට ෆිල්ම් එකේදී ශැඩෝගේ තව වැඩ කිඩ බොහෝමයක් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම ශැඩෝගේ අත් දෙක දිහා බැලුවම ඔයාලට පෙනෙයි මෙයා වළලු 4ක් දාගෙන ඉන්නවා. මේ වළලු ගැලෙව්වොත් මෙයාගේ සම්පූර්ණ බලය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා වගේම මෙයාව කාටවත් නවත්තන්න බැරි වෙනවා. ශැඩෝගේ ඒ සුපිරි බලය සීමා කරගන්න තමයි මෙයා ඒ වළලු පාවිච්චි කරන්නෙ. ෂැඩෝට පුළුවන් තමන්ගේ බලය පාවිච්චි කරලා එක එක විදියට ට්‍රාන්ස්ෆෝම් වෙන්න. මේ ලිපිය ලියන වෙලාවේ මම තාම ෆිල්ම් එක බලලා නැති නිසා මෙයාගේ හැම ට්‍රාන්ස්ෆෝම් එකක්ම පෙන්නනවද නැද්ද කියලා දන්නේ නෑ. ඒ වගේම ශැඩෝ ටෙලිපෝර්ට් වෙන බලය ලබාගන්නෙත් එයාගේ ට්‍රාන්ස්ෆෝම් වලින් එකක් වෙන Chaos Shadow කියන බලය නිසයි. ඊට අමතරව Super Shadow, Hero Shadow, Dark Shadow කියලා වෙනස් විදියේ ට්‍රාන්ස්ෆෝම් බලයනුත් මෙයාට තියෙනවා.

ඉතිං මේ ෆිල්ම් එකේදී ශැඩෝට හඬකවන්නෙ හොලිවුඩ්වල ඉන්න නිහතමානී දක්ශයෙක් වෙන Keanu Reeves බව ඔයාලා දන්නවනේ. ඊට අමතරව James Marsden ටොම් වචෝවොස්කි ලෙසත්, Tika Sumpter ටොම්ගේ බිරිඳ ලෙසත්, Lee Majdoub ජිරිබිරිස් නොහොත් ඒජන්ට් ස්ටෝන් ලෙසත්, Alyla Browne මරියා රොබෝට්නික් ලෙසත් එක් වෙනවා. ඒ වගේම මෑතකදී රංගනයෙන් සමුගන්න බව ප්‍රකාශ කරපු සුපිරි හොලිවුඩ් නළු Jim Carrey බොසා චිත්‍රපටයට එක් වෙන්න කලින් බොහෝම අපූරු ඉල්ලීමක් කලා. ඒ තමන්ගෙ චරිතේ නැවත නිරූපණය කරන්නේ තමන්ට “ගෝල්ඩන් ස්ක්‍රිප්ට්” එකක් දුන්නොත් විතරයි කියලා ඔහු චිත්‍රපට අධ්‍යක්ෂක ජෙෆ් ෆවුලර්ට කියලා තියෙනවා. ඒ නිසා ෆවුලර් විසින් සොනික් 3 පිටපත කැරට් 24 තීන්තයකින් මුද්‍රණය කරලා ජිම් එවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ සංතෝසෙටද කොහෙද Jim Carrey රොබෝටික්කා වගේම ජෙරල්ඩ් රෝබෝට්නික් විදියට සුපිරි ද්විත්ව රංගනයක නියැලෙන විදිය ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම සොනික්ගේ හිතවත් සගයා වෙන ටේල්ස් ලෙස Colleen O’Shaughnessey සහ වලියට බර රණශූර එකිඩ්නාවරයා වෙන නකල්ස් විදියට Edris albaත් අපේ සුපිරි වීරයා සොනික් විදියට Ben Schwartz තම හඬ දායකත්වය ලබා දෙනවා.

කලින් චිත්‍රපට දෙක වගේම මේකත් අධ්‍යක්ෂනය කරන්නේ Jeff Fowler විසින්. ප්‍රේක්ෂක ප්‍රසාදය නොමඳව හිමි කරගත්ත සොනික් 3 මේ වෙද්දි 7.2ක IMDb අගයක් සහ 86%ක කුණු තක්කාලි අගයකුත් වගේම 94%ක දැවැන්ත ගූගල් මනාපත් හිමිකරගන්න සමත් වෙලා තියෙනවා. පසුගිය දෙසැම්බර් 20 ප්‍රදර්ශනය ඇරඹූ Sonic The Hedgehog 3 බොක්ස් රජ ගමනක යෙදෙමින් මේ වනවිට ඩොලර් මිලියන 336ක ආදායමක් ලබාගෙන චිත්‍රපට මාලාවේ දෙවන වැඩිම ආදායම සනිටුහන් කර තිබෙනවා. මේ ආදායම ලබාගන්න සොනික්ට Moana 2, Kraven The Hunter, Wicked, Mufasa සහ Gladiator 2 වගේ දැවැන්ත නිර්මාණ සමඟ තරග කරන්න සිදු උනා. නමුත් දෙසැම්බර් මස අවසාන ආදායම අතින් තෙවෙනි තැන ලබාගන්නත් වසර අවසානයේ බොක්ස් ඔෆිස් ආදායම් අතර 17 වන ස්ථානය ලබාගන්නත් සොනික් 3 චිත්‍රපටයට හැකි වෙනවා. ඒ වගේම පසුගිය ජනවාරි 05 වෙනිදා චිත්‍රපටය බෙදා හරින ලද පැරමවුන්ට් සමාගම නිවේදනය කලේ Sonic චිත්‍රපට මාලාව ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් බිලියනයක ආදායමක් වාර්තා කල බවයි.

එහෙනම් ඉතිං තවත් කියවලා ලිපිය දික් ගස්සන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. රොබෝ ටික්කගෙ සීයා වෙන Gerald Robotnik වගේම රොබෝ ටික්කගෙ ඥාති සහෝදරියක් වෙන කෙනෙක් වෙන Maria Robotnik වත් මේ චිත්‍රපටයේ බලාගන්න පුළුවන් බව දැනටමත් අපි දන්නවා. ඉතිං ශැඩෝගේ අර ශැඩෝගෙයි මාරියාගෙයි බැඳීම ඇති වෙන්නේ කොහොමද? අපේ වීරයා වෙන සොනික් මේ අළුත් බලවත් තර්ජනයට කොහොම මූණ දෙයිද? ට්‍රේලර් එකේ දැක්ක විදියට ශැඩෝව හිරකරල තිබ්බේ ඇයි? සොනික් සහ යාළුවෝ සෙට් එකට මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද කියලා අපි බලමු. සොනික් සහ ෂැඩෝ අතර සුපිරි ගැටුමක් අපිට මේ චිත්‍රපටයෙදි බලාගන්න පුළුවන් කියන එකනම් මම ඔයාලට සහතික වෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් විනෝදජනක ෆිල්ම් එකක් නිසා ඔයාලා වරද්දන්නේ නැතුව ෆිල්ම් එක බලන්න. අනිත් එක තමයි පුළුවන්නම් අමතක නොකර දිරිගැන්වීමක් වශයෙන් කොමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. මගේ කඩයිම වෙනුවෙන් මේ සලරුව වෙන් කරලා දුන්න සොනික් නිල අයිතිකාරයා වෙන විමා සහෝටත්, අපේ ඇඩ්මින්වරු වෙන සනූප මල්ලි, රවිදු හේෂාන් සහ හිරාන් සහෝලටත් ෆිල්ම් එකේ ලින්ක් සහ සබ් ෆයිල් හොයලා දීලා දුන්න සහයට ගොඩක් ස්තුතී වෙනවා. ඒ වගේම මේ කාලය පුරාවටම මට ලබාදුන්න සහයෝගයට අපේ ඇඩ්මින් සෙට් එකටත්, රසික ඔයාලටත් නැවතත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

සොනික් 3 වෙනි ලෙවල් එකට සාදරයෙන් පිළිගන්නවා!!! 

 

 

   

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 

23,243 downloadsDownload Sonic-the-Hedgehog-3-2024-Sinhala-Subtitles-1.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank


PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

23,243 downloadsDownload Subtitles48 KB

45 comments

  1. Tharindu

    Bohoma sthuthi saho.. jaya wewa

  2. Praneeth

    උණුසුම් සුභ පැතුම්

  3. Bimsara Yashan (ඔලිව)

    දැන් සයිට් එකේ ඉන්න ක්‍රියාකාරී උපසිරැසිකරුවන්ගෙන් වේගෙන්ම කඩයිම් ගහන්නෙ ඔයා වෙන්නෝනෙ. අවුරුද්දට කඩයිම් දෙකක් අනිවා ගහනවනේ. හැමදාම කියනවා වගේ ඒ වේගෙ වගේම තමයි ඉතින් Quality එකත්, සයිට් එකේ ඉන්න සුපිරියටම සබ් කරන කෙනෙක් තමයි. ඒ නිසාම කන්ඩායම් වැඩකට වුණත් බය නැතුව කතා කරන්න පුළුවන්, සබ් එක ගුණාත්මකව වෙලාවට දෙන නිසා. එහෙනම් මෙතනින් නවතින්නැතුව ඉදිරියටත් මේ වාගෙම උපසිරැසි ගෙනෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්තක වෙන්න කියලත් පාර්තනා කරනවා. ජයවේවා!

  4. Chamikara Vidanage

    ජය වේවා සහෝ!

  5. Anonymous

    Super aiye. Thanks

  6. Buddhika laKMal

    250වෙනි කඩයිමට සුබපැතුම් යුරාන් සහෝ...........
    සබ්ටයිටල් 250ක් ගහනවා කියන්නේ ඉතිං ගේමක්ම තමයි........
    ඔයාගේ පෞද්ගලික වැඩකටයුතුකරගන්න තිබ්බ වෙලාවේ අපිවෙනුවෙන් ඒ කාලය වැයකරල සිංහල උපසිරැසිකරණයේ යෙදිල සබ් දුන්නට බොහෝම ස්තූතියි මචං..........
    ඔයාගේ සියලුම වැඩකටයුතු සාර්.තක වේවා..........
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූථියි... වෙබ් රිප් ආපුහම අප්ජේට් එකක් ඔ්නේ..........
    ජයවේවා.......

  7. Anonymous

    CAM COPY D ?

    1. Sanupa Ranmeth - Admin

      HD කොපියක් සහෝ.

  8. Sanupa Ranmeth - Admin

    250 වෙනි උපසිරසිය වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා යුරාන් අයියේ! කට්ටිය කියල තියෙනවා වගේ සයිට් එකේ කොලිටියටම සහ වේගයෙන්ම උපසිරසි කරන කෙනෙක්. 300ත් ඔය ගැම්මෙන්ම අල්ලමු. ඒවගේම උපසිරසියටත් ස්තුතියි!

  9. Kavindu Nethmina

    Sub Ekata thanks bro..250 Sub eka gemmak Bro..300k ikmanata gahamu

  10. Anonymous

    Thanks

  11. Anonymous

    මචං උබ මම දන්න කාලෙ ඉදන් මේකෙ මේ සබ් දෙනවා. මේක මම දාන පළවෙනි කොමෙන්ට් එක. මචං මං වැඩිම ෆිල්ම් බලල ඇත්තෙ උබේ සබ් තියෙන ඒවා.. Thank You මචෝ අපේ සතුටට උබේ කාලෙ කැප කරනවට.

  12. රුක්ෂාන් ඛාන් (රුකා)

    250 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ! ඇත්තටම දැනට සයිට් එකෙ ඉන්න බොහොම වේගවත්ම උපසිරැසිකරුවෙක් ඔයා. උපසිරැසි 250 ක් කියන්නෙ පොඩි-පහේ සෙල්ලම් ඈ?! ආයේ ඉතිං ගැම්මක්ම තමා. 300ත් අල්ලමු ඔය ගැම්මටම.

    උපසිරැසියටත් බොහෝම ස්තූතියි! සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න ඕන. ජය වේවා!

  13. kavinda gamage

    බොහොම ස්තුතියි සහෝ

  14. venuka

    Thanks brooo...

  15. නලින්

    250 යේ කඩඉම වෙනුවෙන් සුභ පැතුම් යුරාන් මල්ලි. වැඩේ දිගටම වෙලාව ලැබෙන විදිහට කරගෙන යන්න.

    ජය වේවා!

  16. Sumindu Maduranga

    Wallace & Gromit: Vengeance Most Fowl (2024) movie එකට subtitle දෙන්නකෝ

  17. Anonymous

    Thanks for sub and your time

  18. Gayan

    Supr thawath me wage weda karanna puluwan wenna oni

    1. අශොකා ශ්‍රීමති

      නියමය් fil එක නම්
      නම්

  19. Ranindu Ransilu

    warrior season 3 sub dennakooo plz

  20. Roshan Shameera

    අඩේහ්.. 250ට මගෙන් උණුසුම් සුබ පැතුම්..

  21. Tharindu

    250 weni upasirasiyata suba pathum.. bohoma stuti

  22. Kevin D...

    Thankz...

  23. Hashan

    Thanx for the sub broo & good luck...❤️

  24. Pubudu

    250 වෙනි උපසිරැසියට සුභ පතනවා සහෝදරයා !! ගොඩාක් ස්තූතියි සබ් එකට.. ❤️❤️❤️

  25. Buddhika laKMal

    අප්ඩේට් එකට ස්තූතියි සහෝ

  26. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  27. Suriya

    Thanks your sub and your times.

  28. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූති

  29. Anonymous

    thank you bro

  30. @BRC

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝදරයා..❤️

  31. Tharindu

    Thank you brother ❤

  32. Anonymous

    Thanks bro..

  33. Kavinda Herath

    Thanks aiye

  34. Kushan Charuka

    Thank you යුරාන් සහෝ... ජය වේවා ...

  35. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න.

  36. Anonymous

    thank you

  37. Sandeep Madushan

    Waiting is over.. thanx & congratulations brother.. ️

  38. Roshan

    Thnx bro.Great job.Good luck.

  39. Dili

    Thank You Very Much for The Sub!!

  40. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  41. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න සෑහෙන ප්‍රමාද වුණාට...
    250වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් යුරාන් සහෝ! :) ඈ යුරාන් සයිට් එකට ආපු අන්තිම පාර වගේ මම ඔයාගෙ 200 වෙනුවෙන් කමෙන්ට් එක ටයිප් කර කර හිටිය විතරයි මතක, ආය එද්දි මේං මේක දාල. මරු මරු ඈ මේ වේගෙන්ම යමු.
    සබ් එකටත් ස්තුතියි!
    300ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  42. MTR තරිඳු රුක්ෂාන් පෙරේරා

    සිංහල උපසිරැසි ලෝකයේ ඔබේ විශේෂ සන්ධිස්ථානයක් වන 250 වැනි සිංහල උපසිරැසිය නිර්මාණය වෙනුවෙන් මාගේ හෘදයාංගම සුබ පැතුම්! මෙවැනි විශිෂ්ට කඩඉමක් පසු කිරීමට තමන්ගේ වටිනා කාලය යොදා අති විශාල කැපවීමක්, උනන්දුවක් සහ ශ්‍රමයක් වැය කිරීමට සිදු වෙනවා. ඔබගේ පරිවර්තන හැකියාව, භාෂා පරිචය සහ කලා රසය එක්ව සිදුකරන ලද සිංහල උපසිරැසි නිර්මාණය නිසා බයිස්කෝප් සිංහලෙන් රසිකයින්ට ලොව හොඳම නිර්මාණ අපගේම මව් බසින් රසවිඳීමට හැකි වී තිබේන බවද සඳහන් කලයුතුමයි.
    ඔබගේ 250 වැනි නිර්මාණය සනිටුහන් කරන මේ සුවිශේෂී මොහොතේ, තවත් සිංහල උපසිරැසි නිර්මාණ 250ක් නිර්මාණය කිරීමේ හැකියාව, ශක්තිය සහ ආශීර්වාදය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි!
    මෙයට ඔබේ සිංහල උපසිරැසි රසිකයෙක්!

  43. Daham

    Ado supiri bn keep it up sudda ❤️‍