ආයුබෝවන්! යාළුවනේ, මගේ නම නිරෝෂන් (නීරෝ) , අවුරුදු ගණනාවක්ම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගිහිල්ලා බයිස්කෝප් යාළුවන්ට පින් සිද්ධ වෙන්න, ගොඩක් Films, T.V Series සිංහල තේරුමත් එක්ක රස වින්දා. එහෙව් එකේ මටත් හිතුනා අනිවා මමත් සබ් එකක් කරනවා කියලා. අද ඊයේ නෙවෙයි අවුරුදු තුනකට කලින් ඒත් ඒක කරන්න…

ආයුබෝවන්! යාළුවනේ, මගේ නම නිරෝෂන් (නීරෝ) , අවුරුදු ගණනාවක්ම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගිහිල්ලා බයිස්කෝප් යාළුවන්ට පින් සිද්ධ වෙන්න, ගොඩක් Films, T.V Series සිංහල තේරුමත් එක්ක රස වින්දා. එහෙව් එකේ මටත් හිතුනා අනිවා මමත් සබ් එකක් කරනවා කියලා. අද ඊයේ නෙවෙයි අවුරුදු තුනකට කලින් ඒත් ඒක කරන්න උනේ බාගයයි. වැඩ වැඩි නිසා අතඇරුනා. කාලෙක ඉඳලා සබ් එකක් කරන්න හිතේ තිබුණු ආශාව නිසා ෆිල්ම් එකක් හොය හොය ඉන්න කොට තමයි අපේ Office ඒකේ මෙලනි අක්කා කෝල් කරලා කිව්වේ මල්ලි සුපිරිම ෆිල්ම් එකක් බැලුවා කියලා. හොයලා බලද්දි ඒ ෆිල්ම් එක බයිස්කෝප් තිබ්බෙ නෑ (මගේ වාසනාවට) ඒ වෙලේම හිතුනා මේකට සබ් කරනවා කියලා. මේ ෆිල්ම් එක ඉල්ලලා බයිස්කෝප් එකට මේල් කරාට පස්සේ ඉතා ඉක්මනින් මට රිප්ලයි එකක් ආවා විමා සහෝගෙන් නියම ෆිල්ම් එකක් කරලා එවන්න සහෝ කියලා. ඔන්න ඉතින් පටන් ගත්තා. කරද්දි තමයි මේකෙ අමාරුව තේරෙන්නේ (සමහර වෙලාවල් වලට කමෙන්ට්ස් නොදාත් ගිහිල්ලා තියෙනවා, ඇත්තටම ඒක ගැන මට මං ගැනම කණගාටුවක් ඇති වුනා). අවසාන වශයෙන් මේකට සම්බන්ධ සියළු දෙනාටම මම ගොඩක් ස්තුති වන්ත වෙනවා මේ වගේ සමාජ සේවයක් කිසිඳු වාසියක් නොබලා කර ගෙන යාම ගැන. ඔන්න මගේ හෑල්ල ඉවරයි. දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.
2011 වසරේ සම්මාන 12ක් සඳහා නිර්දේශිත වූ, IMDb Rating 7.1 ලබා ගත්, Box Office වාර්ථා බිඳිමින් දර්ශනය වූ මුල් සතිය තුල ඇමරිකානු ඩොලර් මිලියන 10ටත් වඩා උපාගත්, අප දන්නා කියන අති දක්ෂ නළු නිලියන් කිහිපයක්ම රංගනයේ යෙදෙන, සුපිරිම විචිත්‍රවත් දර්ශන තල වල රූපගත් කරන ලද අසහාය ධෛර්ය්‍යමත් දිය කිඳරියක් බඳු කෙල්ලෙක් ගැන කියවෙන මෙම චිත්‍රපටිය සත්‍ය කථාවක් මත පදනම් වී නිර්මාණය වී ඇත.
බෙත්නි හැමිල්ටන් එයා ඉපදුනේ හවායි දූපතේ, මුහුද අයිනෙම එයාගේ ගෙදර, පොඩි කාලේ ඉඳලම ගොඩබිම ඉන්නවාට වඩා එයා හිටියෙ මුහුදු වතුරේ තෙමිලා, වර්තමානයේ එයා ලොකු කෙල්ලෙක් ආරණීය පවුලක ආදරය ලබමින් (හැමදේම සුභවාදීව බලන එයාගෙ තාත්තා, නිතරම ලගින් ඉඳන් දුක සැප අහන අම්මා, අක්කට පන වගේ ආදරේ පිස්සු සහෝදරයෝ දෙන්නා) මුහුද දෙබෑ කරමින් එන දරුණු රැලි පාරවල් මතින් එයාගෙ සර්ෆින් බෝඩ් එක යන්නේ හරියට නෙළුම් කොළයක් මතින් වතුර බින්දුවක් යනවා වගේ. කිසිම සර්ෆින් තරගයකදී එයාට ලං වෙන්නවත් කවුරුත් නෑ. මුළු හවායි දූපතේම බෙත්නි කිව්වාම නොදන්න කෙනෙක් නෑ. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. බෙත්නිගේ හොඳම යාළුවා ඇලනාටයි බෙත්නිටයි මහුදේ වෙනදා නොගිය තැනකට ගිහිල්ලා සර්ෆින් කරන්න හිතෙනවා, උදෙන්ම නැගිටලා මේ දෙන්නා යන්නේ ඇලනාගෙ තාත්තයි තව යාළුවෙකුයි එක්ක. ලස්සන තැනක් එයාලා ගොඩාක් විනෝද වෙනවා, ඒත් එක පාරටම??? එක පාරටම මොකද වෙන්නේ කියලා ෆිල්ම් එක බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා යාළුවනේ. මේක මගේ මුල් සබ් එක නිසා ගොඩක් වැරදි ඇති ඒ හැමදේටම සමාවෙන්න යාළුවනේ. ඒ වගේම මාරම කට්ටක් කෑවා සබ කරන්න ගිහින්, යන ගමන් කොමෙන්ටුවකුත් කොටාගෙනම ගියා නම් සතුටුයි යාළුවනේ, මම ගියා එහෙනම්… ජය වේවා බයිස්කෝප්.
“විශ්වාසය තියෙනවා නම් ඔයා කරන්න යන දේ ගැන ඔයාට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.”
Due to copyright issues, we do not provide any torrent links.
Soul.Surfer.2011.1080p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,150 downloadsDownload Soul.Surfer.2011.Baiscopelk.com_.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් නිරෝෂන් (නීරෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුපුන් නිරෝෂන් (නීරෝ)
Subtitles
27 comments
geeth
charuka
ela ela bro digatama sub karamu
praneeth madu
ජය ඉදිරියට යන්
yasas
පට්ට bro. මේක සෑහෙන හොඳ inspirational movie එකක්.
utorrent වල ads සහ offers ඕෆ් කරගන්න විදිය බලන්න
youtube ඩොට් කොම් /watch?v=L_6KQNYXMPk
ricado
a good movie , have to watch with sub , tks for the sub & god bless u all .......
upulnishantha
tnx mcn sub ekata issarahatath karagena yanna awasya shakthiya dirya labewa kiyala prarthana karanawa
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….
NIRO
thnx bro
Udara Damith B/K
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
ela
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අසිත
supiri filumak balanna
එල්.සී. දමැල්
බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු...Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!
mithun
බොහොම ස්තුතියි congratulations මම මෙක තව ටිකකින් මිස් කරනව Imdb 7.1ලු සුපිරි යලුව බ්ලුරෙ කොපි තියෙන නිස ඔන්න ෆිල්ම් එක ගන්න හදන්නෙ හොයල ගෙනාවට ස්තුතියි දැනම් උන්න්නෙ නෑ මෙක ගැන දිගටම සිංහල උපසිරැසි දෙන්න සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Dulanga
Thanks
Web-බුවා
මං මේ කෙලී ඉන්න film වලට පට්ට කැමතියි බං :P Race To Witch Mountain, Bridge To Terabithia එහෙම කෙළින්න සුපිරියි. ;) සබට ස්තූති වේවා bro :)
ජය! :)
අසිත
me too.eki mara kalla neh
NIRO
thnx for all comments friends
nisii
thanks for the sub. Keep it up !!!
හර්ෂණ දිල්ෂාන්
ජය වේවා..!!! සහෝ..
ස්තුතියි සහෝ සබ කලාට...සුමිරිම ෆිල්ම 1ක්.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu
meka kalin baluwa
dan sub ekka ai balanawa,
thx saho.. :)
meyata math kamathi ;)
japan anime akakatath sub dennako..
jaya........!!Dhanushkadill
Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
jpbsgjayalath
Thanks machooo..ela kollek
Bimsara Liyanagama
Thank yu so much for the subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx saho sub walata. ela ela