ඔන්න හයි ස්කූල් මියුසිකල් චිත්‍රපට තුනම අවසානයි. මේකට පස්සෙ ආපු තවත් එකක් තියෙනව කියල තොරතුරු ලැබුණ. බලමු ඒකත් හොයාගන්න පුලුවන්ද කියල. ගීත ගොඩක් තිබුණ, ඒත් කිහිපයක්ම මම අයින් කරල දැම්ම. එකක් දෙබස් වගේ නෙවේ ගීත වලට සිංහල අදහස් දාන්න මගේ ඉංග්‍රීසි දැනුම මදි. ඒක නිසා ගොඩින් බේරෙන්න, අවශ්‍ය නෑ කියල හිත…

ඔන්න හයි ස්කූල් මියුසිකල් චිත්‍රපට තුනම අවසානයි. මේකට පස්සෙ ආපු තවත් එකක් තියෙනව කියල තොරතුරු ලැබුණ. බලමු ඒකත් හොයාගන්න පුලුවන්ද කියල. ගීත ගොඩක් තිබුණ, ඒත් කිහිපයක්ම මම අයින් කරල දැම්ම. එකක් දෙබස් වගේ නෙවේ ගීත වලට සිංහල අදහස් දාන්න මගේ ඉංග්‍රීසි දැනුම මදි. ඒක නිසා ගොඩින් බේරෙන්න, අවශ්‍ය නෑ කියල හිතුන ගීත කිහිපයක් මම පරිවර්ථනය කලේ නෑ.
බලමු කතාව කොහොමද කියල. චිත්‍රපටය පටන්ගන්නෙ අවසාන පාසල් බාස්කට් බෝල් තරඟයත් එක්ක. බොහොම අමාරුවෙන් ඒක ජයග්‍රහණය කරගන්නව. ඒ වෙනුවෙන් ට්‍රෝයි ගෙ ගෙදර ලොකු සාදයක්. හැමෝගෙම බලාපොරොත්තුව ට්‍රෝයි ව යූ ඔෆ් ඒ වලට යවන්න.
මේ අතරෙ පාසලේ අවසාන වාරෙදිත් සංගීත උත්සවයක් පවත්වනව. ශාර්පේ තනියම ෂෝ එක කරන්න හැදුවත් කෙල්සිගෙ අදහසක් නිසා පංතියෙ හැමෝටම මේකට එකතුවෙන්න වෙනව. මේක මග අරින්න එක එක කෙනා එක එක කතා කිව්වත් ට්‍රෝයි ගෙයි ගේබ්‍රියෙල්ලාගෙයි මදිහත්වීමෙන් හැමෝම මේකට එකතුවෙනව. ඒත් අවාසනාවකට ගේබ්‍රියෙල්ලාට මේකට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒ ඇයට උසස් අධ්‍යාපන සදහා ඇතුල් වෙන්න තියෙන පාසලෙන් කැඳවීමක් ලැබෙන නිසා සති තුනක පෙර පුහුණුවකට.
මේක දැනගන්න ශාර්පෙට ඉහේ මලක් පිපුන වගේ. ශාර්පෙට අලුත් යාලුවෙකුත් හම්බ වෙනව. ලංඩන් වලින්, නාට්‍ය ඉගෙන ගන්න ඇල්බර්කර්කි වලට ආව ළමයෙක්. ශාර්පෙටත් නොදැනීම ශාර්පෙගෙ තැනට එන්න මෙයා සමත් වෙනව. ඇයට ලැබුණ පැවරුම ඇය හරියටම කරනව.අනික විශේෂම දේ තමා ජුලියාර්ඩ් ශිෂ්‍යත්වය වෙනුවෙන් ට්‍රෝයිගෙ නම ඇතුලත් වීම.ඒක බලාපොරොත්තුව ඉන්නෙ කෙල්සි, රයන්, ශාර්පේ. කවුද එතකොට ට්‍රෝයි ගෙ නම මේකට ඇතුලත් කලේ. ට්‍රෝයිවත් මේක දන්නෙ නෑ. යාලුවොත් හැමෝම හිනාවෙන්න ගන්නව. ඒත් බලනකොට ඒක මිස් ඩාර්බස්ගෙ වැඩක්.
ෂෝ එක යන අතරෙ ශාර්පෙට විවිධ අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙනව. සෑහෙන උත්සහයකින් පස්සෙ ට්‍රෝයි ගේබ්‍රියෙල්ලාව ෂෝ එකට එක්ක එනව. හැම දෙනාගෙම අදහස් අපේක්ෂාවන් ඉටු කරමින් පාසල් කාලය අවසන් වෙනව. එක ශිෂ්‍යත්වයක් උනාට තව එකක් දෙන්න ජුලියාර්ඩ් එක තීරණය කරනව. ඒ නිර්දේශිත ශිෂ්‍යත්වය, සංගීතය වෙනුවෙන් කෙල්සිටත්, අමතර ශිෂ්‍යත්වයක් රයන්ටත්. ඒ අංග රචනය වෙනුවෙන්. ඒක කවුරුත් බලාපොරොත්තු උන දෙයක් නෙමේ. හැමදේම ඔලුව උඩ තියාගෙන හිටපු ශාර්පෙට ඇල්බර්කර්කි විශ්ව විද්‍යාලය.
එහෙනම් තව චිත්‍රපටයකින් හමුවෙමු. කලින් දෙක බාගත්ත විදියටම තමා මේකත් ගන්න වෙන්නෙ මෙකෙ ටොරන්ට් පිටපත
extraa torrent එකෙන් ගන්න පුලුවන්. මේ සබ් එක මැච් වෙන්නෙ ඩුවල් ඕඩියෝ (හින්දි , ඉංග්‍රීසි,) පිටපතට. ඒකම හොයාගන්න ට්‍රයි කරන්න. නැත්තනම් ලයින් මැච් වෙන්නෙ නැති වෙයි. හොඳ නරක, ගල්, මුල් ගැනවත් කියල කොමෙන්ට් එකක් දාන්න. අඩුම තරමෙ මීට පස්සෙ සිංදු එපා කියලවත්. එහෙනම් හොඳ නරක කොහොමද කියල කියන්නකො. අනිත් එකත් ඉක්මනටම දෙන්න උත්සහ කරන්නම්.
(නයිට්මෙයර් ඔන් එල්ම් ස්ට්‍රීට් බලමුද?)
High School Musical (2006) | සොඳුරුද පාසල කෙතරම්
High School Musical 2 (2007) | ගිම්හානයට රැකියාවක්
Due to copyright issues, we do not provide any torrent links.
High School Musical 3 (2008) 720p BluRay x264 Dual Audio
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
669 downloadsDownload High-School-Musical-3-2008.Baiscopelk.com_.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
15 comments
yasas
yasas
ela bn.
utorrent wala ads block karaganna.
youtube dot com /watch?v=L_6KQNYXMPk
lahiru
bohoma sthuthii saho....puluwannam elementory eke ithuru tikata sub denna balanna
සනත් ගුණතිලක
1. Smokin’ Aces (2006) imdb 6.7
2. Last castle (2001) imdb 6.9
3. Big fish (2003) imdb 8
4. The curious case of Benjamin Button (2008) imdb 7.8
5. Green Zone (2010) imdb 6.9
6. American Beauty (1999) imdb 8.4
7. Full metal Jacket (1987) imdb 8.3
9. Incendies (2010) imdb 8.1
10. Gran Torino (2008) imdb 8.1මේ එක ෆිල්ම් එකකටවත් උපසිරසි නෑ බයිස්කෝප් එකේ. ඔක්කොම සිනමා රසිකයෙක් විදිහට බලන්නම වටින සුපිරි ගනයෙ ඒවා. කොටින්ම මේ ෆිල්ම්ස් වලට අන්තර්ජාලයේවත් කොහේවත් සිංහල උපසිරසියක් හොයාගන්න නෑ. දිගටම පරණ films වලටම සබ් දෙන්න.. අලුත් films වල සබ් දෙන්න ඕනි තරම් අය ඉන්නවා. ඒත් අපි වගේ පරන films වලට ආස කරන අයට ඔයා කරන්නෙ මිල කරන්න බැරි සේවයක්.. පුලුවන්නම් උඩ දීල තියෙන film ටිකට සබ් දෙන්න බලන්න. එතනින් සමහර films IMDB top 250 ලිස්ට් එකෙත් තියෙනවා. ඒත් සබක් නෑ කොහේවත්.. සුබ පතනවා. ජය..
Buddhika
The curious case of Benjamin Button meka dennam. Anithwa mage laga na.
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…filuma bagena thibuna nisa suba gaththa..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasini Udara
thnx dear...
Suu
thank u
Thushan
High School Musical series eke aub denna puluwanda?
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathura prasanga
enakan balan hitiye....thnx...
tharidusanjana
ELa ela
Vimasha mandil
Sago me high school musical the musical the sseries ektath puluwannm sud denna
dinithi nayanathara
High school musical films 3 ma subtiles download wen na
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sabata thanx dude.
torrent valata adala deyak nisa post karanne,
utorrent vala ads disable karana vidiya.
youtube.com/watch?v=L_6KQNYXMPk