සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියන්ට… ඔන්න එහෙනම් තවත් රුසියානු චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා.. මේ අවුරුද්දෙ හොඳ රුසියානු චිත්‍රපට කීපයක්ම ආවනේ.. මේකට හොඳ කොපියක් ඇවිල්ලා ටික කාලයක් වුනත් ඉංග්‍රීසි උපසිරැසියේ පොඩි පොඩි අඩුපාඩු තිබුන නිසා හොඳ උපසිරැසියක් එනකල් වැඩේ කල් දැම්මා.. ඒත් හොද උපසිරැසියක් ආ…

සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියන්ට…
ඔන්න එහෙනම් තවත් රුසියානු චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා.. මේ අවුරුද්දෙ හොඳ රුසියානු චිත්‍රපට කීපයක්ම ආවනේ.. මේකට හොඳ කොපියක් ඇවිල්ලා ටික කාලයක් වුනත් ඉංග්‍රීසි උපසිරැසියේ පොඩි පොඩි අඩුපාඩු තිබුන නිසා හොඳ උපසිරැසියක් එනකල් වැඩේ කල් දැම්මා.. ඒත් හොද උපසිරැසියක් ආවෙ නැති නිසා ඉතාලි එකක් ඉංග්‍රීසියට හරවාගෙන තමයි මේක කලේ.. ඒ නිසා වැරැද්දක් තිබුනොත් සමාවෙන්න.. Horror, Sci-Fi වර්ගීකරණය යටතේ පැයයි විනාඩි 53ක දිවෙන මේ චිත්‍රපටය IMDb අගය 6ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Egor Abramenko විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයට Oksana Akinshina, Fyodor Bondarchuk, Pyotr Fyodorov, Anton Vasiliev කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.. චිත්‍රපටය පැත්තට හැරෙමු එහෙනම්..
කොන්ස්ටන්ටින් කියන්නෙ Orbit 4 කියන අභ්‍යාවකාශ යානයක අණදෙන නිළධාරියෙක්.. තමන්ගෙ සගයත් එක්ක ආපහු පෘතුවියට එන ගමනේදී සිදුවන අනතුරකින් යානය කඩා වැටෙනවා.. මේ අනතුරෙන් දිවි බේරගන්නෙ ඔහු පමණයි. ඒත් ඔහුගෙ මතකයේ යම් යම් කොටස් අහිමි වෙනවා. මේකෙන් පස්සෙ සෙමිරඩොව් කියලා කර්නල් කෙනෙක් එනවා ටටියානාව මුණගැහෙන්න.. ඇය දක්ෂ වෛද්‍යවරියක් වුනත් ප්‍රතිකාර කරන ක්‍රම නිසා ඇගේ වෘත්තියෙන් සමුගන්න වෙනවා. සෙමිරඩොව් එක්ක රුසියානු හමුදාව මගින් පාලනය වෙන පර්යේෂණ ආයතනයකට යන ටටියානා කොන්ස්ටන්ටින්ව පරීක්ෂා කරනවා. මුලින් කොන්ස්ටන්ටින්ගෙ මතකය අහිමි වීමට හේතුව මානසික ප්‍රශ්නයක් කියලා ඇය හිතුවත් පස්සෙ ඔහුගෙ ශරීරය ඇතුලේ ඉන්න අද්භූත ජීවියෙක්ව දකින්න ලැබෙනවා. රෑට එලියට එන මේ ජීවියා ජීවත් වෙන්නෙ මනුෂ්‍යයෙක් බය වුනාම සිරුරෙන් ශ්‍රාවය වෙන හෝර්මෝන ආහාරයට අරගෙනයි. ටටියානාට ඕන මේ ජීවියාව කොන්ස්ටන්ටින්ගෙන් වෙන් කරන්න.. ඒත් සෙමිරඩොව්ට ඕන මේ ජීවියාව පාලනය කරලා ආයුධයක් විදිහට පාවිච්චි කරන්නයි. ටටියානාට මේ ජීවියාව වෙන් කරලා කොන්ස්ටන්ටින්ගෙ ජීවිතය බේරගන්න පුළුවන් වෙයිද?
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
9,384 downloadsDownload Sputnik-2020.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
18 comments
Kantha_DLA
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි
Contact - 1997 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?
indika75
thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
හෂාන්
උපසිරසියට බොහෝම ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Shaggy
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
jaya wewa
Sahan randunu
Thanks bro
MAALNATH
Thanks ..............good luck ..........
Malith Samarawickrama
Thanks for a sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
viraj
thanks..
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Dewadithya
Thanks for sub!
Lahiru
Thanks
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!