කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි. හැපෝ තවත් තුන්කොන් හින්දි ප්‍රේම වෘතාන්තයක්ද කොහේදෝ? පෝස්ටරේ දැක්කම එහෙම නේද හිතෙන්නේ? නෑ පුතේ නෑ. ඔයාට වැරදිලා. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති විදිහේ සුපිරි ප්ලොට් එකක් තමා මේකට තියෙන්නේ. එකෙන්ම මේ දක්වා 2018 ආපු සුපිරිම කොමඩිය. පද්මාවතී අක්කයි බාගී එකටයි එකට පස්සේ ඉන…

කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි. හැපෝ තවත් තුන්කොන් හින්දි ප්‍රේම වෘතාන්තයක්ද කොහේදෝ? පෝස්ටරේ දැක්කම එහෙම නේද හිතෙන්නේ? නෑ පුතේ නෑ. ඔයාට වැරදිලා. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති විදිහේ සුපිරි ප්ලොට් එකක් තමා මේකට තියෙන්නේ. එකෙන්ම මේ දක්වා 2018 ආපු සුපිරිම කොමඩිය. පද්මාවතී අක්කයි බාගී එකටයි එකට පස්සේ ඉන්දියාවේ බොක්ස් ඔෆිස් රෙකෝඩ් හොල්ලපු 2018 බ්ලොක්බස්ටර් එක. කෝටි 30ක බරපැන දරලා ඒ වගේ පස් ගුණයක් ඉක්මවලා ආදායම් හෙව්වෙත් කිසිම ස්ටාර් පවර් එකක වාසියක් නැතුවයි. අන්න ඒකයි විශේෂ කාරණේ. ඒත් එක්කම විචාරක ප්‍රසාදයත් ඉහලින්ම දිනාගත්තා. ඒ වගේම ටොප් රේටඩ් හින්දි ෆිල්ම් 250 අතරේ 204 වෙනි තැන රැකගෙන ඉන්නත් මේ ට්‍රිබල සමත් වෙලා තියෙනවා. බඩ අල්ලන් හිනා වෙවී පැය දෙකයි කාලක් ෆුල් කික් එකේ බලන්න පුළුවන්, ආයේ බොරු නෙමේ. තවත් දෙයක් කියන්නද? කෙල්ලෝ එක්ක යාලුවෙන එකත් එපා වෙච්ච Pyaar Ka Punchnama ෆිල්ම් සෙට් එක මතකද? ඔන්න ඒ ෆිල්ම් සෙට් එක හදපු ඩිරෙක්ටර් කාරයගෙයි නළු නිලි සෙට් එකයි තවත් සුපිරි වැඩක් තමා මේ Sonu Ke Titu Ki Sweety කියන්නේ. ඒ ෆිල්ම් සෙට් එක බැලුව නම් අනිවා මේක බලන්න දෙපාරක් හිතන්නේ නෑ. මුකුත් නොදන්නා අය කෙලින්ම පහලට ගිහින් ට්‍රේලරේ බලන්න..
සෝනු සහ ටිටු කියන්නේ එකා වෙනුවෙන් පණ හරි දෙන්න ඉන්න සහෝදර බැඳීමකටත් එහා ගිය බැඳීමක් තියෙන යාළුවො දෙන්නෙක්. දෙන්නා ෆුල් ආතල් එකී තමා කල් ගෙවන්නේ. මෙතනින් සෝනු, බරපතලක් නැතිව ජීවිතේ ගෙනිච්චට ටිටු පොඩ්ඩක් සීරියස් මිනිහා. ඌ ලව් කරත් බොක්කෙන්ම. බැරි වෙලා හරි ඒකි දාලා ගියොත් ඌ සති ගාණක් නොකා නොබී නම් නෙමේ, කකා බිබී අඬනවා. ඒ වෙලාවට මූ ළග ඉඳන් මූව ගොඩගන්නේ සෝනුම තමා. ඉතින් ඔන්න ඔය වගේ සීන් එකක් දවසක් සිද්ධ උනා. ඒ කියන්නේ ටිටු සීරියස් ලවු කරපු කෙල්ල ඌට බූට් එක වගේ එකක් තිබ්බා. මේක හින්දා ටිටු දැඩි තීරණයක් ගත්තා. ඒ තීරණෙන් සෝනුත් ෆුල් හොල්මන් උණා. ඔය තීරණේ හින්දම මේ දෙන්නා අතරට තව කෙනෙක් එනවා. ඊට පස්සේ තමා යුද්ධේ පටන් ගන්නේ….
ඉතින් මෙච්චර මග බලන් හිටපු පිලුමක් දෙන්න ටිකක් පරක්කු උනා. මේක ආසිරි අයියා කර කර හිටපු සබ්එක, හදිසියේ එයාට වැඩක් වැටිච්ච හින්දා මාවත් සම්මාදම් කරගත්තා. කලින් ඉඳන්ම හිතේ කොනක මේක කරන්න ආසාවකුත් නොතිබ්බම නෙමේ. ඉතින් හේවයියට ස්තුති කියනවා මේ වෙලාවේ මාවත් එක්කාසු කරගත්තට. එහෙනම් ඉදිරි පැය දෙකයි කාල ගැන ෆුල් ගැරන්ටියක් දෙන ගමන් සමුගන්නවා. අපි ගියාවේ. ජයවේවා….
නුවන් ලසිත සොයුරාගේ ලිපිය.
Nushrat Bharucha – ස්වීටි
Kartik Aaryan – සෝනු
Sunny Nijar -ටිටූ ටත් පන දෙනවා
මේම චිත්‍රපටය ගැන කිවුවොත් මෙය IMBD 7.5 ක් ගෙන තිබේන චිත්‍ර පටයක්.ඒ කියන්නේ එල කතාවක්. ඉතාම රසබර කොමඩියක් කම්මැලිකමක් නැතුව එක දිගටම පැය දෙකයි කාලක් විතර ගලාගෙන යනවා. ලස්සන සින්දු ටිකකුත් තියනවා.ඒ වගේම කතාව අස්සේ හැමෝටම ජීවිතේ මුහුන දෙන්ඩ වෙන යතාර්ථයක් ගැනත් ලාවට කතාවෙනවා. ස්වීටිගේ තියරියෙන් කියනවා නම්..”යාලුවයි කෙල්ලයි අතරේ සටනින් හැදදාම දිනන්නේ කෙල්ල”.මගේ පුත්ගලික හැගීම නම් කතාවේ අවසානය මීට වඩා රසබර අරුත් බර කරන්ඩ තිබුනා..කොහොම නමුත් මගේ අදහස් කාටවත් වැඩක් නෑනේ…අපි කතාව පැත්තට ටිකක් හැරෙමු. සෝනුයි ටිටූයි කියන්නේ එලකිරි යාලුවෝ දෙන්නේක්.ඉතින් බොක්කම තමා.දෙන්නගේ අම්මලත් පවුල් දෙකත් එහෙම තමා යාලුයි .සෝනුගේ අම්මා නැතිවෙනවා එයා පොඩි කාලේම ටිටූගේ එලම යාලුකමට ටිටූගේ ගෙදර තමා සෝනු හැදෙන්නේ .ඒ නිසා දෙන්නා සහොදරයෝ වගේ තමා ඉන්නේ. ගෙදර ඇත්ත පුතා විදිහට පේන්නේ නම් සෝනු වගේ ඒතරමට ම සෝනුව බලාගන්නවා.ටිටූ පට්ට අවංක චරිතයක් ඒ වගේම් පොඩ්ඩක් මෝඩයි අන්දන්ඩ ලේසී. ඉතින් ටිටූගේ කෙල්ල ටිටූව නම්මගෙන අඩවනවා ලෙසටම.සෝනු ඒක කොහොම හරි කඩලාදාලා අලුතින් කෙනෙක් හොයලා දෙනවා..කෙල්ලත් හොදයි (මටනම්) බදින්ඩ යනවා.නම ස්වීටි. ඉතින් ඔක්කොම කිවුවහම බලන්ඩ දෙයක් නැතිවෙයි ඔයාලට . ඉතින් අපි බලමු ටිටූට හැමපැත්තෙන්ම දෙන වද , තුන් පැත්තෙන්ම මිරිකිලා අන්තිමට ටිටූට මොනවා වෙයිද? ටිටූ කාටද? ජය ශ්‍රී!!
ඇඩ්මින් : මේ සිනමාපටයට උපසිරසි ලබාදීම බාරගෙන තිබ්බේ ආසිරි ප්‍රියන්ත සහ මයුස සුරාජ් සොයුරන් දෙදෙනා. ඒ වගේම නුවන් ලසිත සහෝදරයා අපෙන් විමසීමක් කරන්නේ නැතුව මේ සඳහා උපසිරැසිය එවල තිබ්බ. ඉතිං නුවන් සහෝගේ මහන්සියත් අපතේ නොයන විදියට ආසිරි සහෝදරයාගේ කැමැත්ත මත අපි කණ්ඩායම් දෙකම උපසිරිස් ලබා දුන්නා. ප්‍රේක්ෂක ඔබට ඒ උපසිරසි දෙකෙන් කැමති එකක් තෝරාගෙන චිත්‍රපටය නරඹන්න පුළුවන්. නමුත් ඔයාල උපසිරසියක් කරන්න කැමතියි නම් ඒ උපසිරැසිය කරන්න කලින් අපෙන් විමසීමක් කරලා ඉන්න. එහෙම නැතිවුනොත් අපිට මේ වගේ ලොකු අපහසුතාවයන්ට පත්වෙන්න සිද්දවෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා යාවත්කාලින කර ඇත.
25,250 downloadsDownload Sonu-Ke-Titu-Ki-Sweety-2018.zip132 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සහ “හේවා ලුණුවිලගේ” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
76 comments
suraswv
THE NEW FOLDER
Thanks brrrrrooooo
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!ශසිත් සඳරුවන්
හම්මේ... ආයෙත් හේව යි මයුර යි..
රම්පෙයි කරපිංචයි වගේ.. :P
හොද්ද රහට තියෙනවා කියලා ශුවර්.
උපසිරැසියට බෝම තුති කිවුවා..
නුවන් සහෝටත් ස්තූතියි. ඊලඟපාර කලින්ම වෙන් කරගෙන කරමු හොඳේ..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!සමීර කරුණාරත්න
නුවන් ලසිත බොහොම ස්තුතියි ඔයා ඒ කරපු දෙය නොවෙන්න ආසිරි තවම සබ් එක කරනවා... ඉතින් ඉස්සරහට තමුන්ගේම කියල චිත්‍රපට වෙන් කරගෙන කරමු.... ඒ ආසිරි..... අද නම් බයේ බැහැ බන් උඹේ සබක් සයිටේ එකේ තියන නිසා හවස් වෙනකොට සවර් එක පිස්සු නටන්න ගනීද දන්නේ නැහැ... කොහොම වුනත් ඉතින් සබ් ආසිරි නිසා බැලිල්ලක් තමයි....
Jayod123
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයpansilu2014
subta thanks malliya
hasiya
sub ekata thanks bn
Thusitha Suminda
සුපිරි..මේ ෆිලුම දෙනකම් බලාගෙන උන්නෙ. තැන්කූ වේවා දෙන්නටම.
Gathsara Umesh
Oklatama bhoooom sthuuthiyi....
Bhoooooom sthuuthiyi..mBandaramudiyansi
මෙක නම් සියයට 99ක්ම වාගේ බලන්න තිරනය කරේ හින්දි සිනමාවෙ දැවැන්ත උපසිරැසකරුවන් පිරිසක් එකට දායක වෙලා කරපු වැඩක් නිසයි.. හොදටම අති.. හිනාකාල මැරෙයි එක නම් විස්වසයි. හොද රේටින් එකකුත් තියෙන එකේ ගමු. Thank
Thilina Chamara
Thank you for the sub
Nilush Angana
Sub ekata thanx
Nirosh C
ස්තුතියි මයුර/හේවා සහෝ.ජයවේවා!
Kulanjana Maduranga
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
ඒෂාන් කාංචන
tnx sub ekata ela
Udith
thanx wewaaa
ravindutb
thank you
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sasala
upasirasata dedenatama thanks
Kanchaka
Thanks
dhanushka dhananjaya
sub ekata godak pin supiri filumak login eka hadagathee sathiyak thisse try karala hammmeee
TharakaWAS
Sub 1kata Thanks
sangeethsrimal
Thanks aaa
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සහෝ.
ජයෙන් ජය.praneeth kaushalya
Thanks.
Tharaka Nuwan Dilhara
බොහොම ස්තුතියි උපසිරසියට..
ඊයේ බැලුවා.
අසිරි මයුර දෙන්නගේ සබ් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ
පට්ටෙට තිබබා..
එලස්ස්ස්shiranga
මෙක නම් හිනා යන film එකක් නෙමේ. ඒ උනාට ගොඩක් ස්තුතියි
shiranga
මෙක නම් හිනා යන film එකක් නෙමේ. මෙලො වෑඩක් නැති film එකක්. කොහොම record තිබ්බද දන් නැහෑ. ඒ උනාට ගොඩක් ස්තුතියි sub එකට.
Kavi_madushan
sub ekata bohoma sthuthiiiii,,,,,
C lakmal
ගොඩක් ස්තුතියි sub එකට. Hichki (2018) Hindi මේ ෆිල්ම් එකට.ත් සබ් කරන්න පුලුවන්නම්
D.Chamara
bohoma sthuthi sahooo jaya
dil_shan
tnz bn sub ekata.
prashal1025
Tnx bro. Ft
sancha
Thanks.
siyath dasanayaka
Thank you very much!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දෙනුවන්
woh
Mawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
C lakmal
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.ජය වේවා -
Hate Story 4 (2018) Hindi සබ් එක දෙන්න බලන්නහසිත මධුෂාන්
සබට බොහොම ස්තූතියි කස්ටියටම......
KKalhara
Thanks all
Cypher_Paradox
බොහොම ස්තූතියි බ්‍රදර්ස්....
Thusitha Sampath
Thank you very much
ranga11112
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
SP
Thanx
tharidu sagara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Priya Prabashi
Sonu Ke Titu Ki Sweety (2018) meka kohomada download karanne link ekak na ne
kent parker
thanks kollo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro