Watch Trailer

The Conjuring 2 (2016) with Sinhala Subtitles | සෙවනැල්ල අතරින් යලිත් දඩයමක! [සිංහල උපසිරසි සමඟ]

මම දීප්ත තුෂාර. මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන් තරම් ඉක්මණට (දවස් දෙකකදි වගේ) මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කලේ මටත් කටක් ඇරල හොරර් කියල කියන්න පුළුවන් චිත්‍රපට පෙලක එක් චිත්‍රපටයකට හෝ උපසිරැසි ගන්වන්න තිබූ ඉලවත් ආශාව නිසා. ඇත…

The Conjuring 2 (2016)

මම දීප්ත තුෂාර. මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන් තරම් ඉක්මණට (දවස් දෙකකදි වගේ) මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කලේ මටත් කටක් ඇරල හොරර් කියල කියන්න පුළුවන් චිත්‍රපට පෙලක එක් චිත්‍රපටයකට හෝ උපසිරැසි ගන්වන්න තිබූ ඉලවත් ආශාව නිසා. ඇත්තටම මම මේක කරන්න නොඉවසිල්ලෙන් හිටියෙ. මට ලොකු කැපකිරීමක් කරන්න උණා මේක උපසිරැසි ගන්වන්න තීරණය කරද්දි. හුග කාලෙකින් උපසිරැසි නිර්මාණයකට යොමු නොවුන නිසා මගේ හැකියාව සහ දැනුම ටිකක් මොට වෙලා ගිහින්. ඒ බව තේරේවි චිත්‍රපටය නරඹද්දි. ඒ පිලිබදව මම ඔබලාගෙන් සමාව ඉල්ලනවා. ගොඩක් යෙදුම් පවා මට දෙතුන් සැරයක් නෙවේ පස් හය වතාවක් වෙනස් කරලයි අවසන් නිමැවුමට දායක කරගන්න හැකිවුණේ. ගොඩක් යෙදුම් නොගැලපෙන හා අර්ථරහිතයි කියා හිතුන නිසා ටිකක් අපිට ගැලපෙන විදිහට වෙනස් කලා. නමුත් මම කියන්න ඕන අර්ථ හානි වීම අවම කරගන්න මම පුළුවන් තරම් උත්සාහ කලා. මට චිත්‍රපයටත් බොහෝ සැරයක් බලන්න උණා මොකද සමහර යෙදුම් උචිතෝන්නතිය පරිදි වෙනස් කරන්න. නමුත් අන්තිමේදි මම  9 වන සංස්කරණයේදි ගොඩක් අනවශ්‍ය යෙදුම් අයින් කරල සරල යෙදුම් යොදාගත්තේ ගොඩක් අයට වචනවල අර්ථය නිවැරදිව වටහා ගන්න උදව්වක් විදිහට. ඒක එක් එක් පුද්ගලයා කුමනාකාරයෙන් බාරගනිවීද කියල මම දන්නෙ නෑ. නමුත් අන්තිමට මට කියන්න තියෙන්නේ මම හැකි උපරිමෙන් උපසිරැසිය නිර්මාණය කලා කියන එකයි.

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ජේම්ස් වන් ගේ අධ්‍යකෂණයෙන් නිර්මාණය වී 2016 ජූනි 7 වෙනි දින  චීනයේදීත් 10 වන දින එක්සත් ජනපදයේදීත් ප්‍රථමවරට තිරගතවුණු මෙම චිත්‍රපටය The Conjuring චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටයයි. මිලියන 152කට ආසන්න බොක්ස් ඔෆිස් වාර්තාවක් තබන්නට සමත්වූ මෙම චිත්‍රපටයේ සුපුරුදු ලෙසම වොරන් යුවලගේ චරිත නිරූපණය කරන්නේ පැට්‍රික් විල්සන් (එඩ්වඩ්) සහ  වේරා ෆාර්මිගා (ලොරේන්) යන නළු නිලි දෙපලයි.

මේ චිත්‍රපටිය ගැන කියනවං ඇත්තටම ත්‍රාසජනක චිත්‍රපට නරඹන අයට නං මේක බලන තුරු ඉවසිල්ලක් නැති වේවි. පලමු කථාවට තරමක් වෙනස් ලෙසයි මේ කථාව නිර්මාණය වී තිබෙන්නෙ. නමුත් ත්‍රාසජනක බවින් නම් අඩුවක් නැහැ. කථාව ඇරඹෙන්නේ වොරන් යුවල ඇම්ටිවිල් හී මිනීමැරුම් පරීක්ෂණයක නිරත වෙමින් සිටින රූප රාමු පෙලකින්. මේකෙදි ලොරේන් තම සිරුරින් නික්මිලා තමා මේ  වැඩේ කරන්නේ. ඇය මෙතනදි ගොඩක් දේ වලට මුහුණ දෙනවා. ඒවගේම එයා කෙනෙක්ගෙ මරණය පිලබදව යම් පෙර නිමිත්තක් දකිනවා. මේ අතරෙදියි එන්ගලන්තයෙන් වාර්තා වෙන්නෙ ඇම්ටිවිල් සිදුවීමට සමාන සිදුවීමක්. නමුත් එය ආරම්භක අවධියේ තිබුණ නිසා ජීවිත හානියක් වෙලා තිබුනේ නැහැ. එන්ගලන්තයේ එන්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ 11 හැවැරිදි ජැනට් හඩ්සන් තමා අමනුෂ්‍ය බලවේගයට ගොදුරු වෙලා හිටියේ. පියගෙන් වෙන්ව ජීවත් වන පවුලක බාල ගැහැණු දරුවා තමා ඇය. මුලින් ගොඩක් කරදර තිබුණෙ නැතත් එන්න එන්නම කරදර වැඩිවෙන්න පටන් ගන්නවා. ජැනට්ගෙන් අසාමාන්‍ය චර්‍යා රටා පෙන්නුම් කරනවා. මේ අවස්ථාවෙයි වොරන් යුවල මොවුන් වෙත එන්නේ. ජැනට් මේ වන විටත් මානසිකව ඇද වැටිල. ඇත්තටම ඇයට යමෙක් ආවේශ වෙලාවත්ද? නමුත් ආවේශ වූ කෙනෙක්ට තිබිය හැක්කේ එක රැවක් පමණයි. නමුත් රූප කිහිපයක්? මේ ඉන්නෙ යක්ෂයෙක් නෙවේද?. පල්ලියේ සොයුරියක් ලෙසට ඇදගෙන සිටින ඇතැම් විට දෘෂ්‍යමාන වන භයානක රූ ධාරියා කාන්තාවක්ද? පිරිමියෙක්ද?. ඒවගේම මේ නිවසේ හොල්මන් කරන මහල්ලා කවුද? ඔහුට මේ පවුල හා ඇති හතුරුකම මොකද්ද?

මේ සියල්ලටම පිළිතුරුයි, කථාවේ රසයට බාධා වෙතැයි කියා සැගවූ බොහෝ  රසවත් සිදුවීමුයි හරිහැටි දැනගන්න අපිත් එක්ක එකතුවෙලා මේ චිත්‍රපටිය අනිවාර්‍යෙයන් නරඹන්න.

තවත් නිර්මාණයක් රැගෙන එනතුරු ඔබ සැමට ජයවේවා!!!

The Conjuring 2 (2016) on IMDb

 

 

 

The.Conjuring.2.2016.720p.BluRay

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම බ්ලුරේ පිටපත් සඳහා වලංගු වේ.

62,974 downloadsDownload The-Conjuring-2-2016-BR.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

62,974 downloadsDownload Subtitles49 KB

150 comments

  1. lahiru

    ෆට්ට මචෝ.. thankx..

    1. lahiru

      4BD072EC7681A72674221E926F504C1F969ADFD9

    2. nilantha

      bluray eka apuwahama gannawa .sub ekata thanks

    3. Witharanage Suranjith

      සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
      මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/the-conjuring-2-201…

      [ Direct සහ Torent Download Link ]
      හැමෝටම සුබ දවසක්!

    4. anju

      copy ne bn.

    5. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

    6. sasmitha

      Lahiru me link ekata sub eka supports a

    7. Thinura

      Camera copyda bn ?

    8. nirosh

      Thanks Broooooo

  2. Dhanusha Jayasooriya

    meke download link eka nane mcnn

  3. Sajith Anthony

    එනකල් බලන් හිටපු ෆිල්ම් එකක්,
    බොහෝම ස්තුතියි උපසිරැසියට සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  4. Imesh Kumara

    සිංහල උපසිරැසියට ස්තූතී සහෝ..
    ගොඩක් දවසක් බලන් හිටපු ෆිල්ම් එකක්..
    ජය වේවා! එල ආ......

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  6. චාමිකර

    බොහොම ස්තූතියි! ජය වේවා! විභාගයටත් හොඳින් මහන්සි වෙන්න. :)

  7. roshan

    tanxxxxxxxxxxxxxxxxx bro

  8. Madhushanka

    Wow... superb.. meka denakan maga bakan hitiye... thankoooo

    1. Selitha

      meke original copyak nadda machanla

  9. රයන් ද සිල්වා

    සබ් එකට තුති බ්‍රෝ #ජය වේවා

  10. asanka

    me cpoya hodada?

  11. Udara Damith B\K

    බොහෝම ස්තුතියි උපසිරැසියට

  12. Sadun

    දීප්ත තුෂාර ...HD Copy එනකම් sub දාන්න එපා මේවා Quality මදි නේද

  13. Prasad

    Hoda copy natuwa sub denna apa.dan data chqges wadi hoda copy akak awama witarak sub denna

  14. ashan lankanath

    thanks

  15. P.K

    Thank you for the sub...All the best for your exam...:-)

  16. ප්‍රණීත් චින්තක

    මම නම් හොල්මන් කතා බලන්නේම නැති එකෙක්.
    ඒ වුනත් මේ කතාවත් ඇතුලුව කතා කිහිපයක් තෝරගෙනයි තියෙන්නේ බලන්න කියලාම.
    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
    කට්ට කාලා හරි කමක් නෑ පාඩම් කරලා උසස්පෙල ගොඩ දාගනිං.
    ඊට පස්සේ එන නිවාඩුවට බැරියෑ හොඳ හොඳ සබ් ටිකක් කරන්න.
    නිවාඩුවට හෝ ගාලා සබ් ඕනේ එහෙනං.

    ආයු -බෝ -වේවා !!!

  17. හසිත්

    ස්තුති සබට සහෝ.....
    උසස් පෙලට සුබ පැතුම්...
    ෴෴

  18. ප්‍රබුද්ධ කේසර විතානගේ

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි තුෂාර සහෝදරයා. දිගටම sub දෙමු! ජයවේවා! :) :) :) (Y)

  19. M A Y S Perera

    mage jeewithe muna gahichchi watinama pudhgalayek thama uba. sub ekata tanq machan. Good luck for the A/L Exam.

  20. Tharaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි!!!!!!!!!!!!!!!!!!!!!

  21. Tharaka

    උසස් පෙල හොඳින්ම පාස් වෙන්න ඔයාට මගෙනුත් සුබ පැතුම්! ජයවේවා මචෝ!
    බුදු සරණයි.. !

  22. indika

    බොහොම ස්තූතියි!

  23. සුරේෂ් ජයතිලක

    හම්මේා බයෙත් බෑ

  24. Wayantha Sandaruwan

    එලම කිරි, සුපිරි වැඩක් සහෝ,
    ගොඩක් ස්තූතියි sub එකට,
    ජය වේවා..

  25. Crazy H

    එනකල් බලන් හිටපු ෆිල්ම් එකක්... බොහෝම බොහෝම ස්තුතියි.. එත් තම තියෙන්නේ කැ මර කෝපියක්

  26. Sanjaya

    Thanks Saho....

  27. Jack

    නියමයි මචෝ..
    හොද කොපියක් ආව ගමන්ම අප්ඩේට් එකක් දෙමු.
    ස්තුතියි...

  28. Lee

    download කරන්නේකොහොමද ෆිල්ම් එක ලින්ක් එක නෑ කලින් තිබ්බා දැන් පෙන්නන්නේ නෑ

  29. Yashmika Saubhagya

    ලිස්ට් එකේ උඩින්ම තියෙන්නෙ මේක මචං.
    ඉන්දියාවෙ මිනිහෙකුත් මැරු‍ණා කියනවානේ මේක බලලා.
    බ්ලූ-රේ එකක් එනකල් ඉන්න වෙනවා කෝමත්.
    සබට තැන්කූ...

  30. danuka

    මචන් උබලා සෙට් එක පට්ට සේවයක් කරනවා අවුරුදු ගානක ඉදන්. අපි පට්ට විදියට මෙ site එකට ගරු කරනවා. ඉස්සර හොද කොපියක් ඇවිත් කියලා දැනගන්නේ උබලගෙන්. ඒත් බන් ලගදි ඉදන් මිනිස්සුන්ට හොද දේ දෙනවට වඩා තරගෙට දෙයක් කරන්න හදනවා වගේ තේරෙනවා. මේ ලගදි ඉදන් ගොඩක් ඒවගේ webrip, hdrip, camrip හරි වලට තමයි උබලා sub දැම්මේ. කිසිම දෙකට හදිස්සි ගන්නෙපා බන්, අපිත් උබලව විශ්වාස කරලා කොපියේ හරි වැරදි බලන්නැතුව බානව. sample එකවත් බාන්නේ නෑ, මොකද ඒ විශ්වාසේ නිස. මොනවා උනත් sub එකට thanks බන්. හොදට A/L කරපන් :) මම කියපු දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න, තරගෙට දෙයක් කරනවට වඩා පරක්කු වෙලා හරි හොද දේ කරන එක තමයි වටින්නේ. ජය!

    1. mithun

      ඔබෙ කියමන අගෙ කරනව බ්‍රො . True

    2. දීප්ත තුෂාර

      ඇත්තටම දැන් උපසිරැසි ගැන්වීම තරගකාරී වෙලා කියන එන අර්ථ සත්‍යයක් danuka සහෝ. එක අතකට ඔයාගේ මතය හරි. ඒත් කැමරා කොපි වලට සබ් දෙනවා කියන එකෙන් හෝ අඩු කොලිටි කොපි වලට සබ් දෙනවා කියන එකෙන් ඒකම අදහස් කරන්නේ නෑ. (මම නං මේක කරල ඉක්මණට ඉවර කලේ එක්සෑම් එකට සුපිරියට රෙඩි වෙන්න ඕන නිසා) මොකද පස්සෙ එන හොද කොපි වලදි අපි මේ සබ් ෆයිල් එක ඉතා හොද චිත්‍රපටියක් උණත් නැතත් සබ් එක අප්ඩේට් කරනවා ඒ කොපියට ගැලපෙන්න. අනික කෙනෙක් සබ් කරන්න බාර ගත්තාම ඉක්මණට ඒක ආපහු කරල යවන්න ඕන. නැත්තං ඒක වෙන කෙනෙක්ට බාර දෙනවා. අපි මහන්සියෙන් හිමීට කලොත් ඒක වෙන කෙනෙක්ට දුන්නම අපි කරල තියන ප්‍රමාණයත් එක්ක අපිට ලොකු අසාධාරණයක් වෙනවා. එතකොට උපසිරැසි ගැන්වීම පවා එපා වෙනවා (අත්දැකීම් මුලාශ්‍රයෙන්). එතනදී පුළුවන් තරම් ඉක්මණින් උපසිරැසිය යවන එක තමා සුදුසුම. අර්ථ සත්‍යයක් කීවේ ඒකටයි. බයිස්කෝප් ටීම් එක මේකෙදි ලොකු සේවයක් කරනවා. ගුණාත්මක බවින් වැඩි ඔරිජිනල් සබක් රිලීස් වෙච්ච ගමන් එයාල අපිට දැනුම් දෙනවා මොන කොපියකට අදාලව ඒ සබ ආවත්. විශේෂයෙන්ම වැඩිපුර අන්තර්ජාලයේ සැරි නොසරන මම වගේ අයට එයාලගෙ දැනුවත් කිරීම ප්‍රයෝජනවත්. ඒකට ඔවුනට ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා අපි ඉක්මණටම සබ සිංහලයට හරවලා යවල අපේ යුතුකම ඉටු කරනවා. කලින්ට වඩා දැන් උපසරැසිකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවේගෙන එන්නේ. ඇත්තටම අපේ බයිස්කෝප් එකට ලොකු ආඩම්බරයක්. ගොඩක් දක්ෂ සහෝලා සහේලිලා එකතුවෙලා ඉන්නවා. ඒ නිසාම උපසිරැසිකරැවන්ට අදාල නීති පද්ධතියකුත් ක්‍රියාත්මක වෙනවා (මෑතකදි සිට). මේක උපසිරැසිකරවන් නම් දන්නවා ඇති. එතනදිත් ඇත්තටම තරගකාරිත්වයක් තියෙනවා. ඔයා කියපු තරගකාරිත්වය එතනට තමා වැඩියෙන්ම බලපාන්නේ. තරගකාරිත්වය නැත්තං එතනින් අපට අපි කැමති චිත්‍රපටිය තෝරගන්න ලැබෙන්නෙ නෑ. අපි ඒවටත් ගරු කරලා පුළුවන් උපරිම මහන්සියෙන් හොදම දේ දෙන්න ඕන. මමත් මේ සබ දැම්මට මෙච්චර ඉක්මණින් පල වෙයි කියල හිතුවෙ නෑ. අය්යෝ සල්ලි. නමුත් ඔබේ අදහස් දැක්වීම් ගැන ඇත්තටම අගය කරනවා සහෝ. ඒක ඔයාගේ අයිතියක්. ස්තූතියි!. ඉදිරියටත් ඔබේ අදහස් අපේක්ෂා කරනවා. ජයවේවා! :)

    3. Lakshan Thennakoon

      Sirawatama ban math beluwe ne film 3k demma mekath ekka bala iawara unamai danne cam copyk kiyala

    4. Lakshan Thennakoon

      eka eththa ban, math bewa thibba hadissiyata, passei dekke copyak kiyala

    5. Sherwyn Sankalpa

      Aththa kathawa sahodaraya

  31. මිතුරා

    elz

  32. Kulanjana Maduranga

    niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Good luck...

  33. mithun

    ඔන්න සහො මෙක ඔය ලබා දුන්න දාම comment කරන්න උන්නෙ මම. කට ඇරල බය නැතුව කියනව ඔබ මෙ අවුරුද්දේ වැඩ අල්ලපු මුවී එක නම් විශිෂ්ට ගනෙයෙ උපසිරැසි ගැන්විමක්.
    ලස්සනටම තිබුන. එකට ස්තුතියි කරනව එකටම. මෙ චිත්‍රපට සැහෙන කලෙක ඉදන් මමත් බලන් උන්නු චිත්‍රපටක් . බොහොම සතුටුයි ඔබගෙ උපසිරැසි ගැන්විමක් නිස. Blurry එනකම් අතවත් තියන් නෑ කොහොමවත් . අපු ගමන් අප්ලොඩ් දෙන්න. එක තම අපිට සෑහෙන වටින්නෙ. උපසිරැසි ගැන්නුවට තුති ඔබට. අයෙමත් එමු හොදම එකකින්..

  34. chandana

    download karanne kohomada....bene...

  35. chandana

    download karanna bene....samahara ewage link eka penwanne nene.udaw karanna danna kenek.

  36. laksiri chaminda

    මගේ ඉල්ලිමක් තියනව. ෆිල්ම් එක කොච්චර පට්ට උනත් කෑමරා කොපි දාන්න එපා. ඩේටා වගෙම කාලයත් අපරාදෙ.මට මේක තුන හතර පාරක්ම උනා. මෙහෙම හියොත් කට්ටිය විකල්ප මාර්ග සොයන්න ගනි. අපි මේ සඉට් එකට ආදරෙ නිසයි කිව්වෙ.

  37. Thisara Neo

    උපසිරැසියට තුති දීප්ත සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  38. Fawaz

    xmen apocalypse sub ekath dhenna

  39. oshan

    Oyata godak loku udawwak karanne link dala apita saho. Torrent link eka wenama denna. Plz

  40. oshan

    Suppa thanx bro

  41. Denuthu Kawinda

    Thanks bro..........

  42. indika

    කැමරා කොපි දාන්න එපා මචෝ... හොද කොපියක් එනකන්ම ඉදලා දාන්න,,, අපරාදේ අගයක් නැතුව යනවා... උබල කරන සේවාවට ආචාර කරනවා සහෝ!!

  43. kumara

    Thanks Bro !!!

  44. HCD da king

    Meka original copy baganna thiyanwada bn

  45. thilina

    Blurry enakam innawa. please! BR awahama update daanna.

  46. Gayan Priyadarshana

    ෆට්ටයි සහො....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.