ආයුබෝවන් යාලුවනේ , ඔන්න මගේ විසි වෙනි උපසිරැසිය. කියපු විදියටම Species චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරන් ආවා. මාස එකහමාරක් වගේ කාලයක් ඇතුලත චිත්‍රපට විස්සක් දෙන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටුයි. බයිස්කෝප් වෙබ් අඩවියේ නැතුව තිබ්බ ඒත් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රිය චිත්‍රපට එකතුවක් මගේ උපසිරසි නිර්මාණ විදි…

ආයුබෝවන් යාලුවනේ , ඔන්න මගේ විසි වෙනි උපසිරැසිය. කියපු විදියටම Species චිත්‍රපට මාලාවේ තුන්වන කොටස අරන් ආවා. මාස එකහමාරක් වගේ කාලයක් ඇතුලත චිත්‍රපට විස්සක් දෙන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටුයි. බයිස්කෝප් වෙබ් අඩවියේ නැතුව තිබ්බ ඒත් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රිය චිත්‍රපට එකතුවක් මගේ උපසිරසි නිර්මාණ විදියට වෙබ් අඩවියට එකතුකරන්න පුළුවන් වෙච්ච එක ගැන ඊට වඩා සතුටුයි. ඒවගේම ස්තුති කරන්න ඕන සයිට් එකේ ඇඩ්මින් සහෝදරයන්ට . මොකද මම වෙලාවකට එයාලට වදයක් වෙනවද මන්ද උපසිරැසිය පලවෙන්න පරක්කු වෙනකොට email දාලා.
කතාව මේකයි . දෙවෙනි කොටස අවසන් වෙන්නේ “ඉව්” ගිලන් රථයේ අරගෙන යන තැනින් නේ. ඔයාල දකින්න ඇති එයා ගැබ් අරගෙන , ඒවගේම පැට්‍රික් ගේ එක පිරිමි ළමයෙක් බේරිලා ඉන්නවා . ඉතින් මේ මේ චිත්‍රපටිය පටන් ගන්නේ එතනින්. ගිලන්රථය මගදී පැහැර ගන්නවා කෙනෙක් , වයිරස් ගැන උගන්වන මහාචාර්ය කෙනෙක් . එයා “ඉව් ” ගේ දරුවා හදා ගන්නවා . එයාට ඕන ඇයි කියල හොයන්න පිටසක්වල ජීවින් මිනිසුන්ට කියල මේ සත්ව වර්ගය නිර්මාණය කලේ කියල. ඒ දරුවා “සාරා” . මේ අතරේ අර පැට්‍රික් ගේ පිරිමි දරුවා පැනල යනවා. කාලයත් එක්ක එයා අතින් බිහිවෙන්නේ දෙමුහුන් දරුවන් . ඔයාල දන්නවා ඒ දරුවන්ගේ අම්මා මිනිස් , පැට්‍රික් උනත් මිනිස් උනාට පිටසක්වල ජාන අසාදනය උන කෙනෙක් කියල (දෙවෙනි කොටසේ මේක තියෙන්නේ ). ඉතින් මේ දෙමුහුන් කණ්ඩායමට අපේ ලෝකේ තියන විෂබීජ ඔරොත්තු දෙන්නේ නැ. එයාලට ඕන එකට විසදුම. මේ අතරේ සාරා එයාගේ අනිත් අය වගේ නෙවි , එච්චර දරුණු නැ . ඒ වගේම ලෙඩ වලටත් ඔරොත්තු දෙනවා . තමන් හදා ගන්න තාත්තා එක්ක සාමයෙන් ඉන්නවා . මේක දැනගන්න දෙමුහුන් අය එනවා සාරා ගේ ජාන වලින් ලෙඩ සනීප කර ගන්න. එයාලට විරුද්දව සාරා සහ මිනිස්සු එකතුවෙලා කරන සටන තමා මේකේ කතාව . මේ චිත්‍රපටියත් Sci-fi ගණයට අයිති උනත් මට කියන්න පුළුවන් Horror, Thriller කැමති අයත් අනිවාර්යයෙන් කැමතියි කියල.
මම ඊළඟට දෙන්න හිතන් ඉන්නේ මේ චිත්‍රපට මාලාවේම හතරවන කොටස . ඉතින් එකෙන් හමුවෙමු . සුපුරුදු විදියට කියන්න තියෙන්නේ මම මේ කරන වැඩේ ගැන ඔයාලා හිතන දේ කියන්න අමතක කරන්න එපා.
මේකේ තියන ඇතැම් රූපරාමු හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.
මම යනවා . ඊළඟ එක අරන් ඉක්මනට එන්න බලන්නම්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,427 downloadsDownload Species.III_.2004.Baiscopelk.com_.rar63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
27 comments
අසංක ප්‍රදීප් රණතුංග
nilantha
http://www.btorrents.us/torrent/1663702/Species.III.2004.72… menna link ekak meka lesi
dasun
mokakda ban meke lesi boru noda idapan
lahiru
සබ් එකට බොහොම ස්තූතියි බ්‍රෝ..
DCD Weerawardhana
Thanks Bro... :-)
ප්‍රබුද්ධ කේසර විතානගේ
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ! දිගටම sub දෙමු!! :) :)
kavinda
සබ් එකට බොහොම ස්තූතියි
nilantha
thanks
Tharaka
උපසිරැසියට බොහෝම ස්තුතියි!!!!!!!!!!!!!!!!!!!!!
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ Species 4 න් හමු වෙමු
#ජය වේවාashan lankanath
thanks
kalpa
niyamai machan
thiwanka
Thanks
Haritha Dayanga
collection එකම දෙනවාද
එලනෙ
ජයෙන් ජය!!Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.Asitha
ela thanks
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sameera
onna mamath gatta
Thisara Neo
උපසිරැසියට තුති අසංක සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
maikee
Thankyou
Eranda Malith 2.0
Sub ekata thanks
sandharu
Thanks broo elaa
IsuruF
Thnkz bro
Dewadithya
Thanks for Sub!
Supun M. Hettigoda
ස්තුතියි... ජය...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Species III (2004) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
1.3GB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
6d46dc172cd0658dbe8851a58411d3edb91e0501
2.14GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
0fc6cdafa7a75c860eb59d3d2a504c34b1340073