One Mile: Chapter One (2026) Sinhala Subtitles Action සහ Thriller චිත්‍රපට වලට ආදරය කරන අයට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් අලුත්ම චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. ජනප්‍රිය හොලිවුඩ් නළු Ryan Phillippe ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටය තමයි “One Mile: Chapter 1”. Adam Davidson ගේ අධ්‍යක්ෂණයක්…

Action සහ Thriller චිත්‍රපට වලට ආදරය කරන අයට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් අලුත්ම චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. ජනප්‍රිය හොලිවුඩ් නළු Ryan Phillippe ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටය තමයි “One Mile: Chapter 1”. Adam Davidson ගේ අධ්‍යක්ෂණයක් විදිහට 2026 පෙබරවාරි මාසයේදී නිකුත් වුණු මෙම චිත්‍රපටයට Ryan Phillippe ට අමතරව Amélie Hoeferle සහ C. Thomas Howell රංගනයෙන් දායක වෙනවා. මෙහි ඇති විශේෂත්වය වෙන්නේ මේ කතාව Chapter 1 සහ 2 විදිහට කොටස් දෙකකින් සමගාමීව නිකුත් වී තිබීමයි.
කතාව මෙහෙමයි… ඩැනී (Ryan Phillippe) කියන්නේ හිටපු හමුදා විශේෂ කාර්ය බලකායේ (Special Forces) නිලධාරියෙක්. ඔහු තමන්ගේ යොවුන් වියේ පසුවන දියණිය වන ඇලෙක්ස් (Amélie Hoeferle) සමඟ ඇගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාල කිහිපයක් බලන්න දුර ගමනක් (Road trip) යනවා. මේ ගමන අතරතුරදී මෙයාලට නොහිතපු විදිහට පාර වැරදිලා, කැලෑවක් මැද තියෙන සමාජයෙන් සම්පූර්ණයෙන්ම හැංගිලා ජීවත් වෙන අතිශය රහසිගත වගේම භයානක කල්ලියකට කොටු වෙනවා. ස්ටැන්ලි (C. Thomas Howell) විසින් මෙහෙයවන මේ වනගත දාමරිකයන් විසින් ඩැනීගේ දුවව පැහැරගන්නවා. ඉන්පසුව තමන්ගේ හමුදා පුහුණුව සහ අත්දැකීම් පාවිච්චි කරලා තනිවම මේ කල්ලියට මුහුණ දී තමන්ගේ දුවව බේරගන්න ඩැනී දියත් කරන අතිශය ත්‍රාසජනක සටන තමයි මේ චිත්‍රපටය පුරාම දිගහැරෙන්නේ. අවසානයේ ඩැනීට තමන්ගේ දුවව මේ කුරිරු කල්ලියෙන් බේරගන්න හැකිවෙයිද..? දියණියට කුමක් වෙයිද..? මේ සියල්ල චිත්‍රපටය නරඹලම දැනගන්න.
2026 වසරේ නිකුත් වුණු ක්‍රියාදාම චිත්‍රපට අතරින් ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා… මේකෙම දෙවැනි කොටසත් (One Mile: Chapter 2) මේත් එක්කම නිකුත් වී ඇති නිසා කතාවේ ඉතුරු ටිකත් ඉක්මනින්ම බලාගන්න ඔයාලට අවස්ථාව තියෙනවා… ක්‍රියාදාම සහ ත්‍රාසජනක සිනමාපට වලට කැමති කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම මගහැරගන්නේ නැතුව බලන්න.
මේකේ දෙවැනි කොටසේ උපසිරැසියත් ඉක්මනින්ම අරන් එන්නම් ජයවේවා…
One Mile: Chapter One (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,586 downloadsDownload One-Mile-Chapter-One-2026.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
One Mile: Chapter One (2026) Sinhala SubtitlesSubtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #One Mile: Chapter One (2026) Sinhala Sub
- #One Mile: Chapter One (2026) Sinhala Subtitles
- #One Mile: Chapter One Sinhala Sub
- #One Mile: Chapter One Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika laKMal
Malith samarawickrama
Thanks mchn sub ekata
Ruchira
Thanks for the sub!
Ruchira
Thanks for the sub!!
Advertisement
ස්තූතියි දමිදු සහෝ උපසිරැසියට....
මේකනං දෙනකම්ම හිටපු එකක්..
දෙවැනි එකටත් සබ් එක වේලාවක් තියෙන විදිහට ගේමු...