Watch Trailer

Spirited Away (2001) Sinhala Subtitles | අමනුෂ්‍යයෝ ගොඩයි, මං විතරයි !!! [සිංහල උපසිරැසි]

IMDb දර්ශකය අනුව ලොව විශිෂ්ටතම චිත්‍රපට 250 අතුරින් 41වෙනි ස්ථානයේ වැජඹෙන අරුමැසි මායා යථාර්ථවාදී චිත්‍රපටයක් වන Spirited Away තුළින් යටිපෙළින් කතාබහට ලක් කරලා තියෙන්නේ මනුෂ්‍ය බලපෑම් මත ඇති වී තිබෙන පාරසරික දූෂණයයයි. ජපානය තුළ හා විදේශීය රටවලදීද මෙතෙක් වැඩිම ආදායමක් ලැබූ ජපන් චිත්‍රපටිය වන්නේද මෙය…


IMDb දර්ශකය අනුව ලොව විශිෂ්ටතම චිත්‍රපට 250 අතුරින් 41වෙනි ස්ථානයේ වැජඹෙන අරුමැසි මායා යථාර්ථවාදී චිත්‍රපටයක් වන Spirited Away තුළින් යටිපෙළින් කතාබහට ලක් කරලා තියෙන්නේ මනුෂ්‍ය බලපෑම් මත ඇති වී තිබෙන පාරසරික දූෂණයයයි.

ජපානය තුළ හා විදේශීය රටවලදීද මෙතෙක් වැඩිම ආදායමක් ලැබූ ජපන් චිත්‍රපටිය වන්නේද මෙයයි. Academy Award for Best Animated Feature ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද සිනමාපටය අවුරුදු 14 වන විටදී නරඹා තිබිය යුතු චිත්‍රපට 50 අතරටද ඇතුළත් වෙන අතර ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සජීවීකරන චිත්‍රපටයක් සේ සැලකෙනවා. මේ සිනමා සිත්තම අධ්‍යක්ෂණය කර ඇත්තේ Hayao Miyazaki නම් ජපන් ජාතික කාටුන් ශිල්පියා විසින්.

සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ අමනුෂ්‍ය බලපෑම් නිසා මිනිසුන් ආතුර වෙනවා කියලනේ. ඒත් මේ කතාවේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මිනිස් ක්‍රියාකාරකම් නිසා ආතුර වෙලා තියෙන්නේ ගංගාවට අධිපති දේවතාවා, භූමියට අධිගෘහිත යක්ෂයා වගේ අමනුෂ්‍ය බලවේග. එහි යටි අරුතනම් මිනිසා විසින් පරිසරයට කර ඇති විනාශයයි.

අළුත් නිවසක් බලා යන චිහිරෝ හා ඇයගේ දෙමව්පියන් අතරමගදී හමුවෙන අතහැර දෑමු උද්‍යානයකට යනවා. ඒ යන්නේ හිදී ගිය ගංගාවකින් එතර වෙලා. කාත් කවුරුත් නැති ඒ උද්‍යානයේ රසමසවුළු, ප්‍රනීත ආහාර පිරිලා. චිහිරෝගේ අම්මයි තාත්තයි ඉවක් බවක් නැතිව ඒවා ගිල දමන්නට පටන් ගන්නවා. හැබැයි පුංචි චිහිරෝ නම් එවා කන්නේ නැහැ. කෙමෙන් කෙමෙන් අඳුර වැටෙනවා. හැම තැනින්ම අමනුෂ්‍ය ආත්ම වලින් පිරී යනවා. එතන අමනුෂ්‍ය ආත්ම වලට ස්නාන පහසු කම් සපයන තැනක් ඒ කියන්නෙ Bathhouse එකක්. නොයෙක් ඖෂධීය ස්නාන ලබා ගන්න විවිධ යක්කු, පිසාචයෝ, දේවතාවන් මෙහෙට එනවා. මේක අයිති යුබාබා කියන මන්ත්‍රකාරියටයි. දවල් කාලේ පාර වැරදිලා මෙතනට එන මිනිසුන් එහි තියෙන ප්‍රනීත ආහාර කාලා රෑ වෙනකොට ඌරන් බවට පත් වෙනවා. චිහිරෝගෙ දෙමව්පියන්ට වෙන්නෙත් ඒ දෙයිමයි. දැන් ඔවුන් එගොඩ වෙලා ආපු හිදී ගිය ගඟ වතුරින් පිරිලා නැවත් මිනිස් ලෝකයට කවදාවත් යන්න බැරි වෙනවා.

චිහිරෝ මේ අමුතු ලෝකේ තනි වෙනවා. දහස් ගනන් අමනුෂ්‍යන් වාසය කරන ඒ ලෝකේ ඉන්න එකම මනුෂ්‍ය ජීවියා චිහිරෝ විතරයි. ඉතිං එයාට හිතෙනවා ඇති අමනුෂ්‍යයෝ ගොඩයි, මං විතරයි කියලා. කොහොමෙන් හරි තමන්ගේ දෙමව්පියන්වත් බේරගෙන චිහිරෝ මනුෂ්‍ය ලෝකයට ආපහු එන හැටි තමයි මේ කතාවේ තියෙන්නේ. මේකට චිහිරෝට අත් හයක් තියෙන කමාජි, ලින්, හකූ නම් මකර වේශයෙන් ඉන්න දේව කුමාරයා වගේ කිහිප දෙනෙක්ම චිහිරෝට උදව් කරනවා.

බොහොම ලස්සන චිත්‍රපටයක්. ඒ වගේම ජාත්‍යන්තරව ඇගයීමට ලක් වුන චිත්‍රපටයක්. ඔබටත් නරඹන්නට ආරාධනා කරමින් නවතින්නම්.

Spirited Away (2001) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV සහ DVD පිටපත් සඳහා ලබා දි ඇත.

9,879 downloadsDownload Spirited-Away-2001.zip137 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හිරුෂාන් ෆර්නෑන්ඩු

Subtitles

9,879 downloadsDownload Subtitles137 KB

52 comments

  1. sidath

    patta akakne macho

  2. vee

    maxxa machan

  3. quick

    thanks

  4. Isuru

    bohoma pin imdb hodama akak dunna akata

  5. rusuru | රුසිරු

    බොහොම පින් මචං සුපිරි වැඩක්

  6. tharanga

    නියමයි සහෝ

  7. මිහාන්

    බොහෝම ස්තුතියි සහෝ

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො අපිත් ඉතින් කාටුන් බලන කට්ටියනෙ ජය

  9. jeewantha

    supiri kathwak wage ;)

  10. yasas

    supirma akak ne maru

  11. upali

    ela ela ela

  12. wow

    wow,, maru :)

  13. uda

    Hayao Miyazaki කියන්නේ සුපිරි අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ කලාව ඇනිමේෂන්. ජපානයේ හොදම නිර්මාණශිල්පියෙක් තමා මෙතුමා. නමුත් මේ ඊයේ පෙරෙයිදා දවසක ඔහු සිය නිර්මාණ ජීවිතයට සමුදුන් බවයි හෙළි වුණේ.

    Castle in the Sky (1986)/ Porco Rosso (1992)/ Princess Mononoke (1997)/ Howl's Moving Catle (2004)/ Ponyo (2008) වගේ විශිෂට නිර්මාණ රාශියක් කරපු කෙනෙක්.

    එතුමාගේ අවසන් නිර්මාණය Wind Rises (2013) නමින් මේවෙනකොටත් බටහිර රටවල තිරගත වෙනවාලු. ඉතින් සහෝ හැකිනම් මේ ඔහුගේ අනිකුත් නිර්මාණත් සබ් දෙන්න. බැරිනම් අන්තිම එකවත් දෙන්න බලන්න. මාත් හරිම ආශා කරන සිනමා කලාවක් තමයි ඇනිමේෂන්. ඒකයි මේ ඉල්ලීම කරන්න හිතුවේ...

    ජය!

  14. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  15. නලින්

    ස්තුතියි හිරුෂාන් ස‍හෝ.. මේවගේ දුර්ළභ සලරු අපි වෙත ගෙනඑනවට!

    ජය වේවා!

  16. me

    Thanks

  17. සංජය

    බොහොම ස්තුතියි සහෝ.

  18. jack

    thnx machan

  19. සංජිව

    Thanks saho mamath dl karanna damma..

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේ වගේ වටින සුපිරි කතාවක් අපි වෙනුවෙන් සිංහල උපසිරසි සමඟම ගෙනාවට ඔබට බොහොම ස්තුතියි ,ජයවේවා.

  21. “චූටී මල්ලි”

    වටින එකක් ගෙනාවට තුති
    සබට තුති
    ඔබට ජය...........

  22. buggycart

    uparima macho...... patta

  23. ARA

    top rated...

  24. mudiya / මුදියා

    මෙච්චර ලස්සන, වටින ෆිල්ම් එකක් ගෙනාවට හිරුෂාන්ට පිං.මෙහෙම මේකෙන් දුන්නෙ නැත්තං කවදාවත් මේ වගේ ෆිල්ම් ගැන දැන ගන්න වෙන්නෙ නෑ.ඉක්මනටම බලනව.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  25. දිනිඳු සම්පත්

    ඔන්න මමත් බාගත්තා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. මේකෙ 300 mb කොපියේ ඉංග්‍රිසි උපසිරැසිත් තියෙනවා..

  26. රොයිලි

    බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. thilina weerasinghe

    lassana film 1k vage...... thanks......

  29. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  30. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  31. Naween

    පට්ටයි පොඩි කොපිය නං එල.සීඩ් ගොඩාාායි....දිගටම උපසිරැසි දෙන්න.ඔබට ජය...!

    1. Naween

      මේක ඊයෙ බැලුවා.මාර ලස්සන කතාවක්.මං මේක ගත්තෙනම් ටොප් 250 අතර තිබ්බ හින්දා විතරයි.මෙච්චර ලස්සන කතාවක් කියලා නං හිතුවේ නෑ.නියමයි.පැය දෙක යනවා දැනුනෙවත් නෑ.මං වගේ 2ඩී ෆිල්ම් වලට එච්චර කැමති නැති අය ඉන්නවනං මේක විතරක් අරගෙන බලන්න.දිගටම 2ඩී ඒවා බලයි :-P මේ පට්ට කතාවට උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය....!!!

  32. kavinda

    බොහොම ස්තූතියි සහෝ.

  33. nipuna akalanka

    තැන්ක් යු ගොඩක් බයිස්කොප්

  34. nirosh l

    hello oyata puluwanda, spirited away 2 film eke sub danna plz.......................

  35. Asitha

    paata film eka
    thanks

  36. ඉෂාන් මදුෂ

    එළ.බොහෝම ස්තුතියි සහෝ.සුපිරිම anime එකක්
    පුලුවන් වෙලාවක මේවැනි anime වලට සබ් දෙන්න බලන්න
    ජය වේවා!

  37. Gayan Chathuranga

    බොහොම ස්තූතියි සහෝ.

  38. asintha rukshan

    thanks

  39. ricadodamien

    Thank u Hirushan brother & baiscope team for the sub, all the best to baiscope team...........

  40. Piyumal Dissanayaka

    thank you machnnn.keep up the good work

  41. Waruna Kamalawansha

    සුපිරියි.... බොහෝම ස්තූතියි උපසිරැසියට

  42. sasanka

    thanks.for the sub

  43. Anonymous

    Castle in the sky eketh sub dennko

  44. Pavith Wijesooriya

    බොහෝම ස්තූතියි උපසිරසියට.ඉදිරියේදිත් මෙවැනි ලස්සන චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!

  45. Anonymous

    thank you very mush

  46. chandima samaranayake

    thank you very much for your contribution.good luck

  47. Anonymous

    Thanks for the subtitles

  48. mm

    THanks

  49. Anonymous

    Subtitle ek extract krnn bha.

    1. Ravindu Heshan - Admin

      Dan Wada Saho

  50. pahansara

    meka blnna kramayak kiyanna puluwanda