Sore: A Wife from the Future (2026) Sinhala Subtitles Sore: Istri dari Masa Depan” කියන්නේ ප්‍රේක්ෂක හදවත් ගොඩක් තදින් ස්පර්ශ කරන, වෙනස්ම විදිහේ කතා තේමාවක් තියෙන අතිශය ජනප්‍රිය ඉන්දුනීසියානු නිර්මාණයක්. මේ කතාව ගෙතෙන්නේ ක්‍රොඒෂියාවේ ජීවත් වෙන, තමන්ගේ අතීතය සහ පියා එක්ක ලොකු තරහකින් ජීවත් වෙන ‘ජොනත…

Sore: A Wife from the Future (2026) Sinhala Subtitles
Sore: Istri dari Masa Depan” කියන්නේ ප්‍රේක්ෂක හදවත් ගොඩක් තදින් ස්පර්ශ කරන, වෙනස්ම විදිහේ කතා තේමාවක් තියෙන අතිශය ජනප්‍රිය ඉන්දුනීසියානු නිර්මාණයක්. මේ කතාව ගෙතෙන්නේ ක්‍රොඒෂියාවේ ජීවත් වෙන, තමන්ගේ අතීතය සහ පියා එක්ක ලොකු තරහකින් ජීවත් වෙන ‘ජොනතන්’ (නැත්නම් ජෝ) කියන ඡායාරූප ශිල්පියා වටායි. ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව, සිගරට් සහ මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න ජෝගේ ජීවිතේට එකපාරටම අමුතුම විදිහේ ගෑනු ළමයෙක් කඩාපාත් වෙනවා. ඇය නමින් ‘සෝර්’. ඇය කියන්නේ තමන් අනාගතයේ ඉඳන් ආපු ජොනතන්ගේ බිරිඳ කියලයි. එතනින් පස්සේ මේ දෙන්නාගේ ජීවිත වෙනස් වෙන අපූරු ආදර කතාව ආරම්භ වෙනවා.
සෝර් අනාගතයේ ඉඳන් එන්නේ විශේෂ හේතුවක් ඇතුවයි. ඒ තමයි ජොනතන්ගේ තියෙන මේ වැරදි පුරුදු සහ කේන්තිය නිසා තව අවුරුදු අටකින් ඔහුට හෘදයාබාධයක් හැදිලා මියයන්න තියෙන එක නවත්වලා, ඔහුගේ ජීවිතය ලස්සන කරන එක. ජොනතන්ගේ මුරණ්ඩුකම් එක්ක ඔහුට අලුත් ජීවිතයක් පුරුදු කරන්න සහ ඔහුගේ පියාට සමාව දෙන්න සෝර් දරන උත්සාහය මේ කතාව පුරාම හරිම සංවේදීව පෙන්නලා තියෙනවා. නිකම්ම නිකන් ආදර කතාවකට එහා ගියපු මේ නිර්මාණය ඇතුළේ, දේශගුණික විපර්යාස, කාලය සහ සමාන්තර ලෝක ගැනත් හරිම ලස්සන, ගැඹුරු අදහස් ටිකක් ප්‍රේක්ෂකයාගේ මනසට එකතු කරනවා. කෙනෙක්ව යහපත් විදිහට වෙනස් කරන්න පුළුවන් බයට වඩා ‘ආදරයට’ කියන එක මේ කතාවෙන් අපූරුවට ඔප්පු කරලා පෙන්වනවා.
මේ කතාව මේ තරම්ම ලස්සන වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේකේ තියෙන හදවතට වදින දෙබස්. “හැන්දෑවට මෙච්චර ආදරේ කරන්න ලේසි ඇයි…”, එහෙමත් නැත්නම් “මට දහදාස් වතාවක් ආයෙත් ජීවත් වෙන්න ලැබුණත්, මම හැමදාමත් ඔයාවම තෝරගනීවි” වගේ හැඟීම්බර දෙබස් සහ දර්ශන මේ කතාවේ ඕනෑතරම් තියෙනවා. ඒ වගේම ක්‍රොඒෂියාවේ සහ ආක්ටික් ප්‍රදේශවල ලස්සන පරිසරයත් කතාවට ලොකු ආලෝකයක් එකතු කරනවා. ඔයාගේ හදවතට දැනෙන, ජීවිතේ ගැන ආයෙත් සැරයක් හිතන්න යමක් ඉතුරු කරන, අර්ථවත් මෙන්ම වෙනස්ම විදිහේ ආදර කතාවක් හොයනවා නම් Sore කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කතාවක්. සෝර් සහ ජොනතන්ගේ මේ අපූරු ආදර කතාව ඔයාගේ හිතෙත් ගොඩක් කල් නොමැකී තියේවි! තවත් ලස්සන කතාවකින් හමුවෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.
728 downloadsDownload Sore-Wife-from-the-Future-2025.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sore: A Wife from the Future (2026) Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
4 comments
Buddhika laKMal
kavinda gamage
බොහොම ස්තුතියි ලස්සන කතාවක් වගේ අනිවාර්යයෙන්ම බලනවා
Ruchira
Thanks for the sub!!!
Ruchira
Thanks for the sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි යසිරු සහෝ මේකට සබ් දුන්නට