Venom: The Last Dance (2024) Sinhala Subtitle දිගු කාලීන නිහැඬියාවකින් පසුව, විශේෂ උපසිරැසියක් අරගෙනයි මං ඔබ හමුවට මේ එන්නෙ. විශේෂයි කියන්න හේතුව ඔයාලා මේ වෙනකොටත් දන්නවා. ඔව්’ ඒ “බයිස්කෝප් සිංහලෙන්” උපසිරැසි වෙබ් අඩවිය වෙත අරගෙන එන මගේ 50 වන උපසිරැසි නිර්මාණය මේක නිසා. ඒ වෙනුවෙන් අපේ උපසිරැසි මඩුල…
Venom: The Last Dance (2024) Sinhala Subtitle
දිගු කාලීන නිහැඬියාවකින් පසුව, විශේෂ උපසිරැසියක් අරගෙනයි මං ඔබ හමුවට මේ එන්නෙ. විශේෂයි කියන්න හේතුව ඔයාලා මේ වෙනකොටත් දන්නවා. ඔව්’ ඒ “බයිස්කෝප් සිංහලෙන්” උපසිරැසි වෙබ් අඩවිය වෙත අරගෙන එන මගේ 50 වන උපසිරැසි නිර්මාණය මේක නිසා. ඒ වෙනුවෙන් අපේ උපසිරැසි මඩුල්ලෙ අපේ හිතාදර සහෝදරයෙක් වන සනුප මල්ලිට ස්තූති කරන්නම ඕන. මොකද’ වෙනම් පලමු සහ දෙවනි චිත්‍රපට ද්විත්වය උපසිරැසි ගන්වපු … සහෝදරයගෙන් පසුව තෙවන චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න මට ආරාධනා කරන්නෙ, අපේ සනුප සහෝදරයා.
Venom: The Last Dance (2024) Sinhala Subtitle
දිනෙන් දින කාර්‍යබහුල වන ලෝකෙ තමන්ගේ ඉගෙනීම්, රාජකාරී, වෘත්තිය වගේ තත්වයන් හමුවේ ඔබ අප සියලුම දෙනා කාර්‍යබහුල වීම පුදුමයට කරුණක් නෙවෙයි නෙ. ඉතිං මීට කලින් පළ වුණු උපසිරැසි ලිපිවල සඳහන් කර තිබුණ පරිදිම පැවතුන කාර්‍යබහුලතාවය වැඩී වීමත් සමඟම, මං තීරණය කරලා තිබුණේ උපසිරැසි කරණයට සමුදෙන්න. හැබැයි ඒ වෙද්දිත් උපසිරැසි 49 ක් කර අවසන්. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට සම්බන්ධ වීමත් එක්කම මට ආදරණීය සහෝදරයෝ කීප දෙනෙක් හමුවුණා. නම් වශයෙන් කියන්න බැරි තරම්, සහ තව සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා අඳුනගන්න. ඉතිං එයාලගෙන් හුඟක්ම කිව්වේ උපසිරැසි කරණය නවත්තනවා නම් 50 වෙනි කඩයිම පහු කරලා ඉන්න, නවත්තන්න එපා, අපරාදේ. ඔහොම්ම යං දිගටම’ වගේ දිරිගැන්වීම් හමුවේ මං තීරණය කරනවා 50 වෙනි කඩයිම පහු කරන්න. ඉතිං ඒකට මට Venom: The Last Dance චිත්‍රපටය වෙන් කරවා දුන්නු සනුප මලයව නැවත වතාවක් මතක් කරනවා. බොහෝ දුරට මේක මගේ අවසන් උපසිරැසිය වෙන්න පුළුවන්, එක්කො නොවෙන්නත් පුළුවන්.
Venom: The Last Dance (2024) Sinhala Subtitle
දැන් වැඩි කතාවක් නැතුව හැරෙමු කතාව පැත්තට. ස්පයිඩර්-මෑන්ගේ ප්‍රධානතම හතුරෙකු වශයෙන් හැඳින්වෙන වෙනම්, කැරැක්ට් එකට සොලෝ මූවී එකක් විදිහට ලයිව්-ඇක්ෂන් තුළින් මුලින්ම අපිට දැක බලාගන්න පුළුවන් වෙන්නෙ, ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක පිරිවැයකින් 2018 වසරේ Ruben Fleischer විසින් අධ්‍යක්ෂණය කෙරුණු Venom චිත්‍රපටය තුළිනුයි. ඒ හමුවේ Venom: Let there be Carnage නමින් එහි දෙවැනි චිත්‍රපටයද ඇමෙරිකන් ඩොලර් 110 ක පිරිවැයකින් නිමව 2021 වසරේදි නිකුත් වනවා. ඊට දින කිහිපයකට පසු Sony ආයතය විසින් Venom තෙවැනි චිත්‍රපටයක් නුදුරේදිම නිර්මාණය වන බව නිවේදනය කරනවා. ඒත් සමඟම 2024 ඔක්තෝම්බර් මස Venom තෙවැනි චිත්‍රපටය Venom: The Last Dance නමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 120 ක පිරිවැයකින් පසු සිනමාශාලා වෙත නිකුත් වෙනවා. මෙම වසරේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට ගොඩට Venom: The Last Dance චිත්‍රපටය වැටෙන්නෙ ලොව පුරා ආදායම ඩොලර් මිලියන 475.5 ක box office වාර්තාවක් පිහිටුවමින්. Sony ආයතනය මේ වෙනකොට නිවේදනය කරලා තියෙනවා, ස්පයිඩර් මෑන් නැති Spin-off චිත්‍රපට හෝ කතාමාල නවතා දමන බවටත්. ඉදිරියට ඒ නිර්මාණ පිළිබඳ කිසිඳු සැලැස්මක් නැති බවත්. ස්පයිඩර්-මෑන් නැති Sony ආයතනයේ චිත්‍රපට හයක් මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙනවා. Venom trilogy එකත්, Madame Web සහ මේ මස නිකුත් වූ Kraven the hunter චිත්‍රපටයත්.
Venom: The Last Dance (2024) Sinhala Subtitle
එහෙනම් චිත්‍රපටයට අදාල කොමික් පසුබිම ගැන පැහැදිලි කිරීමක් කරාවි අපේ කොමික් ප්‍රවීණයෙක් වෙන සනුප සහෝදරයා. ✌️
Venom: The Last Dance (2024) Sinhala Subtitle
SPOILERS AHEAD
අපේ රුකා අයියගේ 50 වෙනි උපසිරසියට සුබපතලා ම ලිපිය පටන් ගන්නම්කෝ එහෙනම් . රුක්ෂාන් අයියගේ ඉල්ලීම අනුව මේ අරගෙන එන්නේ Venom: The Last Dance චිත්‍රපටයේ කොමික් පසුබිම ගැන පොඩි විස්තරයක්. මේක කොමික් ස්ටෝරියක direct adaptation එකක් නොවෙන නිසා මේකේ කතාව ගැන නම් විස්තරයක් කියන්න නෑ. ඒත් මේකේ අපට බලාගන්න පුළුවන්, අලුතෙන් හඳුන්වාදෙන ප්‍රධාන චරිත කීපයක වතගොත කියන්නම්.
Venom: The Last Dance (2024) Sinhala Subtitle
Knull AKA King in Black / God of the Symbiotes
ෆිල්ම් එකේ ප්‍රධාන දුෂ්ටයා විදියට අපට බලාගන්න පුළුවන් වෙන්නේ Knull හෙවත් King in Black වයි. එයා තමයි වෙනම් ගේ පස්සෙන් ක්ලින්ටාර් (සිම්බියොට්ලගේ ග්‍රහලෝකය) වල සිම්බියොට්ලගේ විලෝපිකයා වන Xenophage ලා වෙනම් ගේ පස්සෙන් එවන්නේ.
Venom: The Last Dance (2024) Sinhala Subtitle
මාතෘකාවේ තියෙන විදියටම Knull ව සලකන්නේ සිම්බියොට්ලගේ දෙවියන් විදියටයි. මොකද එයා තමයි All-Black නම් පළවෙනි සිම්බියෝට්ව නිර්මාණය කරපු කෙනා. ඒවගේම සිම්බියොට්ලගේ hive mind එක මැද්දේ ඉඳන් හැම සිම්බියොට් කෙනෙක්වම පාලනය කිරීමේ බලයත් ක්නල්ට තියෙනවා. මේ නිසා සිම්බියොට්ලා මෙයාව “King in Black” විදියට නම් කරනවා. Knull ගේ බලයන් ගැන කතා කළොත් superhuman abilities, shapeshifting, shadow manipulation, symbiote manipulation සහ immortality ආදී බලයන් රැසක් Knull ට තියෙනවා. මීට අමතරව සෙලෙස්ටියල් කෙනෙක්ව වුණත් මරන්න පුළුවන් තරම් බලයක් තියෙන, Marvel විශ්වයේ බලගතු ම ආයුධවලින් එකක් වන Necrosword එක නිර්මාණය කරන්නෙත් මෙයා තමයි. අපට MCU එකේ Necrosword එක දකින්න හම්බවුණා Thor: Love and Thunder චිත්‍රපටයෙන්.
Knull ගේ ප්‍රකාශන ඉතිහාසය ගැන කිව්වොත් මෙයාව මුලින්ම හඳුන්වා දෙන්නේ 2013 දී Thor: God of Thunder #06 වෙනි කලාපයෙනුයි. ඒත් මේකේ අපට මෙයා හරියටම කවුද කියලා කියන්නේ නෑ. පළවෙනි full appearance එක අපට දකින්න ලැබෙන්නේ ඊට අවුරුදු 5කට පස්සේ නිකුත්වුණු Venom volume 4 එකේ #03 වෙනි කලාපයෙන්. මෙයාව නිර්මාණය කරන්නේ Donny Cates සහ Ryan Stegman.
ඉතින් ප්‍රධාන වශයෙන් Knull ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. Knull ට අමතරව අපට මේ චිත්‍රපටියේ Carnage ගේ පුතා වන Toxin, Lasher, Agony ආදී තවත් සිම්බියොට්ලා කීප දෙනෙක් බලාගන්න පුළුවන්.
විභාග වැඩකටයුතු අස්සේ හිර වෙලා ඉන්න නිසා වෙනදා වගේ ලොකු සවිස්තරාත්මක ලිපියක් නම් ගේන්න බැරි වුණා. එහෙනම්, ලිපිය ලියන්න මට දුන්න අවස්ථාවට රුක්ෂාන් අයියට ස්තුති කරමින් මං සමුගන්නවා. ළඟදීම උපසිරසියකින් හමුවෙමු. පීස් ✌️.
Venom: The Last Dance (2024) Sinhala Subtitle
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
21,032 downloadsDownload Venom-the-Last-Dance-2024-Sinhala-Subtitles-BLURAY-UPDATE.zip190 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Box Office Hits
- #Marvel
- #Marvel Comics
- #Michelle Williams
- #Must Watch
- #Naomie Harris
- #Offbeat
- #Peggy Lu
- #Reid Scott
- #Rob Bowen
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephen Graham
- #Tom Hardy
- #Venom
- #Woody Harrelson
- #You Decide
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
14 comments
Sahan Gayantha
Buddhika laKMal
50වෙනි උපසිරැසියට සුබපැතුම් මචං......
ඔයාගේ කාලය උපසිරැසි 50ක් වෙනුවෙන් වැයකරපු එකට බොහෝමත්ම ස්තූතියි සහෝ.....
ඔයාගේ ඉදිරිකටයුතු සාර්තකම වේවා........
ජයවේවා.....SACHINTHA
සිංහල උපසිරැසියට ස්තූතියි
ඒ වගේම 50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා
ජයsachin
thanks bro
Anonymous
Carry on Sub deko
gihan
50 වැනි උපසිරැසියට සුභපැතුම්!
උපසිරැසියට බොහෝම ස්තුතිඑල්. සී. දමැල්
සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න සෑහෙන ප්‍රමාද වුණාට...
50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් රුකා සහෝ! :)
සබ් එකටත් ස්තුතියි!
100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Roshan
Thnx bro.Great job.Good luck.
යුරාන් ධනුක (දනුවා)
පලවෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ
හැම වැඩක්ම සාර්ථක කරගෙන දිගටම සබ් ගේමු
ජයවේවා!!!Anonymous
Thanks
Nimesh Darshana
Thanks bro❤️
Gayan
black doves subtitles one
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤chinthaka chathuranga
thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Venom The Last Dance (2024) Sinhala Subtitle | ” වෙනම් සහ එඩීගේ අවසන් සංග්‍රාමය ” [සිංහල උපසිරසි] 50* [BLURAY UPDATE]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/12/Venom-the-Last-Dance-Cover-02.jpg)

thanks a lot Rukshan saho sub ekata