දෙවන සිංහල උපසිරැසිකරණය විදිහටත් ගෙන ආවෙ Tom Hanks රංගනයෙන් දායක වන 1984 තිරගත වූ Splash චිත්‍රපටයටයි. Tom Hanks ට අමතරව Daryl Hannah(මැඩිසන්), Eugene Levy(කෝන්බ්ලූත්), John Candy(ෆෙඩී) ලෙසත් රංගනයෙන් දායක වනවා. fantasy,romantic,comedy වන මෙම චිත්‍රපටය Imdb දර්ශකය තුළ 6.3 අගයක් ගැනීමට සමත්ව තිබෙනවා…

දෙවන සිංහල උපසිරැසිකරණය විදිහටත් ගෙන ආවෙ Tom Hanks රංගනයෙන් දායක වන 1984 තිරගත වූ Splash චිත්‍රපටයටයි.  Tom Hanks ට අමතරව Daryl Hannah(මැඩිසන්), Eugene Levy(කෝන්බ්ලූත්), John Candy(ෆෙඩී) ලෙසත් රංගනයෙන් දායක වනවා. fantasy,romantic,comedy වන මෙම චිත්‍රපටය Imdb දර්ශකය තුළ 6.3 අගයක් ගැනීමට සමත්ව තිබෙනවා. වාණිජමය සාර්ථකත්වය කිවහොත් ඇ.ඩො.මි.11 ක වියදමකින් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ ආදායම ලෙස දැක්වෙන්නෙ ඇ.ඩො.මි.69.8 ක් ලෙසයි.ඒ වගේම 1984 වසරේ වැඩිම ආදායම් ලබා ගත් චිතපට ලැයිස්තුවේ 10 වන ස්ථානයට මෙම චිත්‍රපටය හිමිකම් කියනවා.. Saturn Awards හිදී හොදම නිළිය සදහා වන සම්මනය දිනා ගැනීමට Daryl Hannah ට මේ චිත්‍රපටය හරහා සමත් වෙනවා..

මෙම චිත්‍රපටයේ අවසානයේ සිදුවන සිදුවීම හා සම්බන්ධවත් ඉන් ඉදිරිය දැක්වීමටත් Spin off චිත්‍රපටයක් ලෙස Spalsh Too නම් ච්ත්‍රපටය 1988 දී තිරගතව තිබෙනවා.. නමුත් මෙම චිත්‍රපටය තුළ මුල් චිත්‍රපටය තුළ රංගනයෙන් දායක වූ අයගෙන් දායක වෙලා තියෙන්නෙ ඇලන්ගේ ලේකම් චරිතය වූ Mrs.Stimler චරිතයට රංගනයෙන් දායක වූ Dody Goodman පමණයි.ඒ වගේම මුල් චිත්‍රපටයෙ Remake චිත්‍රපටයක් නිර්මාණය වන බව 2016 වර්ෂය තුළදී චිත්‍රපටයෙ නිෂ්පාදක Brian Grazer සදහන් කර තිබෙනවා..

කතාවෙ අන්තර්ගතය දැක්වුවහොත් චිත්‍රපටය රසවිදීමෙ අඩුපාඩුවක් ඇති වේයැයි හැගෙන නිසා, අන්ත්ර්ගතය නොදැක්වුවත්, නමෙන්ම දැක්වෙන විදිහට කිදුරු ආදාර කතාවක් තමයි මෙහි ගලාගෙන යන්නෙ.ඉතින් මිනිත්තු 111 ක් පුරා දිවයන Fantasy,Comedy,Romantic ගණයේ කිදුරු ආදරයක හවුල්කාරයෙක් වෙන්න ඔයාටත් හදවතින්ම ආරාධනා කරනවා.

(ළඟ එන සහ දුර යන විභාගයක් අතරමැදදී වුවද ලැබෙන කාලය සමබර කරගනිමින්, මෙම උපසිරැසිකරණය සිදුකරනුයේ රට සහ ලෝකය තුළ පවතින තත්ත්වය මධ්‍යයේ එක් මොහොතකට හෝ මට දැනුනු සේම යම් අයෙකුගේ මුවට සිනහවක් හා මානසික සුවයක් ලබාදීමේ අරමුණිනි. උපසිරැසිය තුළ අඩුපාඩු පැවතීමේ හැකියාවක් ඇති නිසාවෙන් එසේ පැවතියහොත් එය දක්වන ලෙසද රට හා ලෝකය තුල පවතින තත්ත්වය හමුවෙ ඔබටත්,පවුලේ සැමටත් අන් සියලු දෙනාටත් සුවයපතමින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගනිමි.)

සැ.යු. – චිත්‍රපටය තුළ අඩනිරුවත් දර්ශන කිහිපයක් ඇති නිසාවෙන් පවුලේ සාමාජිකයන් සමඟ නරඹනවානම් ඒ පිළිබඳවද සැලකිලිමත් වෙන ලෙස දන්වා සිටිමි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,366 downloadsDownload Splash.1984.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-03-01
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ධනුෂ්ක සම්පත්

Subtitles

2,366 downloadsDownload Subtitles52 KB

17 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. කවිඳු ජයවර්ධන

    The money pit එක බැලුවා.සබ් එක හොඳට තිබ්බා.මේකත් බලමුකෝ.සබ් එකට තෑන්ක්ස් සහෝ.

  3. සුපුන් ජයසිංහ

    නියමයි සහෝ!
    මනී පිට් ෆිල්ම් එකත් බැලුවා. ඔයාගෙ උපසිරැසි හොදයි. දිගටම උපසිරැසි කරන්න.

  4. Anonymous

    සිංහල උපසිරසියට ස්තුතියි, මෙය හොඳ සිනමාපටයක්. මෙවැනි ඒවා තවත් ගේන්න.

  5. jagath55

    Thanks

  6. kavinda gamage

    ගොඩාක් ස්තුතියි ලස්සන කතාවක්

  7. Anonymous

    Thankz saho....

  8. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    තව මෙවැනිම පැරණි චිත්‍රපට සබ් දෙන්න.

  12. Anonymous

    Thanks Brother

  13. Udara Damith

    elaaaaaaaaa

  14. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Dewadithya

    Thanks for Sub!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!