Watch Trailer

Speed (1994) | තවත් ඇදහිය නොහැකි වීර ක්‍රියාවක්. [සිංහල උපසිරසි සමඟ]

වීර ක්‍රියා ත්‍රාසජනක ගණයට අයත් වන මෙම සිනමා පටය 1994 දී අති සාර්ථකව ප්‍රදර්ශනය වූවක්. බොහොම දෙනෙක් මෙම සිනමා පටය ගැන අසා ඇතිවා මෙන්ම නරඹාද ඇති. දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝගේ කමෙන්ට් එකකදී මෙයට උපසිරැසි ලබා දෙන්නයි ඉල්ලීමකුත් තිබුණා. පොඩි විවේකයක් ලැබුණු නිසා ඒකට අවස්ථාවක් ලැබුණා. මෙයට ලැබී ඇති IMDB…

SPEED Picture

වීර ක්‍රියා ත්‍රාසජනක ගණයට අයත් වන මෙම සිනමා පටය 1994 දී අති සාර්ථකව ප්‍රදර්ශනය වූවක්. බොහොම දෙනෙක් මෙම සිනමා පටය ගැන අසා ඇතිවා මෙන්ම නරඹාද ඇති. දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝගේ කමෙන්ට් එකකදී මෙයට උපසිරැසි ලබා දෙන්නයි ඉල්ලීමකුත් තිබුණා. පොඩි විවේකයක් ලැබුණු නිසා ඒකට අවස්ථාවක් ලැබුණා.

මෙයට ලැබී ඇති IMDB රේටින් එක 7.2 ක අගයක්. මෙම සිනමා පටය අති සාර්ථකත්වයට පත් වූ නිසා “SPEED 2” පසු කලක නිපදවූවා. ඉක්මනින් එයටද උපසිරැසි ලබා දෙන්නම්. මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ MATRIX, THE DAY THE EARTH STOOD STILL, 47 RONIN, වැනි සිනමා පට වල රග පෑ සුප්‍රකට නළු KEANU REEVES’ ය.

දැන් අපි මේ සිනමා පටයේ කතාව ගැන ටිකක් බලමු. ලොස් ඇන්ජලීස් නගර මධ්‍යයේ ඉතා උස් ගොඩනැගිල්ලක ඇති සීඝ්‍රගාමී මගී ඔසවනයක සිටින මගීන් 13 දෙනෙකු ප්‍රාණ ඇපයට ගන්නා බෝම්බ කරුවකු, ඩොලර් 3.7 ක කප්පමක් ඉල්ලා සිටී. එය නොලැබුණහොත් ඔසවනයේ කේබල් පුපුරුවා හැර, එය මගීන් සමග කඩා වැටීමට සලස්වන බවට තර්ජනය කරයි.

පොලිස් නිලධාරීන් වූ, ජැක් ට්‍රවාන් හා ඔහුගේ සගයා, හැරී ටෙම්පල් ඇතුළු කණ්ඩායම එම උත්සහය ව්‍යවර්ථ කර මගීන්බේරා ගනී. මින් කුපිත වන බෝම්බ කරු, එයට ප්‍රතිචාර දක්වන්නේ බසයක් පුපුරුවා හරිමිනි. ඒ සමගම දුරකථනයෙන් ජැක් හා සම්බන්ධ වන බෝම්බ කරු, තවත් බසයක බෝම්බයක් අටවා ඇති බවත්, හැකිනම් එම බෝම්බයෙන් මගීන් බේරා ගන්නා ලෙසත් අභියෝග කරයි. බස් රථයේ වේගය පැයට සැතපුම් 50 ඉක්මවු විට එම බෝම්බයේ ක්‍රියාකාරිත්වය ආරම්භ වන බවත්, ඉන්පසු කුමන මොහොතකදී හෝ එම වේගය පැ. සැ. 50 ට වඩා අඩුවූ විට එය පුපුරා යන බවත් බෝම්බකරු ජැක්ට පවසා සිටී. ඔහු තව දුරටත් අනතුරු හගවමින්, මගීන් කිසිවෙකු හෝ බසයෙන් ඉවත් කිරීමට කටයුතු කල හොත් තමා විසින්ම එය පුපුරුවා හරින බවද ප්‍රකාශ කරයි. මෙම තත්වය වළක්වා ගැනීමට නම් තමාට මුලින් ඉල්ලා සිටි ඩොලර් මිලියන 3.7 මුදල දෙන ලෙස ඉල්ලා සිටී.

මේ අවස්ථාවේදී ජැක් බසය පසුපස හඹා ගොස් එහි වේගය පැ.සැ.50 ට වඩා වැඩි වීම වළක්වා ගැනීමට උත්සහ කළත් එය අසාර්ථක වේ. මේ අතරතුර නියමිත වේගයට බසය ලගා වීම නිසා බෝම්බය ක්‍රියා කිරීම ආරම්භ වේ. වේගයෙන් ධාවනය වන බස් රථය තුළට ඇතුළු වීමට ජැක්ට හැකියාව ලැබේ. මෙහිදී සිදුවන යම් සිදුවීමකදී බසයේ රියැදුරා තුවාල ලබයි. එම අවස්ථාවේ ඇනී නම් තරුණියට බසයේ පාලනය භාර ගැනීමට සිදුවේ. බසය පෑ. සැ. 50 ට වඩා වේගයකින් වාහන තදබදය මැද ධාවනය කිරීමේ වගකීම ඇයට පැවරේ. අනිවාර්යෙන් පසුකර යා යුතුව ඇති, ඉදිරියේ ඇති ඉදි කිරීම් ආරම්භ කර නැති, පාලමක් සදහා වෙන් වූ අඩි 50ක් පමණ පුළුල් කපොල්ල ගමන අවසන් කරාවිද? ඉන්ධන අවසන් වී ගෙන යන බැවින් බසය නියමිත වේගයෙන් තවදුරටත් ධාවනය කල හැකි වේද? ජැක්ට බෝම්බය නිෂ්ක්‍රිය කරන්නට හැකි වේද? බෝම්බකරු කොටු කර ගැනීමට ජැක්ගේ සගයන්ට හැකි වේද?

සිනමා පටය නරඹලා, උපසිරැසි වල ගුණ දොස් කියලා පොඩි කමෙන්ට් එකකුත් දෙන්න පුළුවන්නම් හොදයි නේද?

Speed (1994) on IMDb

 

 

751 MB කොපිය මෙතනින් බාගන්න

93e9994860cd442b0bc3048ca58a857ed44f45da

1.6 GB කොපිය මෙතනින් බාගන්න

3b7486c8de31e790f9899da04437a55826d33d68 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,580 downloadsDownload Speed.1994.baiscopelk.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SIRIJAYA

Subtitles

1,580 downloadsDownload Subtitles81 KB

40 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    KEANU REEVES මගේ ප්‍රියතම රංගන ශිල්පියෙක්..
    මිනිහ ඉන්න ඕනිම ෆිල්ම් එකක් බලන්න ආසයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. හර්ෂ ලහිරු

    මේකනම් ඒකාලේ බලපු සුපිරිම පාරක් :P
    මේකේ දෙකත් දෙමු නේ :D
    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  3. chanaka

    Thanks Bro

  4. Chaminda Lakruwan

    ස්තුති මචෝ උපසිරැසියට මේ ෆිල්ම් එක බලලා තියෙනවා පට්ට ෆිල්ම් එකක් මේකේ දෙවෙනි එකත් ඉක්මනට සබ් එක දාන්න්..

  5. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  6. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    නියමයි...
    මමත් බැලුවා ඇයි කව්රුවත් මේ ෆිල්ම් සෙට් එකට සබ් දෙන්නේ නැත්තේ කියල.
    සෑහෙන්න වටිනවා වැඩේ.
    මල් 7 යි.

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මගේ ඉල්ලීමට ඔයා මේකට සබ් දෙන්න තීරණය කලාට, ඇත්තටම මේ කලෙක්සන් එක නැති එක ලොකු අඩුවක්, දැන් ඔයාට පින් සිද්ද වෙන්න ඒකත් හරියයි, මේකේ දෙවැනි එකත් අපිට සිංහල එක්කම බලන්න ලැබෙයි කියල හිතනවා, නැවතත් බොහොම ස්තුතියි,ජයවේවා.

  8. අයේෂ්

    Thank You..

  9. වරුණ රංගජිත් (වරූ)

    ඔයාට ගොඩක්ම ස්තූතියිසබ් එකට
    ඒ කාලේ මේක බලලා තියනවා
    දැන් ආයිත් බලන්න පුළුවන් සබ් එක්කම
    කව්ද අර උඩ කමෙන්ට් කරලා බැනලා තියෙන්නේ මොකක්ද ඒ කතාව ?

  10. රොෂීන් චාරුත

    patta thq

  11. නලින්

    ස්තුතියි සිරිජය සහෝ!

    ජය වේවා!

  12. Saketha Pulasthi

    අපිට o/l වලට විද්‍යාව උගන්වපු සර් ප්‍රවේගය කියාදෙන කොට බලන්න වටින ෆිල්ම් එකක් කියලා මේක ගැන කිව්වා. පින්තූරේ දැකල තමා ඒක මතක් වුනේ. අනිවා බානවා. උපසිරසියට බොහොම ස්තූතියි. :)

  13. Kulanjana Maduranga

    meka nm patta film 1k.suba dunna 1ta thanks SIRIJAYA saho.keep it up.jaya wewa.........

  14. Thisal

    meka nam maxa machan dn masa 6kt kalin wage baluwa suffa kenma dn sub ekmma balanwa thkzzzz

  15. Tharindu Perera

    elazz machann..
    meak ayeth balanavaa ube sub eka ekkamaa..
    thanks machan sub ekatahh....

  16. “චූටී මල්ලි”

    එල
    කලින් බලලා තියෙ
    සබට තුති
    ඔබට ජය.........

  17. Givantha Arshakularathne

    Super . Thank you.

  18. කැලුම් ගුණසේකර

    සුපිරි ෆිල්ම් එකක් නේ දීලා තියෙන්නේ. 2 කොටස මෙච්චර සාර්ථක වුනේ නැහැ මං හිතන්නේ. ස්තුතියි සහෝ උපසිරැසියට.

  19. Hiranhiru

    Thanks saho..

  20. lahiru dilshan

    Thanks Bro...!!1

  21. Kosala Deshan

    tnx.....

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිරිජය සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකත් ගේමු ඉක්මනට එහෙනම්. ජය෴෴ :P :P

  23. Amal

    1 of the greatest movie.thanx for the sub.keep it up

  24. Ashain

    meka patta.......

  25. Menu

    Thank you :)

  26. Sohan jayasooriya

    Supiri film ekak saho..ela..thanx sub ekata

  27. sahan

    filme download karanna be

  28. Ravin

    Thanks for the sub

  29. MEELAN

    Thanks for the sub

  30. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  31. AmiLa

    එලම.....සහෝ

  32. kolitha dias

    Thanxx

  33. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  35. PahasaraDv

    Thankz for sub...

  36. EM Nishshanka

    Thanks

  37. හසිත

    උපසිරස වෙනුවෙන් ස්තුතියි.

  38. ආදිත්‍ය

    ස්තුතියි උපසිරැසියට
    ජයෙන් ජය බයිස්කෝප් වෙබ් අඩවියට

  39. Anonymous

    Thanks for the subtitles

  40. Chaminda Lakruwan

    ස්තූතී සබ් එකට ආයෙත් බලන්න හිතුන නිසා සබ් එක ගන්නේ